Sunday, June 19, 2016

නොදැවී 500 ( මේ 500 වන පෝස්ටුවයි ) චිකාගෝ





ඇමරිකාවේ චිකාගෝ නගරයට මා මුලින්ම ගියේ 2006 වසරේදීය​. ඉන්පසු 2011 වසරේ යළි චිකාගෝ වෙත යාමටත් සති කීපයක් චිකාගෝ නගරයේ ජීවත්වීමටත් අවකාශ ලැබුණි. චිකාගෝ නගරය නම ඇසෙන විට ලංකාවේ බොහෝ දෙනෙකු පාතාලයන් වෙඩි තබා ගන්නා නීතියෙන් තොර නගරයක් ගැන සිතති. එහෙත් මේ ඒ චිකාගෝව නොවේ. නීතියට යටත් වූ සාමකාමී මාර්ග සහිත චිකාගෝවක් මම දුටුවෙමි. එහෙත් සෑම නගරයකටම පොදු වූ අපරාධ සහ මංකොල්ලයන් වර්තමාන චිකාගෝ හි නැතුවා නොවේ. එහෙත් එම චිකාගෝව ක්‍රමක් ක්‍රමයෙන් වියැකී යන චිකාගෝවකි.  

අපරාධ චිකාගෝව නිර්මාණය කරන්නේ  ඇල් කපොන් විසිනි. ඇමරිකාවේ මත්පැන් තහනම තිබූ කාලයේ ඇල් කපොන් නීති විරෝධී මත්පැන් වියාපාරය මගින් මුදල් සම්භාරයක් මෙන්ම අපරාධ ජාලයක් ද ගොඩනැගුවේය​. (ලංකාවේ මත්පැන් සිගරට් තහනම් කරන්න කියා මොර දෙන පුද්ගලයන් ද මෙය වටහා ගත යුතුය​. කුඩු මෙරට තහනම් ය නමුත් කුඩු තිබේ. මත්පැන් සිගරට් තහනම් කලොත් ඒවාට වන්නේද ඔය දෙයම වන අතර කුඩු මුදලාලිලාට අමතරව මත්පැන් සිගරට් මුදලාලිලාද බිහි වනු ඇත​)  

චිකාගෝ නගරයේ සමෘද්ධිය පෙන්වන එක් පරාමිතියක් නම් අහස ස්පර්ශ කරන විශාල ගොඩනැගිලිය​. මිලෙන් ඉහල නව මාදිලියේ වාහන මෙන්ම අලංකාර ලෙස ඇඳ පැළඳි ජනයා නගරයේ සුලබ දර්ශනයන් ය​. මේ සමෘද්ධිමත් දර්ශන අස්සේ කුණු බක්කියක් අවුස්සා කෑමට යමක් සොයන මහළු කළු ජාතිකයෙකු මගේ නෙත ගැටුණි. 

චිකාගෝ නගරය සංස්කෘතික නගරයකි. කලාගාර , දැකුම්කළු උද්‍යාන , නාට්‍ය ශාලා , චිත්‍රපට ශාලා බොහෝ තිබේ. මේ අතරින් චිකාගෝ හි ඉතිහාස කෞතුකාගාරය ලොව ප්‍රකටය​. 

ඇමරිකාවේ තෙවන විශාලම නාගරික ජනගහනය ඇති නගරය චිකාගෝවයි. චිකාගෝවේ ඉලිනොයිස් විශ්ව විද්‍යාලය ලොව සුප්‍රකට විශ්ව විද්‍යාලයකි. මා සමග මත්ද්‍රව්‍ය නිශේධන ප්‍රතිකාර සහ පරියේශන සම්බන්ධයෙන් සේවය කල ජොසපීන් ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ නිෂ්පාදනයකි. ෆිලිපීන ජාතික කාන්තාවක් වන ඇය චිකාගෝවට තදින්ම ඇළුම්කරන්නීය​. සමරිසි කන්තාවක් වන  ජොසපීන්  සහ ඇයගේ සහකාරිය චිකාගෝහි බොහෝ කාලයක් ජීවත්ව තිබේ. වර්තමානයේ  ජොසපීන් කැනඩාවේ හැමිල්ටන් නගරයේ ජීවත් වන අතර වසරකට වරක්  චිකාගෝ වෙත යන්නීය​. 

චිකාගෝ නගරයේ සිටි කාලයේදී මම වරක් යාබද විස්කොන්සින් ජනපදයටද ගියෙමි. විස්කොන්සින් ජනපදවාසීන්ට චිකාගෝ වැසියන් කියන්නේ චීස් හෙඩ්ස් කියාය​. විස්කොන්සින් ජනපදය චීස් නිෂ්පාදනයට ප්‍රකටය​. විස්කොන්සින් වාසීන් චිකාගෝව හඳුන්වන්නේ the City of Big Shoulders කියාය​. 

මේ සමයේ චිකාගෝ නගරයේ මෙරිලින් මොන්‍ රෝ ගේ විශාල ප්‍රතිමාවක් නිර්මාණය කිරීම අරඹා තිබුණි. නමුත් මේ ප්‍රතිමාව විවෘත කරනවා බැලීමට මට නොහැකි විය​. එම ප්‍රතිමාව මම දුටුවේ අන්තර්ජාලය හරහාය.


​. වෛද්‍ය රුවන් එම් ජයතුංග 

65 comments:

  1. තමුන්නැහැ ලියන ලිවිල්ලෙ හැටියට පන්සීයක් කියන්නේ ගේමක් නෙවෙයිනේ . දිගටම දේශාටන විත්ති ලියන්න. ටිකක් විස්තර ඇතුව අර රොහාන් ඩිරෙක්ස් මහත්තයා වගේ ලිව්වනං වටිනවා .

    කම්මෝගෝ චිකාගෝ

    ReplyDelete
  2. Thanks Sir ; ලියමි කම්මෝගෝ චිකාගෝ

    ReplyDelete
  3. Replies
    1. Ian,
      You need to call him either Ruwan or Dr. Jayatunga, not Dr.Ruwan. ( sorry not picking on you but I have seen this is a common mistake done by many SLs viz viz Asians).

      Delete
  4. ඔබගේ පෝස්ටු ගොඩක් කැමැත්තෙන් කියවන්නේ.... සුභපැතුම් ඔබට... විස්වාසයක් තියනවා ඉක්මනින් දහසත් සම්පූර්ණ කරයි කියලා...

    ReplyDelete
  5. ඔබතුමාගේ බ්ලොග් එක මතලන්ගේ සින්ඩියට ඇතුල් කරන්න. මම හිතන්නේ තාක්ෂණික ගැටලුවක් නිසාද කොහෙද අලුත් පොස්ට් පෙන්නන්නේ නෑ එතන. අපි බ්ලොග් කියවන්නේ සින්ඩි හරහා ඇවිත් නේ.

    ReplyDelete
    Replies
    1. මාවිල් ආරු සොරොව්ව වහගෙන වගේ

      Delete
    2. මාවිල්ආරු සිට පුදු"මාතලන්" දක්වා සටන යයි ද?

      Delete
  6. හපනා! මම බ්ලොගර් වලින් බ්ලොග් ලියන්න පටන්ගත්තේ 2014 දි. නමුත් තවමත් ලියලා තියෙන්නේ ලිපි 406 යි. ඔබ දක්ෂයෙක්. සුබපැතුම්!

    ReplyDelete
  7. ඔබට මගෙනුත් උණුසුම් සුබ පැතුම්,

    මාත් මේ ඊයේ පෙරේදා 100 වෙනි පොස්ටුව ලීවා...

    ReplyDelete
    Replies
    1. විභීෂණ ස්තූතියි ඔබටත් ජය වේවා

      Delete
  8. දුවන්නට හැකී
    තමුසෙ හපනෙකී
    හොඳයි හාවො අපි එහෙනම් දුවල බලමුද?
    හැබැයි හාවො මට ඉස්සර වෙන්න දෙනවද?

    ReplyDelete
  9. අන් අයට කියවීමට 500 වාරයක්ම රසවත් මෙන්ම හරවත් යමක් ලියා තැබූ ඔබට ස්තුතියි. තවත් එවැනි හරවත් රසවත් ලියවිලි හැකිපමණ ලියා තබන ලෙස ඔබට ආරාධනා කරමි.

    ReplyDelete
  10. මේ යන ස්ප්‍රීඩ් එකට කතන්දරකාරයගේ වාර්තාවත් කඩන්ඩ පුලුවන්

    ReplyDelete
  11. සුභ පැතුම්... ඉඩ ලැබුණු විට කියවමි... සංචාරක සටහන් වලට වැඩි කැමැත්තක් දක්වමි... ඉතා කුඩා ප්‍රමාණයේ චෝදනාවකට තිබෙන්නේ ඔබ සමහර විට අනවශ්‍ය ලෙස 'වෛද්‍ය' කොටස භාවිතා කිරීමයි.

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය' කොටස ආත්මයේ කොටසක් වෙලා

      Delete
  12. Congrats Ruwan. Well done.

    ReplyDelete
  13. පන්සීයට සුභපැතුම්, මේ හුස්මටම දාහත් ගහමු!

    ReplyDelete
  14. සුබ පැතුම් ඔබේ ලිවීමේ වේගයට පන්සීයය අභියෝගයක් නොවේ.

    ReplyDelete
  15. 500 කඩයිමට සුබ පැතුම් !!
    මත්පැන් තහනම් කරන්නම ඕන නෑ ගාන වැඩිකළත් වෙන්නෙ අඩු වියදමින් පහසුකම් සලසන කසිප්පු මුදලාලිලා පොහොසත් වීමයි.

    ReplyDelete
    Replies
    1. අන්න වෙන දේවල් ; තුති

      Delete
  16. поздравляю товарищ! :)

    ReplyDelete
  17. සුභපැතුම්.......

    ReplyDelete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  19. සුපැතුම් රුවන්...! හදවතින්ම

    මට ඔබේ බ්ලොග් එක බලන්නේ නැතිව ඉන්න බෑ..

    අටමාට ස්තූතියි... ඌ තමයි මාව නිව්වේ.. ඌත් හැබයි මම වගේම උගතෙක් නම් නෙමෙයි..

    ReplyDelete
    Replies
    1. මාතලන් සහෝ ස්තූතියි

      Delete
    2. ++++++++++++++
      ඔබලා නියම වැඩිහිටියන් සේ ක්‍රියා කිරීම පිළිනඳ හිස නමා ආචාර කරමි.
      අටමාන් ව වැලඳගනිමි.
      ජයවේවා..!!

      Delete
    3. මටද සතුටකි. බ්ලොග්කරුවන් දෙදෙනෙක් රන්ඩු වෙනවා කියන්නෙ මට ඥාතීන් දෙදෙනෙක් රන්ඩු වෙනවා සේය. රන්ඩුව දෙස බලා සිටියේ හරිම අප්‍රසන්න බවකිනි. අටම් කර ඇත්තේ යහපත් ක්‍රියාවකි.

      රුවන්ට සුබපැතුම්

      Delete
  20. සුභ පැතුම් කියන්නේ..හික්.. එළම තමයි.. මට දුක ඔය පන්සියයම කියව ගන්නවත් බැරි වෙච්චි එක ගැන.. ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අතරින් පතර හරි කියවන්න

      Delete
  21. අපේ උණුසුම් සුභ පැතුම් . අපි තාමත් ළදරු වියේ . සීයයි ටිකයි ලියලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ගාන නැගලා එයි; අපි ලියමු

      Delete
  22. 500 ට සුබ පැතුම්...
    ලේසි පහසු ටාගට් එකක් නෙමේ...

    ReplyDelete
  23. හරිම අගෙයි.. උණුසුම් සුභපැතුම් ඩොක්.. ඔහොම යං දිගටම..
    ජයවේවා..!!

    ReplyDelete
  24. පස්වැනි සෙන්චරියට උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  25. උණුසුම් සුභ පැතුම් රුවන්. පෝස්ට් දාන වේගයට මම හිතුවේ දැනට දාස් ගානක් දාලා ඇතියි කියලා.
    මගෙ බිරිඳගෙ බාල සොයුරෙක් එ. ජ යේ පදිංචියට ගිය ගමන් මුලින්ම හිටියෙ ඔය නගරෙ අවුරුදු ගණනාවක්ම. පසුව කැලිෆෝනියාවට පසු බැස්සා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook