Friday, June 17, 2016

අලිමංකඩ පසුබෑම


2000 වසරේදී  අලිමංකඩට, එල්ටීටීඊ විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදි. අලිමංකඩ හමුදා කඳවුර මුළුමනින්ම බිඳ දැමීමට  මුලින්ම එල්.ටී.ටී.ඊ. ය  අලිමංකඩ කඳවුරු භුමියේ ජල සැපයුම කපා  දැමීය​. මේ නිසා අලිමංකඩ කඳවුර අත් හැර දැමීමට ඉහල හමුදා නායකත්වය තීරණය කලහ. 
අසර්ථක නායකත්වය හා අකාර්යක්‍ෂම ක‍්‍රමෝපාය සැලැස්ම නිසා  අලිමංකඩ පසුබැසිම හේතු කොට ගෙන ජිවිත රැුසක් විනාශ විය. අලිමංකඩ කඳවුරෙන් පසුබැසිම උපායශිලි වුවද එය සිදු කරන ලද්දේ උණුසුම් දහවල් කාලයකය. බොහෝ සෙබලූන් විජලනය හා දැඩි උෂ්ණය නිසා හටගත් ආඝාතයෙන් මරණයට පත් විය. අලිමංකඩ පරාජයේදී හමුදා සෙබලූන් 359 දෙනෙකු මිය ගියේය. 349 ක් අතුරුදන්ව ඇති බවට සටහන් විය. 2500 ක් පමණ සංඛ්‍යාවක් අනතුරට භාජනය විය. 2000 වසරේ අපේ‍්‍රල් 21 සිට 2000 අපේ‍්‍රල් මස 22 දක්වා සිදුවු සිදුවීම් කෝපරල් NB7 පහත දැක්වෙන් අන්දමට විස්තර කළේය.
( කෝපරල් NB7 මනෝ ප්‍රතිකාරයන් සඳහා මා වෙත යොමු කලේ කර්නල් වෛද්‍ය ටී. ඒ දයාරත්න මහතා විසිනි )
2000 අපේ‍්‍රල් මස 21 වන දින මා සිටියේ අලිමංකඩ කඳවුරේ ඉදිරි ආරක්‍ෂක පෙරමුණේය. කොයි මොහොතකදි හෝ එම ස්ථානයෙන් ඉවත්වීමේ ආඥාව ලැබෙනු ඇතැයි අපට දැනුම් දෙන ලදී. පසුදින උදේ 10.30 ට පමණ සතුරා බර අවිවලින් කඳවුරට පහර දුන්නේය. සතුරා පහරදෙන විට අපගේ සෙබලූන් කිලාලි කලපුව දෙසට පසු බැස්සහ. එහිදී අපට නිර්භීත නිලධාරියෙකු වූ බි‍්‍රගේඩියර් පර්සි ප‍්‍රනාන්දු මුණගැසුනු අතර ඔහු අප කණ්ඩායම ප‍්‍රතිසංවිධානය කොට, පහරදීමක් දියත් කොට ආරක්‍ෂාකාරී පසුබැසීමට යාමට උත්සාහ කලේය. අප සතුරාට පහරදී පලෙයි බලා ගියෙමු. ඛඔඔෑය අපට මෝටාර් වලින් පහර දුන් අතර, ඔවුන්ගේ ස්නයිපර්වරු අපගේ නිලධාරින් හා සංඥා බලකායේ සෙබලූන් වෙත ඉලක්ක ගත්හ. බි‍්‍රගේඩියර් පර්සි ප‍්‍රනාන්දු වෙඩි පහරකින් අනතුරු ලැබීය. එය ආපදා සම්පන්න මොහොතක් විය. බි‍්‍රගේඩියර් පර්සි අපට අත්නොහැර ගිය නිර්භීත නිලධාරියෙකු විය. සමහර බියගුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ඔහුගේ ජීවිත බේරාගෙන අප සතුරාට ගොදුරු වීමට ඉඩ තබා පලා ගියහ. එහෙත් බි‍්‍රගේඩියර් පර්සි ප‍්‍රනාන්දු අප සමගම හිඳ අවසානය දක්වාම අපට නායකත්වය ලබාදුනි. ඔහු බිම ඇදවැටුනු පසුව අප විනාශයට නියමවුනු බව මම දැනගත්තෙමි.
අප ඉතා වෙහෙසට හා දැඩි විඩාවට පත්ව සිටියේය. අපගේ බොහෝ සෙබලූන්ට දෙපයින් ගමන් කළ නොහැකි විය. දැඩි හිරුරශ්මිය හා වියලි සුලඟ අපගේ ශක්තිය උරා ගත්තේය. මට දැඩි පිපාසයක් දැනුනද මගේ වතුර බෝතලය හිස්ව තිබුනි. අප අතරෙන් බොහෝ දෙනෙකුට ප‍්‍රමාණවත් ජලය නොතිබුනි. අප උණුසුම වැල්ලේ පණනැතිවූ මළමිනී මෙන් අපි ඇවිද ගියෙමු. සමහරු කලපුවේ ලූණුදිය පාලනය කළහ. තමන්ගේ මනස අවුල්වත්ම සමහරු ගී ගැයීමට පටන් ගත්හ. සමහරුන් දැඩි විඩාවෙන්ම බිම ඇද වැටි නැවත කිසිදා නොනැගිට්ටේය.

අප ඉදිරියට යත්ම සතුරා මෝටාර් වලින් අපට පහර දුන්නේය. බොහෝ සෙබලූන් වතුර හිඟකමින් මිය යමින්, සතුරාගේ පහරදීම් වලට මුහුණදෙමින් සිටියේය. සතුරන්ගේ වෙඩි තැබීම වැලැක්වීමට අපට ඉක්මනින් ඇවිදයාමට සිදුවිය. එහෙත් අපට ආවරණයක් නොවීය. මගේ දෑස් ඉදිරිපිට සමහරු ක්ලාන්තව වැටුනාහ. ඔවුන් කිසිදිනෙක නැවත නොපැමිණෙන බැව් මම දැන ගතිමි. එක් සෙබලෙක් සිහි විකල් තත්ත්වයට පත්විය. ඔහු ගී ගයමින් නටමින් තේ කෝප්පයක් ඉල්ලා සිටියේය. තුවාල ලත් සෙබලූන් ඔවුන් ඔසවාගෙන යන ලෙස අපට කිය. එහෙත් අප සියලූදෙනාම දැඩි වෙහෙසකට පත්ව තවත් සෙබල සගයෙකු ඔසවාගෙන යාමට තරම් ශක්තිමත් නොවීය. අප තනි තනිවම එකම මිනිසෙකු තමාම වෙනුවෙන් කි‍්‍රයා කළ යුතු විය. එය මගේ ජිවිතයේ අවසන් දිනය වනතෙක් අමතක කල නොහැකි ආත්මාර්ථකාමී මොහොතක් විය.
මගේ ශක්තිය හීනවෙමින් පැවතින. මට මගේ ආයුධ කට්ටලය රැුගෙන යා නොහැකි විය. මට අයිති දෑ ඉවතට විසි කිරීමට මට සිදුවිය. අවසානයේදී දිගු කාලයක් මගේ ගැලවුම්කාරයාව සිටි මගේ ආයුධය විසි කිරීමට මට සිදුවිය. අනෙකුත් සෙබලූන් සමග මම දැඩි හිරු රශ්මිය මැද ඇවිද ගියෙමි. මට අවශ්‍ය වූයේ වතුර පමණි. මගේ හිස කැරකෙන්නට වූ අතර මා බිම ඇද වැටුනි. මම උණුසුම් හිරු දුටුවෙමි. අහසේ වලාකුලකින් තොර විය. සෙබලූන් කිහිප දෙනෙකු මා පසුකර ගියද කිසිවෙකු මට උපකාර නොකළේය. මා එහි සිටියහොත් වැඩි වේලාවක් නොගොස් මියැදෙන බව මම දැන සිටියෙමි. මා නැවතත් ශක්තිය ගෙන සතුරු ප‍්‍රහාර වලින් වැලකෙමින් බඩගාගෙන යන්නට පටන් ගති. බියගත් සෙබලූන් මා පාගා දමමින් පලෙයි දෙසට දුවන්නට පටන් ගත්තේය. අතරමගදී මම මළසිරුරු කිහිපයක්ම දුටුවෙමි.
එක් සෙබලෙකු මගේ බූට් සපත්තු දෙක අල්ලා ගත්තේය. ඔහු තුවාල ලැබ ලේ ගලමින් සිටියේය. ඔහු මට ආයාචනා කළ අතර ඔහුගේ එම වචන දැනුදු මගේ දෙසවනේ රැුව්දේ. තමා මිය යන බැවින් ඔබ මා ඔසවාගෙන යා යුතු නැතැයි ඔහු කීය. පසුව ඔහු ඔහුගේ නම හා ලිපිනය මට දී ඔහු මියගිය බව දෙමව්පියන්ට පවසන ලෙස දැක්විය. මේ සිද්ධිය මට තවමත් අමතක කළ නොහැකිය. ඔහු කවුරුන්දැයි මා නොදැන සිටි අතර පලෙයි වලට එනවිට මට සිහසුන්ව Heat Stroke සැදී තිබුනි.ඔහුගේ නම හා ලිපිනය මට අමතකය. මේ වනතෙක් ම ඔහුගේ පණිවුඩය ඔහුගේ නෑදෑයිනට දීමට මට නොහැකි විය. එහෙත් දැඩි බලාපොරොත්තු රහිත වූ ඔහුගේ මුහුණ මට තාමත් මතකය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

24 comments:

  1. සංවේදී ලිපියක්. කොහොම වුණත් දැන් යුද්ධය අවසන්. සියලු දෙනාම පාහේ දැන් කතා කරන්නේ යුද්ධය නිසා අගතියට පත් කොටි සැකකරුවන් ගැන පමණයි. අද බොහෝ දෙනෙක්ට යුද සෙබළුන් ත්‍රස්තවාදී ගණයටත්, කොටි අහිංසකයන් බවටත් පත්ව සිිටිනවා. මෙසේ සිතන සියලු දෙනා එක්කෝ යම් කිසි පෞද්ගලික ගැටලුවක් නිසා සමස්ත සමාජයෙන් පළිගන්නට සිතනා අය. එසේත් නැත්නම් එන්.ජී්‍.ඕ. මුදල්වලින් යැපෙන අය. එසේත් නැත්නම් අඥාන දේශපාලුවන්ට කඩේ යන පොල් බූරුවන්ය.

    ReplyDelete
    Replies
    1. //එසේත් නැත්නම් අඥාන දේශපාලුවන්ට කඩේ යන පොල් බූරුවන්ය.//

      මෙවන් අය මේ රටේ බොහෝ සිටිනවා.

      එම අඥාන දේශපාලකයින් කලේ මෙහි විස්තර කර ඇති රණවිරුවා වැනි දස දහස් ගණන් රණ විරුවන් ගේ දශක ගනනාවක කැපකිරීම් නිසා ජයගත් යුද්ධය පවුලක ජයග්‍රහණයක් පමණක්ම ලෙස සැලකීම. අවසාන යුද්ධයේදී ලබා දුන් දේශපාලන නායක්ත්වය අති විශිෂ්ඨයි. එනමුත් ඔවුන් කලේ රටට දරා ගත නොහැකි කුලියක් ඒ සඳහා ලබා ගැනීම. නායක්ත්වයට එම කුලිය ලබා ගත්තත් යුද්ධයට භූමියේ සිට නායකත්වය දුන් අයට පවා ලැබුණේ හිර දඬුවම්. අනන්ත දුක් විඳි, අබාධිත, සහ මිය ගිය අයගේ පවුල් වලට ලැබුනේ හමුදා පටිපාටි අනුව ඔවුන්ට ලැබුණ දේවල් පමණයි.

      මේ අඥාණ දේශපාලකයින් රටේ දීර්ඝ කාලීන ආරක්ශාවට කිසියම්ම දෙයක් කලේ නැහැ. ඔවුන් කලේ මීට පෙර රටවල් කැඩීමට සහයෝගය දුන් බලවත් රටවල් දෙමල බෙදුම්වාදීන් පැත්තට තල්ලු කිරීම පමණයි. තම පවුලේ බඩ වඩා ගැනීමට සහ අවුරුදු දෙකක චෝගම් සභාපති වීමට සමුළුව ලංකාවේ පවත්වාගැනීමට ඉන්දියාවේ සහයෝගය ගන්න දුන්න කුලිය තමයි උතුරේ පලාත් සභා මැතිවරණය පැවැත්වීම. එම නිසා තමයි අද දෙමළ ජාතිවාදයට කටක් වන විග්නේස්වරන් බිහිවුණේ.

      යුධ ජයග්‍රහණය යොදාගෙන 13 සංශෝධනය ඉවත් කර සමානාත්මතා පනත වගේ දෙයක් හඳුන්වා දී එක ජාතියකට අඩුවෙන් සැලකීමක් නොවන බව පෙන්වීමට ඔවුන්ට දර්ශණයක් තිබුණේ නැහැ. ඔවුන්ට ඕනෑ කලේ සිංහල ජාතිවාදය තව තව වපුරා පවුලේ දේශපාලන පැවැත්ම සහතික කරගැනීම පමණයි.

      මේ අඥාණ අය කරපු අනික් දේ තමයි තමන්ගේ පැවැත්මට සිංහල ජාතිවාදය වැපිරීම. ඔවුන් බිහිකල ඒ සිංහල ජාතිවාදය ජාත්‍යන්තර තල වල දෙමල බෙදුම්වාදයට විශාල රුකුලක් වන එක ඔවුන්ට කිසිම ප්‍රශ්ණයක් වුණේ නැහැ.

      Delete
    2. සුඩානය කඩා දකුණු සුඩානය ඇතිවුණේ ඩැෆර් (Darfur) වල සිදුවූ යුධ අපරාධ මුල් කරගෙන බෙදුම්වාදීන් ගෙන ගිය ක්‍රියාමර්ගයේ ප්‍රතිඵලයක් ලෙස. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය හරහා බටහිර රටවල සහයෙන් දෙමල බෙදුම්වාදීන් ගියෙත් ඒපාරේම තමයි. එය එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් පැවැත්වෙන ජනමත විචාරණයක් දක්වා යන්න තිබ්බ ඉඩ කඩා දැම්මේ ඒවා පිලිබඳව සාධාරණ පරීක්ශණ පවත්වන බවට නව නායකයින් දුන් විශ්වාසය මතයි. කලින් වෙනත් රටවල් කැඩීමට උදව් කල බටහිර ජාතීන් දැන් ඉන්නේ අපේ පැත්තේ. බෙදුම්වාදීන් තනි කිරීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා ගතයුතු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ගැන වැටහීමක් හෝ ඒවා ගැනීමේ අවශ්‍යතාවයක් අඥාන දේශපාලකයින්ට තිබුණේ නැහැ. ඔවුන්ට පුලුවන් වුනේ බටහිර රටවල් බිල්ලා පෙන්නා අඥාණ මිනිසුන් බයකර ඡන්ද කඩා ගැනීමේ අවශ්‍යතාවය පමණයි.

      යුධ අපරාධ චෝදනා පෙන්නා බටහිර රටවල් යොදාගෙන ගෙනගිය රට කැඩීමේ ව්‍යාපෘතිය රාජ්‍ය තාන්ත්‍රිකව පරාජය කිරීම අඥාණයින් දකින්නේ සෙබළුන් පාවාදී කොටින්ට සැලකීමක් ලෙසයි. සමහරුන් ඇත්ත දැන දැනත් කරන්නේ එය එසේ පෙන්නා නැවත හොරා කෑමට බලය ගැනීමේ නින්දිත උත්සාහයක්.

      Delete
    3. රිදිල රිදිල

      Delete
    4. රිදිලා නෙමෙයි යකෝ. තෝ ඕවගේ ගූ කතා කියනකොට මුන්ට චන්දෙ දුන්නු අපිටයි කට උත්තර නැත්තේ

      Delete
    5. මෝඩයන්ට වෙන දෙවල් වලට මට කරන්න දෙයක් නැහැනෙ පින් බතෝ

      Delete
  2. බිහිසුනු යුද්ධයක අඳුරු මතක.

    ReplyDelete
  3. මීට පෙර මෙවැනි අත්දැකීම් කියවා තියෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලයේ ඒවායි. අසාර්ථක යුධ සැලසුම් සහ බියගුළු නිළධාරී හැසිරීම් ගැන කතාවකිනුත්, කොටින්ගේ සැහැසිකම් විතරක් දකින ඇස් තියන අය වැඩියි නේද?

    ReplyDelete
    Replies
    1. කොටි හොඳා...........යි. නමුත් රීපුවාම ගඳා............යි. එහෙම නේද මචෝ

      Delete
    2. යුද ආතතියේ එක් පැත්තක්

      Delete
  4. mea boru katha .. ape ratu yuddayak thibbe na ...me doctor boru surangana katha kiyanwa ....

    ReplyDelete
  5. Ruwan-isn't it good if you delete the abusive Ano comments in your previous post, especially the ones against Mathalan. We prefer not to see two legends in the blog world getting to unpleasant conversations.

    ReplyDelete
  6. ගොඩක් කදවුරු ටෙරාල over run කළේ ලොක්කන්ගේ දුර්වල නායකත්වය හා පාවාදීම් නිසයි...

    ReplyDelete
  7. අලිමංකඩ පසුබෑම, සංග්‍රාමික න්‍යායන්ට පටහැනිව ගත් තීරණ නිසා තමයි සිදුවුනේ. යුද්ධයකදී අපිට පුළුවන් ප්‍රමාණයෙන් කුඩා, එහෙත්, සටනෙහි දක්ෂ භට පිරිසක් යොදවා, විශාල ප්‍රදේශයක් අල්ලාගන්න. නමුත් ඒ ප්‍රදේශයේ බලය තහවුරු කරගන්නට සහ දිගටම බලය පවත්වාගෙන යන්නට, විශාල භට පිරිසක් අවශ්‍ය වෙනවා. එලෙස භටපිරිස් නොසිටියොත්, අපගේ ආරක්ෂක වලල්ලේ දුර්වල තැන්වලින් රිංගා එන සතුරා, විශ්මයජනක ලෙස අපිට පහරදී බරපතළ හානි සිදුකරනවා. අලිමංකඩ වුණේ ඒකයි.

    වඩාත් කණගාටුදායක සහ අවාසනාවන්ත තත්වය වුයේ, මෙහි සිටි භටපිරිස්, හදිසි අවස්ථාවකදී, ගුවනින් හෝ මුහුදෙන් ගොස් ඉවත්කරගැනීමට, සැලැස්මක් නොතිබීමයි. යටත්පිරිසෙයින්, අයිස් කැට ටිකක් ගුවනින් ගිහින් දමන්න පුළුවන් වුනානම්, පිපාසයෙන් මියගිය අය කීපදෙනේකුවත් බේරාගන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. ඒත් ජෙනරාල් එගො...... කලින්ම යුද ටැංකියකින් මාරු උනා නේද කොල්ලෝ පයින් ගාටනකොට ?

      Delete
  8. ග‍ොඩක් ද‍‍ෙන‍ෙක් ම‍ෙි සිදූවීම පිළිබදව කදවුර‍ේ ප්රධානියා වූ බීරිග‍ේඩියර් එග‍ොඩව‍ෙලට ද‍ොස් පවරනවා මා දැක තිබ‍ෙනවඒක හරිද?

    ReplyDelete
    Replies
    1. මට ඔහුව 2006 හමු උනා , ඔහු කීවේ එය ටැක්ටිකල් විඩ්‍රෝවල් එකක් සහ විඩ්‍රෝ වීමට ඔහුට නියෝග ආ බව​. නමුත් කොල්ලෝ මග දමා ආපු එක ගැන කිසිවක් කීවේ නෑ බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දුට යුද ටැංකියේ යාමට පුලුවන්කම තිබ්බත් ඔහු ගියේ නෑ. කොල්ලෝ එක්ක ගියේ.

      Delete
    2. ‍මෙම අවස්ථාවෙදි සෙබළුන්ගෙ කැරැල්ලක් ඇති වු බවත් ඇතැමි තැන්වල කැරලිකරැවන්ට වෙඩි තැබීමට නිලධාරින්ට සිදු චූ බවත් මා අසා තිබෙනවා.මෙය සත්‍යක්ද?

      Delete
  9. අලිමංකඩ වීඩියෝ කොටින්ට ලොකු හයියක් උන බව අහන්න ලැබුනා.දුර්වල තීරණ ගත්තු බයගුල්ලන්ට එදිරිව පරීක්ශනයක් හමුදා මට්ටමින් වත් තිබුනෙ නැද්ද?
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook