Wednesday, June 8, 2016

දිවි නසා ගැනීමේ චර්‍යාව


2016 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වෙන පරිදි ලොව සියදිවි නසා ගැනීම් වැඩිවශයෙන් සිදුවන රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වැනි ස්‌ථානයට පත්ව ඇත​. ශ්‍රී ලංකාවේ  ජනගහනයෙන් ලක්‍ෂයකට 28.8 දෙනකු දිවි නසා ගනිති.  දිවි තොර කර ගන්නාවූ  බහුතරය, වයස 15-44 අතර පුද්ගලයන් ය.(ලංකාව නිදහස ලබා ගත් වසර වන  1948   දී  සියදිවි නසා ගැනීමේ අනුපාතිකය   වූයේ පුද්ගලයන් ලක්‍ෂයකට 9 කි). 

සියදිවි නසාගැනීමේ අවදානම සදහා බලපාන ප්‍රධාන සාධක අතර  මානසික රෝග විශේෂයෙන් විශාදය වැනි තත්වයන් හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ මානසික රෝග පිළිබඳ දත්ත අනුව පුද්ගලයන් දස දෙනකුගෙන් එක්‌ අයකු කුමන හෝ මානසික රෝග තත්ත්වයකින් පෙළෙන අතර ප්‍රතිකාර සඳහා යොමු වන්නේ සියයට 20 ක්‌ වැනි සුළු ප්‍රතිශතයකි.  මානසික රෝග පිළිබඳව සමාජයේ පවතින පසුගාමී අදහස් , රෝගීන් පිටුදැකීම ,  මානසික රෝග හා බැඳුනු කලංකය (stigma ) නිසා මානසික රෝගීන් ප්‍රතිකාර වෙත යොමු නොවෙති. මේ හැර මානසික රෝග වලදී සුදුසුකම් ඇති චිකිත්සකයන් වෙත යාම වෙනුවට වියාජ පොට්ටනි වෙදුන් , නිපුණතාවක් හෝ දැණුමක් නැති වියාජ සුදුසුකම් දක්වන මනෝ උපදේශකයන් මගින් ප්‍රතිකාර ලබා ගැනීමට යාමෙන් මානසික රෝග උග්‍ර අතට හැරී රෝගීන් දිවි නසාගත් අවස්ථාද වාර්තා වී ඇත​.  

ලංකාවේ  ජනමාධ්‍ය  මගින් සියදිවි නසාගැනීම වාර්තාකරණය බොහෝ විට ආචාර සම්පන්න නොවන  අතර සියදිවි නසාගැනීමේ ක්‍රමවේදයන් ද පළ කරති. මෙමගින් සියදිවි නසාගැනීම උත්ප්‍රේරණය වේ. 

2003 වසරේදී  විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් මමත්  දිවි නසා ගැනීමේ චර්‍යාව සහ උපදේශන් ප්‍රතිකාර නමින් පොතක් පළ කලෙමු. මෙම පොත මගින් අප අදහස් කලේ වෛද්‍යවරුන්ට , මනෝ උපදේශයන්ට දිවි නසා ගැනීමේ චර්‍යාව හා සබැඳි ගතිකයන් පිළිබඳව අවලෝකනයක් මෙන්ම දිවි නසා ගැනීමේ චර්‍යාව නිශේදනය කිරිමේලා උපදේශන  දීමට අවශ්‍ය දැණුම ලබා දීමයි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

26 comments:

  1. /* ලංකාවේ ජනමාධ්‍ය මගින් සියදිවි නසාගැනීම වාර්තාකරණය බොහෝ විට ආචාර සම්පන්න නොවන අතර සියදිවි නසාගැනීමේ ක්‍රමවේදයන් ද පළ කරති. මෙමගින් සියදිවි නසාගැනීම උත්ප්‍රේරණය වේ. */

    මේ කතාව සහතික ඇත්ත.

    ඉස්සරත් සමහර පත්තර ඔය සබ්ජෙක්ට් එකේ ස්පෙෂලිස්ට්ලා වෙලා හිටියා!

    ඕස්ට්රේලියාවේත් සෑහෙන්න දිවිනසා ගැනීම් තියෙනවා. නමුත් මාධ්‍ය මගින් ඒවා වාර්තා කරන්නේ නෑ. සංක්‍යාලේඛන වැනි තොරතුරු පවා හෙලිවෙන් ඒ ප්‍රශ්න ගැණ කෙරෙන විද්වත් සාකච්ඡා වැඩසටහන්වලදී විතරයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ජනමාධ්‍ය වලට ඕස්ට්‍රේලියාවේ ජනමාධ්‍ය වලින් බොහෝ දේවල් ඉගෙන ගන්නට තිබේ

      Delete
  2. ලංකාවේ ඔව්වා ප්‍රවෘත්ති වලට පෙන්නන්නෙ වෙනිං කට්ටිය දාලා රඟදක්වලා. ඕකෙ පුරෝගාමියා ශ්‍රී ලාංකෙයිය අභිමානය කියන රත්තරංවාහිනිය.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ජනමාධ්‍ය වලට ආචාර ධර්ම නැත

      Delete
  3. euthanasia ගැන ඔබේ මතය ලියා තියනවද? ලියන්න ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. අහල තියෙනව හුලං බින්දුවක් සිරින්ජරයකින් නහරට ඇතුල් කරල euthanize කරන විදිහක්.සතුන්ට මේ විදික්‍රමය පාවිච්චි කරනවලු. ඩොක්.. ඒක ඇත්තද..?

      Delete
    2. නියමයි ප්‍රා.. මමත් බ්ලොග් පීර පීර ඕක ගැන ලිපි කියෙව්වා.බීටලේ ගෙනියම ලිපි දෙකක් තිබුනා.
      මේ ගැන ඩොක් ටිකක් විස්තර වශයෙන් ලියන්නකො.

      ඇක්ස් පෝටර්, ඔය විදිහට වැරදීමකින් වායු බිබිලක් ගිහින් අපේ බලු පැට්ටෙක් මලා.

      Delete
    3. @GL
      Seppuku ගැනත් කියෙව්වද?

      Delete
    4. හරාකිරි වගේ නේද? ඒ ගැන හිංගලෙන් කොහෙ හරි ලියල නැද්ද දල්ලෑ?

      Delete
    5. මම ඒ ගැන ලිව්වා http://transyl2014.blogspot.ca/2015/04/euthanasia.html

      Delete
    6. @GL, මං හුඟක් ඉස්සර කියෙව්වා යාලුවෙක්ගෙන් ඉල්ලගෙන පොතක්. සෙපුකු සංකීර්ණ රිචුවල් එකක්.
      http://socialnchicago.com/seppuku-ritual-suicide-in-samurai-japan/
      සහායකයා ඉන්න අවස්ථාත් සංකීර්ණයි ඒවගේම කාලයත් එක්ක වෙනස්කමුත් තියනවා.
      සොරි , සිංහලෙන් තියනවද දන්නෙ නෑ
      http://www.librarything.com/tag/seppuku

      Delete
    7. Australia state of Victoria is very close to legalising euthanasia. With the federal and a few state elections around the corner, the topic of legalising euthanasia is surfacing again.

      Delete
  4. නීල් ප්‍රනාන්දු මහතා ගැන සටහනක් ලියන්න, පුළුවන් නං.... ඉතාම දක්ෂ සහ යහපත් මනුෂ්‍යයෙක් බව අහල තියනව. කොල පාට පෑනෙන් ලියන්න අවසරයක් තියන එකම කෙනා ඔහු කියලත් අහල තියනව. චැනල් ගාස්තුව ඉතාම අඩු බවත් අහල තියනව.

    ReplyDelete
    Replies
    1. නීල් ප්‍රනාන්දු මහතා ඉතාම දක්ෂ සහ යහපත් මනුෂ්‍යයෙක්

      Delete
  5. සියදිවි නසා ගැනීමට ඓතිහාසික තොරතුරු බලපානවා කියා මට සිතනවා. ලංකාවේ හිටපු රජවරු සෑහෙන ප්‍රමානයක් සිය දිවි නසා ගත් බව කියවෙනවා.

    එසේම ආදරය සම්බන්ධ හේතු නිසා සිය දිවි නසා ගත් කතා glamorize කර තිබෙනවා බොහෝ තැන් වල.

    ජපානයෙත් සියදිවි නසා ගැනීම වැඩි වෙන්න හේතුවක් ලෙස ඉතිහාසය දක්වනවා නේද?

    ReplyDelete
  6. Suicide is the easy way out.

    ReplyDelete
  7. හ්ම්.............අපි අවුරුදු පහකට සැරයක් චන්ඳේ දීලා සියදිවි නහගන්න එකේ මේ විදිහට සියදිවි නසාගැනීම පුදුම වෙන්ඩ දෙයක් නෙවෙයි.

    ReplyDelete
  8. මෙන්න හොර මනෝ උපදේශකයෝ ගැන එලිදරව්වක්
    මනෝ චිකිත්සක උපදේශනයේ ඛේදවාචකය හෙවත් 'මහාචාර්ය' රණවකගේ හොර උපාධි කඩය | 'Prof.' D.S. Ranawaka and Sri Lanka National Institute of Professional Counsellors (W3Lanka) http://www.w3lanka.com/2010/07/prof-ds-ranawaka-and-sri-lanka-national.html

    ReplyDelete
  9. මේ පොත ගන්න පුළුවන් තැනක් කියන්න.

    ලංකාවේ සියදිවි හානි කර ගැනීමේ ප්‍ර‍වනතාව ලක්ෂයකට 15 තරම් අඩුවෙලා ඇති බව ලියවුනු විවාදාත්මක් පේපර් එකක් දැක්කා ලින්ක් එක හොයාගත්තේත් දාන්නම්.

    ReplyDelete
  10. Mamath ranawaka gawata 90 ganan wala giya. Ohuge sudusukam gana prashnayak thiyenawa. Mnamuth oya subject eka lanka wata introduce karanna minhia udawu wuna.

    ReplyDelete
  11. ඔය සිය දිවි නසා ගැනීම ගැන කවුද එක්කෙනෙක්‍ ඉන්ටනෙට් එකට ලියපු ලිපියක්‍ නිසා දැනට අවුරුදු දෙක තුනකට කලින් කේස් එකකුත් ගියා කියලා මතකයි.

    ReplyDelete
  12. ජාන බලපෑම්, පරිසර බලපෑම් එකට එකතුවී සැදෙන මනෝ භාවයන්වලදි සිරුරේ ඇතිවෙන රසායනික විපර්යාස හේතුවෙන් අවසන් පිලිතුර ලෙස සිය දිවි හානිකර ගැනීම් ගත හැකි වෙනවා නේද?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook