Tuesday, June 28, 2016

කෙටි කතා ලිවීම



කෙටි කතා ලිවීම මා සිදු කරන ලද්දේ කාංසිය මකා ගැනීම සඳහාත් සිතේ තෙරපෙන අදහසක් කෙටි කතා මාධ්‍ය මගින් කීම සඳහාත් ය​. නමුත් කෙටි කතා ලිවීමට දශක  ගනනාවකට පෙර සිට මා බොහෝ කෙටි කතා කියවූයෙමි. දේශීය මෙන්ම විදේශීය ලේඛකයන් ගේ කෙටි කතා මා විසින් කියවා තිබේ.  

මේ වන විට මම කෙටි කතා පොත් තුනක් ලියා තිබේ. සමහර විට හතරවන කෙටි කතා පොත  ලබන වසර මැද භාගය වන විට ලිවීමට ඉඩ තිබේ. 

සැන්ට බාබරාහී යාචකයා සහ තවත් කෙටි කතා මගේ මුල්ම කෙටි කතා සංග්‍රහයයි. මෙම මුල්ම කෙටි කතා පොත එළි දැක්වීම සඳහා මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය මහතාත්  නාරද කරුණාතිලක මහතාත් මට උදව් උපකාර කල බව සඳහන් කරන්නේ කෘතඥතාපූර්වකවය​. 

සැන්ට බාබරාහී යාචකයා සහ තවත් කෙටි කතා පොත මා විසින් පිළිගන්වන ලද්දේ යහපත් වෛද්‍යවරයෙකු මෙන්ම යහපත් මිනිසෙකු වන වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක මහතාටය​. 






21 comments:

  1. මට පොඩ්ඩක් කියනවද කරලා නැත්තේ මක්කැයි කියලා හිටං...

    ReplyDelete
    Replies
    1. අපොයි මාතෙ ගොඩක් ඒවා තියනවා කරපු නැති

      Delete
  2. මාතලන්
    Jack of the all trades.
    කතාවට නම් කියන්නේ මම වින්නඹු වැඩේ ඇර අනිත් සේරම කරලා තියනව කියලයි.නමුත් රුවන්ව එතනදීත් විශේෂයි මොකද දොස්තර නිසා ඒකත් කරල ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තා ඉස්සර ඉඳලම මටත් ඕකෙන් භාගයක් කියනවා... හැබයි ඊට පස්සේ තවත් එකකුත් කියනවා...

      Jack of all trades, Master of none.... :)

      Delete
    2. මම වින්නඹු වැඩේ කරලා තියනව

      Delete
  3. මම රුවන් ව දැන ගත්තේ 71 කැරැල්ල පොතෙන්. එය මා සතුව පවතින ඉතා වටිනා පොතක්.

    ReplyDelete
  4. දැන් මාතලන් ස්ටයිල් කෙටි කතාත් අපි බලන එකේ, රුවන් ස්ටයිල් එකකුත් එන එක හොඳයි...
    කොහෙන්ද අප්පා වෙලාව හොයාගන්නේ ඔය ඔක්කොම ට්‍රේඩ්ස් කරන්න හැබෑට...?

    ReplyDelete
    Replies
    1. ඇයි පොටෝ ගහන්ඩ... ඇවිදින්ඩ.. ඔ්න තරං වෙලාව තියෙනවා.. ඇයි මයිලාද මිලාද හුරතල් කරන්න.
      . හැ්ක

      Delete
    2. මට නම් වෙලාව තිබුණට හැකියාව නැහැ මෙච්චර අංශ වලට යන්න.

      Delete
    3. No comment ...
      errr.. actually, too many comments, so not making any.

      Delete
    4. දවසකට පැයක් විතර ලියනවා

      Delete
  5. අපිට වෙලාව නෑඅරක නෑ මේක නෑ කියල කිය ඉන්නව කරන වැඩකුත් නෑ
    මේ බලාල්ලකො මෙයා... කෙටි කතා පොතුත් ලියල හිටං..

    කාට කියන්නද අප්පේ... හෙහෙ
    ජයවේවා

    ReplyDelete
  6. ඔබේ කෙටි කතා කෘතිය කියවන්නට අසා සිතුනා.

    ReplyDelete
    Replies
    1. මේ පොත ගොඩගේ එකේ තියනවා

      Delete
  7. Well done Ruwan.

    කාංසියට මෙන් ම කාංසාවටත් කෙටිකතා ලියවෙයි ද?

    ReplyDelete
    Replies
    1. ගෝර්කි කාංසාවටත් කෙටිකතා ලිව්වා

      Delete
    2. ඇයි ජීබී සේනානායක? ඔබ කියූ ආකාරයට ඒ විශාදය නිසා දෝ නේද?

      Delete
  8. සාමාන්‍යයෙන්, යමක් ලියන්න ඕනට හිතුනම, කොහොමද අවසාන පියවර දක්වා සැලසුම් කරගන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒකට කතාව හිතේ මැවෙනවා සැකිල්ල වගේ ; ලියන කොට අයිසින් දාලා ගන්නවා

      Delete
  9. ඩොක් ගහක් එහෙමත් පැල කරල ඇතිනෙ.. පරිපූර්ණ පිරිමියෙක් කියනවාලුනෙ ගසක් හදපු,පොතක් ලියපු,කොල්ලෙක් හදපු කෙනෙකුට.සාහිත්‍ය කෙතේ නම් පැල කරලා නෙමෙයි වපුරලා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook