Thursday, June 16, 2016

ගංජා ප්‍රේරිත සයිකෝසියාව හෙවත් Cannabis Induced Psychosis



විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් මනෝ ප්‍රතිකාරයන් සඳහා මා වෙත යොමු කරන ලද සිසුවා ගංජා ප්‍රේරිත සයිකෝසීය තත්වයන් හෙවත් Cannabis Induced Psychosis සලකුණු පෙන්වීය​. 

ඔහු කොලඹ ප්‍රදේශයේ පාසලකින් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා එක්සත් රාජධානියට ගියේය​. එහිදී ඔහුට ජැමෙයිකානු සිසුන් පිරිසක් හමු වෙයි. ඔවුනද එම විශ්ව විද්‍යාලයේ  සිසුන් වෙති. ලාංකික සිසුවා ජැමෙයිකානු මිතුරන් සමග විශ්ව විද්‍යාලය ආසන්නයේ නිවසක් කුලියට ගෙන ජීවත් වේ. නිතරම කායා හෙවත් ගංජා පානය කරන ජැමෙයිකානු මිතුරන් ගේ ආශ්‍රයට වැටෙන එකී සිසුවා වරක් ගංජා අත්හදා බලයි. මේ අත්දැකීමෙන් පසු ලාංකික සිසුවා ගංජා  පානයට පුරුදු වෙයි. ඔහු දිනපතා ගංජා  පානය කරයි. 

මෙසේ වසරක් දෙකක් පමණ ගත වන විට ලාංකික සිසුවා තුල ස්මෘතියේ දෝෂ , අඩු අභිප්‍රේරණය​,  නෑමේ සහ ශරීරය පිරිසුදු කර ගැනීමේ අඩු අවශ්‍යතාව , සියල්ල එපාවූ ස්වභාවය , අධ්‍යාපනික ගැටළු මතුවේ. ඔහු දෙවන වාර්ශික පරීක්‍ෂණයේදී අසමත් වේ. තම පුතා විභාගයෙන් අසමත් වීම නිසා කළබල වන දෙමාපියන් ඔහුව නිවාඩුවකට ලංකාවට ගෙන්වා ගනිති. ඔහු තුල යම් යම් වෙනස්කම් දෙමාපියන් ද නිරීක්‍ෂණය කරති. පෙරදා විනෝදයෙන් දෙමාපිය සොහොයුරු සොහොයුරියන් සමග කාලය ගත කල ඔහු නිතරම තම කාමරයට වී නිදාගත්තේය​. විනෝදාශ්වාද කෙරෙහි ඔහු උකටලී විය​. එසේම නිරන්තරයෙන්ම ඔහු තුල කිපුණු ස්වභාවයක් ද මානසික අවපාතනයක් ද නිරීක්‍ෂණය විය​. 

බලෙන්ම මෙන් දෙමාපියන් ඔහුව වෛද්‍යවරයෙක් වෙත යොමු කරන ලද අතර වෛද්‍යවරයා මෙම සිසුවා තුල විශාදයේ ලක්‍ෂණ දැක විශාදයට ප්‍රතිකාර කලේය​. නමුත් ඔහු ඖෂධ ගත්තේ කඩින් කඩය​. දෙමාපියන් ගේ බලපෑම මතය​. මේ හැර ඔහු ජීවත් වූ වීථියේ ත්‍රීවීල් රියැදුරෙක් මිත්‍ර කරවාගෙන ඔහුගෙන් ගංජා මිලට ගෙන   දිනපතාම රහසින් පානය කලේය​. 

මෙසේ මාස හයක් පමණ ගත විය​. දෙමාපියන් උපාධිය නිම කිරීම සඳහා එංගලන්තයට යා යුතු බව කීවද ඔහු ඒ සඳහා සූදානම් නොවීය​. මේ අතරවාරයේ ඔහු ප්‍රථම වරට මනෝව්‍යාධික රෝග ලක්‍ෂණයක් අත් වින්දේය​. ඔහුට ශ්‍රෝතේන්ඳ්‍රික මනෝ භ්‍රාන්තියක් හෙවත් auditory hallucination නොහොත් මායාකාරී ශබ්ද ඇසෙන්නට පටන් ගත්තේය​. මේ නිසා ඔහුගේ චර්‍යාව අසාමාන්‍ය විය​. තම පුතාගේ අසාමාන්‍ය චර්‍යාවන් නිසා දෙමාපියන් ඔහුව විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා වෙත ගෙන යන ලදි. එහිදී ඔහුගේ කංසා භාවිතය ගැන ඉතිහාසය හෙලි විය​. 

නොකඩවා ලබා දුන් ප්‍රති මනෝව්‍යාධික ඖෂධ මෙන්ම විශාදය යාමනය කරන ඖෂධ නිසා ඔහුගේ තත්වය මඳක් යහපත් විය​. ඊට සමගාමීව මනෝ ප්‍රතිකාරයන් ඇරඹිනි. මෙම සංයුක්ත ප්‍රතිකාර හමුවේ ඔහුගේ තත්වය යහපත් විය​. මේ නිසා යළිත් අධ්‍යාපනය සම්පූර්ණ කර ගැනීම සඳහා ඔහු එංගලන්තයට ගියේය​. එංගලන්තයේදී මාස හයක් පමණ නියමිත පරිදි  අධ්‍යාපනයේ  යෙදුනු මුත් යළිත් පැරණි මිතුරන් ගේ සමාගමට එක්වී ඔහු ගංජා පානය ආරම්භ කලේය​. මෙසේ ක්‍රමක් ක්‍රමයෙන් ඔහුගේ මානසික තත්වය අසතුටුදායක වූයෙන් දෙමාපියන් ඔහුව විශ්ව විද්‍යාලයෙන් අස් කරගෙන ලංකාවට ගෙන ආවේය​. දෙවන වරටද අප වෙත ආ මෙම සිසුවා තුල බරපතල ලෙසින් වර්ධනය වූ සයිකෝසීය  තත්වය දැක ගන්නට හැකි විය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

49 comments:

  1. ඔය කියන ජැමෙයිකානු මාන්ස් ලා දිගටම ජීවත් වෙන්නේ කොහොමද මන්දා?

    ReplyDelete
    Replies
    1. http://www.dailymail.co.uk/news/article-2951388/Marijuana-capital-world-Jamaica-revealed-country-women-bosses-s-men-relaxed.html

      Delete
    2. ඔවුන් තුල යම් රෙසිස්ටන්ස් එකක් ඇති

      Delete
  2. ඩොක්ටර් ඔයා update වෙලා නැහැ. ගංජා වලින් ශරීරයට කිසිම හානියක් නැහැ. මේක හොයාගෙන තියෙන්නේ ලංකාවේ (අප)කීර්තිමත් බොග දාන උතුමෙක්. එයාගේ කැඩපත් (කැටපත්) පවුරේ මොනව හරි කුරුටු ගාලා යන අයියල ඊට හපන් . අනිවා ඩෙෆා හොද මඩ පොස්ට් ටිකක් බලාපොරොත්තු වෙන්න ඔය ගොනා එක්ක කතාවට ගිහිල්ල.

    රුවන් මහත්මය අහල තියෙනවද කියමනක් තියෙනවා

    "Debating creationists (නුගතුන්/ මං පොර මේනියාකාරයින් ) on the topic of evolution (any complex subject) is rather like trying to play chess with a pigeon; it knocks the pieces over, craps on the board, and flies back to its flock to claim victory." --Scott D. Weitzenhoffer

    මෙතනටත් ඕක අදාලයි.

    Anyways, I really enjoy reading your wide variety of posts. Keep up the good work.

    ReplyDelete
    Replies
    1. මේ වෛද්‍යවරයා බටහිර වෛද්‍යවරයෙක් උනාට ඔරිජිනල් මේඩ් ඉන් සිරි ලංකා එකක් කියලා පේන්නේ මෙන්න මේ වගේ නිර්නාමිකව කොමෙන්ට් දැමිල්ලෙන්... ගහනවා නම් කෙලින්ම නමෙන් ගහන්න ලොක්කා... එහෙම නැත්නම් නියම මහත්මයෙක් නම් මේවා ඉවත් කරන්න... අපි නම් බ්ලොග් ලියන්නේ එහෙමයි...

      Delete
    2. රුවන්ගේ බ්ලොග් එකේ
      "AnonymousJune 16, 2016 at 11:24 PM" සහ "Maathalan - Priyantha HewageJune 17, 2016 at 2:23 AM" ඇනෝ කොමෙන්ට් දැම්මේ මම. හැබැයි මම රුවන් නෙමේ. එනිසා ඔබ රුවනට කරන්නේ බොරු චෝදනා සහ අවලාද.

      මමත් රුවන් මෙන්ම කැනඩාවේ ටොරොන්ටෝ සිට කොමෙන්ට් කරපු නිසා ඔබට පැටලුනාදෝ කියා සිතේ. මගේ කොමෙන්ට් නිසා ඔබගේ සහ රුවන්ගේ සිත් රිදවීමක් සිදුවීම පිලිබදව කණගාටුව පලකරමි.

      ඔබගේ
      "Maathalan - Priyantha HewageJune 18, 2016 at 6:18 AM
      ලේසි වැඩක් නෙමෙයි.. මට උපකාර කරන්නේ උසස් අධ්‍යාපනයට සම්බන්ධ රාජ්‍ය ආයතනයක හිතවතුන්.."

      යන කොමෙන්ටුව සම්බන්දයෙන් කීමට ඇත්තේ එය නම් අල්ලේ පළවෙන බොරුවක් කියාය. මන්දයත් ඔබ මම කල කොමෙන්ටු රුවනට බැර කල ආකාරයට ඔබ ඇනෝ සොයන ආකාරය effective නොවන බව හෝ ඔබ දැන දැන බොරු කියන බව පෙනේ.

      Delete
    3. මෙය ඔහුගේ බ්ලොගයේ පළ කරන්න කුණුහරප කීම නැවැත්වීම සඳහා

      Delete
  3. http://emedicine.medscape.com/article/289848-clinical

    ReplyDelete
  4. එක පුදගලයෙක් පිස්සු කෙලියා කියලා... ඊශ්‍රායල් වෛද්‍යවරුන් සොයාගත් දේ නිශ්ප්‍රභා වෙන්නේ නෑ...

    අපේ නැන්දා කෙනෙක් මලා සිරෝසිස් හැදිලා... හැබයි එයා වෙජිටේරියන්...
    සිකැරට් සුරුට්ටු බිව්වම කැන්සර් හැදෙනවා.. අපේ සීයා අවුරුදු 99 දි මලේ සාමාන්‍ය ආකාරයෙන්.. මැරෙණකම් සිකැරට් සුරුට්ටු බිව්වා..

    වෛද්‍ය උපාධිය ගන්න ටාගට් එක ගංජා එක්ක මාරු උනාම එහෙම වෙනවා.. ඒකට ඉතින් නවීන විජ්ජාග්නයෝ පලි නෑ...

    ReplyDelete
    Replies
    1. ගංජා සහ කංසා කියන්නේ දේශිය වෙදකමේ භාවිතා වන නම නේ.. ඒක ළොකු ප්‍රශ්ණයක් වෙලා තියෙනවා බටහිර වෛද්‍යවරුන්ට. ඒ නිසා කැනබීස් යනුවෙන් ඇති වාර්ථා සහ පර්යේෂණ ගැන අප්ඩේට් වෙන්න.. ස්තූතියි..

      Delete
    2. සිරෝසිස් හැදෙන්නේ මද්‍යසාර පමණට වඩා බිව්වහම විතරක් නොවේ.

      The major causes of cirrhosis are as follows:

      chronic alcoholism
      viral infections caused by chronic viral hepatitis (types B, C and D)
      metabolic diseases such as alpha-1-antitrypsin deficiency, galactosemia and glycogen storage disorders
      inherited diseases such as Wilson disease and hemochromatosis
      biliary cirrhosis resulting from diseases such as primary biliary cholangitis (PBC) and primary sclerosing cholangitis (PSC)
      toxic hepatitis caused by severe reactions to prescribed drugs or prolonged exposure to environmental toxins
      repeated bouts of heart failure with liver congestion


      Delete
    3. මම ඒක දන්නවා ඒත් මිනිස්සු හිතාගෙන ඉන්නේ එහෙම නේ... මෙතනත් වෙන්නේ එකමයි... කොහොම හරි මාතලන් වගේ නූගතෙක් ලියපු පෝස්ට් එකකට මාර උගතෙක් පෝස්ට් දෙකක්ම ලියලා ඇනෝ කොමෙන්ට් දාන එකත් කොච්චර දෙයක්ද නේ...

      Delete
    4. කැනබීස් වල therapeutic effect on epilepsy has reviled conflicting results. It might be working or might have a placebo effect. On the other hand there might be unidentified long term negative affects. So all we can do is use caution.

      Delete
    5. epilepsy නිල වෙබ් අඩවියේ මතය
      http://www.epilepsy.com/learn/treating-seizures-and-epilepsy/other-treatment-approaches/medical-marijuana-and-epilepsy

      Delete
    6. මම දොස්තර රුවන් නෙමේ. කොමෙන්ට් දැම්මේ දෙසපලුවෝ රට කනවා වගේම, ගොඩ වෙද්දු බෙහෙත් දෙනවා වගේම, ගුරුකම් කාරයෝ මිනිස්සු අන්දනවා වගේම බයහනක වැඩක් subject එක නොදන්නා අය වැරදි මතවාද ප්‍රචාර පතුරවන එක.

      Delete
    7. ලින්ක් ගොඩයි, කියවන්න කම්මැලියි සහ වෙලා නෑ, මට හිතෙන්නේ යන්නේ (6 යි 9 යි ) නෑ 8 යි 0 යි වලියක් කියලා.

      ගංජා දුං ඉරීම සහ ගංජා නිස්සාරන වලින් වෙන්කරගත්ත රසායන වලින් ලැබිය හැකි ගුණ අගුණ ගැන ටැපලවිල්ලත් කියා, මං වැරදි වෙන්න පුළුවන්.

      මමත් ගංජා වලට කැමතී, ඒත් ඒ කලාතුරකින් මස් වලට දාලා උයාගන්න, දුම් උරන්න නම් නොවේ.

      Delete
    8. බැනුම් අහන්න වෙයිද මංදා මං නූගත් විෂයයකට හොට දාලා......

      හැම දේම වගේ හොඳ නරක දෙකම තියනවා නේද?
      ඇල්කොහොල්වලත් හොඳ තියනවානෙ. විශේෂයින්ම රෙඩ් වයින් වගේ? ගංජා වලත් එහෙම ඇතිනේද? ගන්නා ප්‍රමාණය හා වාර ගණන මත රඳා පවතිනවා ඇති නේද?

      ඒක වගේම සතුට කියන එකත් සලකන්න ඕනෙ නේද? හවසට මිලි. 50-75ක් (33-40% එකකින් ) විතර වීදුරුවකට දාගෙන මූවි එකක් , මැච් එකක් බැලීම හෝ පොතක් කියවීම, පොඩ්ඩක් නරක වුනත් ඒක එයින් එන සතුටෙන් මැකෙනවා. ගංජා ගැන ඒතරම්ම අත්දැකීම් නෑ. ඒත් අදාලයි නේ?

      Delete
    9. //සිකැරට් සුරුට්ටු බිව්වම කැන්සර් හැදෙනවා.. අපේ සීයා අවුරුදු 99 දි මලේ සාමාන්‍ය ආකාරයෙන්.. මැරෙණකම් සිකැරට් සුරුට්ටු බිව්වා..
      මේක බලන්න. ඔතනදී යොදා ගන්නේ සංඛ්‍යානය
      http://jathikachinthanaya.blogspot.com/2016/06/blog-post.html

      මේ අනුව දෙමළුන්ගෙන් 90%ක් කොටි නෙමෙයි. නමුත් කොටින්ගෙන් 99%ක් දෙමළ එමනිසා හදිසි අවස්ථාවක හැම දෙමළාම ත්‍රස්ථවාදියෙක් ලෙස සැලකීම විද්‍යාත්මකයි. ඔයාට ඉතා ගුනයහපත් දෙමළ මිතුරෙක් සිටියත් එහි වෙනසක් නෑ එවිට එම පුද්ගලයා ව්‍යාතිරේකයක් ලෙස සැලකිය හැකියි.

      Delete
    10. @ ජගත් පතිරණ

      මේ ළිපියත් ඔයාගේ තර්කයට නියමෙට ගැලපෙනවා නේ...

      මෙතන රුවන්ට තියෙන ප්‍රශ්ණය ඔහු අප්ඩේට් වී නොසිටීම.. ඔහු ඒක පිලිගන්න කැමති නෑ.. ඒය මම නැවතත් කියනවා.. ඒක අපේ ඩොකාලටයි, උගතුන්ටයි තියෙන මානසික ලෙඩක්.. ඒක අපේ උරුමය.. අපි නම් මැරෙනකම් ඉගෙන ගන්නවා.. මේ ගැන සී එන් එන් වාර්ථාවක් දැක්කට පස්සේ උනන්දු වෙලා තමයි අනෙක් සියල්ල හොයාගත්තේ.. ඒවා නිමටවත් බලන්න රුවන්ලා වගේ අය කැමති නෑ.. කැනබිස් නෙමෙයි ඕන මලදානයක් ඇබ්බැහි වීම ලෙඩක් වගේම විනාශයක්.. ආගමත් අබිං කිව්වේ ඒ නිසයි...

      Delete
    11. @ AnonymousJune 17, 2016 at 2:33 AM

      ඔබ රුවන් නොවේ කියන එක මම පිලිගන්නවා... ඒත් රුවන් මහත්මයෙක් නම් මේ වගේ කොමෙන්ට් තියෙන්න දෙන්න නරකයි... කලින් එකේ ඒවත් තනිකර එහෙමමයි... ඒක එහෙමම තියෙද්දි තමයි මේ තවත් ලිපියක් ලියන්නේ.. තවත් මඩ ගහන්නත් ඉඩ දෙන්නේ.. දැන් එයා නිදි ඇති නේ... බලමු ඊළඟ පෝස්ට් එකට කලින් මේවා ඩිලීට් වෙයිද නැති වෙයිද කියලා.. ඩිලීට් උනොත් එයා මහත්මයෙක් කියලා පිලිගන්න මම කැමතියි. නැත්නම් ඉතින් එයාටත් ඩිස් ඕඩර් තත්වයක් තියෙනවා... ප්‍රතිකාර ගත්තොත් හොඳයි කියා හිතෙනවා..

      ඩිලීට් නොවුනොත් මම ඒ රෝගී තත්වය කුමක්ද කියා කියන්නම්..

      Delete
  5. වියලි ගංජා ගිනිතබා එන දුම ඉරීමෙන් සිදු ඖෂධීය ගුණයක් ලැබේ යයි මම නොසිතමි. ගිනි තැබීමේදී අධික උෂ්ණත්වයේදී සෑදෙන නයිට්‍රජන් ඔක්සයිඩ සහ ගංජා වල ඇති ඇමීන කොටස් ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන නයිට්‍රසෝඇමීන අධික ලෙස පිලිකාකරන ගතියක් පෙන්වයි.

    ගංජා වලින් සංයෝග නිසාරණය කර ඒවායෙන් ඖෂධ නිෂ්පාදනය යනු සංකීර්ණ ඖෂධ විද්‍යාත්මක ක්‍රියාවලියකි. ගංජා දුමේ ඖෂධීය ගුණය ගැන ගැන සාවද්‍ය වර්ණනා කරන බොහෝ පුද්ගලයන් ගංජා දුම උරන අයබව පෙනීයයි. සියලු දෙනාම එසේ යයි මෙයින් අදහස් නොකරන අතර කලාතුරකින් එසේ නොවන අයත් සිටිය හැකිය. ගංජා වල ගුණ ගායන කරන ඉහත කී පළමු පිරිසේ අයවලුන් එය ඖෂධයක් යයි හිතරවටා ගැනීමට හෝ ඇබ්බැහියේ ලක්ෂණයක් වන තමුන් වැටුන වලට තවත් අය ඇදගැනීමේ උවමනාව වෙනුවෙන් එසේ කරනවා විය හැකිය.

    නමුත්, නව තරුණ පරම්පරාව මෙම අසත්‍යයෙන් ගලවා ගංජා දුම ඉරීමෙන් ලැබෙන්නේ ස්වසන රෝග, මානසික රෝග සහ පිළිකා වැනි බරපතල රෝග තොගයක් සහ නීතිවිරෝධී ක්‍රියාවන් සඳහා ලැබෙන සිර දඩුවම් සමාජ අපවාදයන් පමණක් බව ඔවුන්ට පැහැදිලි කිරීම වැඩිහිටි අපගේ යුතු කමකි.

    http://www.ccsa.ca/Resource%20Library/CCSA-Cannabis-Use-Respiratory-Effects-Report-2016-en.pdf
    https://www.drugabuse.gov/sites/default/files/mjrrs_3_2016.pdf

    ඉහත සබැඳියන් ඇමෙරිකාවේ NIH-NIDA සහ කැනඩාවේ CCSA මගින් 2016 දී පලකෙරුනු ගංජා ඉරීමෙන් සෞක්‍යයට සිදුවෙන අවැඩ ගැන නවතම දැනුම සහිත පත්‍රිකා දෙකක් දැක්වේ.

    ReplyDelete
    Replies
    1. ඇමෙරිකාව මුලදී එහෙම කියනවා. පස්සේ හොරෙන් පැළෑටි වල ගුණය හොයල හොරෙන්ම patent බලපත්‍රය ගන්නවා. කරවිල එකට කලේ ඒක නේද/ ජපානයත් ඔය වගේ වැඩ කරනවා.
      ගංජා වල drug abuse එක ගණන් ඕනේ හෙරොයින් , මොපින් abuse වගේම තමයි. මෝපින් නිර්වින්දක ඖශධයක් වශයෙන් භාවිතා කරනවා නේ.

      Delete
  6. ඔය වචන ඇහෙන කොට නම් පරණ ලන්ඩන් සඟරාවක් කියෙව්වා වගේ.

    ReplyDelete
  7. මම ලියන්න හරිම කම්මැලියි, රිපෝට් එකක ඩෙඩ් ලයින් එන කොට ඇඟ රිඳුම් දෙනවා, මම සිඟරැට් විරෝධියෙක් වුනත් එක දවසක් රිපෝට් එකක් ලියාගන්න බැරුව ඉන්නකොට සිඟරැට් දෙකක්ම බීලා බැලුවා, කිසිම වෙනසක් දැණුනේ නෑ, එදා යන්තම් හරි ඒකේ වෙනසක් තිබ්බනම් මම මේ වෙනකොට ගංජ උරණ කෙනෙක් වෙන්නත් තිබ්බා, එහෙම වුනා නම් ඒ ගැන කණගාටු වෙන්නේ නෑ, මොකද, මගේ නිරීක්ෂණ සේරම මම ලිව්වා නම් ...

    ගංජා නිසා කාට හරි හොද නිර්මාණ බිහි කරන්න පුළුවනි නම් (මට එහෙම විශ්වාසයක් නම් නෑ) එයා ගංජා බීලා අකාලේ මලත් කමක් නෑ, වැදගත් වන්නේ නිර්මාණයයි.

    ReplyDelete
  8. මේ ගංජා කතාව ගැන කීමට පෙර මම බටහිර ඔවුෂධ ගැන පොඩි දෙයක් කිව්වොත් හොදයි කියල හිතනවා.
    මිට වසර 2කට පෙර මගේ නන්දනියක් පර්කින්සන් රෝගය සදහා විශේස්හන්ය දොස්තර වරියකට පෙන්නුවා ඇය විසින් ලබාදුන් බෙහෙත් මිලදී ගැනීමට පෙර මගේ මාම අදාළ බෙහෙත් තුණ්ඩුව හිටපු ඔවුෂධ වේදිනියක් වූ මගේ මවට පෙන්වූ විට ඇය පැවසුවේ මෙම බෙහෙත් නිසා අතුරු ආබාදයක් ලෙස insomnia නමැති මානසික රෝගය වැළදෙන බවයි, ඇය දොස්තර වර්රියක නොවන නිසා මේ ගැන දෙවැනි අදහසක් ලබාගන්නා ලෙස පැවසුවා. ඉන්පසු දෙවනිවර ඔවුන් මෙය මිලදීගැනීමට යනවිට ඔවුෂදාලයේ ඔවුෂද වේදීන් පවසා ඇත්තෙත් මගේ මවගේ අදහසයි කෙසේවෙත්තේ බෙහේත් ලබාදී ඇත්තේ විශේස්හන්ය දොස්තර වරියක් නිසා මෙම ඔවුශාධය ලබාදුන්නා.

    අද මගේ නැන්දනියට තවම පර්කින්සන් රෝගය තිබෙන ආතර ඊට අමතරව insomnia කියන මානසික රෝගීක් වීමට පුළුවන් වී තියනවා.
    ඔබට කියන්න තියන්නේ මෙපමණයි ගංජා වේදනා නාශක වලට පාවිච්චි කිරීම නිසා රෝගය පාලනය කිරීම මගින් ඇතිවෙන අතුරු ආබද වලට වඩා ලක්ෂ වාරයක් දරුණු ආබද බටහිර බෙහෙත් මගින් ඇතිවෙනවා ප්‍රශ්නය ඇත්තේ මේගැන ඔබ තුමන්ලා පවත්වන නිහඩ ප්‍රතිපත්තියයි.

    අද දොස්තර වරයකු තව දොස්තර වරයකුට චෝදනා කරනවානම් කලයුත්තේ දියුරුම් පෙස්සමක් මගිනුයි මෙයින් කර ඇත්තේ බටහිර වෙදකම තුල ඇති බයානක තත්වය ලෝකයෙන් වසන් කිරීමයි. යම් විදියකින් ඇත්තට සිද්දවන දෙය මිනිසුන් දැනගත්තොත් කිසිවෙක් දොස්තර වරුන් වෙත නොයනු ඇති.

    මෙය දැනගැනීමට https://www.justice.gov/opa/pr/glaxosmithkline-plead-guilty-and-pay-3-billion-resolve-fraud-allegations-and-failure-report

    හොදටම ප්‍රමාණවත්

    "GlaxoSmithKline to Plead Guilty and Pay $3 Billion to Resolve Fraud Allegations and Failure to Report Safety Data"

    ලොව ප්‍රකට ඔවුෂද සමාගමක් ඩොලර් බිලියන 3ක් වන්දි ගෙවන්නේ වංචා වලට වැරදි කරු වීමෙන්
    මම මිට පෙර සියලුම විශාල සමාගම් මෙවැනි වංචා කල ආකාරය මගේ අඩවියේ සබැදි සමග ප්‍රසිද්ද කළා

    ඔබට ඉහත දක්නට ඇත්තේ ඇමරිකානු අදිකරණ දෙපාර්තමේන්තුව පලකල විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. බටහිර වෛද්‍ය විද්‍යාව පමණක් නොව කිසිදු බටහිර විද්‍යාවක් පරිපූර්ණව දියුණුවී ඇතැයි කෙනෙකු සිතනවා නම් එය සම්පූර්ණ වැරදි වටහා ගැනීමකි. බටහිර විද්‍යාවන් යනු දිනෙන්දින වෙනස් වන එහෙත් යම්තාක්දුරකට වැඩගතහැකි සීමා සහිත දැනුම් පද්දතියකි. ඖෂධ වල බහුල අතුරු විපාක බොහෝවිට ඒවායේ ඇසුරුම් වල සටහන් කර ඇත. පැරසිටමොල්වල පවා අතුරු විපාක විශාල ප්‍රමාණයක් තිබෙන බව එම සටහන් අනුව පෙනේ. NO medicine is the best medicine යන කියමන එන්නට ඇත්තේ මෙවැනි හේතුවක් නිසාද විය හැකිය.

      ඔබ කියන පරිදිම ඖෂධ වෙළඳාම ලෝකයේ කළු වෙළදාමකි. අපේරටේ එය ඉතාමත්ම දුෂිත වෙළදාමකි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස ඖෂධ සායනික පර්යේෂණ කරන සමාගම්වල වල අධ්‍යක්ෂකවරු පත්වෙන්නේ ඒ දුෂිත ස්වභාවය නිසාය. ECTA ට විරුද්ධ වෙන වෛද්‍ය සංගම් ඒවාට විරුද්ධව එකදු වචනයක් නොකියති.

      එසේම, යම් දරුණු රෝගයක් සුවකරගැනීමට සිතා අන්තරායකාරී ඖෂධ වුවද අවදානම දරාගෙන භාවිත කරන රෝගියෙක් සහ ගංජා ගිනිතබා දුම උරනා කිසිදු රෝගයක් නැති කෙනෙකු ගන්නා අවදානම සන්සන්දනය කිරීමට යමෙකු උත්සහ කරයි නම් එය නිෂ්ඵල බව මම සිතමි.

      Delete
    2. //insomnia නමැති මානසික රෝගය වැළදෙන බවයි //

      ලන්කා සිතුවිලි මචන්....කවුරුහරි උඹේ එකවුන්ට් එක හැක් කොරලා...

      insomnia is a persistent disorder that can make it hard to fall asleep, hard to stay asleep or both, despite the opportunity for adequate sleep.

      Delete
    3. Sa rasaJune 17, 2016 at 4:41 AM

      Thanks to modern medicine she inherited not just insomnia she now get to see hallucinations, which is clearly stated in her medication side-effects. Thinking about side-effects I am not sure what side they mean these are clear diseases created by the drug.

      Delete
    4. to sarasa : https://sleepfoundation.org/ask-the-expert/sleep-hygiene-insomnia-and-mental-health

      කෙන්කියුෂා: අවිද්‍යාවෙන් (බටහිර) විද්‍යාවටJune 17, 2016 at 4:09 AM,

      ගංජා පාවිච්චි කර සහනය ලබන රෝගී තත්වවලට වෙනත් බටහිර ඔවුෂද ලබාගැනීමට සිදුවූ විට සිදුවන හානිය අතිවිශාල බව දැනටමත් ඔප්පුවී ඇත මෙනිසයි ලෝකය පුරා මෙම මත්ද්‍රව්‍ය නිතිගත වෙමින් තියෙන්නේ, සමහර දොස්තර යාවත්කාලින උනේ නැති උනාට කරන්න දෙයක් නෑ මේ යාවත්කාලින නොවීම දොස්තර රුවන්ටත් පොදුයි

      Delete
  9. මම මෙතන පැත්තක් ගන්නේ නැතුව මෙහම කියන්නම්. ගංජා හෝ කංසා අපේ රටේ මෙනම් ඉන්දියාවේත් බෙහෙත් වලට පාවිච්චි කලා . ඕනෑම දෙයක් ඕනෑවට වඩා භාවිතා කලොත් හොඳ නැහැ. ගංජා වලටත් එහෙමයි. අරක්කු, වොධ්ක, සිගරට් වුනත් එහෙමයි. දිගටම බීවොත් කැන්සර් හැදෙනවා. එසේම ඕනෑවට වඩා කෑවොත් ලෙඩ හැදෙනවා. සීනි පැණි රහ කෑවොත් ලෙඩ. ඒවාට ප්‍රතිකාර කරන්න වෛද්‍යවරු ඉන්න ඕනේ . මේ ළමයට වුනේ එහම දෙයක්. වෛද්‍යවරු ඒකට ප්‍රතිකාර කලා. මම රුවන් එක්ක එකඟයි එතන.
    නමුත් multiple sclerosis හැදුන දෙතුන් දෙනෙක් ගංජා බීල අමාරුව සමනය කරගෙන තියනවා මම දන්නවා. මේක හොඳ බෙහෙතක්. ඒ විධිහට පාවිච්චි කලහම හරි. ගංජා වලින් විදේශ විනිමය උපයන්න කියන මාතලන්ගේ හා ලාල් කාන්තගේ කියමන් වලට මම එකඟයි. මේ මයික්‍රොසොෆ්ට් එකේ අලුත්ම වැඩේ.
    http://www.bbc.co.uk/news/business-36545858

    ReplyDelete
    Replies
    1. ගුඩ් ලක් විත් දැට් රුවන්.

      මේ ගැන ඕස්ට්‍රේලියාවෙත් දැන් කලෙක සිට කතාවක් කෙරෙනවා. එනම් මෙඩිසිනල් පර්පස් වලට ගංජා භාවිතයට හා වැවීමට ඉඩ දීම ගැන. මේ පෙබරවාරියේ පෙඩරල් රජය නීතියක් සම්මත කෙරුව බෙහෙතක් වශයෙන් ගංජා භාවිතය ට ඉඩදීම. ප්‍රාන්ත රජයන් එකින් එක දැන් මෙය සලකා බලාගෙන යනවා. වික්ටෝරියාව දැනටම ඒ නීතිය සම්මත කර අවසන්. අපේ ප්‍රාන්තය හා නිව්සවුත් වේල්සය මන් හිතන්නේ ඒ ගැන පාර්ලිමේන්තුවට දමල තියෙන්නේ.

      ගංජා වල ඇබ්බැහිම් වීමේ ගතිය නිකොටින් හා මධ්‍යසාර වලට වඩා අඩුය කියනවා වුවත් (The assertion that cannabis is highly addictive ignores firm evidence. The most authoritative review comparing addictiveness of drugs rates physical dependence on a scale of 0–3.3 Heroin is ranked 3; tobacco, barbiturates and benzodiazepines, 1.8; alcohol, 1.6; and cannabis, 0.8. Cannabis may, of course, be a pathway to more addictive drugs if obtained from illegal sources that also offer powerful alternatives) විනෝදාත්මක කටයුත්තක් ලෙස මේකට හුරු වීමෙන්, එයිට වඩා "ඉහල ප්‍රතිපල" දෙන ද්‍රව්‍ය කරා යොමු වීමේ හැකියාව වැඩි වගත් පර්යේෂණ පෙන්නුම් කර තියනවා. රුවන් ඉහත කියන උදාහරණයත් මෙතනටම අදාලයි මන් හිතන්නේ. ඒ කියන්නේ විනෝදාත්මක කටයුත්තක් වශයෙන් මෙය පටන් ගන්න විට පුද්ගලයා අනුව වැඩේ ඉවර වන හැටි වෙනස් වන්න හැකියි. හැම දෙයක්ම මෙහමනේ කියන්නත් පුළුවන් තමා. රුවන් අදහස් කරන සෞඛ්‍ය අධ්‍යාපනය වැදගත් අන්න එතැනදී.

      බෙහෙත් සඳහා කංසා වැවීම හා භාවිතය මෙහි නීතිගත කෙරුණත්, හැම ගෙදරකම හෝ දැන් අනික් වගාවන් වවන බිම් වල එය මහා පරිමාණයෙන් කරන්න අවසර ලැබෙන එකක් නැහැ. එය අවසර ගන්න ඕනේ හා ඉන්පසු වන දේ ගැන සුපරික්ෂාකාරිත්වයකට යටත් වන එකක් වනු ඇති.


      මා ඔය ටික ලියුවේ මෙතැන වැටී තියන කොමෙන්ටු සියල්ලම කියවීමෙන් පසුවයි.

      Delete
  10. Microsoft has teamed up with California-based technology start-up Kind Financial, which helps businesses and government agencies track sales of legalised marijuana "from seed to sale".
    It is the first-ever partnership of its kind for Microsoft.
    Kind has been selling its marijuana tracking software to businesses and governments for some three years.
    The start-up will now be able work on Microsoft's government cloud.
    Kind's software, which is called Agrisoft Seed to Sale, "closes the loop between marijuana-related businesses, regulatory agencies, and financial institutions," a press release said.

    ReplyDelete
  11. https://www.theguardian.com/society/2015/oct/26/legalised-medical-marijuana-opposed-by-only-7-of-australians-poll-shows

    ReplyDelete
  12. මේ එක උදාහරණයක් පමණයි. මටනම් හිතෙන්නේ මත්පැන් වලින් කරන හානියට වඩා වැඩි හානියක් ගංජා වලින් සිදුවෙනවා කියලයි.

    ReplyDelete
    Replies
    1. ලංකාව තුළ ගංජා නිසා පිළිකා හෝ වෙනයම් තත්තවයක් නිසා ජීවිතය අහිමි වූ එක උදාහරණයක් වත් මම දැකල නැහැ...
      නමුත් මත්පැන් නිසා හට ගත් සිරෝසිස්, අක්මා අක්‍රිය වීමෙන් සිදු වූ මරණ සහ සිගරැට් නිසා හටගත් පිළිකා නිසා සිදුවූ මරණ අපමණ දැක දැකත් ඊට වඩා ගංජා භයානක බව කියන පදනම මට හිතා ගන්න බැහැ...

      Delete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. Ruwan-isn't it good if you delete the abusive Ano comments here, especially the ones against Mathalan. We prefer not to see two legends in the blog world getting to unpleasant conversations.

    ReplyDelete
    Replies
    1. AnonymousJune 16, 2016 at 11:24 PM විතරක් තිබ්බා ඒක ෆොරෙන්සික් සාක්‍ෂියක් නිසා

      Delete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  16. අපහාසාත්මක ප්‍රතිචාර මෙහි තියේද? තිබුණායැයි කියන ඒවා ඉවත් කරලා ද?

    ReplyDelete
    Replies
    1. ඉවත් කරා AnonymousJune 16, 2016 at 11:24 PM විතරක් තිබ්බා ඒක ෆොරෙන්සික් සාක්‍ෂියක් නිසා

      Delete
  17. හුටා.... මත් බවේ සුවය තාවකාලිකයි කියන්නෙ කට කහනවාටයැ.ඒත් ඉතිං..
    එකම දෙයක් ගැන කෝණ දෙකකින් කතාවෙන එකත් හොඳයි එක අතකින් බැලුවාම..
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook