Monday, June 6, 2016

ගජනායකගේ ගජ පැලෑන



අප හත වසරේ සිටියදී සිංහල ඉගැන්වූයේ ජාසිංහ මහතාය​. එසේම ඔහු සමහරක් විට කෘෂිකර්මයද ඉගැන්වීය​. ජාසිංහ මහතා කේන්ති කරවීම කොල්ලන් ගේ විනෝදාංශය විය​. වරක් ගජනායක , රජිත් නොහොත් මීයා ඇතුළු කොල්ලන් පිරිසක් පන්තිය වේලාවේදී  ජාසිංහ මහතා කේන්ති කලෝය​. මින් පරළ වූ ජාසිංහ සර් ගුරු මේසයත් පසෙකට තල්ලු කරමින් නැගිට්ටේ‍ය​. මේ නිසා මේසය උඩ තිබූ සර් ගේ බත් පාර්සලය බිම වැටුණි. 

බිම වැටී බාගෙට ඇරී තිබූ බත් පාර්සලයේ තිබූ බිත්තරය දුටු රජිත් වහාම ඉදිරියට පැන සර් ගේ බත් එකේ තිබ්බ බිත්තරය ගිල දැම්මේය​. මින් තවත් කිපුණු ජාසිංහ සර් කොල්ලන් රොත්ත පොදියට ගෙන එක එකාට පහර දෙන්නට විය​. සර් ගේ පහර කා කොල්ලෝ අඩපණ වූහ​. මේ අතර  ගජනායකගේ ගුටි කෑමේ වාරය ආවේය​. ගජනායක ප්‍රයෝගසම්පන්නය​. කෝප වී සිටින ජාසිංහ සර්ගේ පහරේ වේදනාව ඔහුට සිහිපත් විය​. මේ නිසා ඔහු කලේ බොරු ෆිට් එකක් ගෙන බිම ඇද වැටීමයි. 

පහර කන කොල්ලන් අතර එක් කොළුවෙක් බිම වැටී සිටියි. කොළුවා වලිප්පුව සැදුනාක් මෙන් වෙව්ලයි , කට දෙකොනින් සෙම බේරේ. ඇස් උඩ ගොසිනි. මෙය දුටු ගුරුතුමා බියට පත් විය​. කොල්ලන්ට ගුටි දීම නවතා බිම වැටී සිටි කොල්ලා දෙස බලා " අප්පචියේ වතුර ටිකක් වතුර ටිකක් " කියමින් ටිං කබලක් ඔසවාගෙන වැසිකිලිය පැත්තට දිවේය​. 

සර් වතුර රැගෙන එන විට කොල්ලා තවමත් සිහිය නැතිව වැතිර සිටියි. ජාසිංහ සර් ඔහුගේ මුහුණට වතුර ඉස්සේය. කොල්ලාගේ දෙඋරින් සොලවා ඇස් අරින්න ඇස් අරින්න කීවේය​. තවද මොකක්ද අමාරුව කියා ඇසුවේය​. එකහින්ම ඇස් ඇර නැගිටගත් ගජනායක මොකුත් නෑ සර් කියා පන්තියෙන් එලියට දිව්වේය​. කොල්ලෝ බක බක ගා ගජනායකගේ ප්‍රයෝගයට සිනාසුනහ​. සර්ටද සිනා ආවේය​. ගජනායකගේ රඟපෑම නිසා ගජනායකත් පන්තියේ කොල්ලන් භාගයකුත් එදා ගුටි නොකා බේරුනහ​. 

මේ කතාව යලිත් වරක් වසර 37 කට පසුව දුරකථනයෙන් මා ඇමතූ ගජනායක සිනාසෙමින් කීවේය​. පන්තියේ කොල්ලන් භාගයක් ජාසිංහ සර් ගේ ගුටි මුරයෙන් බේරගත් ගජනායක අද ජීවත් වන්නේ ඉතාලියේය​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

17 comments:

  1. වාසනාවට හෝ අවාසනාවට මගේ පන්තිවල නම් මේ ආකාරයේ දඩබ්බරයින් සිටියේ ම නෑ!

    ReplyDelete
  2. අපේ බූ බම්බා සෑරුත් ඔහොම පෝරියල් එකක් දුන්නා... මාත් තවත් කීප දෙනෙක් කළේ ජනේලයෙන් පැන දිවීමයි... එදා කන උන් කෑවේ කොස්සෙන්...

    ReplyDelete
  3. අපි 11වසරේ ඉන්නකොට පන්ති භාර මැඩම් එක ලමයෙක්ගෙන් ඇහුවා තමුසේ පන්තියට ජරාව ගේනවා නේද කියලා.
    කොල්ලා කියනව‍ා, කවුද මැඩම් කිව්වේ? කියලා.
    මැඩම් කිව්වා තමුසෙලා එක්ක ඔවුවා බලන යාලුවෝ කියන එවුන් තමයි කියලා.
    ඒ කතාව සෑහෙන්න කොල්ලගේ ඔලුවට වැදුනා.

    ReplyDelete
  4. සුදු නැෂනල් එක ඇදපු ජාසිංහ සර් ගැන වෙන්න ඔනෙ ඔබතුමා මේ කියන්නෙ. සර් ඉන්නෙ කැළණියෙ. දැන් නම් බොහොම කරදර මැද ඉන්නවා කියල තමයි ආරන්චි

    ReplyDelete
    Replies
    1. ඔව් සර් තමයි ඇයි මොකද සර් ට කරදර ?

      Delete
  5. නිවට ඇම්බැට්ටයට එලුවත් නිකට පානවා කියන එක ගුරුවරෙයෙක් වුනාම ඉස්සෙල්ලම ඉගෙනගන්න දෙයක්.

    ReplyDelete
    Replies
    1. හෙන්රිත් කොල්ලන්ට නෙලනවද ?

      Delete
    2. Never. One thing I didn't do it even in Sri Lanka when and where it was tolerated. The other thing here in Maldives, it's illegal to make any physical contact with a student even in self defense.

      Delete
  6. උපාසක පූසො වගේ හිටියම මීයො දහය විස්ස අල්ලපු කට්ටියක්නෙ මුං :D

    ReplyDelete
    Replies
    1. අපි ඉස්කෝලේ යන කාලේ කරපුවා පොතක් ලියන්න පුලුවන්

      Delete
  7. අනේ ඒ කාලේ මුළු ඉස්කෝලේ කොහේ හරි පන්තියක මොකක් වුනත් අපේ වයිස් ප්‍රින්සිපල් එන්නේ මාව හොයාගෙන. මේක වෙච්චි හැටි කියපං කියන්නේ පස්ස පැත්තට එක වේවැල් පාරක් දීලා. නොකිව්වොත් දිගටම බඩු හම්බවෙනවා.

    ReplyDelete
    Replies
    1. හිතා ගන්න පුලුවන් විචා තුමා ඒ කාලේ ඉස්කෝලේ දාපු බාල්දි

      Delete
    2. ඩොකා ගියේ කොළඹ කුපියාවත්ත බටහිර නාගරික කොටසේ මරදාන /පුන්චි බොරැල්ල තියේන කොළඹ නාලන්ද විදුහලට විචරක තුමා ගියේ කොහෙ තියන විදුහලකටද?

      Delete
  8. හප්පේ අර මනුස්සයාව මඩවලා තියෙන තරම්... අපට ප්‍රා.තා.කු උගන්නපු සර් කෙනෙක් හිටියා නොම්බර එකට නිදියනවා.. මුළු පන්තියම ස්වෙච්ඡාවෙන් නිශ්ෂබ්දව හිටියා මතකයි.. කසෙන් ගහලවත් එහෙම කොල්ලො නිශ්ෂබ්ද කරන්න බැරුව ඇති..
    ජයවේවා..!!

    ReplyDelete
  9. කොහොමත් සොදුරු මතකයන් රැසක් පුංචි බොරැල්ල සිරිධම්ම මාවතෙන් එහාටත් තියනවා
    ඒ සුන්දර අතීතය එක්ක අපි ජීවිතේ ජීවත් වෙනවා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook