Saturday, June 25, 2016

ගන්ධබ්බ



ගන්ධබ්බයෙකු වූ මා
බොහෝ වේදනාවල් විඳ 
ටයර් සෑයක් හරහා 
විමුක්තිය ලැබුවෙක්මි 

මවුබිම නැත්නම් 
මරණය කියමින් 
කුණු කයක් දරාගෙන 
ඝනඳුරු මැදියම  
අරුණලු දකින්නට
කල උත්සහය 
මට කුණු කය අහිමි කලේය 

නන්දා සහ සුනිල් විසින් 
විප්ලවීය මායාවෙන් අවධි කල 
බොහෝ ගන්ධබ්බයන් සමග 
මමද පාවෙමින් සිටිමි 
පහතින්  පෙනෙන 
මායා ලෝකය දකිමි 

අපට පන්තිකලවුන් 
ඝනඳුරු මැදියම  
අරුණලු පෙන්වූවන් 
විරු ගීත වලින් මායම්කලවුන් 
මෙරට සහ පිටරට සිට
ජීවිත විඳින අයුරු  දකින්නෙමු 
 
උන් ගේ දරුවන් 
ප්‍රවේසම් කරවමින් 
අපව දං ගෙඩියට දෑක්කූ
බක තපස්සුන් 
ඉඳ හිට අහස දෙස බලා 
අපට විරිත්තති 

මුන් ගේ බක තපස් බලමින් 
නිදහසේ පාවෙමින් 
සිටින්නෙමු 
සිරුරු අහිමි  
ගන්ධබ්බයන් වූ අප 

14 comments:

  1. ඇත්තටම උන් හරි පවු... මම කියන්නේ රුදාවට ගිහින් ඉල්ලන් කාපු උන් නෙමෙයි... මොළ සෝදලා දක්කගෙන ගිය උන්... ඔය ගන්ධබ්බයන්ගේ ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවනේ.. වෙලාවක එයාලා ගැනත් ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. මොළ සෝදලා දක්කගෙන ගිය උන් //// +++++++++ තාමත් මේ බිලි බෝයිස් වැඩ වෙනවා

      Delete
  2. මේ ගන්ධබයෙකු ගැන හොඳ කෙටිකතාවක් ලියා තිබුණා විදානේ විසින් කලකට පෙර.

    ReplyDelete
  3. උපුටා ගත් කමෙන්ටුවකි.
    =====================

    ගන්ධබ්බයලා ෆෝම් කළ අය ද.
    ගන්ධබ්බයලා ට වැඩේ දුන් අය ද,
    ගන්ධබ්බයලා ගේ මිනීවලවල් හෑරූ අය ද,
    පමණක් නොව
    ගන්ධබ්බයලා විසින් ගල්කටස් සහ ටී 56 මගින් සෑදූ විවිධ වර්ණවල ගන්ධබ්බයලාගේ මාස්ටර්ස්ලා ද
    අද පිරිත් නූල් බැදගෙන යහතින් සිටිති.

    ගන්ධබ්බයලා එදත් අනාථ ය. අදත් අනාථ ය.

    !!!

    ReplyDelete
    Replies

    1. ගන්ධබ්බයලා එදත් අනාථ ය. අදත් අනාථ ය. ////// +++++
      ගන්ධබ්බයලා එදත් අනාථ ය. අදත් අනාථ ය.

      Delete
  4. අනේ මන්දා
    මේවා ඔක්කොම යුගයෙන් යුගයට නැවත නැවතත් සිදුවෙමින් යන එකම රටාවක සිදුවීම් මාලාවක්. සෑම මිනිසෙක්ම සමාජයෙන් අත්දැකීම් ඉගෙන ගැනීමට වඩා තමා විසින්ම අත්දැකීම් ලැබීමටඇති කැමැත්ත නිසා මොන පිලියම් යෙදුවත් මොනතරම් දැනුවත් කලත්, මිනිසුන් නැවත නැවතත් මෙවන් වූ විනාශකාරී පෙළඹවීම් වලට හසු වෙනවා.

    ReplyDelete
    Replies
    1. මෝඩකමද ? අසරණ බැරියාවද ?

      Delete
    2. නැහැ මේක සත්ත්වයා ස්වභාවයෙන්ම ගෙන එන මෝඩ කම, එහෙම නැතිනම් මෝහය.
      සත්ත්ව සංහතිය පවතිනා තාක් පවතින යතාර්ථය

      Delete
  5. අනුන් වෙනුවෙන් තමුන්ගේ දිවි කැපකල මොවුන් අද ජීවත් උනා නම් අරමුණකින් රට නඟන කාරිය මෙතරම්ම අමාරු නැත..
    ඔවුනට පින් අනුමෝදන් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  6. http://vidya-gaweshana.blogspot.com/2017/04/innovations_26.html

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook