Monday, June 27, 2016

රැඩිකල් ශිෂ්‍ය සටන් වියාපාරය

 



ශිෂ්‍ය සටන් අතර පේරාදෙණිය සරසවියේ ඉල්ලම් 12 ක අරගලය, 1967 කැළැණි සරසවියේ ඉල්ලීම් 53 ක අරගලය, 1972 ප‍්‍රමිතිකරණ විරෝධී අරගලය, 1975 විශ්වවිද්‍යාල සංශෝදන පනතට එරෙහි අරගලය, වැනි අරගල  පෙන්වා දිය හැකිය​. නමුත් 1971 කැරැල්ල ලංකාවේ ශිෂ්‍ය සටන් වියාපාරය වඩාත් හිංසක තත්වයක් වෙත ගෙන එන ලදි . මෙහි කූටප්ප්‍රාප්තිය වූයේ 1988-89 පවිපෙ දෙවන කැරැල්ල සමයේදීය​.  මේ කාලයේදී රැඩිකල් සිසුන් ඝාතන වල පවා යෙදුනහ​. 

රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත සිසුන් යොමු වන්නේ යම්කිසි විශෝදනයන් නිසාද ? 

ගවේශනාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් ජවිපෙ දෙවන කැරැල්ල පිලිබඳව කරන ලද කරන ලද කරුණු සොයා බැලීමක දී ඝාතනයට ලක්වූ සිසුන්ගෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් තුල  කුඩා කාලයේ සිය මව හෝ පියා මියගොස් තිබිණි. නැතහොත් දෙදෙනාගෙන් එක් අයෙකු අතහැර ගොස් තිබිණි. එබැවින් ඔවුහු පීතෘ හෝ මාතෘ වියෝග කාන්සාවට ලක්ව සිටියහ. ඇතමෙකුට ද්‍රරිද්‍රතාවය සහ තවත් අයෙකුට සමාජ පීඩනයද උරුම විය.  සමහරෙක් කුල පීඩනය නිසා සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව බැලීමට පුරුදුව සිටියහ​. 

ජර්මානු බාඩර් මයින්හොෆ් සහ සැන්ඩිනිස්ටා ගරිල්ලන් පිලිබඳව පසුකාලීනව කල අධ්‍යනයන් වලින් පෙනී ගියේ ඔවුන් රැඩිකල් වියාපාර වෙත යොමු වීම සඳහා ළමා කාලයේ අත් දුටු කාංසාමය සිද්ධීන් හේතු කාරක වූ බවය​. 

ළමා කාලයේ සිට මෙවැනි කාන්සාමය තත්වයන් ගෙන් පීඩා විඳි කොටස් රැඩිකල්  ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමු කරවා ගැනීම අපහසු නොවේ. කොටි සංවිධානය තම සාමාජිකයන් ආකර්ශණය කර ගත්තේ උතුරේ වෙල්ලාල ද්‍රවිඩයන් ගේ කුල පීඩනයට යටත් ව සිටි ද්‍රවිඩ තරුනයන්ට තුවක්කු දීමෙනි. අවියට තිබූ බිය නිසා උතුරු සමාජයේ කොන් කර සිටි  කරයර් , නලවර් , පරයර් , මල්ලර් , තුරුම්බාර්  කුල වල ද්‍රවිඩ තරුනයන්ට කුලීන ද්‍රවිඩයන්  ගෙන් ගරුත්වය ලැබුනේය​. ​ එසේම බහුතරයක් කළු කොටි මෙසේ සමාජයේ කුල පීඩනයට ලක් වූ කොටස් ය​. 

මා විසින් මීට කාලයකට ඉහතදී ප්‍රතිකාර  කල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු  1988-89 කාලයේ ජවිපෙ ශිෂ්‍ය වියාපාරයේ සිටි සාමාජිකයා රැඩිකල් දේශපාලනය වෙත යොමු වන්නේ තම නිවසේ තිබූ ගැටුම්කාරී වාතාවරණය නිසාය​. ඔහු කී පරිදි දෙමාපිය ගැටුම් නිසා නිවසේ සමය බිඳී තිබුනි. පියා පසුව ඔවුන් අත හැර යන ලදි. නිවසේ දී හෝ පාසලේදී අන් අයගේ ආදරයට හෝ අවධානයට යොමු නොවූ ඔහු ජීවිතයේ මුල් වතාවට හිතවත්කමක් ලෙන්ගතුකමක්  පිලිබඳ හැඟීමක් ඇති කර ගන්නේ ඔහුට කොක්ක ගැසූ ජවිපෙ ශිෂ්‍ය වියාපාරයේ ජේෂ්ඨ සාමාජිකයා මගිනි. 

මේ නිසා ඔහු එම ජේෂ්ඨ සාමාජිකයා පවසන ඕනෑම දෙයක් දේවත්වයෙන් පිලිගනී. පසුව ඔහු අවි පුහුනුව ලබා වියාපාරය වෙනුවෙන්  මංකොල්ලකෑම් වලද නිරත වේ. එසෙම ඝාතන සඳහා සහභාගි වේ. පසුව අත් අඩංගුවට පත් වන ඔහු වද බන්ධනයට ලක්වී සිරගත වී නිදහස ලබයි. 

පසු කාලයක තම අධ්‍යාපනය විනාශ වීම , වියාපාරය විසින් තමාව උපකරණයක් ලෙස භාවිතා කොට ඉවත දැමුවා යන අවබෝදය නිසා ඔහු මානසිකව කඩා හැලේ. ඔහුව වියාපාරයට ගෙන ආ ජේෂ්ඨ සාමාජිකයන් ඔහු අත හැර දමා ඉතාලියට යාමත් ඔවු ගෙන් කිසිදු ගෙන් උපකාරයක් නොලැබීමත් නිසා ඔහු කලකිරීමට පත්වේ. දිවි නසා ගැනීම සඳහා ඔහු අවස්ථා කීපයකදීම උත්සහ දරා තිබුණි. එසේම මෙම පුද්ගලයා තුල කායිකරූපී ආබාධද දක්නට තිබුනේය​.

රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමුවී  ඝාතන ප්‍රවර්ධනය කරන ලද සියළු සිසු කණ්ඩායම් සාමාජිකයන් තුල අනන්‍යතා අර්බුධ , ග්‍රාමීය පසුගාමීත්වය , ප්‍රචණ්ඩත්වය ගැටළු නිරාකරණය සඳහා එකම මධ්‍ය බව ඇති විශ්වාසය​, හීනවූ සහකම්පනීය අවබෝධ්‍ය සහ බොහෝ විට  පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකිය. එසේම මෙම පුද්ගලයන් පිළිබඳව මනෝ විද්‍යාත්මක වශයෙන් අධ්‍යනය කිරීමක් අවශ්‍ය කෙරේ. 

මෙම සිසු කණ්ඩායම් සාමාජිකයන් බොහෝ දෙනෙකු ජීවිතය වින්දනය කිරීම වෙනුවට අයිඩියෝලොජි එකක් වෙනුවෙන් මිනී මැරීම හෝ මරාගෙන මැරීමට යොමු වීම ඛේදවාචකයකි. පසු කාලීනව සත්‍ය වටහාගත් පැරණි සාමාජිකයෝ  මෙරට හා පිටරට වල ජීවත් වෙමින් ජීවිතය වින්දනය කරති. ඔවුන් තම දරුවන් තරුණ කාලයේ තමන් ගිය මුග්ධ මාර්ගයේ නොයැවීම් 100 % දකින්නට හැකි සාධකයකි. 

මෙවැනි ප්‍රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්‍ය  ක්‍රියාකාරීන් උත්කර්ශයට පත් කිරීම වෙනුවට එහි ඇති හිස් බව , ඛේදවාචක බව සහ මුග්ධ බව පෙන්වා දීම මගින් අනාගතයේ බිලි බෝයිස් ලා බිහි වීම වලක්වා ගත හැකිය. අද දිනයේ මේ මිය ගිය සිසුන් ගැන වේදනාව තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ උදවියට පමණි. එදා මේ සිසුන් උසිගන්වන ලද ලද කිසිවෙකු අද ඒ අසරණ වූ පවුල් දෙස නොබලති.මිය ගිය  සිසුන්  දුක් වන්නේ කවුද ? ඔවුන් ගේ පවුලේ සාමාජිකයන් මිස වෙන කවරෙක් ද ? නිසි අධ්‍යාපනයක් ලබා එලදායී පුරවැසියෙකු වී සමාජයට සේවය කිරීම වෙනුවට ඔවුන් දුඛදායක ලෙස  අකාලයේ මහා මාර්ග වල මිය ගියහ.  

 රාජ්‍යය ස්වභාවයෙන්ම කෘරය​. විශාල රාජ්‍ය මර්ධනයට එදිරිව සටන් කල යුත්තේ මාටින් ලූතර් කිං ක්‍රමයට මිස ගල්කටස් සහ පිහි මගින් නොවේ. එවිට දරුණු රාජ්‍ය තන්ත්‍රය මහා භීෂනයක් මුදා හරියි.. එය 71 , 88 හා 2009 දී ලංකා වැසියන් දුටුවෝය​.


40 comments:

  1. කැම්පස් වල නවක වදය දෙන්නෙත් මෙහෙම රෝගීන්ම තමයි... වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාර වල නායකත්වයේ හා ක්‍රියාකාරී දේශපාලනයෙත් ඉන්නේ මොවුන්මයි... මිනිසුන්ට වෛර කරන පිරිසකගෙන් සමාජයට යහපතක් බලාපොරොත්තු විය නොහැක.

    ReplyDelete
    Replies
    1. මාතෙ සමාජය වෙනස් කිරීමට මිනී මරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න සෑම කොටසක් තුලම මේ අවුල තියනවා

      Delete
  2. මාඕ සේතුං හෝ වෙන (අවස්ථාවාදී ) විප්ලපවාදියෙකු කියා තිබුණා රටක් අස්ථාවර කොට බලය අල්ලාගැනීමට සාමාන්‍ය මිනිසුන් යොමු කල යුතු ආකාරය. ඒ අනුව පවුලේ ප්‍රශ්ණ, කුල ප්‍රශ්ණ, ප්‍රේමය අහිවීම් වැනි පෞද්ගලික ප්‍රශ්ණ ඇති අයටත් ඔවුන්ගේ අදාල පාර්ශව කෙරෙහි ඇති වෛරය රජය වෙත යොමු කිරීමෙන් සටන් කරුවන් බඳවා ගත හැකි බව. ජනතා විමුක්ති පෙරමුණ සහ එල් ටී ටී යී සංවිධානය යන දෙකම මෙම ක්‍රමය ප්‍රයෝජනයට ගත්තා.

    ReplyDelete
  3. /*.......... ගවේශනාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න..............*/

    ඔය මනුස්සයා ලියන දේ මූලාශ්‍ර ළෙස යොදා ගැනීම නම් අති භායානකිය. අත්‍යාවශ්‍යම නම් තාර බර හැර තමයි කරුණු උපුටා ගත යුත්තේ.

    මා ඒ මතයට ආවේ මා දන්නා අය ගැණ ඔහු ලියා තිබුණු කරුණු වල මා දුටු වැරදි නිසයි. එහි නම් සඳහන් කළ තිබුණු ඇතැම් අයව ඔහු හමුවී, මුණ ගැසි හෝ යම් ආකාරයකින් කතා කරවත් නැතුව තමයි ලියා තිබුණේ.

    කලකට ඵෙර ඔහු මට සේබූක් රික්වෙස්ට් එකක් එවා මා එය පිළිගත් පසු මට ඔහු ෆෙස්බුඛියේ පල කරන දේ පෙනෙන්ණ පටන් ගත්තා. ඒ ස්‍රිල්ලම පාහේ රිවිර නම් පුවත්පතට ඔහු ලියන කරුණුයි.

    මා දුටු ඬැරදි ගැණ විමසා මා ෆෙස්බුක් එඛේ දැමූ කඟෙන්ටු ඔහු මකා දමා තිබුණා. පසුව මා නැවතත් ඒ කරුණ ුවම විමසා කඟෙන්ට් කළ විට මාව අන්ෆ්‍රෙන්ඩ් කර දමා, ආනන්ද ඉඩමේගම ගැණ ලියවුණු ඒ ලිපියකම මකා දමා තිබුණා.

    ඉන් පසු මා කළේ ආනන්ද ඉඩමේගම ගැණ මා දන්ානා කරුණු ලියා ලිපියක් ලියා රාවය පුවත් පතට යැවීඟයි. ඔවුණ් එය පළ කර තිබුණා.

    ඉතින්, මා දොනදන්නා අය ගැන, සිදුවීම් ගැණ ඔහු ලියා ඇති දේ කෙලෙස විසශ්වාස කරන්නද?

    ReplyDelete
    Replies
    1. මේ ගැන කලාමැදිරියාත් ලියා තිබුණා!

      Delete
    2. රසික හා 100% එකඟයි. රුවන් ඔය කියන කාලෙ නම් ධර්මන් වික්‍රමරත්න ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වෙන්න ඇති. ඒත් මේ දවස්වල නම් මරාගෙ කුණු හෝදන අන්තේවාසිකයෙක්. ඊට වැඩිත් නැත. අඩුත් නැත..( Nothing more, nothing less )

      Delete
    3. ධර්මන් වික්‍රමරත්න දෙවන කැරැල්ල ගැන බොහෝ තොරතුරු සොයාගත් කෙනෙක්

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. ධර්මන් ඒ දිනවල ජවිපේ හිතවතෙක්. දිවයින කන්තෝරුවට ඔහු හමුවෙන්න ජවිපට සම්බන්ධ කොළඹ විශ්ව විද්‍යාලයේ මාත් දන්නා) සිසුන් එනවා මා දැක තියෙනවා. ඔහුට JVP ඉන්සයිඩර් ඉන්ෆොමේෂන් තිබුණා.

      දැන් ඔහු කරන්නේ ඒ කාලේ සිටි ශිෂ්‍ය නායකයින් ගැන ලිපි ලියන එකයි. ඒවායේ තොරතුරු සියල්ල සත්‍ය නැති බවයි මගේ අදහස.

      රුවන් ද 1971 කැරැල්ලට සම්බන්ධ අය ගැන ලිපි ලියා තියෙනවා. ඒවා මා කියවන විට පෙනුනේ එහි දත්ත, එක්කෝ අදාල පුද්ගලයින් සමග සාකච්ඡා කර හෝ අපරාධ යුකත්ති විමර්ෂණ කොමිසන් සාක්‍ෂි මත හෝ වෙනත් සෙකන්ඩරි මූළාශ්‍ර මත පදනම් වූ ඒවා බවයි.

      මේ මනුස්සයා ඒ වගේ රීසර්ච් කර ලිපි ලියන්න දන්න පාටක් පෙනෙන්නෙ නෑ!

      Delete
  4. /*
    1. රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත සිසුන් යොමු වන්නේ යම්කිසි විශෝදනයන් නිසාද ?
    */

    රුවන් ඔබේ මේ ලිපිවල අන්තර්ගතයේ ඇති මා දකින මූලිකම ප්‍රශ්නයක් තමයි, ඔබේ වෘත්තීය අනුව ඔබට හමුවෙන අය ගැන පමණක් දත්ත / නිරීක්‍ෂණ මත නිගමන්ට යොමුවීමේ ප්‍රවනතාවයක් තිබීම.

    ඉහත එහෙ හෝ එමගින් එන හපිපොතීසය ගැන කරන පරික්‍ෂණයකට කාංසාව හෝ විශාදය සෑදුණු අය පමණක් ගැන අත්දැකීම්/දත්ත/නීරීක්‍ෂණ මදියි නොවේද? එසේ නොමැති බහුතරය? ඒ අය සායනවලට එන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. රසික රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමුවී ඝාතන කල සහ ඝාතනය වූ සිසුන් ගේ ජීවිත කථා අධ්‍යනය කර බලන්න ඔබට මම කියන දේ තේරෙයි. ඒ අය සායනයට එන්නම අවශ්‍ය නෑ

      Delete
    2. මා මේ කරාණා ගැන පරීක්‍ෂණ කර හෝ නොකර හෝ ලිපි ලියන අයෙකු නොවෙයි. එලෙස කරන්නේ ඔබයි. ඔබ එවැනි අය ගැණ (එනම්, රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමුවී ඝාතන කල සහ ඝාතනය වූ සිසුන් නමුත් මනෝ චිකිත්සක සායනවලට නොගිය) අය ගේ ජීවිත කථා අධ්‍යනය කර ලියා තිබේද?

      ධර්මන් ගේ අතිශයෝක්ති කතා නම් එපා!

      Delete
    3. සමහර අය ගැන හදාරලා තියනවා

      Delete
  5. රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත සිසුන් යොමු වන්නේ යම්කිසි විශෝදනයන් නිසාද ?//

    ඔබගේ මේ ප්‍රකාශය සමඟ එකඟ වන අතර ම විරුද්ධ ද වෙමි. එකඟ වන්නේ, එහි යම් කිසි සත්‍යයක් ඇති නිසාය. නමුත් ඒ බහුතර රැඩිකල් ශිෂ්‍ය ප්‍රජාවෙන් ඉතා සුළු ප්‍රතිශතයකි. උදාහරණ වශයෙන් මා ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වී සිටි අවධියේ එවැනි සිසුන් සිටියේ ඉතා අතලොසකි. නමුත් ඉතා හොඳ පවුල් පසුබිමක් සහිත අය ද ශිෂ්‍ය ව්‍යාපාර හා එක් වී සිටි බව මට මතකයි. තවත් අප වැනි දුප්පත් නමුත් වෙනත් ප්‍රශ්න නොතිබූ සිසුන් ද බහුතරයක් ශිෂ්‍ය ව්‍යාපාර හා එක් වී සිටියා ය. මට මෙතන දි මතක් වෙනවා සූරිය ගුණසේකර කියූ දෙයක්. එතුමා කියනවා 1971 කැරැල්ල සමඟ සම්බන්ධ වූයේ කුළ පීඩනය සහිත සිසුන් කියා. ඒ පිළිබඳ එතුමා යම් ලේඛනයක් සැකසූ වග අසා තිබුනත් එය මට කියවීමට ලැබී නැහැ. ඒ කෙසේ වෙතත් ශිෂ්‍ය ව්‍යාපාරය හා සමස්ථ සියලු ම සිසුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එක් වන බව මට අද්දැකීම් අනුව පෙනුන දෙයක්. තව දෙයක් තියනවා එතනදි මම රුවන් එක්ක එකඟයි. ඔබ කියන ආකාරයට ම සමහර සිසුන් තම ජීවිතයේ මුහුණ දෙන ඉතා විශාල ප්‍රශ්න (සමාජ, පවුල්, ආර්ථික ) හේතුවෙන් මෙවැනි ව්‍යාපාරවලට එක් වූ අය, ජීවිතය අවුල් කර ගන්නවා. අනෙක් අය ශිෂ්‍ය භාවයෙන් ඉවත් වන විට එම මත අතහැර දැමුවත් ඔවුන් එහෙම වන්නෙ නැහැ. මට උදාහරණ බොහොමයක් කියන්න පුළුවන් නමුත් ඔවුන් තව ම ක්‍රියාකාරී අය බැවින් ඒක සදාචාරාත්මක නැහැ. ඒ පැත්තෙන් බැලුවොත් ඔබ හරි.

    ReplyDelete
    Replies
    1. රෝහන පීඩිත කොටස් තමයි නියමුවන් වෙන්නේ. සමහරු රැල්ලටත් ඇදී යනවා 71 ත් මේක උනා

      Delete
  6. තවත් අධ්‍යයනය කර බැලිය යුතු තත්වයක්:

    ඇතැම් විට, රසවත් නැතිකම, නිසි ලෙස පිළිවෙලට වැඩ කරගෙන යාමට බැරි වීම, ප්‍රේම හුටපට, දේශපාලනය වැනි හේතු නිසා අධ්‍යාපනයෙන් පහළට වැටෙන අයට තමන්ගේ අසාර්ථකත්වය සාධාරණීකරණයට තිබෙන මාර්ගය වෙන්නේ දේශපාලනයේ ඉදිරියට යාමයි.

    මේක අධ්‍යයනය කරන්න. මටත් මේක යම් දුරකට බලපෑවා. තවත් බොහෝ චරිතවලත් මේ ලක්ෂණය දකින්නට ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. අජිත් 71 ට නයනානන්ද විජේකුලතිලක සම්බන්ධ වන්නේ ඔහු තුල මතුවූ විශාදය තත්වයක් නිසා බව ඔහු මා සමග කීවා. ඔබේ නිගමනයන් හරි. 88-89 සම්බන්ධව ඔබගේ අත්දැකීම් ලියන්න එය අනාගත සිසුන්ට ප්‍රයෝජනවත් වෙයි

      Delete
  7. ඇතුලාන්තයෙන් බැලුවම අමුතුම විමර්ශනයක්. එතකොට ඔය ශිෂ්‍ය සටන් වල ඉස්සරහින්ම බෙරිහන් දෙන එවුන්ටත් ඔය කාංසාව තියනවා ඇති...

    ReplyDelete
    Replies
    1. මෙවැනි කොටස් තුල තම පියා වැඩිහිටියන් කෙරෙහි වෛරයක් තියනවා. ඒක තමයි ශිෂ්‍ය සටන් වලදී මාරාවේශයෙන් ක්‍රියා කරන අය තුල දකින්නට තියෙන්නේ

      Delete
  8. අම්මේ,තාත්තේ,නැන්දේ,බාප්පේ,කිරිඅම්මේ,මීමුත්තේ,බල්ලේ,පූසේ,මීයේ,

    කලිසං අඳින නවක අදිරාජයවාදී කෙල්ලන් හා හවස කොලඹ වැඩ ඇරී ගෙදර යන ප්‍රතිගාමීන්ට විරුද්ධ අරගලය දිවි පුදා ඉදිරියට ගෙන යමු. උන්ව විප්ලවකාරීව ප්‍රගතිශීලීව සමාජවාදීව රැග් කර සිසු අයිතීන් රැක ගනිමු

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රා නිට්ටෑවේ කියලත් දැම්මනං තමයි ආමන්ත්‍රණය අංග සම්පූර්ණ වෙන්නෙ..

      "අම්මේ, තාත්තේ, මාමේ, බාප්පේ, නැන්දේ, පුංචි අම්මේ, කිරි කිත්තේ, නත්තේ, පණත්තේ, බල්ලේ, පූසේ, මීයේ, හෝතඹුවේ, කලවැද්දේ, නිට්ටෑවේ......"

      Delete
    2. මෑතකදි එකෙක් කෝල් කරලා මගෙන් ඇහුවා ඊයේ දෙරණ නාලිකාවේ ගිය නවක වදය ගැන වැඩ සටහන බැලුවද කියලා.. මම කිව්වා, මට බැරි උනා ඇයි කියලා. ඔය වැඩ සටහනට ඇවිත් ඉන්න උන් ටික බලපන් උන් තමයි කෑම්පස් එකේ වැඩේ ලීඩ් කරන උන්. පොඩ්ඩක් මූණු ටික බලපන් කියලා. පස්සෙ මම "අළුත් පාර්ලිමේන්තුව" කියන ඒ වැඩ සටහන බැලුවා.

      අරූ කියපු එක සහතික ඇත්ත.. මිනිහෙක්ගේ බාහිර රූපයෙන් මිනිස්සු මනින්න එපා කියන එක හැම වෙලාවෙම සාපේක්ෂ වෙන්නේ නෑ. ඒත් ඒ වැඩ සටහන බැලුවාම නම් අර යකා කියපු එක ඇත්ත කියලා හිතුනා. කෝල් කොළඹ කැම්පස් එකේ නවක වදයට විරුද්ධව කත කරන් එකෙක්.

      ම්ට දිනය මතක නෑ... පුළුවන්නම් හොයාගෙන බලන්න..

      Delete
    3. මූනේ වෛරය උතුරනවා නේද ?

      Delete
    4. කොලඹ රස්සාවල් කරල හවසට බස් එකේ, කාරෙකේ, වෑන් එකේ ගෙදරයන එවුන් තමයි මේ නිදහස් අජාපනය, සිසු අයිතීන්, සමාජවාදය හා ප්‍රගොතිසීලී විප්ලවයට විරුද්දව කුමණ්ත්‍රනය කරල සිසු මර්දනය කරන්නෙ. උන්ට පාඩමක් උගන්න ඕනෙ

      Delete
    5. කොලඹ රස්සාවල් කරල හවසට බස් එකේ, කාරෙකේ, වෑන් එකේ ගෙදරයන එවුන් තමයි මේ නිදහස් අජාපනය, සිසු අයිතීන්, සමාජවාදය හා ප්‍රගොතිසීලී විප්ලවයට විරුද්දව කුමණ්ත්‍රනය කරල සිසු මර්දනය කරන්නෙ ///ha haha

      Delete
  9. කැම්පස්වල නවකවදය ගැන වැඩියෙන්ම කෑගහන්නෙ ඔය කැම්පස් පැත්තෙ පස් පාගන්න බැරිවෙච්ච පුඟුලො තමයි. මේ අය තමන් උගත් කියල පෙන්නන්න නොකරන දෙයක් නෑ.
    කොහොම වෙතත්, ලංකාවෙ කැම්පස්වල මුල් කාලෙ දුන්න සුන්දර නවක වධය දැන් තමන්ගෙ පන්ති වෛරය පිරිමහන්න කරන දරුණු වධ බන්ධනයක් බවට පත් වෙලා. නමුත් ලංකාවෙ ඉහලම පන්තියෙ දරුවො නම් ලංකාවෙ කැම්පස් පැත්තෙ යන්නෙ නෑ. ඉතින් ඉහල ධනපති කියල අහු වෙන්නෙ ඉහල මධ්‍යම පන්තියෙ හරි නිකන්ම මධ්‍යම පන්තියෙහරි කට්ටිය තමයි. ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලවලට ගිය දුප්පත් දරුවොත් අර ගොඩටම වැටෙනවා. පව් ඉතින් !!
    හැබැයි ශිෂ්‍ය ව්‍යාපාරේනම් පැවතිය යුතුයි. මොකද දියුණු රටවල විශ්ව විද්‍යලෙ යන සිසුන්ට වඩා දුප්පත් ලංකාවෙ ශිෂ්‍යන්ට ප්‍රශ්න තියෙනවා. ඒත් මේ ශිෂ්‍ය ව්‍යාපරෙ හදන්නෙ ආණ්ඩු පෙරලන්න හෝ කාගෙහරි දේශපාලන පක්ෂයක අත්කොලුවක් වෙන්න, ඒ නිසා ඒ අයගෙ කාර්ය සම්පූර්ණයන්ම අසාර්ථක වෙනවා, ඒ වගේම බහුතර ජනතාවගෙ වෛරයට පාත්‍ර වෙනවා.

    ReplyDelete
    Replies
    1. දුප්පත් ලංකාවෙ ශිෂ්‍යන්ට ප්‍රශ්න තියෙනවා //// ඇත්ත එය විස්ඳීම සඳහා මේ කරන වැඩ වලින් ශිෂ්‍ය ප්‍රශ්න වලට කවදාවත් විසඳුම් ලැබෙන්නේ නෑ

      Delete
    2. මෙවැනි ප්‍රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් උත්කර්ශයට පත් කිරීම වෙනුවට එහි ඇති හිස් බව , ඛේදවාචක බව සහ මුග්ධ බව පෙන්වා දීම මගින් අනාගතයේ බිලි බෝයිස් ලා බිහි වීම වලක්වා ගත හැකිය

      Delete
    3. /කැම්පස්වල නවකවදය ගැන වැඩියෙන්ම කෑගහන්නෙ ඔය කැම්පස් පැත්තෙ පස් පාගන්න බැරිවෙච්ච පුඟුලො තමයි/ මටත් ඔයි සැකය තියනවා, සංසෝදන සහිතව මෙන්න මෙහෙම “නවකවදය තදින්ම විවේචනය කරන්නේ බේසික් එක කරන්න ලංකාවේ කැම්පස් වල පස් නොපාගපු උදවිය ද?“ කියා.

      Delete
    4. රොබට් මහත්තයෝ කැම්පස් වල උගත් අය විතරද උගතුන් වෙන්නේ උගතා කියන්නේ උපාධියක් ගත්ත කෙනාටද ලෝකයේ පලවෙනි කැම්පස් එකේ වයිස් චාන්සලර්ට උපාධිය දුන්නේ කවුද

      Delete
    5. විශ්ව විද්‍යාලයක උගෙනුම ලැබූ උගතෙකු කියන්නේ මෙවන් වූ උද්දච්ච මානසිකත්වයකින් අනුන් පහත් කර සලකන එකටද?

      Delete
  10. 1971 දී, මා සමග ජවිපෙ ක්‍රියාකාරකම් වල යෙදුනු අයගෙන් බහුතරය, සමාජයේ පහත් යයි සම්මත කුලවලට අයත් අයයි. කෑගල්ල දිස්ත්‍රික්කයේ, පහත් කුලවල අය වාසය කරන්නේ යයි සම්මත ගම් ප්‍රදේශ වලින්, බොහෝ දෙනා සම්බන්ධ වී සිටියා.

    උතුරේ කුල භේදය, අපිට වඩා ඉතා ඉහල මට්ටමකින් පවතිනවා. පහත් යයි සම්මත කුලවල අය, LTTE සංවිධානයට බැඳී, සිය ආධිපත්‍යය, උසස් කුලවල අයටත් පෙන්වීම, ඔවුන්ගේ දැඩි වෛරයට හේතු වුණා. මේ නිසා, උසස් යයි සම්මත කුලවල අය, එවකට වවුනියාවේ පිහිටි, මහජනතාව උතුරට යාම සහ උතරේ සිට පැමිණීම පාලනය කෙරෙන මුර කපොල්ලෙදී, ස්වේච්ඡාවෙන්, ඉතා වැදගත් ඔත්තු දුන්නා LTTE සංවිධානය පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. ඔබගේ කතාව ඇත්ත කෑගල්ල පොලිසියේ නිලධාරීන් 71 කැරැල්ල ආරඹ්හ වූ කාලයේ එය හැඳින්වූයේ "පදු කැරැල්ල "නමින් එසේම ප්‍රභාකරන් ද්‍රවිඩ කුලහීනයන්ට (උදා තමිල් සෙල්වම් , බාල්‍ රාජ්) සංවිධානයේ ඉහල තනතුරු දීම මගින් ඔවුන් ගේ බැතිමත් භාවය ලබා ගත්තා

      Delete
  11. මෙවන් වූ කරුනු සහිත ලිපි වඩා ප්‍රභල මාධ්‍ය ඔස්සේ නිතර සාකච්චාවට බඳුන් විය යුතුයැයි සිතනවා. කිහිප දෙනෙකු ගැවසෙන බ්ලොග් තුලින් නොවෙයි, වඩා පුළුල් මාධ්‍ය ඉඩක් මෙවන් වූ ලිපි වලට ලැබිය යුතුයි.
    මෙවන් වූ අවාසනාවන්ත නැගිටීම් ඒ තුල වූ මුලා කොට නොමග යැවූ තාරුන්‍යය, අනුන්ගේ බර දරා තමන්ගේ බලා පොරොත්තු කැප කරන අහින්සකයින් නැවත බිහි වීම වැලැක්වීමට වදනකින් හෝ දායක වීම ජාතික යුතුකමක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රභල මාධ්‍ය කතා කරන්නේ විශ්ව ශක්ති , නැකැත් , වාස්තු විද්‍යාව උලුඅස්ස තිබිය යුතු දිශාව වගේ දේවල්

      Delete
  12. කුළ පීඩනය නිසා කවරෙක් හරි අරගලයට සම්බන්ද වුනා නම් ඒක වැරදිද? විජේවීර ඒක පාවිච්චි නොකලා නම් තමයි වැරදි. කුළ බෙදීම් කියන එක එන්නේ,අදාළ කර්මාන්ත හෝ සේවා වලට අනුවයි.හොදින් සොයා බලන්න 71 අරගලයෙන් පසුව කුළ බෙදීම් වලට තිබුණ වැලිඩ් එක නැතිවෙන්න පටන් ගන්නවා.මෙතැන පොර ටෝක් දෙන බොහොමයක් දෙනාගේ ආච්චිලා සීයලා ,වලව්වේ හාමු එනකොට ලේන්සුව අතට අරන් අගලට බැස්ස අය.වචනයේ පරිසමාප්තියෙන්ම වහල්ලු වගේ හිටියේ .සමහර ග්‍රාමීය ප්‍රදේශවල තාමත් ඉතිරි වුණ ලක්ෂණ තියෙනවා දකින්න. එහෙම බැලුවම ඇමරිකාව වහල් බවින් මුදවපු ඒබ්‍රහම් ලින්කනුත් මෙයාලට අනුව පිස්සෙක්. ලාංකීය වහල්කම් වල ඇති දැඩි භාවය නිසා විජේවීරගේ අරගලය පරාජය වුනා.ඒක විජේවීරගේ වැරද්දක්ද, සබක්කුව සහ පිඩකයාගේ සපත්තුව තදින් වැළඳගෙන ඉන්න වහලාගේ වැරැද්ද ද? vajira yapa

    ReplyDelete
    Replies
    1. කුළ පීඩනය නිසා කවරෙක් හරි අරගලයට සම්බන්ද වුනා නම් ඒක වැරදි නැත​. නමුත් අරගලයේදී JVP kedarayan කල ම්ලේච කටයුතු පිලිබඳවයි විවේචනය තියෙන්නේ. අරගලයේ අරමුණ හොඳ වූවත් එය ක්‍රියාත්මක කල ආකාරය පිලිබඳවයි විවේචනය තියෙන්නේ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook