Friday, June 24, 2016

පොනී ගේ කලිසම


පොනී අපගේ කෙඩෙට් කන්ඩායමේ සාජන් විය​. පොනීට පෙර සුභසිංහ , රුවන් කුලතුංග ( වර්තමානයේ ජෙනරාල් වරයෙකි) සහ නානායක්කාර සාජන්වරු වූහ​. නමුත් සාජන්වරයෙකු ලෙස පොනී ගේ චරිතය මට කිසිදා අමතක නොවේ. 

බාලදක්‍ෂයෙකු ලෙස වසර ගනනාවක් ලෙස ලැබූ පුහුණුව නිසා මම සීරුවෙන් සිටියේ කෙඩෙට් භටයෙකු ලෙස නොව බාලදක්‍ෂයෙකු ලෙසටය​.   මේ නිසා පොනීට අසූ හාරදාහට නගී " ඕයි ඉන්නවා ඔෆ් කෝස් එකේ පපුව ඉස්සරහට දාලා " ඔහු මට කෑ ගසයි. 

ඒ කාලයේ කෙඩෙට් කන්ඩායම භාර ආචාරියවරයා වූයේ කරුනාරත්න සර් ය​. කාලවර්ණ කරුනාරත්න සර්ට කොල්ලෝ බිය වූහ​. හිටි හැටියේ පන්තියට කඩා වදින කරුනාරත්න මහතා මුලින්ම කොල්ලන් ගේ කරවල් චෙක් කර මාල ගලවා දමයි. සුර දාගෙන ඉන්න කොල්ලන් සර් හමුවේ බැගෑපත් වී   බලගතු සුර බේරා ගනිති. යකඩ මාල දාගෙන සිටි කොල්ලන් සර්ට සිතෙන් බනිමින් මාල ගලවා දෙති. ඉන් පසු පන්තියේ පුෂ්ටිමත් කොල්ලන් තෝරාගෙන ඔවුන්ට කෙඩෙට් පුහුණුව හෙවත් අනිවාර්‍ය යුද සේවයට ඒමට නියම කරති. 

මා නම් කෙඩෙට් කන්ඩායමට ගියේ ස්ව කැමැත්තෙනි. ඒ නිසා කරුනාරත්න මහතා මා සමග ශේප් ය​. නමුත් පොනී මට බුරාගෙන පනී. 

ඕයි කෙලින් ඉන්නවා ඕයි ... වම් මූලික නොසැලෙන් , පෙර පෙලේ සෙස්සන් දෑත් විහිදා පෙල... සදන්... පොනී ගේ කට හඞ පිට්ටනියේ ගිගුම් දේ. 

" ඕයි ඔයි භූතයා .. මොනාද ඕයි කරන්නේ හරියට කකුල ගහලා මාච් කරනවා ඕයි. පොනී නියෝග දේ. 

කෙඩෙට් කන්ඩායමේ සිටින මම , එරාජ් , ජයානන්ද , රණසිංහ , දෙමටම්පිටිය ,වීරකෝන් ආදීන් දාහඩිය දාගෙන මාච් කරන්නෙමු. මාච් කරන අතර තුර සිනහවක් ගියහොත් පොනී ගෙන් සත්තමය​. 

රණසිංහ සෙමන් යමක් කියා අපව සිනා ගස්වයි. සිනාවේදී මට බ්රේක් නැත​. පොනී මාව බෙල්ල මුලින් අල්ලාගනී. ප්ලැටූන් එකේදී සිනහසීම බරපතල වරදකි. ඔහු මට ඩිප්ස් විසි පහක් ගැසීමට නියම කරයි. ග්‍රවුන්ඩ් එකේ වට දහයක් පමණ දුව ගොස් ව්‍යායාමද කර සිටි මම අසීරුවෙන් පොනී ගේ නියෝගයට අවනත වෙමි. 

කෙඩෙට් කන්ඩායමේ වැඩ වලින් පසු පොනී ඒ වේශයෙන් මිදී යලිත් මිතුරු පොනී බවට පත්වී අප සමග කවටකම් කරයි. 

පොනී මට වඩා ඉහළ පන්ති දෙකක සිටියේය​. ඔහු කරාටේ ක්‍රීඩාවට ද ලොල් විය​. වරක් පන්තියේදී පොනී බෑක් කික් එක ගසන අන්දම පෙන්වන්නට ගිය අතර පා පහරත් සමගම පොනී ගේ කලිසමේ පසුපස බරාස් ගා ඉරුනේය​. ඒ වන විට පාසල තවමත් පටන් ගෙන නොතිබූ බැවින් පොනී කලිසම ගලවා මිතුරෙකුට දී පාසල ඉදිරියේ තිබෙන ටේලර් ශොප් එකෙන් ඉරුණු කලිසම මහගෙන එන ලෙස කීවේය​. ඉක්බිති ඔහු පන්තියේ පසුපස පේලියට ගොස් පුටුවක වාඩිවී සිටියේය​. 

මේ අතර මිතුරා ඉරුණු කලිසම මහගෙන පන්තියට ආ නමුදු කොල්ලන් කලිසම් පොනීට නොදී එය පාස් කළහ . පොනී කලිසම ඉල්ලා බැගෑපත් විය​. නමුත් කොල්ලන් පොනීට කලිසම නොදුන්හ​. ​ මේ අතර පන්තිය ආරම්භ වන බෙල් එක වැදී පන්තිභාර ගුරුවරිය පන්තියට ආවේය​.  ළමුන් සියලුම දෙනා නැගිට ගුරුවරියට ආයුබෝවන් කීවද පොනී පමණක් පුටුවෙන් නැගිට්ටේ නැත​. මේ නිසා ළමුන් හිතා මතාම හැරි හැරී පොනී දෙස බලන්නට වූහ​. 

" මේ ළමයා මොකද ඉඳගෙන නැගිටිනවා ගුරුවරිය සැර දැමුවේය​. පොනී අසීරුවෙන් මෙන් නැගිට්ටේ‍ය​. ඒ සමගම ළමුන් සූ සූ ගා සිනාසුනෝය​. මින් විළියට පත් පොනී පන්තිය අසල තිබූ වැසිකිලියට දිවේය​. එදා පොනී ඇඳ සිටියේ කෙඩෙට් භටයන්ට ඔහු රෙකමදාරු කරන පටි වවුලෙකි. මේ නිසා අත් දෙකෙන් පස්ස වසාගෙන පොනී වැසිකිලියට දිව්වේය​. 

 ප.ලි: අපගේ කෙඩෙට් කන්ඩායමේ සාජන් වූ පොනී හෙවත් ෆොන්සේකා පාසල් අධ්‍යාපනය හමාර වීමෙන් දෙවන ලුතිනන් කෙනෙකු ලෙස හමුදාවට බැඳුනේය​.   වඩමාරච්චි ක්‍රියාන්විතයේදී ස්නයිපර්වරයෙකුගේ වෙඩි පහරකට ලක් වී ඔහු මිය ගියේය​. 

23 comments:

  1. අපේ කාලෙ කැඩෙට් කන්ඩායම භාරව හිටියේ ලෝරන්ස්(කෙමෙස්ට්‍රි කරපු) සහ ධනංජය සර්ලා දෙන්නා වගේ මතකයි.පස්සේ කාලේ ලෝරන්ස් සර් හමුදාවටම ගියා.මතක හැටියට බ්‍රිගේඩියර් හෝ ඉහල.ලඟදී පෙන්ශන් ගිය රවි මායාදුන්නේ අපෙ පංතිවල.

    ReplyDelete
    Replies
    1. ලෝරන්ස් සහ ධනංජය සර්ලා මට මතකයි. ලෝරන්ස් සර් සී වී එෆ් එකේ හිටියා

      Delete
    2. http://www.infolanka.com/news/IL/740.htm

      Delete
  2. අප පංතිවල සිටි කැඩෙට් බටයන් කිසිවෙකුත් උසස්පෙළ කඩඉම පසු නොකළහ...

    ReplyDelete
    Replies
    1. කැඩෙට් බටයන්ට ඉගෙන ගැනීමට වෙලාවක් නෑ . ඒ නිසා මම උසස් පෙළ ආපු හැටියම අයින් උනා. මාස ගානක් සී සී එම් පී වගේ කරුණාරත්න සර් මාව හොයාගෙන ආවා , මම ඉබ්බා වෙලා බේරුනේ

      Delete
    2. 1977 සීනියර්ටි කෙඩෙට් අයගෙන් හමුදාවට නොගියේ අතුල ජයසේකර හා පන්ඩුල උදයශාන්ත පමණි. මා ඇතුලු බොහෝ අය කෙසේ හෝ උපාධියත් ලබා පශ්චාත් උපාධිත් ලබා ගත්හ.

      Delete
  3. Replies
    1. මේ වෙන පොනී කෙනෙක්

      Delete
  4. උනන්දුවම ටාගට් එකක් කලාද

    ReplyDelete
  5. කැඩෙටින් ද, රැගින් ද?

    ReplyDelete
  6. පොනී කිව්වාම මම හිතා හිටියෙම වෙන කෙනෙක් ගැන.

    ReplyDelete
  7. කැඩට් රූම් එකේදි කම්මුල් පාරවල් එහෙමත් නොසෑහෙන්න කන්න ඇති එහෙනම්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. නෑ මට එකෙක්වත් අත උස්සන්න ආවේ නෑ

      Delete
  8. honda atheeta mataka samarum......... sundarai

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook