Monday, June 12, 2017

පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ අපවත් වූයේ Smallpox නිසා ඇතිවූ Septic shock තත්වයෙන් ද ?

Image result for පූතිගත්තතිස්ස



 පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුවෙහි දී උන්වහන්සේ ගේ ශරීරයෙහි කුෂ්ඨ රෝගය පැතිර ගිය ආකාරය විස්තර වන්නේ පහත පරිදිය. ‘ කෙසේ ඇති වී ද යත් - හබ සා විතර සීන් කස් ඇතිව ලා පසු ව මුං සා ව , පසුව මෑ ඇට සාව, පසුව ඇඹුල සාව,පසුව බෙල් සාව,ලා පැසී ගොසින් පැළී සිල්වන්ට වන. සියල් සිරුර වේයන් කෑ පරඩැල් පතක් මෙන් සිදුරු විසිදුරු විය. එවක් පටන් ඵූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ යයි ප්‍රසිද්ධ වූ සේක. පසුව දවස් ගණනකින් ඇටත් බිඳින. බැලීමටත් අක්ෂම වූ සේක. හඳනා පොරෝනා සිවුරු පූයා හා ලේයෙන් වැකී පුස්කා ගිය පැණි කැවුම් සේ විය. ශිෂ්‍ය වහන්දෑත් බැලිය නොහී අත්හල සේක. උන් වහන්සේ ද කිසි පිහිටක් නැතිව මඤ්චපරායනව හොත් සේක.’ (සරච්චන්ද්‍ර, විජිතානන්ද, 2014. පි.අ. 340 )  මේ අනුව පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ අපවත් වූයේ Smallpox  (වසූරිය) නිසා ඇතිවූ Septic shock  (පූතික කම්පනය ) තත්වයෙන් බව උපකල්පනය කල හැකිය.

වෛද්‍ය රුවන් එම් ජයතුංග 
 

12 comments:

  1. යෙහෙව්වා කියලා තියෙනවා
    උඹලාගේ එකෙක්ගේ ලෙඩ බැලීම මගේ ලෙඩ බැලීමට සමානයි කියලා.
    ඉහත සිද්ධියේදී බුදුන් කිව්වා.
    ලෙඩෙක්ට සැලකීම මට සැලකීම හා සමානයි කියලා.
    ඒ කියන්නේ බයිබලය හදලා තියෙන්නේ බුද්ධාගම කොපි කරලා.
    ජේසු කියන්නේ ලාමා කෙනෙක්ගේ පුනරුප්පත්තියක්.

    ReplyDelete
  2. ඒ දවස්වල අද අප නොදන්නා ලෙඩ තියෙන්න ඇති.

    ReplyDelete
  3. හ්ම්ම්ම්..
    කියන්න බෑනේ ඉතිං නෙහ්.
    වෙන ජාතියක අපි දන්නෙ නැති එකද්ද කියල

    ReplyDelete
  4. සමහර විට ඒ කාලේ තිබුන සුලු රෝගයක් අවුරදු 2500ක සාහිත්‍ය ඈම්ප් වලට අහුවෙලා පොඩි ගෙඩි බෙලි ගෙඩි වුනා වෙන්න ට පුලුවනි.

    ReplyDelete
    Replies
    1. ඒකත් වෙන්න පුලුවන්

      Delete
  5. අතීතය කරමත දරාගෙන
    කිම සැරිසරනු සොහොයුර
    අමතකද බුදු වදන
    වඩා පල දෙතැයි වත්මන යන

    ReplyDelete
  6. "පූතිගත්ත" තෙරුන්ගේ ඒ නමට පූතික කම්පනයෙහි "පූතික" යන්න සමග සම්බන්ධයක් ඇතුවා වත්ද? නැතිනම් පුදුම සහගත අහම්බයක්ද? පූතිගත්ත.... පූතික! ;-)

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook