Friday, June 9, 2017

මෙරිල් ගේ ආතල්

 


මෙරිල් ගේ ආතල් නිසා අප  අමාරුවේ වැටුනේ වරක් දෙවරක් නොවේ. මෙරිල් සමග සිටින්නෝ අවදානම් ගන්නෝය​. එහෙත් මෙරිල් කරන කියන වැඩ නිසා අපි නිතරම සිනාවෙන් සිටියෙමු. 

ඕපීඩී එකේ සිටින විට එක් ඇටෙන්ඩන්වරයෙක් නිතරම අතන රුදාව මෙතන රුදාව කියමින් බෙහෙත් ගැනීමට එන අතර ඕපීඩී වෛද්‍යවරුන්ට මොහුව මහත් ඇණයක් විය​. වරක් මොහු බෙහෙත් ගැනීමට ආවිට මෙරිල් මේ බෙහෙත ගන්න කියා Akapuran 20 mg bd යන බෙහෙත් තුන්ඩුව  දුන්නේය​. ඇටෙන්ඩන්වරයා ඩිස්පැන්සරියට බෙහෙත් තුණ්ඩුව ගෙන ගිය අතර ඩිස්පැන්සරියෙන් මේ බෙහෙත නැතැයි කීවේය​. එවිට ඔහු බෙහෙත් තුණ්ඩුව ගෙන පුද්ගලික ෆාමසි වලට ගිය මුත් කිසිවෙකු මේ අරුම පුදුම බෙහෙත ගැන දැන සිටියේ නැත​. අවසානයේදී මේ බෙහෙත් තුණ්ඩුව කියවූ මේල් නර්ස් කෙනෙක් ඇටෙන්ඩන්වරයාට බෙහෙතේ වග කීවෙන් ඉන් පසු ඔහු මෙරිල් ඉන්න පලාතකටවත් නාවේය​. 

ඕපීඩී එකේ සිටියදී සමහරක් විට විවිධ රෝහල් වලින් දොස්තරලා හෙදියෝ කතා කරති. " අනේ අපි දන්න කෙනෙක් දෙකේ වාට්ටුවට ඇතුළු උනා එයාගේ තත්වය බලලා කියන්න පුලුවන් ද ? කියා ඔවුන් අසති. එවිට අප වැඩ පාළු කරගෙන අදාල වාට්ටු වලට ඉන්ටර්කොම් දුරකථනයෙන් වාට්ටු වලට කතා කොට රෝගියාගේ තත්වය අසන්නෙමු. සමහර විට ඉන්ටර්කොම් එක වැඩ නොකරයි. එවිට අපට අදාල වාට්ටුවට යන්නට සිදු වෙයි.  මේ සඳහා වේලාව ගත වන නිසා මෙවැනි දුරකථන පණිවිඩ කරදරකාරී දුරකථන පණිවිඩ ලෙස අප සැලකුවෙමු. එහෙත් මෙරිල් මේ දුරකථන පණිවිඩ වලට නොසැලුනේය​. එවැනි ඇමතුමක් ඔහුට ආ විට අප මෙන් ඉන්ටර්කොම් දුරකථනයෙන් අදාල වාට්ටුවට කතා කොට විස්තර ගන්නවා වෙනුවට ඔහු මෙසේ කියයි. " අනේ මිස් ඒ ලෙඩා අද උදේ නැතිඋනා නේ" 

මෙරිල් මෙසේ වගක් විභාගයක් නොමැතිව ලෙඩුන් මරණ නිසා මම ඔහුට බැණ වැදුනෙමි. : "උඹ මාර වැඩනෙ කරන්නේ ; දැන් ඒ මිනිස්සු බොරුවට කලබල වෙයි "  

මෙරිල් ගේ උත්තරය සරලය ; ඉතින් උන්ට එච්චර ඇම්මක් ලෙඩා ගැන තියනවා නම් උන් අපිට වැඩ පවරන්නේ නැතිව උන්ම ඇවිත් ලෙඩා බැලුවනම් ඉවරනේ. 

ඔහුගේ පිලිතුරට මම නිරුත්තරය​. 

වරක් මාළු ලෙල්ලම පැත්තෙන් තඩි කළු මහත ගැහැනියක් බෙහෙත් ගැනීමට ආ අතර ඇය මෙරිල් වෙත ගොස් මගේ ඇඟ රිදෙනවා කීවාය​. මෙරිල් එතරම් වගක් නොගෙන " මොන ඇඟද ?  කියා ඇසුවේය​. මෙය ඇසූ මාගම චීත්තය තද කර ගනිමින් " මොන ... අහනවද මන්දා"   කියා බාහිර රෝගී අංශය දෙවනත් කිරීමට ගිය අතර වෙනත් වෛද්‍යවරයෙක් මැදිහත් වී    " ඒ මාතියාට ෂිංගල එච්චර තේරෙන්නේ නේ " කියා  දෙමල පාට් එකක් දමා  මාළු වෙලෙන්දියව සන්සුන් කලේය. 

7 comments:

  1. මාළු වෙලෙන්දියගෙන් හොද සුද්ද සිංහල ශබ්දකෝෂෙම අහගන්න ඇති.

    ReplyDelete
    Replies
    1. තව පොඩ්්ඩන් ජන ගායනා කරනවා

      Delete
  2. අම්ම්ටසිරි. !!! 😳.. ඩොක්ට. ඔබේ මෙරිල් මිතුරා ගේ ජෝක් නම් ඇති බයානකයි. 2016 වසරේ download festival එකේ මැරිලින් මැන්සන් ගේ ෂෝ එකට විශේෂ ආරක්ෂාවක් වගේම විශේෂ මත්ද්‍රව්‍ය නාශක නිලදාරීන් හිටිය පරික්ෂාවට. මම සහ මගේ මිතුරන් වූ ස්කොට්ලන්ත ජාතික මිතුරන් සහ මිතුරියන් අපි පෝලිමේ ඉන්න ගමන් අපි කෑම්ප් සයිට් එකෙන් ගෙනා බියර් බිබී පදමට වෙරි වුණා.

    ආරක්ෂක නිලදාරීන් මම පරික්ෂා කරන වෙලේ මම හිනා මුසු මුහුණෙන් හිටි නිසා මගෙන් කිහිප සැරයක් ඇහුව ඒ මොකද කියල?

    මම කිව්ව "අයිම් හයි ඔන් ක්‍රිස්ටල් මෙත් ඇන්ඩ් අයි ගොට් මෙත් ඈස් වෙල්" කියල.

    ජෝක් එක කොච්චර දුර ගියාද කිව්වොත් ඩොක්ට, උං මාව ස්ට්‍රිප් සර්ච් කරල මාව තව පරික්ෂාවට මත්ද්‍රව්‍ය නාශක නිලදාරින්ටත් යැව්ව. කොහොමහරි කරුණු පැහැදිලි කරල ෂෝ එක පටන්ගන්න කලින් ප්‍රශ්නෙන් ගැලවුණා...

    😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. ) wow මැරිලින් මැන්සන් , මැරිලින් මැන්සන් ගැන මගේ කෙටි කතාවකත් තිබ්බා හිමවතිය ( https://transyl2014.blogspot.ca/2015/05/blog-post_4.html)

      2) මෙත් ගැන කිව්වා කියන්නේ ඉල්ලගෙන බඩු තමයි

      3) ඔබ ෆේස් බුක් ඉන්නවද ? මොකක්ද නම

      Delete
    2. 1) ඔබගේ ඒ කෙටි කතාවනම් ඔබගේ සාමාන්‍ය ලිවීමට ටිකක් එහා ගිය මසුරං කතාවක්. ඔව් මරිලින් මැන්සන් කියන්නෙ රසිකයන් අදහන පුද්ගලයෙක්. මම ගිය ෆෙස්ටිවල් එකට මැරිලින් ආවෙ "අයිස් ටී" කියන තවත් රැප් ගායකයෙකු සමග. ඔව් ඔහුගේ සංගීතය ගෝෂාකාරීයි. ප්‍රචණ්ඩත්වය, ආවේගය පතුරනව. නමුත් ඔහුගේ සංගීතය, සංගීතයක් විදිහට රස විඳින මට ඉන් එහාට වැඩක් නැහැ. සංගීතයත් හරියට ආගමක් දර්ශනයක් වගෙයි ඩොක්ට. ඒ ආගම දර්ශනය විදිහට යහපත්ව ජීවත් වෙන්නත් පුළුවන් වගේම ඒ ආගමේ දර්ශනයේ නාමයෙන් මිණී මරන්නත් පුළුවන්.

      2) 😂😂😂 මගේ යාළුවො තවම ඔය සිද්දිය මතක් කරල හිනා වෙනව ඩොක්ට. ලංකාවේ උනානං මෙලහකට පොලීසියෙන් මට මෙත් දාල නඩුවක් හදල මෙලහකට ඇතුලෙ මදුරුවො ගණන් කරනව.

      3) නෑ ඩොක්ට. මම ෆේස් බුක් එක ඩියැක්ටිවේට් කරල අවුරුදු දෙක තුනක් වෙනව. හේතුව ඉතිං මගේම සම-හරක් යහළුවන් උදේ හවස ශෙයා කරන ආගම් සහ ජාති වාදය. ඕව බලන්නයි, උන්ට දේවල් තේරුම් කරල වැඩකුත් නැති නිසයි ෆේස් බුක් එක වහල දැම්ම.

      මගේ නම ටිලාන්. එත් ඉතිං ගෙදර අය කතා කරන්නෙත් ටික්ක කියලම තමයි ඩොක්ට. 😂

      Delete
  3. //මෙරිල් එතරම් වගක් නොගෙන " මොන ඇඟද ? කියා ඇසුවේය//

    ඇත්තටම මොන ඇඟ ද ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook