Sunday, June 18, 2017

ගංජා පානය සහ මානසික සෞඛ්‍ය



මේ දින වල ගංජා පානය සහ මානසික සෞඛ්‍ය ගැන පත්‍රිකාවක් මම Dr. Monday Igwe - Lecturer/Head of Department in Department of Psychological Medicine Faculty of Medicine College of Health Sciences Ebonyi State University, Abakaliki Nigeria සහ Dr M.U.P.K.Peris MBBS, MD(Psych), FSLCPsych, MRCPsych Head and Senior Lecturer in Psychiatry - Faculty of Medicine, University of Kelaniya Sri Lanka Consultant Psychiatrist - North Colombo Teaching Hospital, Ragama Sri Lanka සමග ලියමින් සිටිමි. මේ ගැන ඔබලාගේ අදහස් මොනවාද ? ගංජා විනාශකාරීද ? තහනම් කල යුතුද ? 

37 comments:

  1. අපට ගස් දෙකක් වවා ගැනීමට "අවසර" තියනවා!

    ReplyDelete
    Replies
    1. never knew about that law in Aus

      Delete
    2. කැන්බරා පැත්තේ එන්න හිතෙනවා එහෙනම්. මා නම් කිසි දිනක රස බලා නෑ!

      Delete
    3. ???

      Penalties in the ACT

      The severity of penalties for drug use or possession is ultimately at the discretion of the courts, however the following is a guide to the penalties that may be handed down. Life sentences can be given for the most serious offences.

      Cannabis
      With respect to cannabis in the ACT, it is illegal to:
      administer it to someone else
      possess any quantity of it
      cultivate or be involved in cultivating any quantity of it
      sell or supply any quantity of it.

      Penalties start at $100 fines for simple cannabis offences, and range up to $250 000 fines and life imprisonment for more serious cannabis offences.

      https://www.police.act.gov.au/safety-and-security/alcohol-and-drugs/drugs-and-law

      Delete
    4. It is a bit complicated issue Rasika.

      ACT (Australian Capital Territory) – I find it incredibly ironic that the state which contains our Parliament House has had the most relaxed form of our cannabis laws for the past 18 years. The lowdown is possession of up to two non-hydroponic cannabis plants, or up to 25 grams of marijuana (cannabis plant material) receives a $100 fine with 60 days to pay instead of a criminal charge. Instead of paying the fine, the person may choose to attend a drug assessment and treatment program. (http://www.responsiblechoice.com.au/cannabis/cannabis-law/)

      Delete
  2. වසර 300කට පෙර යුරෝපීය විද්‍යාඥයෙක් නාවිකයන්ට වැළඳෙන ශීතාදරෝගය ගැන අධ්‍යයනයකරනවා.
    නාවික වාර්තා ඇසුරින් ඔහු කල්පිතයක් ගොඩනගනවා, යුරෝපයෙන් සැතපුම් 1000කට වඩා දුර ගැඹුරු මුහුදේ ජලය නිසා ශීතාද රෝගය වැළඳෙනබව. එය නිරීක්ෂණවලින් 90%කටම එකඟයි.
    එහෙනම් යුරෝපයෙන් සැතපුම් 1000කට වඩා දුර ගැඹුරු මුහුදේ ජලය නිසා ශීතාද රෝගය වැළඳෙනබව විද්‍යාත්මකයි.

    ReplyDelete
    Replies
    1. //එහෙනම් යුරෝපයෙන් සැතපුම් 1000කට වඩා දුර ගැඹුරු මුහුදේ ජලය නිසා ශීතාද රෝගය වැළඳෙනබව විද්‍යාත්මකයි.//

      මෙය වැරදි අදහසක්. මෙය ඇත්තටම විද්‍යාත්මක නොවන නිගමනයකට හොඳ උදාහරණයක්. විද්‍යාවේදී තබා අඩු වශයෙන් ජ්‍යෝතිෂයේදීවත් මෙවැනි නිගමන වලට එළැඹෙන්නේ නැහැ. A සහ B යන සංසිද්ධි දෙක හැම විටම එක වර සිදුවන බව නිරීක්ෂණය කළ හැකි වුවත් එයට අදාළ විද්‍යාත්මක නිගමනය පහත සඳහන් ඕනෑම එකක් විය හැකියි.
      (1) A හේතුවෙන් B සිදුවන බව
      (2) B හේතුවෙන් A සිදුවන බව
      (3) C හේතුවෙන් A හා B සිදුවන බව
      (4) A සහ B එක වර සිදු වීම පැහැදිලි කිරීමට හඳුනාගත් හේතුවක් නැති බව.

      සංසිද්ධි අතර ඇති associations හා correlations වලින් causalities වෙන් කර හඳුනා ගැනීම විද්‍යාත්මක ක්‍රමයේ මූලික අවශ්‍යතාවයක්. එය හරියට කිරීම සඳහා පුහුණුවක් අවශ්‍යයි. (1) හා (2) ආකාරයේ නිගමන වලට වුවත් හරියටම එන්න බැරි නිසා තමයි 90%ක හෝ 95%ක නිරවද්‍යතාවයකින් යුතුව ලෙස සඳහන් කරන්නේ. විද්‍යාත්මක ක්‍රමය යනු මේ නිගමන පරම සත්‍ය ලෙස පිළිගැනීම නෙමෙයි. විද්‍යාව ඇදහිල්ලකින් වෙනස් වන්නේ ඒ නිසා.

      Delete

  3. ඩොක්ටර්,

    ගංජා කියන්නේ සිංහල වෙදකමේ ඉතා වටිනා බෙහෙත් ලෙසයි දක්ෂ වෙදමහතුන් කීපදෙනෙක් ම ප්‍රකාශ කලේ අදත් මෙම සිංහල වේදමහතුන්ට නිතියානුකුලව දෙන ගංජා ප්‍රමාණය ඉතා සීමිතයි, මෙය විශ්මිත ඔසුවක් බව බටහිරින් කියන්න පටන්ගන වැඩි දවසක් නෑ මම හිතන්නේ ඔබ මෙය ප්රික්ක්ෂණයට යොමුවෙන්න හේතුව එක තමයි.

    ගංජා වල අද ලෝකයේ දකින වැදගත්කම ඔබ කියල නෑ සරලව කිව්වොත් ඉතා හානිදායක බටහිර ඔසුවලට වඩා ගංජා ඉතා ආරක්ෂා දායකයි
    https://www.youtube.com/watch?v=fOa_2Bc-lfY

    Israel තමයි මෙය විශාල ලෙස වගා කරන්නේ
    https://www.youtube.com/watch?v=p2r-sg6SfUw

    පසුගිය කාලයේ මෙවැනි ප්‍රතිකාර 200 සිට 14000 දක්වා වැඩිවී තිබෙනවා.

    අනෙක් කාරණය තමයි මේ ප්‍රතිකාර වලට ඔවුෂද සමාගම් එච්චර් කැමති වෙන්නේ නෑ ඔබ ඔය පළවැනි යුටියුබ් clip එක බැලුවනම් තේරෙයි අතිවිශාල පෙති ප්‍රමාණයක් පාවිච්චි කල කුඩා දරුවා අදාළ ගංජා පාවිච්චිය නිසා ඔහුගේ අසනීපය පාලනය කිරීමට හැකි වෙනවා. ඔබ ටිකක් හිතන්න මෙයින් ඔවුෂද සමාගම් වලට වාසිද පාඩුද ?

    මෙනිසා මෙයට විරොදයක් දක්වන්නේ මේ සමාගම් ම තමයි නමුත් අදලෝකයේ දැනුම වේගයෙන් ගලායන නිසා යම් යම් තැන්වල මේ බෙහෙත පාවිච්චි කරනු ඇති

    ReplyDelete
    Replies
    1. මෙහි ප්‍රතිකාරාත්මක භාවය ගැන තොරතුරු අධ්‍යනය කරනවා

      Delete
  4. As far as I know people smoke weed do not have side effects smokers and drinking community has. its cheap and does not take time to consume. however I have noted that few people i know to have gone permantantly mad have known to use ganja, but there could be other substances they have used along with ganja, again another person i know is childless and people say cz he smokes weed but I also know people who smoke weed heavily and still have children. in terms of side effects nothing permanent unless you get the small ganja geta on parts of ur face or hands. again for that also may be there are other factors. all in all weed seems to be a very nice of getting high that does not cause any trouble to any one, for an exxample people who smoke weed does not cause damage to the society by stealing to find money for weed unlike people who are addited to heroin. but people who steal may use weed as a way of getting high but bad acts usually are not cuased by smoking weed. bad people may smoke weed cz its really really fun and relaxes ur mind and not many good people have easy way of getting access to weed. you should also consider the reasons why weed was banned and identied as a dangerous substance by US

    ReplyDelete
    Replies
    1. // you should also consider the reasons why weed was banned and identied as a dangerous substance by US//

      Well in US this law is being relaxed !

      Delete
    2. they are the founding fathers of weed ban, and certain states medial marijuana is allowed but its not a federal government policy yet

      Delete
    3. I certainly I don't think this will be legal any time soon entire USA as there is heavy pharmaceutical lobbing, however there are 7 states that are being allowed medical cannabises.
      https://www.youtube.com/watch?v=OnptcowB_5o

      Delete
  5. තණමල්විල ප්‍රාන්තයට නම් තහනම එතරම් බල පැවැත්වෙන්නේ නැත!

    ReplyDelete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ඔන්න දොස්තර මහත්තයෝ ලෙඩෙක් ඇවිත් බෙහෙත් ගන්න...
      ඇනෝ ආව කියල බලන්න එපා, හැකිනම් ඔය මානසික ලෙඩේට බෙහෙතක් දෙන්න...

      Delete
    2. ඔය ලෙඩේට රත් කරපු ස්තිරික්කයක් ඔලුවට තියල වෝල්ට් 33000 කරන්ට් එක දිවට ඇල්ලුවහම හරි යනව.

      Delete
  7. ඩොක්ට. මම නම් කියන්නෙ ලංකාවේ ගංජා වැවීමේ සිට පානය කිරීම දක්වාම තහනම් කල යුතුයි. මොකද මේ තත්වය යම්කිසි ලිහිල් කිරීමක් හෝ කිරීම මගින් දේශපාලකයන් එම තත්වයෙන් සෑහෙන වාසි ලබාගැනීමට සුදානමින් ඉන්නව.

    නිකමට බලන්න නෙදර්ලන්තය. ගංජා යම්තාක් දුරකට නීතිගත උනත් එමගින් ඇතිවෙන ප්‍රචණ්ඩත්වය සෑහෙන දුරකට නැති තරම්. සංචාරක වුර්තියට සෑහෙන අදායමක්. අනික එමගින් රටේ සිස්ටම් එකට වෙන අවුලත් නැත්තටම නැති තරම්. මොකද මේ ඔක්කොම දේවල් එම රට කරල තියෙන්නෙ රටේ සිස්ටම් එකට එය එෆෙක්ට් එකක් වෙන්නෙ නැති විදිහට.

    අපේ රටේ ගංජා භාවිතය පවුල් ආරවුල් දක්වාත්, පාසල් ළමුන්ගේ ජීවිත කාලකන්නි කිරීම දක්වාත් තරුණයන් රැකියා විරහිත කර පාලම් බෝක්කු අතර සිමා කිරිමටත් ලංකාවේ ගංජා වලට හැකියාව ලැබී තිබෙන්නේ මේ වන විටත් එය තහනම් මත්ද්‍රව්‍යයක් ලෙස තිබියදීත්.

    අනික ලංකාවේ තවමත් දේශපාලනික හෝ ආර්ථික වශයෙන් හරි හමන් කිසිම සිස්ටම් එකක් නැති එකේ ගංජා නීතිගත කිරීමෙන් රට තවදුරටත් විනාශ වීමක් විනා සන්වර්දනයක් නව පැවැත්මක් බලාපොරොත්තු වෙන්න බැහැ. අනික ලංකාවේ හොඳ ගංජා වගාවක් තිබුනත් ලංකාවේ මිනිස්සු ගංජා කියල ගහන්නේ කේරළයෙන් එන කුණු ගොඩක්. මේ ගැන ගොඩක් කියන්න පුළුවන් ඩොක්ට. මම ලියන්න හිතාගෙන ඉන්නව "එංගලන්තේ මුස්ලිම් ආගම සහ මත්ද්‍රව්‍ය භාවිතය" කියල පොස්ට් එකක්.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ටික්කා,

      ගංජා කියන්නේ සිංහල රජ කාලේ ඉදල තිබුන දෙයක් මෙය තහනම් කරන්නේ සුද්දන් විසින්, අපේ ඉතිහාසයේ කොහෙවත් නෑ ගංජා ගහල පිස්සු නැටුව කියල, අනෙක් අතට දුම් බිමටත් මත්පැන් පානයටත් වඩා ගංජා පානය හානිකර බාවය අඩු බවයි දැන් නව පරීක්ෂණ වලින් හෙලිවෙන්නේ

      http://www.nbcnews.com/storyline/legal-pot/no-high-risk-marijuana-may-be-less-harmful-alcohol-tobacco-n312876

      Delete
    2. ලංකා. ඔබ කියූ දෙය 100% නිවැරදියි. ගංජා ගහල මිනී මැරුම් අනතුරු උනා කියල අහලත් නැහැ. ඒත් මම කියන්නෙ මේ සිරි ලංකාවේ ඕක නීති ගත කරනවා කියන්නේ රටේ දැනට තියෙන තත්වය අනුව වඳුරන්ට තුවක්කු දෙනව වගේ. මොකද රටේ කිසිම දෙයකට නියාමනයක් නැහැ.

      Delete
    3. අනික ලංකා, BOI එකෙන් ගංජා එක්ස්පෝර්ට් කරනව කියල අහල තියෙනව. එහෙනං ඇයි මේ හොරෙන් අල්ලන අක්කර ගණන් වගා කරපු කිලෝ 100-200 මහා වටිනාකමක් තියෙන ගංජා පොලීසිය හමුදාව මගින් ගිනිතියල විනාශ කරල දාන්නේ? ඇයි බැරි දේශීය ආයුර්වේද සංස්ථාවෙන් ඒවා මිලදී ගන්න හෝ ආයුර්වේද දොස්තරලට එයාලගේ වෙදකම් පර්යේෂණ වලට නොමිලේ හෝ මුදලට බෙදාහරින්න?
      රාජිත ත් කිව්ව නේද මේකට පර්මිට් විදිහට විසඳුමක් ගේනවා කියල? (අර ඖෂද ප්‍රතිපත්තිය වගේ 😂)

      Delete
    4. ලංකාව වගේ රටක නීතියේ පාලනයක් නෑ දේශපාලුවෝ උගේ හෙන්චයියෝ මේවා ඉස්කෝලවලත් විකුනයි

      Delete
    5. ඩොක්ට. ඔබ ඒක මෙහෙම කියල හරියන්නෙ නැහැ. ඒක ඔබේ ලිපිගොනුවෙ සඳහන් කරන්නත් ඕන. නැතිනම් අපි මෙහෙම ඔබගේ පොස්ට් වලට උත්තර බඳින එකේ වැඩකුත් නැහැ. (මෙහෙම කිව්වෙ අපි ලොකු උගත් මිනිසුන් නිසා නෙමෙයි. සමාජයේ පය ගහල අත්දැකීම් ගත්ත මිනිස්සු විදිහට)

      Delete
    6. අපේ පේපර් එකේ ගංජා වල ප්‍රතිකාරාත්මක පැත්තත් ලියවෙනවා ; ඔබ ෆේස් බුක් ඉන්නවාද ?

      Delete
    7. මම ෆේස් බුක් එකෙන් අතින් වෙලා දැනට වසර ගණනාවක්ම වෙනව ඩොක්ට.

      Delete
  8. ඔය මොනා කිව්වත් අදාල නැ අපිට! අපේ සල්ලි වලින් ගත්තා එතුවා ගැහුවා .....ඇයි අවුල්ද ?

    ReplyDelete
    Replies
    1. එතුවා ගැහුවා ...... ha ha ha

      Delete
  9. මිනිස්සු වර්ග දෙකකි
    (1) වහාම මත්ද්‍රව්‍ය වලට අධික ලෙස ඇබ්බැහි වන මිනිස්සු
    (2) ඉඳහිට මත්ද්‍රව්‍ය ගන්නා නමුත් එයට ඇබ්බැහි නොවන මිනිස්සු
    මම දෙවෙනි වර්ගයේ එකෙකි...බෝතලය කාමරයේ තිබේ...ඉඳහිට බොමි...මලක් පහසුවෙන් ලැබුනොත් ගසමි...ආතල්යැ !

    ReplyDelete
    Replies
    1. එකෙන්ම joint එකේ ආතල් එක වෙන එහෙකින් ගන්න බැ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook