Tuesday, June 6, 2017

බොනී තලේරත්න





බොනී තලේරත්න යනු 1980 දශකයේ මුල් කාලයේදී ඉඩම් ආරවුලක් මත නුගේගොඩ සුභද්ද්‍රාරාමයේ  විහාරාධිපති හිමියන්ට ගල්කිස්ස උසාවියේදී වෙඩි තබා මරා දැමූ පුද්ගලයාය​. 

බොනී තලේරත්න විහාරාධිපති හිමියන්ට උසාවි භූමියේදී වෙඩි තබා තුවක්කුව ඩිකියට දැමුවේය​. ඒ වහාම ඔහුව පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඔහුගේ නීතීඥ එර්ඩ්ලි පෙරේරා මහතා ඒ අවස්ථාවේදී ඔහු වෙත පැමින තම සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටියේය​. 

වෙඩි තැබූ තුවක්කුව රස පරීක්‍ෂක වෙත ඉදිරිපත් කෙරුනු නමුදු එම තුවක්කුව පත්තු නොවූ තුවක්කුවක් ලෙස වාර්තාවක් ඉදිරිපත් කරන ලදි. පසුව  බොනී තලේරත්න තම වාහනයේ ඩිකියේ තුවක්කු දෙකක් සඟවාගෙන සිටියාදැයි සැකයක් මතු විය​. 

කෙසේ නමුත් බොනී තලේරත්න සිද්ධියට වූයේ කුමක්ද කියා සඳහනක් නැත තාක්‍ෂනික හේතූන් මත ඔහු නිදහස් වූවා විය හැකිය.   

9 comments:

  1. සියලු දේ අතහැර
    මහණදම් පෙරුමට
    කැපඋන හිමිනමක්
    දරයි අධිපතිකම
    එක්තරා පන්සලක

    ඉනිඳු නොසිඳුන තෙර
    නඩුකියයි ඉඩමකට
    වඩිති අධිකරණයට

    චුදිතයෝද
    අත නොහැර
    පැමිණියෝ එම බිමට
    හරිම ජංජාලයකි
    අධිකරණ භුමියේ

    මහ හඬින්
    වෙඩි හඬක්
    ගිගුම්දේ
    වා තලය දෙදරවා
    තෙරණුවෝ ලේ විලක
    සතපවා

    දෙනෝදහක් අතරින්
    විරාජමානවූ
    කළු කෝට්කාරයෙක්
    ගනී චුදිත පැත්ත
    පෙනී සිට උන් වෙනුවෙන්

    නඩු බඩු පටලැවිල්ලක්
    තාක්ෂණ දෝෂයක්
    කුමක් වේවිද අනේ
    ඉරණමට නඩුවේ

    ඇසෙයි දුක් ගීතයක්
    අසල තේ කඩයකින්
    "කුමට එරට අධිකරණය
    නීතිය සහ විනිසුරන්!"





    ReplyDelete
    Replies
    1. "කුමට එරට අධිකරණය
      නීතිය සහ විනිසුරන්!"

      Delete
  2. පසුව තලයරත්නවත් වෙඩි තබා ඝාතනය කලා කියා මතකයක් තියෙනවා.

    ReplyDelete
  3. සියල්ලම අතහැර
    එතෙර වන්නට මෙසසර
    ගියත් එක විටකදි
    තෘෂ්ණාව නැත කෙලවර
    සැදැහැති නොවන ගිහියෙකු
    පිබිදිලා යටින් සිවුරට
    රැස් කරයි වතුපිටි උයන්
    දහමට පටහැනිව
    උසාවියෙ පොලීසියෙ
    නඩු ගොනු කිසිලි ගන්නා
    අකැප වන කාසියක්
    අතපත ගගා නිතරම
    නිතිය ඉදිරියේ
    නිවැරදි වෙන්න දත කන
    හිමි නමකි නමටම
    ලේ විලක සැතපී
    උසාවියෙ මල දවසේ
    ඉරණම විසඳුනේ හිමි නමගේ
    නඩු බඩු වික්ශිප්තව
    ඇස් අයා සිටිද්දී
    කලු ලෝගුවට යටින්
    පැන ආ තාක්ෂණ දෝෂයෙන්
    ගිලිහුනා වරදකරු
    කන්ද කෙන්දක් කරන
    කෙන්ද කන්දක් කරන
    නීතිය පසිඳලා යන
    විනිසුරන් සිටිනා රටක

    ReplyDelete
    Replies
    1. කවි ලියනා ලියන් වෙතයි .....
      අනේ මේවයෙත් කම්මැලි කවි හෑලි ලියන්න එපෝ ............
      ඒවාට වෙන බ්ලොග් අඩවි ඇතො ......

      Delete
  4. හෙන..... බොරින්...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook