හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය වන අතර 2016 වසරේදී මෙම විශ්ව විද්‍යාලයේදී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) පිලිබඳව දේශනයක් කිරීමේ විරළ භාග්‍ය මට හිමි විය. මෙම දේශනය මම පැවැත්වූයේ ලෝක පූජිත මනෝ වෛද්‍යවරියක් වන ජුඩිත් හර්මන් විසින් මූලාසනය උසුලන ලද සභාවකය. එය මගේ වෘත්තීය ජීවිතයේ ලැබූ ජයග්‍රහනයකි. මනෝ වෛද්‍ය ජුඩිත් හර්මන් ආකූල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය හෙවත් C - PTSD / Disorders of Extreme Stress Not Otherwise Specified (DESNOS) පිලිබඳව හඳුන්වා දුන් විද්වත්වරියකි .
මනෝ වෛද්‍ය ජුඩිත් හර්මන් (on Left )
මගේ දේශනයේදී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ,එහි බලපෑම ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු යුද්ධය විසින් ඇති කරන ලද මානසික සංකූලතා , ළමා සොල්දාදුවන් යන මාතෘකා පිලිබඳව මම කතා කලෙමි. එසේම ආකූල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයට ගොදුරු වූ ලාංකික යුද සිරකරුවන් පිලිබඳ තොරතුරු මම හෙලි කලෙමි. මගේ දේශනයෙන් පසු මහාචාර්‍ය ජුඩිත් හර්මන් ඒ පිලිබඳ ප්‍රසාදය පළ කලාය. එසේම ඇය මාව රැගෙන හාවර්ඩ් විශ්ව විද්‍යාලය පෙන්වීම සඳහා ගෙන ගියාය.
ඇමරිකාවේ මැසචූසෙට්ස් හි ස්ථාපිත කොට තිබන හාවර්ඩ් විශ්ව විද්‍යාලය ආරම්භ කරන ලද්දේ 1636 දීය. මෙම විශ්ව විද්‍යාලය ආරම්භ කල ජෝන් හාවර්ඩ් උපත ලැබුවේ එංගලන්තයේදීය. පාස්ටර්වරයෙකු වූ ඔහු මිය ගියේ ක්‍ෂය රෝගයට ගොදුරු වීමෙනි. මිය යන විට ජෝන් හාවර්ඩ් ගේ වයස අවුරුදු තිහකි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආදර්ශ පාඨය වෙරිටාස් යන ලතින් වචනයයි. එහි අරුත සත්‍ය යන්නයි.
ජෝන් හාවර්ඩ්
හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ තිබෙන පාරවල් වල පැරණි කාලතුවක්කු උණ්ඩ ප්‍රහාරයන් ගේ ලකුණු පෙනෙන්නට තිබේ. මේ ඇමරිකානු විප්ලව සමයේ විශ්ව විද්‍යාල භූමියට ඇද වැටුණු කාලතුවක්කු උණ්ඩ වෙති.
ලෝකයේ උසස් අධ්‍යාපනික ආයතන අතරින් මිණි කිරුළ ලෙස හාවර්ඩ් විශ්ව විද්‍යාල හැඳින්විය හැකිය. වර්තමානයේ සිසුන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබති. මෙම විශ්ව විද්‍යාලයේ සමහරක් ගොඩනැගිලි ඉතා පැරණි වන අතර ඒ පෞරාණික ලක්‍ෂණ ඉස්මතු වන ආකාරයට මෙම ගොඩනැගිලි නඩත්තු කරති. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ පුස්තකාලය අති විශාලය. ඇමරිකාවේ තිබෙන පුස්තකාල වලින් දෙවන විශාල පුස්තකාලය මෙය වේ. එහි ඉතා දුර්ලභ වටිනා පොත් තිබේ.
හාවර්ඩ් විශ්ව විද්‍යාලය අක්කර 209 යුතු විශාල ආයතනයකි. එසේම එම විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ආයතන රැසක් බොස්ටන් -කේම්බ්‍රිජ් ප්‍රදේශ වල පිහිටා තිබේ. මෙම විශ්ව විද්‍යාලය මගින් ලෝ ප්‍රකට උගතුන් රාශියක් බිහි කොට තිබේ.මේ අතර නෝබෙල් සම්මානලාභීන් රැසක් සිටිති. දළ වශයෙන් නෝබේල් සම්මානලාභීන් 45 දෙනෙකු මෙම විශ්ව විද්‍යාලය විසින් නිශ්පාදනය කොට ඇත. ඇමරිකානු ජනාධිපතිවරු අට දෙනෙකු හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබේ. මොවුන් අතරින් ෆ්‍රෑන්ක්ලීන් රූස්වෙල්ට්, ජෝන් එෆ් කෙනඩි හා බැරැක් ඔබාමා යන ඇමරිකානු ජනාධිපතිවරුන් වැදගත් වේ.
වර්තමානයේ දළ වශයෙන් හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ 2400 කට ආසන්න ආචාර්‍යවරු පිරිසක් සිටිති. සිසුන් සංඛ්‍යාව ආසාන වශයෙන් 27594 වේ. හාවර්ඩ් විශ්ව විද්‍යාලයට වසරකට ලොව පුරා අපේක්‍ෂකයන් දස දහස් ගනනක් ඉල්ලුම් කරති. ඉන් තෝරා ගන්නේ 6 % වැනි සුළු ප්‍රමානයකි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන් ගෙන් 85 % විදේශ වලින් පැමිණි සිසුන් වෙති.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
//හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ සිසුන් ගෙන් 85 % විදේශ වලින් පැමිණි සිසුන් වෙති.//
ReplyDeleteමේ සංඛ්‍යාලේඛනයනම් නිවැරදි විය නොහැකියි.
2020 කණ්ඩායමේ මෙය 11.4%යි.
https://college.harvard.edu/admissions/admissions-statistics
මේ 2014/15 සංඛ්‍යාලේඛණ.
http://worldwide.harvard.edu/sites/default/files/worldwide/files/2014-15_international_enrollment_school_country_fromoir.pdf
ඉන් කියවෙන්නේ ස්වදේශික ඇමරිකානුවන් 15% සහ යුරොපියන්, ආසියානු, අප්‍රිකානු සම්භවයක් ඇති පිරිස 85% ඉන්නා බව විය යුතුයි.
Delete;-)
මේක මම දැක්කේ හාවර්ඩ් ෆැක්ට්ස් ලේඛනයක . මෙය පරණ වාර්තාවක් විය හැකියි
DeleteGreat! Proud of you Doc.
ReplyDeleteThank you Sir
Deleteඩොක්ටර්,
ReplyDeleteපසුගිය කාලයේ මට serial killers (මෙහි සිංහල වචනය නොදනිමි ) ගණනාවක් පිළිබද වාර්තා වැඩසටහන් බලන්න ලැබුන මෙයින් මම නිරීක්ෂණය කල දේවල් කීපයක් තියනවා
01. මේ අය අතරින් 90% පමණ සුදු ජාතිකයන්
02. මොවුන් මිනීමැරුමක් කරල ඉතා ශාන්තව කල්ගතකරනවා බාහිරින් මොවුන්ගේ මානසික විකුර්ති තාවයක් දකින්න අමාරුයි.
03. මොවුන් සමහරකට ඉහල බුද්ධි මටටමක් තියනවා
මගේ ප්‍රශ්නය මෙවැනි තත්වයකට පැමිණීමට හේතුවන්නේ කුමන සාදකද ? සහ මොවුන් හදුනාගන්නේ කෙසේද ?
මගේ serial killers and the Sri Lankan Society ලිපිය බලන්න. එහි පිලිතුරු තිබෙනවා
Deleteමේ ජයාරූප වල ඉන්නේ ජෝන් හාවර්ඩ් මහත්මයද ඩොක්ටර්? ඔහු ඉන්දියානු ජාතිකයෙක් වගේ නේද?
ReplyDeleteජගත් හේරත් නම් සින්හලයෙක් ඇමෙරිකාවට ගොස් ජෝන් හාවර්ඩ් ලෙස නම් වෙනස්කර ගත්තා නේද?
Deleteජෝන් හාවර්ඩ් ඉපදුනේ එංගලන්තයේ
Delete"හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය වන අතර..."
ReplyDeleteThis is simply a fleeting status. For instance, Oxford grabbed the crest last year. Google "Times Higher Education World University Rankings 2016-17" and see what is there.
is that so
Delete//හාවර්ඩ් විශ්ව විද්‍යාලය ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලය වන අතර....// මේක වසරකට වරක් වෙනස් වෙනවා නේද?
ReplyDeleteආමි එකේ පුරුද්දටද තාම බඩ මැද්දට කලිසම අඳින්නේ? :)
ආමි එකේ පුරුද්දටද තාම බඩ මැද්දට කලිසම අඳින්නේ///////////// ha ha ha
Deleteහාවඩ් වගේද අපේ ඒවා...අල වගේද ගෝවා ! ඉහලම ප්‍රමිතිය...ප්‍රමිතිය රැකගන්න අපි සටනේ !
ReplyDeleteඅන්තරේ මල්ලිලා
Deleteහාවඩ් එකෙත් අන්තරයක් තියනවද දන්නෑ නෙහ්.
ReplyDeleteසමාරවිට 15% මදි කියල උද්ඝෝෂණ කරන්නත් බැරි නෑ ඒම වුණොත් හැක්..
;-) :-)
හැක්.
Deleteතියනවා හවඩ්ශිෂ්‍ය සංගමය .ලංකවෙ විතරක් නෙමෙයි ලන්ඩනය,චිලි ,අයිර්ලන්තය තියනශිෂ්‍ය සංගම් අපෙ එවට වඩා බල සම්පන්නයි
Deleteමාත් ඉස්කෝලෙ යනකාලෙ හිතාගෙන හිටියෙ කවද හරි හාවඩ් එකට යනව කියල.......චෑ
ReplyDelete+++++++++
Deleteමේ සිංහල බ්ලොග් එකේ මම හිතන්නේ තමන් පොරවල් උගතුන් කියල තමන්ම කියාගන්නා මිනිස්සු අතරෙ නියම උගතුන් ඉන්නෙ දෙන්නයි. ඩොක්ට, ඔබ ඒ දෙදෙනා අතරින් කෙනෙක්. නිහඬව තමන්ගේ ගමන යන ගමන් ඔබගේ ස්ථානය තවදුරටත් නිහඬව වර්ධනය කරගනිමින් ඔබගේ වුර්තියේ කඩඉම් පසු කරමින් ඉදිරියට යන ඔබට සුභ පැතුම්..!!
ReplyDelete🙏
තුති ඔබට ටික්කා ; මම ඉයන්නේ ඔබලා වගේ විශ්ලේශනාත්මක බුද්ධියක් තියන අයට
DeleteSorry - Page not found
ReplyDeleteWhat percentage of Harvard students are foreign?
ReplyDeleteTogether, foreign citizens, U.S. duals, and U.S. permanent residents make up more than 20 percent of the class, representing 81 countries. “Harvard is greatly enriched by the presence of outstanding international students,” said Robin M. Worth, director of international admissions.Mar 28, 2013
සර්ච් කරපු wards "percentage of international students harvard university"
එක්කෝ රුවන් මහත්තයට ගූගල් කරන්න බැ නැත්තම් ඇයි අප්පා මෙහමත් බොරු දන්නේ
අයියෝ සංසාරේ