Saturday, May 20, 2017

සරණපාල ගේ කතාව

 


සරණපාල ඉපදුනේ පිටිසර නොදියුණු ගමකය​. ඒ පලාතේ සිටි එවුන් ජනතා නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට යැව්වේ නූගත් කසිප්පු මුදලාලි කෙනෙකි. කසිප්පු මුදලාලි ගමට කිසිම සංවර්ධනයක් නොකලේය. මේ නිසා සරණපාලගේ ගමට  හරි හමන් තාර පාරක්වත් තිබුනේ නැත​. 

සරණපාලගේ පවුල ගමේ නින්දා අපහාස ලැබුවේ කුල පීඩනය නිසාය . ගමේ උසස් කුල වල එවුන් ගේ ළමයි සරණපාල සමග සෙල්ලම් කිරීමද වර්ජනය කරන ලදි.   මේ නිසා සරණපාල සෙල්ලම් කලේ තමා මෙන් පිටමං කරන ලද කොල්ලන් කුරුට්ටන් සමගය.

සරණපාලයාගේ පියා කසිප්පු බීගෙන  බිරිඳට සහ ළමුන්ට පහර දෙන්නේය​. මේ නිසා සරණපාලට ගෙදර අපායකි. ගෙදර අඟහිඟකම් නිසා සරණපාලගේ අම්මා මැදපෙරදිග රැකියාවකට ගියාය​. මේ නිසා සරණපාලට මවගේ උණුසුමද අහිමි විය​. ගෙදර හරි හමන් ආරක්‍ෂකයෙකු නැති නිසා වරින් වර අල්ලපු ගෙදර වැඩිහිටියා -විශ්‍රාමික ග්‍රාමසේවක සරණපාලව ලිංගිකව අපයෝජනයද කලේය​. 

සරණපාල , සරණපාල ගේ අක්කා හා මල්ලී යන්තම්  පණ ගැට ගහ ගත්තේ කොස් ගෙඩියක් දෙකක් තම්බාගෙන කමිනි. ගමේ කුඩා කඩයක් කල තේගිස් මුදලාලි ඉඳහිට පිනට එවූ පාං ගෙඩි දෙක තුනද  කුසගින්න නිවා ගන්නට උපකාරී විය​. 

කෙසේ නමුත් සරණපාල ගෙදර අපායෙන් ගැලවීමට ඉගෙන ගත යුතුයි කියා සිතුවේය​. මැදපෙරදිග ගිය මවද පඩි නොමැතිව දුක් විඳින නිසා සරණපාලගේ අක්කා ටවුමේ ගාමන්ට් එකක රැකියාවකට ගියාය​. මේ නිසා සරණපාලලාට යන්නතම් තුන් වේල කෑමට යමක් ලැබුණි. 

සරණපාල උසස් පෙළ යන්තමින් සමත් වූවද දිස්ත්‍රික් කෝටාව නිසා සරසවි ප්‍රවේශය ලැබුවේය​. සරසවියට ගිය සරණපාලට නවක වධය ලෙස   ජේෂ්ඨයෝ කුණුහරප කීවෝය​. තවද සරණපාලලාව නිරුවත් කොට ව්‍යායාමද කරවන ලදි. මෙසේ නා නාවිධ අපහාස හිංසා නවක වධයේ නාමයෙන් ලැබුණු සරණපාල ඊලඟ වසරේ ජේෂ්ඨයෙකු විය​. ජේෂ්ඨයෙකු වූ සරණපාල කොලඹ ඉස්කෝල වලින් පැමිනි නවක සිසුන් තෝරාගෙන ඔවුන්ට තමා ලැබුවාටත් වඩා නවක වධ දුන්නේ කොලඹට කිරි ගමට කැකිරි කියමිනි. 

තමන් ඉගන ගත් ගමේ පාසල හරක් මඩුවක් මෙන් වූයේත් කොලඹ ඉස්කෝල වල ලොකු  බිල්ඩිං තිබුනේත් කෙසේද කියා නොදත් සරණපාල මේ විශමතා සඳහා දොස්  කීවේ කොලඹ ඉස්කෝල වලින් පැමිනි නවක සිසුන්ටය​. මේ සඳහා සරණපාලට තමා සමග ගමේ පාසලේ ඉගෙන ගත් සිරිපාල සහ විමලසේනද උල් පන්දම් දුන්නේය​. 

සරණපාල අන්තරයට බැඳුනේය​. අන්තරයේ අයියලා කී පරිදි ගමේ උළු ගෙයක ඉන්නා තේගිස් මුදලාලි  ධනපතියෙකි. එසේම තම අක්කාට රස්සාවක් දුන් තවත් පවුල් ගනනාවක් නඩත්තු වෙන ගාමන්ට් එකේ හිමිකරු සමරසිංහ මහතා සූරාකන්නෙකි. 

අන්තරයේ නියමය පරිදි සරණපාලලා සරසවි අධ්‍යාපනය පසෙකලා නොයෙකුත් උද්ගෝෂණ කෙරුවෝය​. පුද්ගලික විශ්ව විද්‍යාල එපා කියා පාරවල් බ්ලොක් කලෝය​. 

කුඩා කලයේ සිට තිබූ මානසික පීඩන නිසා සරණපාල සමාජය කෙරෙහි සිටියේ තරහෙනි. මෙය තමන් ගේ වාසියට යොදාගත් අන්තරයේ අයියලා සරණපාලට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කරන්න කියා කීවෝය​. සරණපාල නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කියා බස් ගිනි තබන්නට ගොස් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියන්නට ගොස් අට පාස් කොස්සෙක් ගෙන් වෙඩි පාරක් කා මලේය​. 

සරණපාලව ෆෝම් කල අයියලා ඔස්ට්‍රේලියාවට පැන ගොස් එහි පවුල් පන්සල් වූහ​. ඉන්පසු තමන් ගේ ළමයි ඔස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට යැවූහ​. බිලි බෝයි කෙනෙකු වූ සරණපාලයා පසු කාලයක විරු සිසුවෙකු විය​. 

28 comments:

  1. Sad story.....there are many Saranapaalas

    ReplyDelete
  2. අසාදාරනයට විරුද්දව කතාකරන හැමෝම අඩු කුලේ නොවේ...............

    තාත්තලා කසීප්පු කාරයෝද නොවේ.................

    අම්මලා රට ගිය අක්කා ගාමන්ට් ඵකක වැඩකරන අයද නොවේ

    මෙහෙම අය ගෙන් බහුතරය අසාදාරනයට විරුද්දව මුකුත් කරන්නේද නැත...............ඵ්සේ වෙනවා නම් මේ රටේ අසාදාරනය අඩු වනු ඇත................

    යමෙක් අසාදාරනයට විරුද්දව කතාකරන විට මූ හෙන චාටර් පජාත බුවෙකි,
    අපි වැනි පොශ් ගැට්ටන් නොවේ.........
    මූට අසාදාරනය වේ ඵකමයි හොද.
    කියා සිතන අනුවනයන් සිටින බවට හොද උදාහරනයකි මේ කතාව.............

    ReplyDelete
    Replies
    1. ගවේශනාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් ජවිපෙ දෙවන කැරැල්ල පිලිබඳව කරන ලද කරන ලද කරුණු සොයා බැලීමක දී ඝාතනයට ලක්වූ සිසුන්ගෙන් සියයට 25ක පමණ ප්‍රමාණයක් තුල කුඩා කාලයේ සිය මව හෝ පියා මියගොස් තිබිණි. නැතහොත් දෙදෙනාගෙන් එක් අයෙකු අතහැර ගොස් තිබිණි. එබැවින් ඔවුහු පීතෘ හෝ මාතෘ වියෝග කාන්සාවට ලක්ව සිටියහ. ඇතමෙකුට ද්‍රරිද්‍රතාවය සහ තවත් අයෙකුට සමාජ පීඩනයද උරුම විය. සමහරෙක් කුල පීඩනය නිසා සමාජය කෙරෙහි වෛරයෙන් යුතුව බැලීමට පුරුදුව සිටියහ​.

      ජර්මානු බාඩර් මයින්හොෆ් සහ සැන්ඩිනිස්ටා ගරිල්ලන් පිලිබඳව පසුකාලීනව කල අධ්‍යනයන් වලින් පෙනී ගියේ ඔවුන් රැඩිකල් වියාපාර වෙත යොමු වීම සඳහා ළමා කාලයේ අත් දුටු කාංසාමය සිද්ධීන් හේතු කාරක වූ බවය​.

      ළමා කාලයේ සිට මෙවැනි කාන්සාමය තත්වයන් ගෙන් පීඩා විඳි කොටස් රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමු කරවා ගැනීම අපහසු නොවේ. කොටි සංවිධානය තම සාමාජිකයන් ආකර්ශණය කර ගත්තේ උතුරේ වෙල්ලාල ද්‍රවිඩයන් ගේ කුල පීඩනයට යටත් ව සිටි ද්‍රවිඩ තරුනයන්ට තුවක්කු දීමෙනි. අවියට තිබූ බිය නිසා උතුරු සමාජයේ කොන් කර සිටි කරයර් , නලවර් , පරයර් , මල්ලර් , තුරුම්බාර් කුල වල ද්‍රවිඩ තරුනයන්ට කුලීන ද්‍රවිඩයන් ගෙන් ගරුත්වය ලැබුනේය​. ​ එසේම බහුතරයක් කළු කොටි මෙසේ සමාජයේ කුල පීඩනයට ලක් වූ කොටස් ය​.


      මා විසින් මීට කාලයකට ඉහතදී ප්‍රතිකාර කල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් පෙළුණු 1988-89 කාලයේ ජවිපෙ ශිෂ්‍ය වියාපාරයේ සිටි සාමාජිකයා රැඩිකල් දේශපාලනය වෙත යොමු වන්නේ තම නිවසේ තිබූ ගැටුම්කාරී වාතාවරණය නිසාය​. ඔහු කී පරිදි දෙමාපිය ගැටුම් නිසා නිවසේ සමය බිඳී තිබුනි. පියා පසුව ඔවුන් අත හැර යන ලදි. නිවසේ දී හෝ පාසලේදී අන් අයගේ ආදරයට හෝ අවධානයට යොමු නොවූ ඔහු ජීවිතයේ මුල් වතාවට හිතවත්කමක් ලෙන්ගතුකමක් පිලිබඳ හැඟීමක් ඇති කර ගන්නේ ඔහුට කොක්ක ගැසූ ජවිපෙ ශිෂ්‍ය වියාපාරයේ ජේෂ්ඨ සාමාජිකයා මගිනි.

      මේ නිසා ඔහු එම ජේෂ්ඨ සාමාජිකයා පවසන ඕනෑම දෙයක් දේවත්වයෙන්
      පිලිගනී. පසුව ඔහු අවි පුහුනුව ලබා වියාපාරය වෙනුවෙන් මංකොල්ලකෑම් වලද නිරත වේ. එසෙම ඝාතන සඳහා සහභාගි වේ. පසුව අත් අඩංගුවට පත් වන ඔහු වද බන්ධනයට ලක්වී සිරගත වී නිදහස ලබයි.

      පසු කාලයක තම අධ්‍යාපනය විනාශ වීම , වියාපාරය විසින් තමාව උපකරණයක් ලෙස භාවිතා කොට ඉවත දැමුවා යන අවබෝදය නිසා ඔහු මානසිකව කඩා හැලේ. ඔහුව වියාපාරයට ගෙන ආ ජේෂ්ඨ සාමාජිකයන් ඔහු අත හැර දමා ඉතාලියට යාමත් ඔවු ගෙන් කිසිදු ගෙන් උපකාරයක් නොලැබීමත් නිසා ඔහු කලකිරීමට පත්වේ. දිවි නසා ගැනීම සඳහා ඔහු අවස්ථා කීපයකදීම උත්සහ දරා තිබුණි. එසේම මෙම පුද්ගලයා තුල කායිකරූපී ආබාධද දක්නට තිබුනේය​.

      රැඩිකල් ශිෂ්‍ය වියාපාරයන් වෙත යොමුවී ඝාතන ප්‍රවර්ධනය කරන ලද සියළු සිසු කණ්ඩායම් සාමාජිකයන් තුල අනන්‍යතා අර්බුධ , ග්‍රාමීය පසුගාමීත්වය , ප්‍රචණ්ඩත්වය ගැටළු නිරාකරණය සඳහා එකම මධ්‍ය බව ඇති විශ්වාසය​, හීනවූ සහකම්පනීය අවබෝධ්‍ය සහ බොහෝ විට පෞරුෂ අක්‍රමතා හඳුනා ගත හැකිය. එසේම මෙම පුද්ගලයන් පිළිබඳව මනෝ විද්‍යාත්මක වශයෙන් අධ්‍යනය කිරීමක් අවශ්‍ය කෙරේ.

      මෙම සිසු කණ්ඩායම් සාමාජිකයන් බොහෝ දෙනෙකු ජීවිතය වින්දනය කිරීම වෙනුවට අයිඩියෝලොජි එකක් වෙනුවෙන් මිනී මැරීම හෝ මරාගෙන මැරීමට යොමු වීම ඛේදවාචකයකි. පසු කාලීනව සත්‍ය වටහාගත් පැරණි සාමාජිකයෝ මෙරට හා පිටරට වල ජීවත් වෙමින් ජීවිතය වින්දනය කරති. ඔවුන් තම දරුවන් තරුණ කාලයේ තමන් ගිය මුග්ධ මාර්ගයේ නොයැවීම් 100 % දකින්නට හැකි සාධකයකි.

      මෙවැනි ප්‍රචණ්ඩත්වයට යොමුවූ ශිෂ්‍ය ක්‍රියාකාරීන් උත්කර්ශයට පත් කිරීම වෙනුවට එහි ඇති හිස් බව , ඛේදවාචක බව සහ මුග්ධ බව පෙන්වා දීම මගින් අනාගතයේ බිලි බෝයිස් ලා බිහි වීම වලක්වා ගත හැකිය. අද දිනයේ මේ මිය ගිය සිසුන් ගැන වේදනාව තිබෙන්නේ ඔවුන් ගේ පවුලේ උදවියට පමණි. එදා මේ සිසුන් උසිගන්වන ලද ලද කිසිවෙකු අද ඒ අසරණ වූ පවුල් දෙස නොබලති.මිය ගිය සිසුන් දුක් වන්නේ කවුද ? ඔවුන් ගේ පවුලේ සාමාජිකයන් මිස වෙන කවරෙක් ද ? නිසි අධ්‍යාපනයක් ලබා එලදායී පුරවැසියෙකු වී සමාජයට සේවය කිරීම වෙනුවට ඔවුන් දුඛදායක ලෙස අකාලයේ මහා මාර්ග වල මිය ගියහ.

      රාජ්‍යය ස්වභාවයෙන්ම කෘරය​. විශාල රාජ්‍ය මර්ධනයට එදිරිව සටන් කල යුත්තේ මාටින් ලූතර් කිං ක්‍රමයට මිස ගල්කටස් සහ පිහි මගින් නොවේ. එවිට දරුණු රාජ්‍ය තන්ත්‍රය මහා භීෂනයක් මුදා හරියි.. එය 71 , 88 හා 2009 දී ලංකා වැසියන් දුටුවෝය​.

      Delete
    2. තිත් තිත් ඇනෝ. උඹ පව් බන්.

      Delete
  3. /* ඔස්ට්‍රේලියාවේ පුද්ගලික විශ්ව විද්‍යාලවලට */

    රුවන්ට වැඩි අදහසක් නෑ නේද ඕස්ට්‍රේලියාව ගැන.

    ඇයි කැනඩාවේ කියා දන්න රටක් නොලිව්වේ?

    ReplyDelete
    Replies
    1. Bond University- Australia's first private university, dates from 1987.ඔස්ට්‍රේලියාවේ ජීවත් උනාට එච්චර විස්තර දන්නෑ වගේ

      Delete
    2. රසික උඹත් පව් බන්.

      Delete
    3. රුවන්, මා බොන්ඩ් විශ්වවිද්‍යාලය ගැන මෙන් ම, ඇමරිකානු විශ්වවිද්‍යාලවල ශාඛා දෙකක්වන කානගී සහ නොට්‍රැඩෑම් ගැනත් දන්නවා.

      සිසුන් ලක්‍ෂ ගණනක් ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල පනහක් පමණ සංඛ්‍යාවක් අතර ඇති එක් පුද්ලික විශ්වවිද්‍යාලයක් ගැන සඳහන් කරමින් එය සාමාන්‍යය ලෙස දැක්වීම නිවැරදි නෑ.

      මට කියන්නට අවශ්‍ය වූයේ එයයි!

      Delete
    4. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුනරත්නම්නුත් අන්තරෙන් ආපු නායකයෙක්,බිරිඳ වයිද්‍ය වරියක් ඕස්ට්‍රේලියාවේ ලමයින්ට ඉහල අද්‍යාපන ය ලබාදෙමින් රැකියාව කරනව.මොනතරම් කිව්වත් ඕස්ට්‍රේලියානුවො පිනට උපාදි(නිදහස් අද්‍යාපනය) ඉල්ලන්නෙ නැති නිසා ලංකාවේ උන්ට නිදහස් අද්‍යාපනය ආරක්ෂා කරල දෙන්න කුමාර් මෙහේ ෆයිට් කරනව

      Delete
    5. @රසිකො, ඕස්ට්‍රේලියාවේ විශ්විද්‍යාල 50 ද තියෙන්නේ ? හෆොයි. මන් හිතුවේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අය කියන හැටියට විශ්විද්‍යාල 500 ක් වත් ඇති කියල.

      මයිනින්ග් ඉවර වුන දවසට එහෙනම් ඔස්ට්‍රේලියාවත් අප්‍රිකානු රටවල් වගේ හිඟන රටක් වේවි.

      Delete
  4. රුවන් මේ සටහන ම උපුටා ගත්තේ ඔබ ලියූ මානසික රෝගියා ගේ පරිකල්පනය පොතෙන් ද?

    ReplyDelete
  5. නිර්මාණයකින් සත්‍ය කීමේ කලාව

    ReplyDelete
  6. නියම කතාව ඩොක්ට. මගේ පාසලෙන් මගේ වසරේ විශ්වවිද්‍යාල වලට ගිය එකෙක් ඔය පාරේ නන්නත්තාර වෙනව කැට උස්සනවනම් අහලත් නෑ දැකලත් නැහැ. උං වැඩේ කරගත්ත. ඔය ඩොක්ට කියල තියෙන ඔක්කොම ලක්ෂණ දැන් මේ පාරේ නන්නත්තාර වෙන අන්තරේ ලොක්ක ගේ සිට වතුර කඳුළු ගෑස් කාගෙන දුවන විස්ස විද්‍යාල සුනකයන් ළඟ තියෙනව. කතාවෙන් සමාජවාදය ඉල්ලීම් ගැන ලොකු ටෝක් දුන්නට මමනං හිතන්නෙ නැහැ ඕකුන් ඔය කිසි මලදානයක් දන්නව කියල. ඕකුන්ම කැම්පස් අවුට් වෙලා රජයේ රස්සා දියව් කියල රජයේ රස්සාවලට කොහොම හරි රිංගනව. කොම්පියුටර් ඉංගිරිසි කෙසේ වෙතත් ලිපිකරුවෙක් හරි වෙලා මුන්ට මැරෙනකන් පඩි පෙන්ෂන් අරව මේව දෙන්නත් වියදං කරන්න වෙන්නෙ රටේ දුප්පත් (පොහොසතුන් නොවන) බදු ගෙවන මිනිස්සුන්ට.

    කරන්න තියෙන්නෙ එක සැරේ ඔය උද්ගෝෂණ කරන ඇවුන්ට බෝම්බ ගහල වෙඩි තියල මරල දාන එක. වැඩිම උනොත් ජාතික ශෝක සතියක් පවත්වයි.

    අනික ඉතිං එතන මැරුණත් මැරෙන්නෙ සමාජෙට වැඩක් නැති මැටි හරක් රැලක් මිසක් උගතෙක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. කතාවෙන් සමාජවාදය ඉල්ලීම් ගැන ලොකු ටෝක් දුන්නට මමනං හිතන්නෙ නැහැ ඕකුන් ඔය කිසි මලදානයක් දන්නව කියල.

      Delete
  7. කවුද පරණ සාලයා කියන්නේ

    ReplyDelete
  8. ජවිපෙ විසින් 1986-89 කාලයේ දී සිංහල තරුණයින්ට කළ විනාශය අළලා ලියවුණු උසස් නිර්මාණයක් රස විඳීමට අවශ්‍ය නම්, විදානේ ගේ මළ දානේ බ්ලොගයේ පළ වූ ගන්ධබ්බයා කෙටිකතාව කියවන්න.

    ReplyDelete
    Replies
    1. ගන්ධබ්බයලා ෆෝම් කළ අය ද.
      ගන්ධබ්බයලා ට වැඩේ දුන් අය ද,
      ගන්ධබ්බයලා ගේ මිනීවලවල් හෑරූ අය ද,
      පමණක් නොව
      ගන්ධබ්බයලා විසින් ගල්කටස් සහ ටී 56 මගින් සෑදූ විවිධ වර්ණවල ගන්ධබ්බයලාගේ මාස්ටර්ස්ලා ද
      අද පිරිත් නූල් බැදගෙන යහතින් සිටිති.

      ගන්ධබ්බයලා එදත් අනාථ ය. අදත් අනාථ ය.

      Delete
    2. 83දි මරියසෙල් කියපු දේ ඇහුවා නම් මීට වඩා දේවල් කොච්චර වෙනස්ද කියල. හොඳට ඇස් ඇරෙන කතාවක් ඒක. මේ සම්බාව්‍ය බලහත්කාරය නිසා අපිට මරියසෙල් මගඇරුන. ඒ වෙනුවට අපි ඇහුවෙ නන්දා කියපු දේ.//////////// +++++++++++

      ගන්ධබ්බයෙකු වූ මා
      බොහෝ වේදනාවල් විඳ
      ටයර් සෑයක් හරහා
      විමුක්තිය ලැබුවෙක්මි

      මවුබිම නැත්නම්
      මරණය කියමින්
      කුණු කයක් දරාගෙන
      ඝනඳුරු මැදියම
      අරුණලු දකින්නට
      කල උත්සහය
      මට කුණු කය අහිමි කලේය

      නන්දා සහ සුනිල් විසින්
      විප්ලවීය මායාවෙන් අවධි කල
      බොහෝ ගන්ධබ්බයන් සමග
      මමද පාවෙමින් සිටිමි
      පහතින් පෙනෙන
      මායා ලෝකය දකිමි

      අපට පන්තිකලවුන්
      ඝනඳුරු මැදියම
      අරුණලු පෙන්වූවන්
      විරු ගීත වලින් මායම්කලවුන්
      මෙරට සහ පිටරට සිට
      ජීවිත විඳින අයුරු දකින්නෙමු

      උන් ගේ දරුවන්
      ප්‍රවේසම් කරවමින්
      අපව දං ගෙඩියට දෑක්කූ
      බක තපස්සුන්
      ඉඳ හිට අහස දෙස බලා
      අපට විරිත්තති

      මුන් ගේ බක තපස් බලමින්
      නිදහසේ පාවෙමින්
      සිටින්නෙමු
      සිරුරු අහිමි වූ
      ගන්ධබ්බයන් වූ අප

      Delete
    3. රසික, සී.ජේ. විදානේ ලියපු ලිපියට මෙහෙම එකතු කරන්න හිතුන,



      " අවුරුදු 28 ක් තිස්සේ ගන්ධබ්බක් විදියට ඉන්නන මේ ගන්ධබ්බයට පේනවා තමන්ට ජනතාවගේ විමුක්තිය සෙවීමට ඉදිරිපත් වෙච්ච වැඩිමහලු සහෝදරවරුන් ගණනාවක් ගන්ධබ්බ ජිවිත ලබා සැරිසරන විදියත්, ඔහුට තව පේනවා තමන්ට රැඩිකල් වාදී අදහස් ඇතිකරපු ඉහල පෙලේ ජීවිතය බේරාගත් සහෝදරවරු යුරෝපයට ට ඔස්ට්‍රේලියාවට සහ දියුණු රටවලට පැනගත් අයුරුත්, අද විස්කි, බ්‍රැන්ඩි බොමින් තමන්ගේ දරුවන් ට උසස් අද්‍යාපනය ලබාදීමට උත්සහ ගන්න අතරේ ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තුවට ගිය නායක සහෝදර වරු, ගන්ධබ්බ ජිවිත උරුම කිරීමට උදව් වූ සතුරු පක්ෂ සමග රජයන් පිහිටවමින් පාර්ලිමේන්තුවට රිංගල සුකොප බෝහි වාහන වල යන අතර අලුත් ඩිල් එකක් දාන හැටි ගැන කල්පනාග්කරන නායක සහෝදර වරුන්වත් ගන්ධබ්බයට දර්ශනය වෙනවා.

      එච්චර් විතරක් නෙමෙයි නන්දා මාලිනි ගේ "සවන" කැසට් අසමින් සුනිල් ආරියරත්න නේ පදවැල් වලට වශීවී සිටි ගන්ධබ්බය අද දකිනවා මේ දෙපලත් මුදල් පසුපස දුවන හැටි.

      මෙය දකින ගන්ධබ්බය තමන් කොපමණ රැවටිමක සිටියාදැයි කම්පාවෙන් බලන විට අදත් අන්තරේ සහෝදර වරු පුද්ගලික විශ්වවිද්‍යාල වට්ලට විරුද්දව උද්ගෝෂණ කරන අයුරුත් ඒවා පිටිපස්සේ එදගෙන සංවිදානය කරන සුකොපබෝහි ජිවිත ගතකරන නායක සහෝදර වරු දකින ගන්ධබ්බයට දැඩි පිළිකුලක් සහ ආත්ම අනුකම්පාවක් තමා ගැනම ඇතිවෙනවා."

      මෙන්න මෙහෙම උනානම් තමයි තරමක් මෙය සම්පුර්ණ වන්නේ.

      Delete
    4. මෙය දකින ගන්ධබ්බය තමන් කොපමණ රැවටිමක සිටියාදැයි කම්පාවෙන් බලන විට /////// pav

      Delete
  9. පොඩි එකතු කිරීමක් - ඇත්තෙන්ම සංශෝධනයක් ......
    සරණපාල කෙසේ හෝ නිදහස් අධ්‍යාපනයට පින් සිදු වන්නට නිසා දොස්තර කෙනෙක් විය.(ඇත්තෙන්ම ජනතාවට පින්!) ඉන්පසු ඔහු PP ද ආරම්භ කළේය. පොඩි කාලේ වින්ද පීඩනය නිසාම GMOA හි ප්‍රභල පුරුකක් විය. ප්‍රධාන නිළයකට පත් විය. සයිටම් සටන නිසා දැන් වැඩ වර්ජනය කරමින් එමගින් ජනතා සේවය (ඔහු සිතන ලෙස) කරමින් සිටී. ළඟදීම ස්වකීය කුල පදනම යටතේ චන්දය ඉල්ලීමටද සැරසෙන බව තතුදත් ආරංච් මාර්ග සඳහන් කරයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook