Friday, May 12, 2017

කරන්ට් වදින ඇම්බියුලන්ස්

බස්නාහිර හා දකුණු පළාත්වල පමණක් ක්‍රියාත්මක වන 1990 ගිලන් රථ සේවාව අනෙකුත් පළාත් සභාවන් සඳහාද ලබාදීමට තීරණය කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පවසයි. ඉන්දීය රජයේ අනුග්‍රාහකත්වය යටතේ දැනට පළාත් දෙකක පමණක් ක්‍රියාත්මක වන මෙම ගිලන් රථ සේවාව ශ්‍රී ලාංකික ජනයාට නොමිලේ ලබාදී ඇති වරප්‍රසාදයකි. ඩොලර් මිලියන 7.6ක ඉන්දීය ආධාර ඇතිව ක්‍රියාත්මක වන මෙම ගිලන් රථ සේවය   නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවේ ඉකුත් වසරේ ජූලි 28 දාය. ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස නොමිලේ ලබා දි ඇති ගිලන් රථ සේවාවේ ගුණාත්මක භාවය අතිශයින්ම පහළ හා රොගීන්ගේ ජීවිත අවදානමට හෙළන තත්වයක තිබෙන බව  වෛද්‍ය නලින්ද හේරත් මහතා පෙන්වා දුන්නේය. 

24 comments:

  1. නලින්ද කියන්නේ අර හෝමෝෆෝබික් දොස්තර නේද?

    http://rasikalogy.blogspot.com/2017/02/homophobic-doctors.html

    පොරට ඉන්දියන් ෆෝබියාවකුත් තියෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. පොරට හෝමෝෆෝබික් තත්වයකුත් තියනවද ?

      Delete
    2. No This is Nalinda Herath.

      Delete
  2. සේවාව සැලසෙන්නේ අපේ මිනිසුන්ටය. ඉතා හොඳය. එත් මේ ආධාර උපකාර සමග වක්‍රව හෝ අප ඉන්දියානු රජයේ අතපෙවීම්වලට නතුවන අකාරයක් නොතිබේද? මීයක් කඩන්නේ අතලෙවකන්නද? මේ ආධාරයේ සැබැ අරුත අපට සේවයක් සැලැසීම පමණක්ද? ටිකක් ගැඹුරින් සිතා බැලිය යුතු කරුණු රැසක් මේ තුළ අන්තර්ගතය.

    ReplyDelete
    Replies
    1. ඉන්දියාව කොහොමත් අතපොවනව.ඇම්බියුලන්ස් ගත්තත් නැතත් ඒක එහෙම තමයි.ඒ නිසා නිකන් දෙන එක ගන්න එකම තමයි හොඳ

      Delete
  3. කරන්ට් වැදී වැදී හරි ඒ ඇම්බියුලන්ස් එකෙන් ඉස්පිරිතාලෙට ගියාම එතැන බෙහෙත් දෙන්න දොස්තරලා නෑ. ඒ ගොල්ල ඉස්ට්‍රයික්!

    ReplyDelete
  4. ලාංකිකයන් යනු නොමිලේ ලබා දෙන කුමන දෙයක වුවද අඩු පාඩුවක් දැක එය පහත් තත්වයට ගෙන කතා කරන ජාතියක් බවට තවත් උදාහරණයකි. ගුණාත්මක බවින් අඩු වුවද ඔවුන්ගේ සේවය අගය කිරීම අපිට මදි කමකි. ගුණාත්මක බවින් අඩු යි කියා ත්‍රීවිල් හෝ වෙනත් වාහනයකින් රෝගියෙකු ගෙන යාම මිට වඩා රෝගියාගේ ජීවිතය අවදානමේ දැමීමකි.

    ReplyDelete
  5. මම ඉහත දොස්තරලාට බැනපු කට්ටිය හා එකඟ නොවෙමි . ලංකාවේ බොහෝ අය ගේ පුරුද්ද මතු පිටින් බලා ප්‍රකාශ නිකුත් කිරීමය . අදාළ ගිලන් රථ සේවාව අද්යයනය කිරීමට අවස්ථා 3 ක් ලැබුවෙමි . අවස්ථා දෙකේදී මා ඒ ගිලන් රථ වල යාමට අවස්තාව උදා කර ගත්තෙමි
    රෝ එකෙන් ගේමක් දෙන ගියේ . ඔය කවුරුත් සාප කරන GMOA නිසා වැඩේ දියාරු වුනා . කිසිම රටක් සැගවුන න්‍යාය පථයක් නැතුව කිසිම දෙයක් නිකම් දෙන්නේ නෑ .රජය අවංක නම් අවබෝදතා ගිවිසුම ඉදිරිපත් කලේ නම් රෝහල් වයිද්‍ය සේවය සහ එක්ව අති සාර්ථක පිට රට ක්‍රියාත්මක වන ER සංකල්පය හදුන්වා දීමට තිබුණි . මා මෙය ට ඔස්ට්‍රේලියාවේදී පුහුණුව ලදිමි .

    දැන් ඇම්බියුලන්ස් විතරයි ලංකාවේ කට්ටිය ඉන්න .හැම රථයටම දාන්න හිටපු ඉන්දියන් ඔත්තු කරුවා හැලුනා . ඔබ මේ සේවය පාවිච්චි කලේ නම් , දන්නවා ඇති මෙහි සේවකයෙක් නැති බව . මෙය ඉතා සැක සහිත අවස්තාවක් . ඕනෑම ගිලන් රථයක අදාරක සේවකයෙක් සිටීම අත්‍යාවශ්‍ය වේ. නමුත් එසේ නොවන නිසා රෝගියා උස්සා ගෙන රථයට දැමිය යුත්තේ . රෝගියාගේ ගෙදර අය හෝ අහල පහල අයය .
    ප්‍රතමාදාර දීමේ හැකියාව ට අදාළ එක කරුණක් වන්නේ නිරතුරු පුහුණුවයි . නමුත් මෙහි වැඩ කරන තාක්ෂණ ශිල්පියා වැඩ කරන්නේ මේ පිලිබඳ නුපුහුණු වයිද්‍ය වරු 4 දෙනෙකු ගේ උපදෙස් මතය . අඩුම වශයෙන් දිෆිබ්‍රිලේටර් තබා ඉන්ජෙක්ෂන් කට්ටක් වත් දැමීමට මොවුනට අවසර නොමැත .

    දැන් මේ සේවය අරාඹ කර වසරකට කිට්ටු වන නමුදු මේ දකවා කිසිම රෝගියෙකුට ඩිෆිබ්‍රිලේටර් තබා කනියුලාවක් වත් දමා නොමැත . ඉන්දීය රජය ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට ප්‍රථම කල යුත්තේ , මෙතන අඩු පාඩු සේවකයා සැපයීමය

    දැනට මෙය සාර්ථක ප්‍රවාහන සේවයක් විතරයි . ප්‍රමාදාර දෙන්නේ නෑ හැබැයි හොඳක් කියන්නේ ඉතා ඉක්මනින් ඕනෑම තැනකට එනවා . නමත් රජයේ වයිද්යවරු සමග සම්බන්දව අදාළ දේ ක්‍රියාත්මක කරා නම් මිට වඩා බොහෝ උසස් ප්‍රතිලාබ ගැනීමට තිබිණි . මෙතන මොකක් හෝ හොර ගේමක් ඇත . එසේ කියන මා මේ ආණ්ඩුව බිහි කිරීමට දායක වුන මහින්ද විරෝදියෙක් බව සැලකිය යුතුය . මට UNP යට ඉටා කිට්ටු සම්බන්ද කම් ඇත . නැවත මා පවසන්නේ ඉස්පිරිතාල සහ වයිද්යවරු සමග සම්බන්දව ක්‍රියාත්මක කලේ නම් මිට වඩාඉටා ගුණාත්මක බාවයකින් යුතු සේවයක් සැලසීමට ඉඩ තිබුන බවයි

    මා මෙයට උදාහරණයක් දෙන්නම් . 2016 ගං වතුර ජාතික ආපදා තත්වයක් ඇති වූ විට රජයට අදාළ ජංගම වෛද්‍ය සේවා සහ කමනාකරන පවත්වා ගැනීම ගැටළුවක් බවට පත් වුනි . එවිට GMOA වයිද්‍ය වරු , මේ සඳහා ඉදිරිපත් වුනි .සෞක්‍ය සේවා ආපදා කළමනා කරණය පිලිබඳ පස්චාත් උපාදි පුහුණුවක් ලද මා මෙය සම්බන්දිකරණයට ස්වේච්චාවෙන් ඉදිරිපත් වුයෙමි . මා GMOA ප්‍රදාන කාර්යාලයේ සිට සහ සෞක්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනා කරන මැදිරි පාවිච්චි කරමින් , මහා රෝහලේ අද්යක්ෂක මගේ මිතුරු අනිල ජාසිංහ මහතා සමග සහ හදිසි අනතුරු අංශයේ පුෂ්පා ද සොයිසා හෙදි සොයුරිය සමග ඉතා හොඳ සායන සහ කළමනාකරණ වැඩ සටහනක් ක්රියාත්මක කලෙමි . මා වැඩ කලේ ස්වේච්චාවෙන් අතර බොහෝ විට ගෙදර ආවේ රෑ 12 පසු වීය .මා ඇතුළු කිසිවකු සතයක් වත් ඉල්ලුවේ වත් ලැබුනේ වත් නැත .
    මා GMOA සාමාජිකයෙක් වන නමුදු ක්‍රියාකාරී කෙනෙකු නොවෙමි . පසු ගිය වැඩ වර්ජනයට සහබාගි නොවුනෙමි . මෙහි ගව්රවය හිමි විය යුත්තේ මා හට නොව සියුලු දෙනාම රෑ දවල් නොබලා එකමුතුව වැඩ කල සියලු දෙනාටය .
    මීටත් වඩා ඇති විශිෂ්ට වැඩ සටහනක් යුද්දයෙන් පසුව සරණාගතයෝ ලක්ෂ ගානක් චෙට්ටිකුලම් බලා ගැනීමට වයිද්යවරුන්ගේ සහ සෞක්‍ය කාරය මණ්ඩලයේ එකමුතුවෙන් ක්‍රියාත්මක වුනි. එය නොවන්නට බටහිරයෝ , ලංකාව ආක්‍රමණය කරන්නේ සම්බාදක පනවා ලංකාව සම්පූර්ණයෙන් බ්ලොක් කරන්නේ 2009 දිය . මේ සඳහා හිලරි ක්ලින්ටන් සියල්ල ලැස්ති කර තිබුණි . මේ ඔබල නොදන්නා කතාව මා FB හරහා හෙළි කරන්නේ ප්‍රථම වතාවටය . මා හිලරි ක්ලින්ටන් අතිශයින් පිළිකුල් කරන්නේ එබැවිනි


    එකමුතුව වැඩ කිරීමේ අගය දේශපාලනඥයන්ට නොතේරෙන අතර ඔවුන් ගේ ඔලුවේ ඇත්තේ බල්ලෝ මරා හරි චන්ද ගැනීමේ මානසිකත්වයයි . මෙය ලියන රුවන් ට අවුරුදු 20 කට කලින්ද මේ සංකල්ප ක්‍රියාත්මක වුන බව මතක් වෙනු ඇත .

    අවසන් වශයෙන් මූණු පොතේ යමක් සදහන් වූ පමණින් එය විවේචනය ලක් නොකරන ලෙසත් හැම ක්ෂේත්‍රයේම කොටින්ම ඔබගේ නිවසේ පවා පිටට නොපෙනෙන ගැඹුරු ප්‍රශ්න ඇති බවත් එසේ අද්යයනය නොකර කටට ආපු පලියට , ඔහේ උඩින් බලා කොමෙන්ට් නොකරන ලෙසත් ඉල්ලා සිටිමි








    ReplyDelete
    Replies
    1. //මීටත් වඩා ඇති විශිෂ්ට වැඩ සටහනක් යුද්දයෙන් පසුව සරණාගතයෝ ලක්ෂ ගානක් චෙට්ටිකුලම් බලා ගැනීමට වයිද්යවරුන්ගේ සහ සෞක්‍ය කාරය මණ්ඩලයේ එකමුතුවෙන් ක්‍රියාත්මක වුනි. එය නොවන්නට බටහිරයෝ , ලංකාව ආක්‍රමණය කරන්නේ සම්බාදක පනවා ලංකාව සම්පූර්ණයෙන් බ්ලොක් කරන්නේ 2009 දිය . මේ සඳහා හිලරි ක්ලින්ටන් සියල්ල ලැස්ති කර තිබුණි . මේ ඔබල නොදන්නා කතාව මා FB හරහා හෙළි කරන්නේ ප්‍රථම වතාවටය .//

      මේ අයට උදේ හවා පානක් පත්තු කරන්න ඕන. ජී එම් ඕ එකේ පිළිමයක් හොයා ගන්න පුළුවන් කොහෙන්ද? ගන්න පුළුවන් තැනක ලිපිනයක් හෝ ටෙල් අංකය දෙන්න. ඒක බුදු පහන ගාවින්ම තියන්න කොටසක් හදා ගන්නවා. ඊට පස්සේ සුවඳ දුම් අල්ලලා පහන තිය්නන්නම්. අනෙක් හැමොමත් කරුණාකර මේක කරන්න. ආර්ථික සම්භාදක වලඉන් රට බේරගත්ත මේ කට්ටිය ගැන අපි මීට වඩා ගරු කිරීමක් කරන්න ඕන. හිලරි ටත් කොකා පෙන්නපු මේ කට්ටිය මුළු ලංකාවටම ආඩම්බරයක්.

      Delete
    2. සුජීව මහත්තයාලගේ අම්මා විමල් වීරවංශලගේ ගෙදර ලගද හිටියේ ඉස්සර?

      Delete
    3. කුහක කම උපරිමයි. ත්‍රිවිල් වල දෙකට නමලා රෝගීන් අරං යනවට වැඩිය මේ සේවය දහස් ගුණයක් හොද නැද්ද?

      Delete
    4. ඔබතුමාගේ ස්වේච්චා සේවයට බොහොම ස්තුතියි. ඕව බොහොමයක් දෙනා නොකරන වැඩ. (හැබැයි ස්වෙච්චා සේවයට කවුරුන්වත් සතයක් වත් ඉල්ලන්නේ වත් දෙන්නේ වත් නැත - එතකොට එය ස්වෙච්චා සේවයක් නොවන නිසා)

      දැන් අපිට මෙවැනි සාර්ථක ප්‍රවාහන සේවයක් තිබෙන එකේ, ඉතින් ඔබතුමා වගේ සෞක්‍ය සේවා ආපදා කළමනා කරණය පිලිබඳ පස්චාත් උපාදි පුහුණුවක් ලද අය, මෙතන දැන් අඩුපාඩුවට තිබෙන ප්‍රථමාධාර දීම, ඩිෆිබ්‍රිලේටර් දැමීම, ඉන්ජෙක්ෂන් කටු ගැසීම වැනි දේවල් ටිකත් පුහුණු කිරීම සම්බන්දිකරණය කරන්නට ඉදිරිපත් වේ යයි මම ප්‍රර්ථනා කරනවා. එතකොට අපි තවත් පියවරක් ඉදිරියට නේද?

      ඔබට ජය වේවා!

      Delete
    5. @හැට්ටර් ඒ සඳහා මම හිතන්නේ රජයට යෝජනාවලියක් මේක ගේන්න කලින්ම කරා. රජය විසින් තමයි අදාල පහසුකම් සපයා නැත්තේ.

      Delete
    6. GMOA Vs. Hillary Clinton, you should post this nonsense on Nalin De Silva's blog

      Delete
  6. මේ ඇම්බියුලන්ස් සේවය හරහා රොගී වෙන සියළුම ශ්‍රී ලාංකිකයන්ගේ සියළුම සෞඛ්‍ය සම්බන්ධ විස්තර ඉන්දියාවෙ රෝ ඔත්තු සේවය ලබාගන්නවා. ඒවගේම ඒවා ඇවිදින ඇන්ටෙනා වගේ. ලංකාවේ සිදුවන සියළුම මොබයිල් ටෙලිෆෝන් කථා බහට රෝ සංවිධානයට සවන් දෙන්න පුළුවන්. දැනටමත් ඉන්දියන් කාරයෝ 1000 ක් පමණ සිංහල භාෂාව ගැන පුහුණු කරල තියෙන්නේ. ඒ කථා බහ පරිවර්තනය කරල තියාගන්න. ඔය ආණ්ඩුවෙ ලොකු මහත්තුරු කොටු පණින ඒව ඔක්කොම රෝ ඔත්තු සේවය රෙකෝර්ඩ් කරලා රාජ්‍ය රහස් ලබා ගන්න ඒගොල්ලන්ව බ්ලැක් මේල් කරන්න යොදාගන්නවා. ඒ එක්කම හදිසි අවස්ථාවකදි ඔක්කොම ඇම්බියුලන්ස් එක වෙලාවටම ඉන්දියාවේ සිට රිමෝට් කන්ට්‍රෝල් එකෙන් ක්‍රියා විරහිත කරන්නත් පුළුවන්. වෙන එකක් තියා මෝඩි මෙහෙ එනකොට ඒ රිමෝට් එක අරගෙන ඇවිත් තියෙන්නේ මිනිහට අරියාදුවක් එහෙම කළොත් ඔක්කොම ඇම්බියුලන්ස් එකපාර නවත්වන්න.

    ReplyDelete
    Replies
    1. අපේ ජාති මාමක වෛද්‍ය වරුන්ට, පරිපාලන නිලධාරීන්ට සහ හමුදා නිලදරින්ට වරදාන දීල කොක්කගහගන්න රෝ එකට බැරිවුනා නිසා තමයි අම්බුලන්ස් එවලවත් කරන්න ට්‍ර්ය්කරන්නේ.

      Delete
  7. මානසික රෝගීන්ට කරන්ට් අල්ලන්න හොදනම් අනික් රෝගීන්ට කරන්ට් වැදුන ට මක් වෙනවද මැරෙන්නේ නැතිනම්

    ReplyDelete
  8. ගොමා එකේ නලින්ද හේරත් මහතා කියන්නේ අනුරාධපුර පැත්තේ ඇතුලට වෙන්න තියෙන බොහොම දුෂ්කර පළාතක කෙනෙක්. උසස් පෙලට බොහොම අඩු ලකුණු ප්‍රමාණයක් අරං, යන්තං කෝටා එක නිසා මෙඩිකල් ආවේ. මෙතුමා ඉස්සර සයිටම් එකේ ඉන්නා ළමයිගේ උසස් පෙළ ප්‍රතිපල ගැන කතා කරා. ඒ ළමයිට මෙඩිකල් කරන්න බෑ, උසස් පෙළ ප්‍රතිපල මදි වගේ කතා කිව්වා හරියට. හැබැයි සයිටම් එකේ උසස් පෙළ හොදටම පාස් උන, A 3 අරං Z ස්කෝර් එකත් හොදම ළමයි ඉන්නවා. එහෙම වෙලා තියෙන්නේ නලින්දලා වගේ අය අඩු ලකුණු අරං කෝටා එකෙන් රජයේ මෙඩිකල් ෆැකල්ටි වලට යන නිසා.

    කොහොම හරි නලින්ද හේරත්ගේ උසස් පෙළ ප්‍රතිපල හෙළි උනාම පස්සේ දැන් මෙය සයිටම් එකේ අයගේ උසස් පෙළ ප්‍රතිපල ගැන කතා කරන එක නැවැත්තුවා.

    අපේ ඩොක්ටර් රුවන් කියනවා වගේ ග්‍රාමීය පසුගාමීත්වය සමගින් එන කුහක කම තමයි මොහුගෙන් මේ එලියට එන්නේ. අච්චර වටිනා ගිලන් රථ සේවයටත් ඇද කුද හොයන්නේ ඒකට විරෝධය දක්වන්නේ ඒ නිසා. හැබැයි මේ සේවාව මගින් හදිසි ප්‍රතිකාර ලබලා ජීවිතය බේරාගත්තු දහස් ගණනක් ජනතාව ඉන්නවා. ගැබිණි මව්වරුන්ගේ, රිය අනතුරු වලට ලක්වන අයගේ වගේ සැහෙන දෙනෙක්ගේ ජීවිතය බෙර ගත්තා. කොටින්ම කිව්වොත් මහින්ද රාජපක්ෂගේ මැයි රැස්වීමේ හිටපු කිහිප දෙනෙක් විජලනය නිසා අසනීප උනාම ඒ අය කතා කරලා තිබ්බෙත් මේ ගිලන් රත සේවයට. ඒක ක්ෂණිකව ඇවිත් බේරා ගත්තේ රෝගීන්. ත්‍රිවිල් වල දෙකට නමලා රෝගීන් අරං යනවට වැඩිය මේ සේවය දහස් ගුණයක් හොද නැද්ද?

    ReplyDelete
  9. ගොබ්බ මහින්දගේ එවුන් හරි දක්ෂයි බිල්ලෝ මවන්න. විදුලි පුටුව ඒවගේ තමයි. කෝ දැන් විදුලි පුටුවත් නැහැ. ඒකගැනම කියවපු ගොබ්බ මහිද වැඩියොත් නැහැ. දැන් කියයි GOMA එකට භයේ UN එක විදුලි පුටුව අකුලලා දැම්මා කියයි.
    ඇම්බියුලන්ස් ගැනත් ඒ වගේ බිල්ලෙක් තමයි මැවුවේ.
    නමුත් GMOA එකේ ගොබ්බ බයියෝ චීනය ගැන මුකුත් කියන්නේ නැහැ. මහින්දටයි ගෝඨාටයි බයයි.
    GMOA බයියනේ මේකත් කියවමුද?

    http://www.ceylontoday.lk/print20170401CT20170630.php?id=20599

    ReplyDelete
  10. ඇයි ඔවුන් අපට ගිලන්රථ පිරිනමනු ලබන්නේ

    පලමු අදියරෙන් ගිලන්රථ පිරිනමනු ඇත
    දෙවන අදියරෙන් වෘත්තිකයන් ගෙන්වනු ඇත.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook