Saturday, May 13, 2017

ලිංගික ශ්‍රමිකයන් ගැන ලියවුනු අනුවේදනීය ගීතයක්





 වේසීලා දුක් විඳලා... කම්මලේ යකඩ තලා... 
මුළු ගතම වෙහෙසුනා, දහඩියෙන් නැහැවුනා
කුසගින්න නවා ගන්න මෙමා යකඩ තලන්නා


පාන්දරින් නැගිටලා... දෙවියන් වැඳ පුදලා...
දරුවන් මුව සිඹලා... ගිනි මැලය දල්වලා...
යකඩ ගිනියම් කරලා... ගොනුට ලාඩම් හදලා...
ගැලට පණ උපදවලා... දවසෙ වැඩ අරඹාලා...

මුළු ගතම වෙහෙසුනා, දහඩියෙන් නැහැවුනා
කුසගින්න නවා ගන්න මෙමා යකඩ තලන්නා
වේසීලා දුක් විඳලා... කම්මලේ යකඩ තලා... 

17 comments:

  1. රුවන්, වේසියො කියන්නෙ මේ ගොල්ලන්ට නෙමේ. වේසියො කියන්නේ තමන්ගෙ මිනිහා ඉන්නකොට, වටේටම පත්තිනි ටෝක් දිදි ගිහින් හොරෙන් වෙන බල්ලෙක් එක්ක දපන උන්ට. මේ මිනිස්සු කරන්නෙ නැති බැරි කමට ‍රැකියාවක්. උන්ට ගරහන එක පවු. සැබෑ වේසියො අරුන්.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කිව්වේ අනුවේදනීය ගීතයක් කියල​

      Delete
  2. පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ
    අඳුරේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ

    ReplyDelete
  3. ලිංගික ස්‍රමිකාවියන් ගැන මම අහපු හොඳම සින්දුව ජොලි සීයා කියන ලලක්කා ගීතය

    ReplyDelete
    Replies
    1. ලලක්ක කාටත් විකිනුවෙ සුරසැප .ඒ වගේම තමන් ලගට එන හැමකෙනෙකුගෙම පුද්ගලිකත්වය ආරක්ෂා කරා වගේම හැම පෝයටම සිල්ගත්ත. එදාට හරියටම සීලෙත් රැක්ක.අනුන් කරන රැකියාවලට බකට් දැම්මෙත් නැහ.බොරු සාහිත්‍යය වර්නනා නැතුව ඇත්ත ඇතුලාන්තය කියනවා.

      Delete
  4. අම්මේ ඩොක්ට ඔයාත් මාරයිනේ..

    ReplyDelete
  5. ලෝකයේම පාරනම් වෘත්තියට ගීත ලියවුනා මදිය. ඔවුනුත් කරන්නේ රැකියාවකි.

    ReplyDelete
  6. විහිළුවක් නේද?

    නැතිනම් කිසිම අදාල කමක් නෑනේ

    ReplyDelete
  7. මම ඔවුන් කරන රැකියාවේ හරි හෝ වැරැද්ද සොයන්න යන්නේ නැත. සමහරක් විට වැරදි වෙන්න පුළුවන්. නැත්නම් හරි වෙන්න පුළුවන්.

    නමුත් මේ වචනය " වේසීලා " ශිෂ්ට සම්පන්න නොවේ යැයි මට සිතුනි.

    ReplyDelete
  8. I had seen them as untouchables until i interviewed some of them at the Welikada prison. Those stories proved I was wrong. No woman will let a man, who doesnt love her, to play with her body. But they allow any man to use them as they have few mouth to feed at home. So I stop calling them as prostitutes but as workers, who are being exploited by men.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook