Saturday, May 27, 2017

සහනාධාර යටිමඩි ගැසීම


අධික වර්‍ෂාව නිසා ඇති වූ අපදාවලින් මේ වන විට 122 දෙනකු මියගොස් 93 දෙනකු අතුරුදන්වී ඇත​. අවතැන් වූ පිරිස ලක්‍ෂ 5 කට ආසන්නය​. ආපදාවට මුහුණ  දීමට ශ්‍රී ලංකාව විදේශ ආධාර  ඉල්ලා තිබේ. ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා සහනාධාර  රැගත් පළමු ඉන්දිය නෞකාව කොළඹ වරායට ළඟාවී තිබේ.  ටකරං සහනාධාර , සුනාමි සහනාධාර හොරකං කරන ලද දේශපාලකයන් සිටි රටක මේ අවස්ථාවේදී විදේශ වලින් ලැබෙන සහනාධාර සුපුරුදු පරිදි හොරා කනු ඇත​. අන්තිමේදී විපතට පත් ජනතාවට ලැබෙන්නේ දංකුඩ පමණි.

(පින්තූරය ශ්‍රී ලාල් ඩයස්ගේ මුහුණු පොතිනි ) 

9 comments:

  1. මිනිස්සු එකතු කරලා දෙන දේවල් ඊට වඩා ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. ආපදාවකදී රජය කියන යාන්ත්‍රණය කැඩී යනවා

      Delete
  2. ඩොක්ට .
    අපේ ජාතිය හරි දීන ජාතියක්. රටට ජනතාවට කෙළ උන හැම වෙලාවේම ඉන්නෙත් හිටියෙත් ජනතාවට ජනතාවම විතරයි.

    ඒත් පාර්ලිමේන්තුවට අපේක්ෂකයා තෝරද්දී උං උන්වම මරගන්නවා. පාර්ලිමේන්තු යන එකා මුන්ව පයිසෙකට ගණන් නොගෙන ඌ හැදෙනව.

    @ ජනතාවට සේවය කරන්න කෝටි 4 වාහන.
    @ ජනතාවට කතා කරන්න 100,00/- දුරකථන බිලක් ගෙවනව
    @ ජනතාවගෙ ප්‍රශ්න කතා කරන්න පාර්ලිමේන්තු එනවට තව ගානක් ගෙවනව
    @ ගමේ ජනතාවට සේවය කරන්න කොළඹින් ගෙයක් ගන්න තවත් කෝටි ගණනාවක් ගෙවනව

    පිළිකා රෝහලේ උපකරණත් ජනතාවම එකතු වෙලා අරනදෙනවා.

    නියඟ, නාය යෑම, වැහි කුණාටු ගං වතුරත් හැම මගුලකදිත් ජනතාවම එකතුවෙලා පුළු පුළුවන් විදිහට උපකාර කරගන්නව. ප්‍රශ්න විසඳ ගන්නව.

    හැබැයි මහත්තයෝ පට්ටම හිලේරියස් කියන්නෙ, අද මේ දුකට පත්වෙලා දේශපාලකයෝන්ගේ අම්ම මුත්ත මතක් කරලා හෙන ඉල්ලන ජනතාව, හෙට චන්දයක් ආවොත් උන්ටම කතිරෙ ගහන්නෙ උදේ පාන්දරම ගිහිල්ල.

    මේ සිස්ටම් එක වෙනස් කරන්නනම් මහත්තයෝ තමන්ට තමන් විතරයි කියන ආත්මාර්ත ගතිය තමන්ට දැනෙනකන් මේ ලංකාවට කවදාවත් ගොඩ යන්නෙ නැහැ. පුළු පුළුවන් තරම් ගොඩ කරනව. රජයේ ඉඩම් බලෙන්ම අල්ලාගන්නව. ගංගාවල් පිටාර ගලනව කියල දැනගෙනම එතන අට්ටාලයක් පැල්පතක් හදනව.

    මේ ඔක්කොම වැරදි කරන්නෙ මිනිස්සුමයි. අන්තිමට හෙන ඉල්ලන්නෙත් උන්මයි.

    ෂෝක් රටක්..!! ෂෝක් මිනිස්සු ටිකක් ඊටත් හපන්..!!

    ඔය විදේශ ආධාර කියල නැව් ආවත් වෙන්නෙ ඕක. නැවේ බඩු දෙපාර්තමේන්තුවේ ගබඩා වලට ආවහම මුලින්ම ඒකෙ හොඳම ආධාර ටික අරං යන්නෙ දෙපාර්තමේන්තු ලොක්කන්ගේ පවුලේ උදවිය.

    ඉතිං ලංකාවට ස්වාභාවික විපත් වැඩිවෙන එක අහන්න දෙයක්ද ඩොක්ට?

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++
      පට්ටම ඇත්ත තමයි ටික්කෝ.

      Delete
    2. ටික්කාMay 27, 2017 at 11:41 PM
      ඩොක්ට .

      අනේ මේ ඔයි! අනම් මනම් බයිලා ලිය ලිය ඉන්නේ නැතිව කියක් හරි එවනවා කෙල වෙච්ච එවුන්ට ලැබෙන විදිහකට
      ලැබෙන්න .ලංකාවේ සමාජසත්කාරකයින් හොරකරනාවානම් ,ඔය තමුසේලා ඉන්න රටවල්වලත් තියන රතු කුරුසෙන් හරි එවනවා විකාර නොකියා

      Delete
    3. //,ඔය තමුසේලා ඉන්න රටවල්වලත් තියන රතු කුරුසෙන් හරි එවනවා විකාර නොකියා//

      ඇයි,ඒකත් හොරා කන්නවත්ද?

      මට පොඩි සැකයක් තියනවා, මේ ඇනෝමවුසා, අර කිව්ව දේසපාලු හොර නඩේ පවුලක එකෙක්වත්ද කියලා :)

      Delete
    4. ටික්කා රටට ජනතාවට කෙළ උන හැම වෙලාවේම ඉන්නෙත් හිටියෙත් ජනතාවට ජනතාවම විතරයි සහතික ඇත්ත

      Delete
  3. දේසපාලු හොර නඩේ පවුලක එකෙක්වත්ද
    ඔව් ඕයි ඕව්, එහෙම එකෙක් තමයි
    ඉක්මනට එවනවා ඕයි!
    හොරකන් කරන්න හරි මෙලොදෙයක් නැ
    එවන්නේ නැත්නම් තියා ගන්නවා
    නිකම් බයිලා කියන්නේ නැතිව

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook