Sunday, May 14, 2017

වාමාංසිකයා පුනරුත්ථාපනය කිරීම

වැඩිම කුහක කම් ඊර්‍ෂ්‍යාවන් වලින්  කුඩුකේඩු කමින් පෙලෙන මිනිසුන් ඉන්නෙ  ලංකාවේ වමේ වියාපාරය තුලයි.මෙහෙම වෙන්නෙ ඇයි ? මේ සඳහා යම් හේතු කාරකයන් තිබෙනවාද ? සහෝදරයා කියා කටපුරා කතා කලාට ව්‍යාපාරය අත් හැර ගියොත් සහෝදරයා කියා කටපුරා කියූ එකා ද්‍රෝහියෙකි. හැකිනම් ඌට පිහියක් බැස්සීමට හෝ ගල්කටස් පාරක් දීමට වමේ අයියලා පසුබට නොවේ. මත්පැන් නොබොන , දුම් නොබොන යූඑන්පී කාරයා , ශ්‍රී ලංකා කාරයා ලඟ නැති විනයක් පෙන්වන මේ වම්මුන් හිටි හැටියේම අන්ධව තිරිසනුන් වගේ මහා වයිරයකින් දේශපාලනිකව ගනුදෙනු කර ගන්නේ ඇයි? ඩාස් කැපිටාල් ගැන , හතරවන ජාත්‍යන්තර ගැන කතා කලාට පොඩ්ඩ ගැස්සෙන කොට ලේ සුවඳම සොයන්නේ ඇයි  ?

41 comments:

  1. මෙම ලිපියෙන් සහ මීට කලින් ලිපි2කදී මෙම රචකයා බලාපොරොත්තු වන්නේ පාඨකයන්ගේ මානසික තත්වය අධ්‍යයනය කිරීමයි.
    මේවාට කොමෙන්ටු දැමීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
    I know the psycology පුතා මට බොරුකරන්න එපා.

    ReplyDelete
    Replies
    1. නිමල් ජයසිංහMay 14, 2017 at 10:43 AM

      මා අවබෝධ කරගෙන සිටින පරිදි මුලදී වාමාංශික ව්‍යාපාරවල අය බටහිර අධ්‍යාපනයලත් ධනවාදය සහ සමාජවාදය පිළිබදව හසල දැනුමක් ලද්දෝය.ඇන් ඇම්, කොල්වින්,ඇස්.ඒ. වික්‍රමසිංහ,ප්‍රමුඛ විශාල පිරිසක් ඒඅතරවිය.1960 ගණන්වලින් පසුව සමාජවාදි ලේඛණවල උධෘත පමණක් කටපාඩම් කරගත් පිරිසක් පෙර සදහන් කල උගතුන් පරයා පෙරට ආකල ඔබ දක්වා ඇති““වැඩිම කුහක කම් ඊර්‍ෂ්‍යාවන් වලින් කුඩුකේඩු කමින් පෙලෙන මිනිසුන් ඉන්නෙ ලංකාවේ වමේ වියාපාරය තුලයි.““ පිරිස බිහිවිය. මොවුන්ගේ කුහක කම් පොත් ගණන් ලිවිය හැක. මාගේ කෙටි දැක්ම එසේ දක්වමි.

      Delete
  2. ලංකාවේ වම 1964 දී මිය ගිය බව මතක තබා ගන්න. ජ.වී.පෙ. හෝ ඉන් අවශේෂ වූ කොටස් කිසිවිටක වම නොවේ. කිසියම් දේශපාලන ව්‍යාපාරයක් වාමාංශික ව්‍යාපාරයක් ලෙස හදුන්වන්නට තිබිය යුතු මූලික ම සුදුසුකම කුමක්ද? දේශපාලන ව්‍යාපාරයක් වාමාංශික ලෙස හැඳින්වීමට පටන් ගත්තේ කොතනින්ද ? අභියෝගයක්...?

    ReplyDelete
  3. දැකෙති මිටි ගනිව් - අන්තිම සටනට සැරසියව් කියලා උගන්නන්න පටන් අරගෙන පස්සේ කරුණාව මෛත්‍රිය කියලා දෙන්න බැහැනේ. ඉතින් මැරෙන තුරුම වෛර කරනවා.

    ReplyDelete
    Replies
    1. ගොන් හරකො දෑකැත්තයි මිටියි කියන්නේ යුද්දෙට යන්කොට ගන්න ආයුද දෙකක්ද?
      දෑකැත්තෙන් නිරූපනය වෙන්නෙ ගොවියව, මිටියෙන් නිරූපනය වෙන්නෙ කම්කරුවව...................
      අනේඋබල වගේ මෙලෝ මගුලක් නොදන්න හරක් නෙ බන් ලන්කාවෙ ඉන්නේ....................

      Delete
  4. අතාර්කික කතාවකි................

    ශ්‍රීලාන්කිකයා යනු කොහොමත් ඉරිසියාවෙන් කුඩුකේඩුකමින් පෙලෙන කොටසක් බව ඔප්පුකර ඇත...............සුප්‍රකට විහිලු කතාවක් වන අපායේ සෑම රටකටම වලවල් අති බවද ඵ් ඵ් රටවල වැසියන් තමුන්ගේ රටට අදාල වලට දමා වලේ කට වටා ආරක්ශාවට යමපල්ලන් මුර කරන නමුත් ලන්කාවේ වල වටා කිසිදු යමපල්ලෙක් නොමැත්තේ, වල කටට අමාරුවෙන් බඩගාගෙන යන ඵකෙක් ඇද දැමීමට වලේ සිටින ශ්‍රිලාන්කිකයන් කටයුතු කරන නිසා බව, පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර ඇත්තේ ජෙප්පෙක් හෝ පෙරට්ටෙක් නොවෙ............හිටපු අගමතියකු වන මාගේ මතකය නිවැරදිනම් කොතලාවල මහතා පාර්ලිමේන්තුවේදිය................

    ඵ් නිසා ලන්කාවේ වැඩිම ඊරිසියාකාරයන් වාමාන්ශිකයන් බව කීම මෝඩ කතාවකි..................ඵය කියන්නට කිසිම සාදකයක් නොමැත්තේය...................

    ශ්‍රීලාන්කිකයන් යෞන් කොහොමත් ඊරිසියාකාර පසුගාමී මිනිසුන් බව කියන්නේ අප නොවේ උන්ගේ චන්දෙන්ම පත්වූ නායකයෝය.................

    ඔබ කලින් පෝස්ටුවක සදහන් කල පරිදි ඊරිසියාව නිසා මිතුරන් විසින් වයිද්‍ය සිසුවකුට පහර දී පනපිටින් ගිනි තබා මැරු බව ඔබම පවසයි.................ඔවුන් ජෙප්පන් ද???..............ඔවුන් ජෙප්පන් නම් ඵ් බව නොවලහා ප්‍රකාශ කිරීමට මාද්‍ය මහත්වරුන් නොපසුබට වනු ඇත.................

    තමාට වඩා රෝගින් පැමිනෙන නිසා සහෝදර දොස්තර වරයකු මැරූ දොස්තරවරයකු ගැන වාර්තා විය..............මේ හැමෝම ජෙප්පන් හෝ පෙරට්ටන්ද????

    ජෙප්පන් ඔච්චර ඊරිසියාකාරයන් නම්, උනුන් මරාගන්නා අයනම් මේවනවිට බාගයක් ජෙප්පන් මැරි,උන් ටික මැර්‍රීමේ වරදට ඉතිරි ජෙප්පන් හිරේ ගොස් සද් ගුනවත් යූ.ඇන්.පී ශ්‍රී ලන්කා පාක්ශිකයන් පමනක් ඉතිරි වී ලන්කාව පට්ට ලෙස දියුනු වී සාමය සමගිය වැඩිවී මෙරට සුර පුරයක් වී තිබිය යුතුය යුතුය.....................

    කිසිදු සාදකයක් නැතිව පවසන ඔබ තුමාගේ කතාව හිතලුවක් හා හාස්‍යකි......................


    මාගේ නිරීක්ශනය සෙසු අයට වඩා වාමාන්ශිකයන් හිත හොද මිනිසුන් බවය.....................

    සුනාමි ව්‍යසනයේදීද, මෑතකදී සිදුවූ ගන්වතුර ව්‍යසනයේදී ද, වැටුප් ලබන රාජ්‍ය ‍යාන්ත්‍රනයට වඩා පෙරට ආවේ ඔවුන් ය..................

    ජවිපේ දොස්තරලා හා තරුනයන් කල සේවය සමග රජයට හැරෙන්නටද බැරි වුනු අතර, ඔවුන්ට චන්දය නොදෙන බව දැන දැනම ජවිපේ සාමාජිකයන් මිනිසුන්ට උදව් කිරීමා විශිශ්ඨ කරුනක් බව නොබියව පැවසිය යුතුය..................

    මහ පක්ශවල හිගන්නෙකුටවත් ඔවුන් සමග අලගු තියන්නට නොහැකි විය.....................


    පක්ශයකින් කැඩී ගිය විට මරාගන්නා බව පැවසීම නම අතිශෝක්තියකි.....................

    මේ දිනවල ශ්‍රි.ල.නි.ප සහ පොහොට්ටු පක්ශය මරගන්න අතරමට ඔවුන් වාමාන්ශික පක්ශ විය යුතුය.....................

    තමුන් සමග උරන වූ අයට මහින්ද රාජපක්ශ සලකපු ආකාරය දුටු විට , ඔබගේ තර්කය අනුව මහින්ද මාක්ස්වාදියෙක්දැයි සිටේ.........................සිරිසේන මහතා ඉවත් වූ විටද, සරත් ෆොන්සේකා චන්දයට ආ විටද ඔවුන්ව නොමරා මැරූ අතර තමා පරදුනා නම් අඩි හයක් පොලව යට බව මයිත්‍රී මහතා පැවසුවේ ශ්‍රිලනිප මාක්ස්වාදී පක්ශයක් වන නිසා විය යුතුය..................

    ඵජාපය මීට කප් ගසා ඇති අතර, රජාලියා ට යූ.ඇන්.පී නායකයන් කල දේ සිහිකර ගැනීම ප්‍රමානවත්ය....................

    ඵජාපය ලලිත් ඇතුලත්මුදලි මහතාට දුන් දඩුවම මෙන්ම , ඉතා ගැටලුසහගත විජය කුමාරතුන්ග, ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න යනාදි මහත්වරුන්ගේ මරනයන් ගැන සාක්ශ් හැරවී අත්තේ ඵජාපයට ඵරෙහිවය...................

    ඵ් අනුව, මෙතුමාගේ මතය අනුව ඵජාපයද වාමාන්ශික පක්ශයකි...................

    ReplyDelete
    Replies
    1. එකපරටම ඩොක්ටට වාමන්ශික බීතියක් ඇවිත්..

      Delete
    2. මේ ව්‍යාජ මානසික විශේෂඥයෝ වමටගහන්න පටන්ගන්නේ වමට වෛර කරන මානසික රෝගීන් ටිකක් එක්ක එකතු වෙලයි. ස්ටාලින් ගැන මෙයා ලිව්වේ බටහිර සෝවියට් විරෝධී බොරු දාර්ශනිකයන්ගෙන් අරහෙන් මෙහෙව් අහුල ගත්ත ඒවගෙන්.

      Delete
    3. ස්ටාලින් ගැන ලියල තිබුනේ ඉංග්‍රීසියෙන් ඉතින් ඒක ඔහේට තේරුනේ නෑනෙ කොමෙන්ට් කරන්න

      Delete
  5. ප්‍රදාන වාමාන්ශික පක්ශ දෙකක් වන ජවිපෙ සහ පෙරට්ටන් කඩී ගියද කිසිවෙකු මරාගත් බව අප දුටුවේ නැත.

    නමුත් පහුගිය ජනාදිපතිවරනයේදි ඔබට අනුව ප්‍රජාතන්තරවාදී, පරාර්තකාමී කොල්ලන් වන ශ්‍රිලනිප හා ඵජාප පක්ශ දෙක මරාගෙන 5 දෙනකුව වඩා මරු තුරුලට යැවුනු අතර මෑත ඉතිහාසයේ බොහෝ මැතිවරන වලදී 20-25-30 වශයෙන් ඵජාප හා ශ්‍රීලනිප සාමාජිකයන් ඵකිනෙකා මරාගත් අතර , ඔවුන් අතින් සැලකියයුතු ජවිපෙ සාමාජිකයන් ද ඝාතනය විය......................

    ඵ් අනිව සැබෑ මරාගන්නන් කවුදැයි ඔබට සාක්සි සහිතවම පිලිබිබු වේ.........................

    ඵ් නිසා අපට කියන්නට ඇත්තේ , හාස්‍ය ජනක හිතලු මත නොව සාදක සොයාබැලීමේදී නියම තක්කඩියන් කවුදැයි නිරූපනය වන බවත් වාමාන්ශිකයන් පුනුරුත්තාපනය කිරිමට කලින් ,
    නිවැරදිව කරුනු දැනගෙන, වැලදී ඇති ෆෝබියාවට ද බෙහෙත් ගෙන පුනුරුත්තාපනය වී පැමිනීම කාටත් ගුණ බවය................................

    ReplyDelete
    Replies
    1. මේ ගැන අපි කලින් කතකරලා තියෙනවා................88-89කියන්නේ සිවිල් යුද්දයක්...........පාර්ශ්ව ගනනාවක් සම්බන්ද වුනු නුල් බෝලයක්.............
      ඵ් වගේ සිවිල් යුද්දයක් ඇතුලෙ ඔබ කියන ජාතියෙ දේවල් වෙන්න පුලුවන්..............

      අනික 88-89 දි ඔය වගේ ඝාතන උනේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අතින් පමනක් නෙවෙයි................

      88-89 සිවිල් යුද්දයේදී පවා ඉතාම නින්දිත ලෙස තමුන්ගේ අයව මරා දැමුනේ වාමාන්ශිකයින් නෙවෙයි...................

      තමාගේ රජය වෙනුවෙන් සටන් කල හමුදා සෙබලුන්ගේ පවුල්වල අය , රජයේ අතුරු ඝාතන කල්ලි විසින්ම මරා දැමූ බව කුප්‍රකටයි.................

      ඵ් වගේම විජය කුමාරතුන්ග,

      ප්‍රේමකීර්ති ද අල්විස්,

      සාගරිකා ගෝමස්,

      නිහාල් සිල්වා,

      මේ අය ඵවකට රජය වෙනුවෙන් පෙනී සිටි අවන්ක මිනිසුන්.................මේ හැම දෙනාවම මරාදැමුනේ ඔවුන් පෙනීසිට් රජයේ අය විසින්මයි................

      ඵ් නිසා 88-89 දී හුදකලා සිදුවීම් කීපයක් හැරුනු කොට(ඵ්වත් වැරදි තමයි ) උනත් වාමාන්ශිකයන් නෙවෙයි ඔය දේවල් කලේ............... කොටින්ම සිවිල් යුද්දයේදි උනත් රජයට වඩා ඉහල විනයක් සටන්කමින් පල කලා..............

      දැන් 88-89 ඉවර වෙලා අවුරුඩු 30.
      ඊට පස්සේ තත්වය ගැන කතා කරන්න ඔන නෑ නෙ දොස්තර මහතානනි.................අපි අලුතින් හිතමු................

      Delete
    2. ප්‍රධාන වාමාංශික පක්ෂ දෙක ජ.වි.පෙ. හා පෙරටුගාමීන් ???? හුටා අනේ ඔබේ දේශපාලන දැනුම. පුලුවන්නම් මගේ අභියෝගයට උත්තර දෙනවද?

      Anonymous May 14, 2017 at 10:46 AM

      ලංකාවේ වම 1964 දී මිය ගිය බව මතක තබා ගන්න. ජ.වී.පෙ. හෝ ඉන් අවශේෂ වූ කොටස් කිසිවිටක වම නොවේ. කිසියම් දේශපාලන ව්‍යාපාරයක් වාමාංශික ව්‍යාපාරයක් ලෙස හදුන්වන්නට තිබිය යුතු මූලික ම සුදුසුකම කුමක්ද? දේශපාලන ව්‍යාපාරයක් වාමාංශික ලෙස හැඳින්වීමට පටන් ගත්තේ කොතනින්ද ? අභියෝගයක්...?

      Delete
    3. @ AnonymousMay 15, 2017 at 2:42 AM

      කලින් තිබුනු( 1964 ) ඵක පමනක් වම කියන්නේ ඇයි???

      ජවිපෙ පෙරටුගාමී හා 1964න් පසුව ආ අනෙකිත් වාමාන්ශික පක්ශ වාමාන්ශික ඵ්සේ හැදින්විය නොහක්කේ ඇයි???

      Delete
    4. මගේ අභියෝගයද එයයි.

      "වම" යනු කවරක්ද? අර්ථ දක්වන්න? එය දේශපාන ශබ්දකෝෂයට ආවේ කෙසේද?

      Delete
    5. වම කියන්නෙ ස්ටේට්ජෙනරල් සබාවේ වම් පැත්තේ ඉදගත්ත අයනෙ...............

      කතාව ඵ්ක නෙවෙයිනෙ, 1964ට කලින් අය විතරක් වම කියලා හදුන්වන්න පුලුවන් වෙන්නෙ ඇයි?????

      Delete
    6. වම් පැත්තේ ඉඳගත් නිසාම නොව ඔවුන් ජනතාවාදී ප්‍රගතිශීලී අදහස් වලින් සන්නද්ධ සහ ප්‍රායෝගිකවම ප්‍රගතිශීලී පීඩිත ජනය සඳහා වූ ව්‍යාපාරයක් වූ නිසාය. ලංකාවේ 1964 දී වූ මහා පාවාදීම තුළ එතෙක් පැවති නිර්ධන පන්ති වාම ව්‍යාපාරය සුන් විය. න.ස.ස.ප. එය නැවත ගොඩ නැගීමට යම් අරගලයක් කළ මුත් එය ඔවුන් විසින්ම අත් හළේය. වී.කො.ස. ජනතාවගෙන් හුදකලාවූ ව්‍යාපාරයක් විය.
      දැන් ජ.වී.පෙ. පෙරටුගාමින් වැනි ධනේශ්වර සේවකයෝ ඉතිහාසය පුරාම ධනේශ්වරයට සේවය කරමින් පීඩිත ජනයාව සෑම තීරණාත්මක අවස්ථාවකදීම ධනේශ්වර දැන් ගෙඩියට බිලි දුන් ඔවුන් කිසිදා වාමාංශිකයන් ලෙස හැදින්වීම ඉතිහාසය පුරාම පීඩිත ජන අරගලවල යෙදුන ජීවිත පරිත්‍යාග කළ ලේ හැලූ වීරයන්ට කරන්නාවූ අපහාසයකි. ජාතික ප්‍රශ්නයේදී ඔවුන් දරන ප්‍රතිගාමී අදහසම ඇති ඔවුන් කවුදැයි හඳුනා ගැනීමට.
      හුදෙක් තොල් අග වාමවාදී වදන් මැතුරුවට ක්‍රියාකාරිත්වය වාම විරෝධී ප්‍රතිගාමී නම් ඔවුන් වාමාංශිකයන් නොවේ. එසේ වන්නේ නම් එ.ජ.ප.යද ශ්‍රී.ල.නි.ප.ය.ද? වාමාංශික ව්‍යාපාරලෙස නම් කළ හැක.

      Delete
    7. තොල් අග වාමවාදී වදන් මැතුරුවට ක්‍රියාකාරිත්වය වාම විරෝධී ප්‍රතිගාමී නම් ඔවුන් වාමාංශිකයන් නොවේ. athha

      Delete
  6. පැරණි වමේ ව්‍යාපාරය තුල ඉරිසියාව තිබුණද පිහි බස්සන්නට ගියේ නැත. පිහි බස්සන්නට පටන්ගත්තේ සුපිරි විප්ලවාදින් කරළියට පැමිණීමෙන් පසුවය.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. උඩ නිමල් ජයසිංහ මහතා කියා ඇති පරිදි එවකට සිටි වමේ නායකයින් ආර්ථික දියුණුව සහ මහජන සුබසාධනය ධනවාදී ක්‍රමයකින් කරනවාට වඩා වාමාංශික ක්‍රමයකින් සිදු කල හැකි බව විශ්වාස කලා. ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයකුත් එය විස්වාශ කලා. එය එසේ නොවන බව 1990 ගණන් වල රුසියාවේ සහ ඉන්දියාවේ සිදුවූ දේවල් වලින් ඔප්පු වුණා. එමනිසා අද ලෝකයේ වාමාංශික ව්‍යාපාරය අන්ත වාමාංශික ව්‍යාපාරයක් නොව Center left ව්‍යාපාරයක්. ඒ වෙනස අන්තර්ග්‍රහණය කරන්න ලංකාවේ වාමාංශික යැයි කියා ගන්නා අයට නොහැකිවී තිබෙනවා. එමනිසා ඔවුන් සැමදාම මැතිවරණ පරාජය වෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ අනික් අය හොරු අපි අවංකයි කියන එකට පමණක්ම මහජනයා චන්දය දෙයි කියා. එසේ සිතමින් රුසියාව ඇතුළු ලෝකයම අත්හල ඵලධායීතාවය අතින් ඉතා අඩු නොමිලේ අධ්‍යාපනය , රාජ්‍ය ව්‍යවසාය වගේ දේවල් ගැන විශ්වාස කරමින් මනෝ ලෝකයක ජීවත් වෙනවා.

    ReplyDelete
  9. ලංකාවේ මිනිසුන් තුල කොහොමත් ඊර්ෂ්‍යාව කුහක කම තියෙනවා.බුදුදහම තුලින් මේක නැතිවී යා යුතු වුවත් ලංකාවේ උන් අදහන්නේ බුදුදහම නෙවෙයි වෙන මොකක්දෝ එකක්.වමේ වියාපාරයේ කුහක කම ගැන කතාකරන්න වෙන්නෙ සමාජවාදය හා සමානාත්මතාවය ගැන කතා කරන ආයතන තුල කොහෙත්ම ඊර්ෂ්‍යාව කුහක කම නොතිබිය යුතු නිසයි.මිනිස්සු මරන්නම බිහිඋනු (සතුරෙක් ඇති බව සිතන නිසා) සමාජවාදී වියාපාරය පන්ති වයිරය කියල එකක් ප්‍රමෝට් කරන නිසා ඒක තුලින්ම ඊර්ෂ්‍යාව කුහක කම ඇතිකරනවා.
    සමාජවාදී ලක්ෂණ වලට වඩා මොවුන් තුළ දකින්න ලැබෙන්නේ ගෝත්‍රික සමාජයක ලක්ෂණ
    ගෝත්‍රය තුළ ඉන්නා විට තමන්ගේ එකෙන් කියල පිලිගන්නව.ගෝත්‍රයෙන් පිටමං උනොත් මරාදැමීම කරනව.
    මිනිසාගේ සංස්කෘතික වර්දනයන් විසින් ගෝත්‍රික ලක්ෂණ බොහෝදුරට අතහැර දැම්මත් සමාජවාදය නැමැති වියාපාරය ලංකාව තුල ක්‍රියාත්මක වෙන්නෙ ගෝත්‍රික සංවිධානයක් ලෙසයි.

    ReplyDelete
    Replies
    1. සමාජවාදී ලක්ෂණ වලට වඩා මොවුන් තුළ දකින්න ලැබෙන්නේ ගෝත්‍රික සමාජයක ලක්ෂණ/// ++++++++

      Delete
    2. ඔය කතාව පිලිගන්න අමාරුයි මොහොට්ටි ඔක අතිශෝක්තියක්.......................

      AnonymousMay 14, 2017 at 11:45 AM

      AnonymousMay 14, 2017 at 11:46 AM

      Delete
    3. සෝමවංශ අමරසිංහ ජවිපෙ නායකයා විදියට ඉන්නකොට (පෙරටුගාමී වෙන්වෙන්න කලින්) මද්‍යම කමිටුවේ රැස්වීම් වලට ආවම බොහෝවෙලාවට කරන්නේ නිදාගන්න එකලු.අවසාන කාලයේ නායකයා වසයෙන් නිකන් පෙනීසිටියා පමනයි.නමට හරි පෙනී සිටි නායක කමෙන් ඉවත් වීම එයාට හිතට වේදනාවක්. මට අනුව ටිල්වින් මැරෙන කම්ම ජවිපෙ ප්‍රදාන ලේකම් වේවි.ලෝකෙ හැම සමාජවාදී රටකමත් පක්ෂ වලත් සිදුවුනේ එහෙමයි.කියුබාවෙත් එහෙමයි මල්ලිට තමයි දුන්නෙ.මේවා තමයි ගෝත්‍රික ලක්ෂණ වලින් එක කෑල්ල්ක්.තව විස්තර කරන්න ගියොත් කොමෙන්ට් එක දික්වෙනවා.ඇත්ත ලෝකයේ සමාජවාදීන් දකින්න අමාරුයි.මම දන්නා සැබෑ සමාජවාදියා ප්‍රබන්ද ලෝකයේ ඉන්නා දුයිෂෙන් පමනයි ('ගුරු ගීතය').

      Delete
    4. සෝමවන්ශගේ පවුද්ගලික අරමුන කුමක් වුවද ජවිපෙ සාමාජිකයෝ නව නායකයකු තෝරාගෙන ඔහු සමග සිටගත්හ.............

      ටිල්වින් සිල්වා වියපත් අයකු නොවේ.සෙසු දේශපාලකයන්ට සාපේක්ශව තරුන අයෙකි.ඔහුව ඉවත් කිරීමට සාදාරණ හේතුවක් නැත.................

      නමුත් ඵක්සත් ජාතික පක්ශයේ තත්වය කුමක්ද, මැරෙන තුරු නායකයා රනිල් නොවේද???

      ශ්‍රී ලන්කා නිදහස් පක්ශයට වී ඇත්තේ කුමක්ද???

      පලුවක් මහින්දගේය........ හුන්ඩුවක් මයිත්තිරිගේය............ චන්ද්‍රිකාගේ අවුන්සයක් පමනද සිටිති.............

      නායකත්වයට ඵකිනෙකා කෙලගනී...................

      මේ විගඩම් පක්ශ දෙක දෙස බලන කල ජවිපෙ කොතරම් ඉදිරියෙන්ද???


      ඔය කතාවට හොද උත්තරයක් මම නොවේ ෆිදෙල් කැස්ත්‍රෝ දී තිබේ.....................

      කියුබාවේ විරුද්ද පක්ශයක් නැත්තේ ඇයි ද යන්න ඇසූ කල කස්ත්‍රෝ කියා ඇත්තේ විරුද්ද පක්ශයක් ඇති රටක් මට පෙන්වා දෙන්න කියාය....................

      මොහොට්ටි සිතාගෙන සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු මූනු මාරුකිරීම කියාද???

      මූනු මාරුකිරීම යනු වදුරන්ට ඇපල්ගෙඩි දෙන ආකාරයේ සෙල්ලමකි.........ඵනම් මෝඩයන් සතුටු කරන්නට පෙන්වන සෙප්පඩ විජ්ජාවකි..................

      සැමදා මූනු මාරු වුවද කිසිදා අමන ප්‍රතිපත්ති මාරු නොවෙනවා නම් ඵ් මූනු මාරුවෙන් ඇති පලය කුමක්ද???ඵයට ප්‍රජාතන්ත්‍රවාදය කියනවාද???

      රාවුල් කැස්ත්‍රෝ කියුබානු නායකත්වයට පත්වූයේ ෆිදෙල්ගේ සහෝදරයා වූ නිසා නොවේ...............ඔහු කියුබානු විප්ලවයට සහබාගී වූ විප්ලවවාදියෙක් වූ නිසාය.................

      අනෙත් අතට ලෝකයේ අති බහුතර සමාජවාදී නායකයෝ ආයුද සන්නද්ද විප්ලව වලින් බලයට පැමින ආයුද බලයෙන් පාලනය කල අය නොවේ................ඵසේ වූයේ ඵ්කාදිපති හමුදා සහ රාජකිය පාලනයන් තිබූ රටවල පමනි..............

      ලෝකයේ බහුතර සමාජවාදී නායකයින් බලයට පැමිනියේ මැතිවරන හරහාය..................අඇල්වදෝර් අයියන්ඩේ, ආර්බෙන්ස්, පැට්‍රිස් ලුමුන්බා, ජුලියස් නියරේරේ වැනි ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වුනු නායකයන් ගනනාවක් ඇමරිකානු සී.අයි.ඵ් මිනීමරුවන් විසින් ඝාතනය කල අතර, කැස්ත්‍රෝ වැනි නායකයින් සිය ගනනක් ඝාතන කුමන්ත්‍රන වලට ලක් විය......................

      මොහොට්ටිලා පෙනී සිටින ප්‍රජාතන්ත්‍රවාදය නම් ඵක ඔන්න ඔහොම ඵකක් වන අතර..................
      ඵහි සිටින්නේ කිසිම දිනක ගෙදර නොයන රනිල්,මහින්ද වැනි නායකයින්....................
      ඵකම පන්තිය දෙකට බෙදී චන්දය ඉල්ලා චන්දෙන් පස්සේ සෙට්වී ගේම ගහන බහු පක්ශ ප්‍රජාතන්ත්‍රවාදය(ඇමරිකාවේ රිපබ්ලිකන් ඩිමොක්ට්‍රටික් සිට ශ්‍රි ලන්කාවේ ඵජාප, ශ්‍රි ලනිප දක්වා )
      ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිනි නායකයින් මරවා ජාතිවාදී ඵ්කාදිපතිත්වයන්ට රටවල් තල්ලුකරන සී.අයි .ඵ් ප්‍රජාතන්ත්‍රවාදය.....................
      වැනි ඇග කිලිපොලා යන පන්නයේ විහිලු වේ.....................

      මොහොට්ටිට අනුව, නායකයන් මැරන තුරු ගෙදර නොවන්නේ වාමාන්සික පක්ශ වලය.................

      ඵ් අනුව ලන්කාවේ වාමාන්ශික පක්ශ,
      1.ඵක්සත් ජාතික පක්ශය-රනිල් දුම්මල ගැහැව්වත් ගෙදර නොයයි.

      2.ශ්‍රිලනිප-මහින්ද පලුව හා මයිත්තිරි පලුව දෙදෙනාගෙන් ඵකෙක් මරෙන තුරු නායකත්වය ට ගල උඩ කඩු පයිට්ය.


      ලන්කාවේ දනපති පක්ශය

      1.ජවිපෙ-සෝමවන්ශ ගෙදර ගොස් අනුර කුමාර නායකයා විය..................

      මේවා ඉල ඇදෙන මාරාන්තික විහිලුය.................

      ඔන්න ලන්කාවේ බුද්දිමත් ජනතාව..............................

      Delete
    5. ජවිපෙ-සෝමවන්ශ ගෙදර ගොස් ////// ?????? ගෙදර යැව්වනේද ?

      Delete
    6. මූනු මාරුකිරීම ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නෙ කව්ද? එහෙමනම් චීනයත් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕන.ඒ ගොල්ල අවුරුදු පහෙන් පහට මූනු මාරු කරනව .ලංකාවේ වමට චීනය සමාජවාදී උනාට සමහර දියුණු වාමාංශිකයන්ට අනුව ඒක හදුන්වන්නෙ රතුදනවාදය කියල.
      ජුනියස් නියරේරේට කව්ද සමාජවාදියෙක් කියන්නෙ.සැන්සිබාරයේ විප්ලවය කරපු කරුමේ ව (රෝහන විජෙවීරගෙ ලුමුම්බා සගයෙක්) මරා දමපු ඝාතකයෙක්.කියුබානු ජනාධිපති ලෙස රාවුල් පත්වීම ගැන බොහෝ අය කියන කතාවක් තමයි එයා මල්ලි නිසා නොවෙයි කියුබානු විප්ලවයෙ ආරම්බයෙ ඉදල ඉන්න නිසා තමයි ජනාධිපති වුනේ.ඒත් හුග දෙනෙක් නොකියන කතාව තමයි පිදෙල් අයින් වෙනකොට ජීවත්ව හිටපු ජේස්ඨතම ආරම්බක විප්ලවීය නායකයා ජුවන් අල්මේදා ගැන,එයාට ජනාධිපති කම දුන්නෙ නෑ මොකද එයා කලු ජාතිකයෙක් නිසා

      Delete
    7. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකක්ද කියල මේ ඇනෝට වැටහෙන්නෙ නැති පාටයි. බහුපක්ෂ තිබෙන මැතිවරනවලින් තම නියෝජිතයන් තෝරාගැනීමට ජනතාවට බලය ඇති රටක් ප්‍රජාතන්ත්‍රවාදියි.කතා කිරීමේ නිදහස ,රැස්වීම් පැවැත්වීමේ නිදහස වෘත්තීය සමිති පිහිටවීමේ නිදහස වගෙ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදී රටවල තියනව. ඇනෝ උදාහරන දීල තියන එකම රටක්වත් සමාජවාදී නෙමෙයි .ඇලන්ඩේ නියරේරේ වගෙ අය මැතිවරනවලින් බලයට ආ අය. නමුත් මෙතන කතා කෙරෙන්නෙ සමාජවාදී විප්ලව වලින් බලය අල්ලා ගත් සෝවියට් දේශය , චීනය හා නැගෙනහිර යුරෝප්පය සහ කියුබාව ,උතුරු කොරියාව වගෙ රටවල් ගැන. මේ රටවල තිබුනෙත් තියෙන්නෙත් ත්‍රස්තවාදී පාලනයක්. පක්ෂය තියෙන්නෙ ජනතාවට ඉහලින්. පාලකයො කියන්නෙ ජනතාවගෙ නියෝජිතයො නෙමෙයි ජනතාවට මගපෙන්වන අය.
      කස්ත්‍රෝ අවුරුදු 49 ක් රට පාලනය කලේ ත්‍රස්තවාදයෙන් .ඒකයි ඇත්ත. දැණ් කස්ත්‍රෝගෙ පුතා ඇලජන්ඩ්‍රෝ කස්ත්‍රෝලු ඊලග නායකය නේද. විප්ලවකාරී ශුක්‍රානු වලින් නිසා මෙහෙ වම්මුන්ට අවුල් නෑලු.
      කස්ත්‍රෝ පුදුම වුනාලු දාස් කැපිටාල් ඇමරිකාවෙ විකුනන්න තියෙනව දැකල. ඒක කියුබාවෙත් තහනම්ලු.

      ඇනෝ මේ බ්ලොග් බලන්නෙ අවුරුදු 14 ,15 පන්ති පහෙන් කොක්ක දාල කිරි වීදුරුවක් දීල නම්මගෙන තෙල බෙදන්න පුලුවන් පොඩි උන් නෙමෙයි. සෝවියට් චීන කියුබන් කතා සී අයි ඒ බොරු කියන්න එපා.

      Delete
    8. පක්ෂය තියෙන්නෙ ජනතාවට ඉහලින්. පාලකයො කියන්නෙ ජනතාවගෙ නියෝජිතයො නෙමෙයි ජනතාවට මගපෙන්වන අය./////// +++++++

      Delete
  10. ඩොක්ටර්,

    මේක ශ්‍රී ලංකාවේ වාමන්ශිකයන්ට පමණක් පොදු දෙයක් නෙමෙයි මෙය සිංහල බෞද්ධයන්ටත් පොදු දෙයක් ලෙසයි මම නම් දකින්නේ, මේ වාමන්ශිකයන් කියන අය වාමන්ශික චින්තනය ගැනවත් දක්ෂිනාන්ෂික චින්තනය ගැනවත් හදාරපු අය නෙමෙයි, වාමාංශික චින්තනයට යොමුවන බොහෝ තරුණයන් ආර්ථික අපහසුකම් වලින් පෙළුන අය වන අතර මෙයට පෙලබිමට කැමැත්තක් ඇතිවන්නේ මේ වියාපාර වල තියන පන්ති වයිරය මත ඇතිකරන ලද මෝඩ වාමාංශික චින්තනය නිසයි ඔවුන් සැම විටම සිතන්නේ ධනපතියන් ඔවුන්ගෙන් සූරා කන බවත් හැකිපමණ අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් ලැබීම යන චින්තනයේ සිටීම නිසා කුහක කමත් ඉර්ශියාවත් මුසු මනසිකාරය නිසා ඔවුන්ට කිසිකලක දිවුනුවක් ලබාගැනීම අපහසු වන අතර මෙවැනිම මනසිකාරයක් තමයි සිංහල බෞද්ධයන්ටත් තියෙන්නේ ඔවුන් බුදුදහම ගැන කිසිම අවබෝදයක් නැති අතර ඇත්තේ පුහු මානයක් පමණයි.

    මෙහිදී සරලව කිව්වොත් බෞද්ධයන් නොවී බෞද්ධයන් ලෙස රගපෑමත් වාමන්ශිකයන් නොවී වාමන්ශිකයන් ලෙස රගපෑමත් නිසා මේ අසාර්ථක කුහක මනසක් ඇති මිනිසුන් වර්දනය වේ.

    වාමාශික චින්තනය අද ලෝකයේ දියුණු ලෙස පාවිච්චි කරන ආයතනයක් තමයි Mondragon Corporation කියන්නේ සපාන්යේ 7 වැනි විශාලම ආයතනය වන මෙයට විශවවිද්‍යාල පවා පවත්වාගැනීමේ හැකියාව තියනවා මේගැන ටිකක් සොයල බලන්න.

    ReplyDelete
    Replies
    1. මේ වියාපාර වල තියන පන්ති වයිරය මත ඇතිකරන ලද මෝඩ වාමාංශික චින්තනය නිසයි ඔවුන් සැම විටම සිතන්නේ ධනපතියන් ඔවුන්ගෙන් සූරා කන බවත් හැකිපමණ අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් ලැබීම යන චින්තනයේ සිටීම නිසා කුහක කමත් ඉර්ශියාවත් මුසු මනසිකාරය නිසා ඔවුන්ට කිසිකලක දිවුනුවක් ලබාගැනීම අපහසු ///// athha

      Delete
  11. ලංකාවේ දේශපාලඥයන් වෘත්තීයවේදීන් ගුරුවරුන් හෝ වෛද්‍යවරුන් දැන් නොමැත.

    දැන් තිබෙන්නේ දේශපාලක මාෆියාවන්, ඇකඩමික් මාෆියාවන්, ටියුෂන් වලට පොරකන ගුරු මාෆියාවන් ළමුන් ඇතුලත් කරගැනීමේදී මුදල් හෝ ලිංගික අල්ලස් ඉල්ලන විදුහල්පති මාෆියාවන්, සහ වෛද්‍ය මාෆියාවන් පමණකි.

    මේවා මෙසේ තියෙද්දී අදුරේ නැතිවුන් යතුල ලයිට් කණුව යට සොයනවා මෙන් පුද්ගලික විශ්විද්‍යාල වලට එරෙහිව , හලාල් වලට එරෙහිව, හෝ ඉන්දියාවට එරෙහිව බොරුවට පෙළපාලි යමින් පිකට් කරමින් ඉන්නට කැමති සාක්ෂරතාවය 95% පමණ ඇති ජනතාවක්ද අපට සිටී.

    ඔබද මමද ඇතුළුව මුළු ලංකික සමාජයම පුනරුත්ථාපනය වෙනවා නම් හොදයි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook