Monday, May 22, 2017

සුද්දිගේ තේ වත්ත

 


මිණිපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ලෙස සේවය කල සමයේ මා රාජකාරී වැඩ සඳහා මහ නුවර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයට ගියේ හුන්නස්ගිරිය හරහාය​. හුන්නස්ගිරිය ආසන්නයේ විශාල නිසරු මුඩු ඉඩමක් දක්නට ලැබේ. 

" සර් දන්නවද මේක ඉස්සර සරු තේ වත්තක් කියලා ? රියැදුරු පුංචි බණ්ඩා මට මේ මුඩු ඉඩම පෙන්වා කීවේය​. 

පුංචි බණ්ඩා ගේ විස්තර අනුව මෙය ඉතා සරුසාර තේ වත්තකි. එහි අයිතිකරුවා සුද්දෙකි. දැන් සුද්දා මිය ගොසිනි . ඔහුගේ මහළු බිරිඳ තවමත් බංගලාවේ ජීවත් වන්නීය​. 

" කොහොමද තේ වත්ත පාළුවට ගියේ ? මම පුංචි බණ්ඩා ගෙන් ඇසුවෙමි.

" සර් වත්ත පවරා ගත්තට පස්සේ මිනිස්සු මේකෙ තිබ්බ ගස් කපලා විකුණ ගත්තා. තේ ගස් පවා උදුරලා දරට ගත්තා. හොඳ ආදායමක් තිබූ වත්තක් විනාස කරලා දැම්මා. අපේ මිනිස්සු තමයි මේක කාබාසිනියා කලේ  " ඔහු කීවේය​. 

මම තව තවත් හාර හාරා විස්තර ඇසුවෙමි. සිදුවී ඇත්තේ මෙයයි. රන් පවුම් වතු ජනසතු කල යුගයේදී මෙවැනි සරුසාර තේ වතු රජයට පවරාගෙන ඒවා පාලනය සඳහා තමන් ගේ දේශපාලන හෙන්චයියන්ට භාර දෙන ලදි. හාමතෙන් සිටි උන් ඉහගෙන කන්නාක් මෙන් මොවුන් මුලින්ම වත්තේ තිබූ වටිනා ගස් විකුනාගෙන කන ලදි. ඉන් පසු වත්තේ තිබූ කළුවර ගෘහ භාන්ඩ , පියානෝ යනාදියට වග කියන ලදි. ඉන් පසු වත්තේ ආදායම හොරා කන ලදි. තේ ගස් නඩත්තුවට පෝර සඳහා මුදල් වැය කරන බව පෙන්වා  මුදල් ගසා ගෙන  කෑම නිරන්තරයෙන්ම කෙරුනේය​. . පොහොර හා නඩත්තුව නොමැතිව තේ ගස් මැරුණු විට ගම්වාසීන් සමූහ වශයෙන් වත්තට පැන තේ ගස් උදුරාගෙන යන ලදි. ඉතා හොඳ ආදායමක් ලැබූ දැකුම්කළු වත්ත විනාස කිරීමේ ශෝකය නිසා සුද්දා මිය ගියේය​. ලංකාවට බෙහෙවින් ඇළුම් කල ඔහුගේ බිරිඳ ගරා වැටුණු බංගලාවේ ජීවත් වූවාය​. පසුව මිනිසුන් බලෙන් වත්තේ ඉඩම් අල්ලගෙන පදිංචි වූහ​. දැන් තිබෙන්නේ අතීත ශ්‍රී විභූතියේ නටබුන් පමණි. 

ඉතා හොඳ කළමනාකරණයක් තිබූ ආදායම් ඉපැද්දවූ තේ වත්තක් අපේ අයියලා මෙලෙස විනාශ කලහ​.මේ විනාශය කලේ අධිරාජ්‍යවාදී විරෝධය , වතු ජනසතු කිරීම  ආදී වචන යොදා ගනිමින් ගැලරිය පිනවමිනි.  තේ වගාව ගැන දැණුම තිබූ විශේෂඥයන් ඉවත් කොට එ් හිඩැස තම නූගත් දේශපාලන ගැත්තන් ගෙන් පුරවා කරන ලද විනාශය අති මහත් ය​. මේ දේශපාලන ගැත්තන් තේ වගාව තබා මිරිස් පාත්තියක් වත් වගා කිරීමට නොදත් අඳ බාලයන් වූහ​. 

තේ වතු වලින් තේ පැළ උගුල්ලවා ඒවා වල බතල සිටවනවා කී විජේවීර 1971 දී  සහ  1988 දී  තම අනුගාමිකයන් යොදවා තේ ෆැක්ටරි වලට ගිනි තැබුවේය​.  මේරිස්ටන් තේ ෆැක්ටරිය යනු ජවිපෙ විසින් 1971 දී විනාශ කල ඉතා විශිෂ්ඨ තත්වයේ තිබූ තේ කම්හල් වලින් එකකි. තේ වතු කෙරෙහි විජේවීරගේ වයිරයට එක් හේතුවක් වූයේ යූ.එන්.පී  විරුද්ධවාදීන් විසින් දෙනියාය ප්‍රදේශයේ වතු කම්කරුවන් ලවා  පහර දී ඔහුගේ පියා සදාකාලික අබ්බගාතයෙකු කිරීමය​.  තවද තේ වතු නිසා නියඟය එනවා කියා ඔහු විශ්වාස කලේය​.  මේ හැර ඇන් ඇම් පෙරේරා විසින් අධිරාජවාදීන්ට පාඩමක් ඉගැන්වීම සඳහා වතු ජනසතු කිරීමට සිරිමාවෝ අගමැතිනියට බලපෑම් කලේය​.  මේ වතු ඉඩම් උඩරට ගැමියන් ගේ ඒ නිසා ඒවා අපි පවරා ගන්නවා කියමින් ලෝකයේ තිබූ ඉතා හොඳ කෘෂි  වියාපෘතියක් මෙයාකාරය​ට සමතලා කරන ලදි. ජනසතුවෙන්   පවරාගත් වතු දුර්වළ කළමනාකරණය නිසා  පිරිහෙන්නට විය​. 

මෙලෙස කඳුකරයේ තිබූ සරුසාර ආදායම් ඉපැද්දවූ තේ වතු විනාශ මුඛයට යන ලදි.  දුර දිග නොබලා න්‍යායන් මත පදනම්ව ගත් දේශපාලන තීන්දු නිසා ලෝකයේ හොඳම තේ නිෂ්පාදනයක් තිබූ ශ්‍රී ලංකා තේ නිෂ්පාදනය පහල වැටුණු අතර ලංකාවේ මෝඩකම් තම වාසියට හරවා ගත් කෙන්‍ යාව තම තේ වතු  වැඩි දියුණු කලහ​. ලංකාව පයින් ගසා එලවූ තේ ආයෝජකයන් , තේ වගාව පිලිබඳ විශේෂඥයන් ඔවුන් කෙන්‍ යාවට ගෙන්වා ගෙන තේ වගාව ආරම්භ කලහ​.  2012 වසරේදී කෙන්යාව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.45 මුදලක් උපයා ගන්නා ලදි. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

28 comments:

  1. ඩොක්ටර් රුවන් ඔයා මේ නොකියා කියන්නෙ SLIIT එකයි NSBM එකයි තව අර SAITM කියන එව්වයි ජනසතු කරන්න අපි කඳුළු ගෑස් කාගෙන පාරෙ ඇවිදින්නෙ මෙහෙම කරන්න කියලද? අනේ එහෙම නම් නෑ.

    ReplyDelete
    Replies
    1. සයිටම් එපා
      කේඑෆ්සී එපා
      මැක්ඩොනල්ඩ්ස් එපා
      අයිඑල්ටීස් එපා
      ඉන්ටර්නැෂනල් ස්කූල්ස් එපා
      කොකා කෝලා එපා
      අරකත් එපා
      මේකත් එපා
      මොකක්වත් එපා

      Delete
    2. මම කියන්න ආව දේ ඉයන් කියලානේ.

      Delete
  2. පර සුද්දට වැඩියෙන්ම බනින්නෙ සුද්ද වගේ ජීවත් වෙන්න උත්සාහ කරන මිනිසුන්මයි.සුද්දා ගැන පුදුමාකාර ඊර්ෂ්‍යාවකින් පෙලෙන අයම තමයි මේ විදියේ චෝදනා නගන්න.ඉතිහාසයේ සිදූඋනු එක් ක්‍රියාදාමයක් තුල ලංකාවට ආ සුද්දන් නිසා අචේතනිකව(?) ලංකාවට බොහෝ දේ ලැබුනා ඔවුන් හදපු මහාමාර්ග හා දුම්රිය මාර්ග පද්දතියවත් අපට නඩත්තු කර ගන්න බැහ.සුද්දා අපෙන් නිදහස්වී යනවිට නීතිය සමග නවීන අදිකරන පද්දතියක්.අද්‍යාපන ක්‍රමයක්.පරිපාලන ක්‍රමයක්,තේ,රබර්,වැවිලි ආර්තිකයත් ඉතුරු කරතිබුන.සුද්දා කරපු අප්සට් වැඩේ තමයි කුහක වාමාංශික සෙට් එකක් අප්සෙට් උනු සමාජවාදයක් සමග අපිට හදුන්වාදීල ගියපු එක

    ReplyDelete
    Replies
    1. සුද්ද නැත්නම් අයියලා අනාතයි

      Delete
  3. This story was result of govt taking over private enterprise during Sirima+NM time. Chandrika handed over SLSPC and JEDB plantations (which were properly managed) to private companies like Hayleys and Lankem. They did exactly the same, cutting down (selling) trees, introducing herbicide spraying etc. Plantations went from bad to worse.

    ReplyDelete
  4. මම හිතන්නේ එදා තිබුණු වාස්තවික තත්ත්වය තේරුම් නොගෙන විවේචන ඉදිරිපත් කිරීම වැරදියි කියලයි. දැන් මේ සැමට මුල වාමාංශිකයන් කියලනේ කියන්නේ. ඒ කියන්නේ ල.ස.ස.ප. සහ කො.ප.. එහෙම නම් නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් ඔවුන් අරගල කළ එකත් වැරදියි. දැන් සයිටම් එපා කියන්නේ නිදහස් අධ්‍යාපනය තියෙන නිසානේ. නිදහස් අධ්‍යාපනයක් නොමැති නම් අද සයිටම් nothing ....... එනිසා නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් සටන් කළ වාමාංශිකයන් මෙතනදීත් වැරදිකරුවන් වෙනවා.
    වාමාංශිකයන් විසින් ඇරඹු අරගල වලින් පල ප්‍රයෝජන ලබමින් ඔවුන් ආන්තික විවේචනකට ගොදුරු කිරීම ශිෂ්ටත්වය පිළිබඳව ගැටළුවක්. එහි වගකීම එම පුද්ගලයන්ගේ දෙමාපියන් සතුයි.
    වාමාංශිකයන් ඇරඹු ජන අරගල පසු කාලීනව ජන විපත්ති කුණාටු ලෙසට පරිවර්තනය වීමට මූලික හේතුව වාමාංශිකයන් බව නම් සැබෑය. එනම් 1964 වූ මහා පාවාදීමයි. එතනින් විතැන් වූ ජන අරගල අයාලේ ගොස් අද පවතින කාලකන්ණි තත්ත්වයට පත් විය. ජ.වී.පෙ.ට රජ මගුල් උදා වූයේ එතැන් සිටය.
    තව දුරටත් ලාංකීය සමාජය පිළිබඳව කල්පනා කරන විට 1964ට පෙර කාලය සම්බන්ධවත් වමට මෙතරම් බැණ වැදීමත් පුදුමයක් නොවේ. 2500 ක ශ්‍රේෂ්ඨ උරුමටකට හිමිකම් කියන සිංහල බෞද්ධයන්ගේ කළ ගුණ සැලකීම ඔහොම තමා .

    ReplyDelete
    Replies
    1. නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් වැඩ කලේ වාමාංශිකයෙකු නොවූ සී.ඩබ්. කන්නංගර විසිනි. එන් එම්ලා ලාංකිකයන්ට පිට රට ගොස් ඉගෙන ගැනීමට පවා මග ඇහිරුවේය​.

      Delete
    2. වාමාංශික කියන එක කො.ට සහ ලසසපට සීමා වෙන්නේ නැහැ 1956 සහ 1970 ආණ්ඩු ගෙනිච්චේ වාමාංශික ප්‍රතිපත්ති. ජනසතු කිරීම මඟින් අපනයන නිෂ්පාදන කඩා වැටුනා. 1956 ජනසතු වලින් සිංහල ව්‍යාපාරිකයින් නැති වුණා. 1970 ඉඩම් ජනසතුවෙන් සිංහල ඉඩම් හිමියන්ගේ ධනය නැතිවුණා. තෙල්, රක්ෂණ, වරාය, ආදිය ජනසතුවෙන් පෞද්ගලික රැකියා වලට වඩා රජයේ ආයතන වල රැකියා බිහිවුණා. 2005-2015 ආණ්ඩුව රජයේ රැකියා දෙගුණ කලා. මේවා ඔක්කොම වාමාංශික දේවල්.

      Delete
    3. 1956 ජනසතු වලින් සිංහල ව්‍යාපාරිකයින් නැති වුණා. 1970 ඉඩම් ජනසතුවෙන් සිංහල ඉඩම් හිමියන්ගේ ධනය නැතිවුණා/////////////// athha

      Delete
    4. අහෝ! රුවන්, ඔබේ ලිවීම පිළිබඳව පොඩි දුකක් ඇතිවන්නේ, ඔබේ දැනගෙනම බොරු ලියනවද කියා සිතෙන නිසා. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කලේ එකල තිබූ වම පමණයි. කියවන්න එන්, එම්. බෝගම්බර හිරගෙදරදී ලියූ " The case for free education " නම් වූ පොත. ඒ වගේම "එන්. එම්, උසාවිය අමතයි" පොත. කන්නන්ගර හරහා පනත ගෙන ඒමට සිදු වූයේ එම අරගල නිසා තමයි. එය විශාල සමාජ අවශ්‍යතාවයක් වී තිබුණා. නමුත් එ.ජා. ප. නායකත්වය කපන්න බැරිකමට ඉම්බා මිසක් ස්වකීය ප්‍රතිපත්ති නිසා නිදහස් අධ්‍යාපනය ගෙන ආවා නොවේ. කියවන්න ජාතියේ පියා නිදහස් අධ්‍යාපනයට එරෙහිව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කියූ කතා. මේවා හැන්සාඩ් වල සටහන් වෙලා තියෙනවා.

      @ඉයන් : 1956 1970 ආණ්ඩු වාමාංශික ලෙසින් හැඳින් වූයේ ල.ස.ස.ප. සහ කොප එහි සිටි නිසා මිස ශ්‍රී.ල.නි.ප.වමේ පක්ෂයක් වන නිසා නොවේ. බණ්ඩාගේ මූලිකම අදහස වූයේ ශ්‍රී.ල.නි.ප. මැද මාවතේ මිස වමේ නොවන බවයි. නමුත් වම 1964 දී විශාල පාවාදීමක් කර සිය දිවි හානි කර ගත්තා.

      Delete
    5. 1970 ඉඩම් ජනසතුවෙන් ධනය නැතිවූ අය තමන් සිංහල යැයි කියන්නේ නැහැ. අනෙක ඒ ඉඩම් ඔවුන්ට ලැබුණු හැටි බලන කොට ඉඩම් නැතිවූ එකම තමයි හරි.
      මෙතන " සිංහල " ගෙන එන්නෙම ජාතිවාදී හැඟීමෙන්ම තමයි. ඔය සිංහල සල්ලි කාරයෝ දුප්පත්-අඩු කුල සිංහලයන්ට " තම ජාතියේම එවුන් " ලෙස සැලකුවද?

      Delete
    6. එන් එම්, කොල්වින් වගේ අය ගැන දන්න කවුරැත් හොදක් කියන්නේ නැහැ. ඔවුන් දේශපාලනය සදහා බොරැවට වමක් හදාගත් රැවටිලි කාරයෝ. මම පුංචි කාලේ කොල්වින්ගේ ගෙදර ගිහින් තියෙනවා අම්මා එක්ක. අම්මාගේ මාමා කෙනෙක්. ගෙදර ඇතුලේ පුටුවක් වත් දෙන්නේ නැහැ, නෑදෑයෙකුට වත්. එන් එම් ගැන නම් අහන්න ඕන පොලොන්නරැවේ වයසක ගෑනුන්ගෙන්. මිනිහා පළමු සැරේ එහේ ද්නුවේ තමුන්ගෙම ලමයින්ගේ චන්ද වලින් කියලයි මිනිස්සු විහිළුවට කියන්නේ. මරැ සමාජවාදියෝ

      Delete
  5. අපේ ඔය එකල චන්දෙ ගන්න පුලුවන් ජනප්‍රිය එහෙත් ප්‍රායෝගික නොවූ අත්හදාබැලීම් නිසා අපිට පහලින් ආර්ථිකය තිබූ ආසියානු රටවල් හුඟක් අපිව පහුකරගෙන ගියා

    අපේ සමාජවාදී අත්හදාබැලීම් නිසා තේ වලින් නම් අප්‍රිකානු රටවලට වාසි වුනා. දැන් කෙන්යාව විතරක් නෙමෙයි. අපේ අය රුවන්ඩා වලත් වැඩ කරනවා. ඉතියෝපියාවෙත් තේ කර්මාන්ත වෙකන්සි තිබුනා ලඟදි

    ReplyDelete
    Replies

    1. අපේ සමාජවාදී අත්හදාබැලීම් නිසා තේ වලින් නම් අප්‍රිකානු රටවලට වාසි වුනා.///// +++++

      Delete
  6. මේක අතාර්කික කතාවක්...............

    මම නම් හිතන්නේඵ් වගේම මෝඩයො අන්දන්න ලියපු උත්සාහයක් විදියට පේනවා................

    දැන් ඔය ඵකදාස් අටසිය බර ගනන්වල තිබුනු පරන වතු ක්‍රමය සුද්දා අත ඇරලා ගොඩක් කල්................

    දැන් සුද්දගෙ බහු ජාතික වැවිලි සමාගම් ඵන්නේ අලුත් සිස්ටම් ඵකකට.ඩෝල් වගේ කොම්පැනි ඵන ක්‍රමේ බලන්න..............

    ඵහෙම නැතිව සුද්දා අපිට ආදරේට ලන්කාවට ඇවිලා තේ වත්තක් දැම්මය, ඇන් ඇම් පෙරේරා සුද්දට බැන්නය, විජේවීර සුද්දගෙ පැට්ටරිය ගිනි තිබ්බය, ඵ් නිසා සුද්දාට දුක හිතිලා හොටු කබ පෙරාගෙන අඩ අඩා ඵන්ගලන්තෙට ගියාය, ඵ් නිසා ලන්කාව දුප්පත් උනාය කියන මේ කතාව ඵයිතිහාසික විහිලුවක්.................

    අනේ මන්දා මේවා පිලිගන්න මිනිස්සු ඉදීද????

    සුද්දා අපේ රටට ආවේ ආක්‍රමනිකව, හිටියෙත් ඵහෙම, දෙවන ලෝක යුද්දෙන් පස්සේ තවදුරටත් යටත් විජිත තියාගෙන ඉන්න බැරි නිසා යන්න ගියාට සීඅයිඵ් හරහා ආර්තික ඝාතකයින් හරහා සුද්දා අපිව ලස්සනට පාලනය කරනවා.................

    කොට කලිසම ගහලා බස්තම ගත්ත නාකි සුද්දො සුද්දියෙ නැති උනාට ඩෝල් වගේ බහු ජාතික සමාගම් වගේම සුද්දගෙ ඵ්ජන්ත සාමාගම් සහ දේශීය වසල වෙලද පැලන්තිය තාම ලන්කාව අත ඇරලා නෑ මහත්මයො..............

    ReplyDelete
    Replies
    1. @ AnonymousMay 23, 2017 at 9:02 AM මේක අතාර්කික කතාවක්..???????? එහෙනම් විජේවීරගේ සහචරයන් තේ වතු ගිනි තිබ්බම අපේ ආර්ථිකය දියුණු උනාද , වතු පවරගෙන මිරිස් පාත්තියක් වත් වගා කිරීමට නොදත් අඳ බාල දේශපාලන ගැත්තන්ට බාර දීම මගින් පේ ආර්ථිකය දියුණු උනාද ? ආර්ථිකය දියුණු උනා නම් 2012 වසරේදී කෙන්‍යාව තේ අපනයනයෙන් ඩොලර් බිලියන 1.45 මුදලක් උපයා ගත්තේ කෙසේද ?

      Delete
    2. සුද්දට පක්ෂ මිනිස්සු උනත් දන්නවා සුද්ද ලංකාවට ආවෙ මෙහේ මිනිස්සුන්ට ආදරේට නොවෙයි කියල.ඩෝල් එක හරහ එන අලුත් සුද්ද එන්නෙත් ඒකටම තමයි. සමාජවාදී චිනත් එන්නෙ ඔය වැඩේටම තමයි.ඕක ඉතින් ඇගිල්ලෙන් ඇන ඇන මොන්ටිසෝරි ලමයෙක් වගේ කෑගැහුවට වැඩක් නෑ බන්.අපිව හූරගෙන කෑවත් ඒ වැඩේ හොඳයි බන්, මොකද උන් අපිව හූරන් කන්නෙ නිකන් නොවෙයි ඒ වෙනුවට අපිට වැටුපක් දෙනවා.ඩෝල් එක මුන්ට නරක නම් වැඩට නොගිහින් නිකන් ඉන්න පුලුවන්නෙ.කන්තලේ ඩෝල් එක මාස කිපයකට කලින් වහනකොට කන්තලේ කුලී කම්කරුවන් මොකද අඩා වැටුනෙ සුද්දො ඉස්සරහ අනේ යන්න එපෝ කියල

      Delete
    3. අම්මප කාටවත් මේ තාර්කික ඇනෝගේ කතාව තවම තේරුම් නොගිය හැටි.
      බලන්න කොච්චර උගතෙක්ද කියල මේ ඵකදාස් අටසිය බර ගනන්වල සිද්ද උණු දේවලුත් අද ඊයේ වගේ පැහැදිලිව තේරුම් බේරුම් කරලා දෙන්නේ.

      අනේ කවුරු හරි මේ ඇනෝගේ වලිගෙ හෙම දැක්කොත් පොඩ්ඩක් වහංගු කරලා තියන්න. නැත්තං හොරු මරන් කයි.

      Delete
    4. AnonymousMay 23, 2017 at 2:04 pm

      // සුද්දට පක්ෂ මිනිස්සු උනත් දන්නවා සුද්ද ලංකාවට ආවෙ මෙහේ මිනිස්සුන්ට ආදරේට නොවෙයි කියල //

      දැන් නෙ ඔය ඇත්ත කියවෙන්නෙ කියවෙන්නෙ.............

      නෙච්චර වෙලා කතා කලේ සුද්දා පිට ආදරේට ලකාවට ඇවිල්ලා අපිව ගොඩදාන්න දාඩිය පෙරාගෙන තේ ගිවිතැන් බත් කලා වගේනෙ..............

      මෙ බලන්ඩකො අහින්සක සුද්දන්ට අපේ කල්ලො කරලා තියෙන අපරාදෙ...............

      ' ඉතා හොඳ ආදායමක් ලැබූ දැකුම්කළු වත්ත විනාස කිරීමේ ශෝකය නිසා සුද්දා මිය ගියේය​. ලංකාවට බෙහෙවින් ඇළුම් කල ඔහුගේ බිරිඳ ගරා වැටුණු බංගලාවේ ජීවත් වූවාය​. පසුව මිනිසුන් බලෙන් වත්තේ ඉඩම් අල්ලගෙන පදිංචි වූහ​. දැන් තිබෙන්නේ අතීත ශ්‍රී විභූතියේ නටබුන් පමණි. '



      // සමාජවාදී චිනත් එන්නෙ ඔය වැඩේටම තමයි.ඕක ඉතින් ඇගිල්ලෙන් ඇන ඇන මොන්ටිසෝරි ලමයෙක් වගේ කෑගැහුවට වැඩක් නෑ බන්.අපිව හූරගෙන කෑවත් ඒ වැඩේ හොඳයි බන්, මොකද උන් අපිව හූරන් කන්නෙ නිකන් නොවෙයි ඒ වෙනුවට අපිට වැටුපක් දෙනවා. //

      අලුත්ම සොයාගනීම.වැඩ කරන්නෙ පඩියටලු...................අනේ ඇත්තද???.............අපි දැනන් හිටියෙ නෑ නෙ................හා...............හා..............

      සුද්දගෙ හරි චීනගෙ හරි දෙන්න කාසි වලට පඩියට කබුරන ඵකද දියුනු වෙනවා කියන්නෙ...............

      පිට රටට අපේ සම්මත් ටිකක් දීලා, හූරන් කන්න ශ්‍රමයත් දීලා, බදු සහනත් දීලා...................උන් සීයට දෙසීයක් විතර ලාබෙ උන්ගෙ රටට පටවගත්තට පස්සෙ දෙන සොච්චම් පඩියට දත නියවන ඵකද ආර්තික දියුනුව කියන්නෙ..............!!!!!!!!!!!!!

      මාර මොලේ ආ.............ඔහොම කරලා දියුනු උනු රටක් පෙන්නපන්....................

      ඔය පඩි ගත්ත උන් දැන් හොදට ඉන්නවද කාලා ඇදලා තට්ටු දෙකේ ගෙවල් ඵහෙම හදාගෙන???

      අනේ අපොයි සුද්දගෙ පඩිය..................ඔය සොච්චම් පඩිය දෙන්නෙ හෙට වැඩට ගෙන්නගන්න නොමැරී තියාගන්න මිසක් අපිට කරන සේවයට කාලා ඇදලා හිටපල්ලා කියලා නෙවෙයි..........ඔය පලාත්වල ගිහින් බලපල්ලා සුද්දගෙන් පඩි ගන්න ගොවියගෙ තත්වෙ..............

      උබලා නූතන වහල්ලු...............ඉස්සර කාලෙ උන් කැද කෝප්පෙට වහල් කම් කලා.................දැන් ඉන්න උන් කැද කෝප්පෙ ගන්න පඩියට වහල් කම් කරනවා..............වෙනස මොකක්ද???

      වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා කියන්නෙ ඔක තමයි...................

      අනිත් ඵක ඔයා ඉදලා හිටලා වත් පත්තරයක් බලන්නෙ නෑද්ද.................ඩෝල් ඵකට යන්න ඵ්පා කියලා නෙවෙයි බන්, ඵන්න ඵපා කියලයි ගොවිය උද්ගෝශන කලේ.................

      ඔකුන්ගෙ තුට්ටු දෙකේ පඩිය විතරක් නෙවෙයි, පරිසර විනාශයේ ඉදන් ගත්තොත් ඇපත් නෑ ඉතින්....................

      ජෝන් පර්කින්ස්ගෙ 'ආර්තික ඝාතකයකුගෙ පාපොච්චාරනය' පොත කියවන්න........!!!!!!!

      Delete
    5. @ ට්‍රාන්ස්

      විජේවීර පැක්ටරි ගිනිතිබ්බා ඔබ තුමා බලන් හිටියා වෙන්න බෑ නෙ.ඔවා විජේවීර කලා කියලා කියන්න සාක්ශි තියනවාද???
      ඔවා රජයෙන් ම මිනිස්සු දාලා කරවපු වැඩ...........සමහර බන්කොලොත් පැක්ටරි වන්දි ගන්න උන්ම ගිනි තියාගත්තා..............අපි පිලිගත හැකි සාක්ශි ඵක්ක කතා කරමු...............

      අනික ඔවා ජෙප්පො 1988 ගිනි තිබ්බ නම් අවුරුදු 30ක් ඔවා හදන්නෙ නැතිව පොල් ගෑවද???

      කරුනාකර ලන්කාවේ තේ කර්මාන්තය වැටීමට හේතු හදාරන්න................

      දෙශපාලන බලය ඵක්ක යන කසල තේ වෑඅපාරය............

      ඩොලරයේ අගය..............

      අමුදර්ව‍ය මිල.............

      නිසි ලෙස නඩත්තු නොකොට අදික ලාබ ගැනීමට යාම.............

      තාක්ශනය පරන් වීම.............

      මේවා නිසය් ලන්කාවේ තේ වැටුනෙ..................

      අපි නෙවෙයි කියන්නෙ තේ වතු හිමියොමයි................

      ඵහෙම නැතිව හැමදේටම සෝසලිස්ට් ෆෝබියාව දාපුහාම හාස්‍යක් වෙනවා

      Delete
    6. එතකොට විජේවීර සියඹලා විකුනලාම නෑ ?

      Delete
  7. ඒ කාලෙ ඌඇම්පී කස්ටිය කිව්වෙ තේ පඳුරකට පයින් ගහනකොට රත්වත්තේලයි බණ්ඩාරනායකල්යි විසිවෙනවා කියලා.

    ReplyDelete
  8. මගේ නිවස පිහිටි වත්ත පිටුපසින් මායිම් වන කඳුගැටයේ අදින් අවුරුදු 20කට පමණ පෙර අතීතය දක්වා සරුසාර තේ වත්තක් තිබුණා. වෝගන් වත්ත ලෙස හැඳින්වෙන මෙම තේ වත්ත යටත් විජිත කාලයේ සිට ඉතා සරුසාර තේ වත්තක්. වත්ත නිසා අපේ ගම හිර වෙලා යි තියෙන්නේ. ගම කියන එක සලකන්නට වෙන්නේ වත්තත් එක්ක ම තමයි. අපේ ගමේ ජනගහනයෙන් දෙකෙන් පංගුවක් විතර දෙමළ ජනතාව.

    අර මං ඉහත කී සරුසාර තේ වත්ත තමයි පොඩි කාලේ ඉඳන් අපේ පරිකල්පනය කුළුගන්වපු තැන. ඒක පාක් එකක් වගේ. මම හැමදාම හැන්දෑවට ඒකෙ ඇවිදින්න ගියා. යාළුවෙකු ආවොත් ඒ යාළුවාවත් එක්කගෙන ගියා. බිරිඳ කැන්දන් ආවට පස්සෙ ඈ එක්කත් ගියා. වත්ත අනුන්ගේ වුණාට ඒක අපට සොඳුරු ලෝකයක් වුණා. ඒ වත්ත අපි පොඩි කාලෙ ජනසතු කළා. පසුව නැවත පෞද්ගලික සමාගම්වලට භාර දුන්නා.

    එය දැන් ඇතුළුවෙන්න බැරි තරම් ඝනට වැවුණු මහා වනාන්තරයක්. ඒ කැළේ අපේ ගෙවල් හරියේ හිස් ඉඩම් ද ආක්‍රමණය කරමින් පැතිරෙනවා. ටික කලකට උඩදි මම ඒකෙ වීඩියෝවක් ගත්තා. පළ කරන්නම්. හිතාගන්න බැරි වෙයි ඒක ඒ දවස්වල මං කියන විදියට තිබුණා ද කියලා.

    ලංකාවෙ තේ වගාව විනාශ කළවුන්ගෙන් පැවත එන පරම්පරා වතු කම්කරුවන්ට පඩි වැඩි කරන්න ය කියලා පාරට බැස්සාට වතු කම්කරුවන් උන්ව පඩේකටවත් ගණන් ගන්නෙ නැති බව පෙනෙන්නෙ මට විතර ද?

    ReplyDelete
  9. Ekath hariyata kalin kalata chanda walata issella ena jaathiwaadi show ekak misa wena deyak nam une na. Wathu tika deshapaaluwo saha henchaiyo bedaa gaththa hotal hadaa gaththa ochcharai une. Avurudu gaanak lokema aadare kala ratakata idiriyata yanna be me wage mona rata wasiyekugewath hith ridawalaa. E ayama dan dwithwa purawasiyanta thaanna maana denawaa. Janasathu karapu dewal dan loka horu samaga kotas daagena rate nama makanawaa. Ape rate aarthikayA ivara karanawaa rina wenakam. Siyaluma deshapaaluwo e ayage dura diga hithanne nathi pugalika theerana gena janathaawa dan aseeru thathwayaka.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook