Saturday, May 27, 2017

පූජිත් ඔබ තවමත් ප්‍රමාද නැත



පූජිත් ජයසුන්දර මහතා මට 2003 වසර පමණ කාලයේදී හැව්ලොක් ටවුමේ පොලිස් පාක් පිට්ටනියේ සවස දුවන්නට යන විට හමුවන්නේය​. එකල ඔහු පොලිස් නිලධාරීන් පිරිවරාගෙන ඔවුනට රගර් පුහුණුවේදී අවශ්‍ය කෙරෙන මෝටිවේෂන් දෙන අයුරු මම නිතරම දුටුවෙමි. ඔහු හොඳ කථිකයෙකි. සුහද මිනිසෙකි. 

2008 වසරේදී මට පූජිත් ජයසුන්දර මහතා කුරුණෑගල මත් ද්‍රව්‍ය නිවාරණ සැසියකදීද හමු විය​. එම සැසියේදී මා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරන ලදි. පොලිස් දෙපාර්තමේන්තුව  නියෝජනය කල එවකට ඩී.අයි.ජී කෙනෙකු වූ පූජිත් ජයසුන්දර මහතා  ඉතා තර්කාන්විතව කතා කලේය​. එදින ඔහු යම් දිනෙක පොලිස්පතිවරයා වෙන්නේ නම් මැනවි කියා මට සිතුනි. 

පූජිත් ජයසුන්දර මහතා පොලිස්පතිවරයා වූ විට මට මෙම සිද්ධිය මතකයට ආවේය​. නමුත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පිළිගැනීම වෙනුවෙන්  මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද උත්සවයකදී තමන් පොලිස්පති වූයේ ජය පිරිතයි අටවිසි පිරිතයි තුන් වතාව තුන් වතාව කීමෙන් යන ආන්දෝලනාත්මක කතාව කීවේය​. ඉන් පසු ප්‍රසිද්ධ වේදිකාවකදී තමන්ට ආ දුරකථන ඇමතුමකට ; ඕකේ ඕකේ සර්, හරි සර්, අරස්ට් කරන්න දෙන්නැහැ සර්, හරි සර් මං කියන්නම්, එහෙමයි සර්, ඔකේ ඔකේ - කියා කියමින් රටට විස්මය සැපයූයේය​. මෑතකදී  පොලිස් නිලධාරීන්ට භාවනා කිරීමට නියෝගයක් පණවා භාවනා නොකර විදුලි සෝපානය   ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය ඉටු කල එම්. සමරකෝන් බණ්ඩා නම් සුළු සේවකයාට පහර දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති ලුඩොවයික් මහතාටද බැණ වැදුනු බව ලංකා නිවුස් වෙබ් විසින් වාර්තා කරන ලදි. 

පොලිස්පති වීමට පෙර හොඳ නායකත්වයක් මෙන්ම ප්‍රගාමී අදහස් තිබූ  පූජිත් ජයසුන්දර මහතා බලය ලැබීමෙන් පසුව මනප්පු කෙනෙකු වීම අප විසින් අපේක්‍ෂා නොකල බව කිව යුතුය​. ශ්‍රී ලංකා පොලිසිය වෘත්තීය මට්ටමට ගෙන ඒමත් ; මත් ද්‍රව්‍ය උවදුර , පාතාලය , අපරාධ මැඩලීමට පියවර ගැනීමත් ඔහු විසින් කල යුතුය​. නමුත් තවමත් එම කර්තව්‍යන් සිදු වන බවක් නම් නොපෙනේ 

පූජිත් ඔබ තවමත් ප්‍රමාද නැත​. හොඳ ගැඹුරු පිය සටහනක් පොලිස් දෙපාර්තමේන්තුවේ තබා යන්න​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

17 comments:

  1. පූජිත් ඔබ තවමත් ප්‍රමාද නැත​. හොඳ ගැඹුරු පිය සටහනක් පොලිස් දෙපාර්තමේන්තුවේ තබා යන්න​.
    අපෙත් බලාපොරොත්තුව

    ReplyDelete
    Replies
    1. අපෙත් බලාපොරොත්තුව

      Delete
  2. ජය පිරිතයි
    අටවිසි පිරිතයි
    දින තිස් ගනනක පුජාවයි
    මට මතකයි ඔව් මට මතකයි
    මේ හැම කෝලම් මට මතකයි

    ඉස්සර මෙහෙම කෙනෙක් හිටියා
    හරිම හොඳට හැසිරීම එයා
    ජනපති උනාට පසුව මෙයා
    ගන්න දෙයක් වත් නැතුව ගියා

    ReplyDelete
    Replies
    1. බලය අතට එන විට උමතු වෙති

      Delete
  3. ගැඹුරු පිය සටහන් තියන්න ගිහින් කරවටක් මඩේ එරෙයි වගේ...

    ReplyDelete
  4. පූජිත කුජීත වුනාද මංදා

    ReplyDelete
  5. පූජිත කුජීත වුනාද මංදා

    ReplyDelete
  6. ඕනෑවට වඩා ආගමික වෙන්න යන ඕනම කෙනෙක් කුජීත ජයසුන්දර කෙනෙක් වෙන්න නියමිතයි

    ReplyDelete
    Replies
    1. ඕනෑවට වඩා ආගමික වෙන්න ගියොත් කෙල වෙනවා

      Delete
  7. සාමාන්‍ය සිද්ධියක් ඔහොම වෙන එක.යම් තනතුරකට පත්වෙන්ට කලින් එහෙම නැත්නම් බලය ලැබෙන්ට කලින් අපි මිනිස්සු ගැන තබන විශාල බලාපොරොත්තු බොහොම කණගාටුදායක අන්දමින් සුන්වෙලා යනව.තවමත් ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක් ඉන්නවනම් බොහෝවිට ඔහු කිසිදාක බලයට නොපැමිණියෙක්. උදා - විජය කුමාරණතුංග

    මගෙ යාලුවෙකුගෙ යාලුවෙක් හිටිය නුවර ප්‍රදේශයෙ ඒ.එස්.පී. කෙනෙක්. මම මේ කියන්නෙ දෙදාහෙ වගෙ. ඒ කාලෙ පූජිත් ලොක්කා නුවර ඩී.අයි.ජී. හෝ එස්.එස්.පී. මම කියන එස්.එස්.පී. ඉතාම අවංක අකුරටම රාජකාරිය කරන දක්ෂ නිලධාරියෙක්. පොලීසියෙ වංචා දූෂණ සහ අකාර්යක්ෂමතාවය ගැන ඔහු බොහෝසේ කළකිරිල හිටියෙ.

    දවසක් මධු සාදයකදි ඔහු බොහොම හැඟීම් බරව කතාකලා පූජිත් ගැන.....

    "කවදකහරි ඒ මනුස්සය අයි.ජී.පී. උනොත් උඹල හිතා ගනිල්ල මචං මේ රටේ පොලීසිය තනිකරම උඩු යටිකුරු කරල හදලයි පස්ස බලන්නෙ.."

    අන්න එහෙමයි එදා අපේ යාලුව කිව්වෙ. එහෙත් අහෝ තුකකි! බේදයකි!!.... දැං වෙලා තියෙන්නෙ අස්සයාට අං ආව වගේ...:)

    ReplyDelete
    Replies
    1. "කවදකහරි පූජිත් අයි.ජී.පී. උනොත් උඹල හිතා ගනිල්ල මචං මේ රටේ පොලීසිය තනිකරම උඩු යටිකුරු කරල හදලයි පස්ස බලන්නෙ.."////////////// සිදු වූයේ කුමක්ද ?

      Delete
    2. හරිනෙ ඉතිං , ඔය උඩු යටිකුරු කලේ .

      Delete
  8. එයා හොද මනුස්සයෙක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook