Thursday, February 9, 2017

2020 ජවිපෙ ආණ්ඩුව​

 


 ක්‍රි.ව​ 2020 දී ජවිපෙට ආණ්ඩුවක් පිහිටවිය හැකි වෙයිද​? 

නිදහසින් පසු මේ දක්වා රට පාළනය කල ප්‍රධාන පක්‍ෂ ලංකාව තව තවත් ණය කොට ආගාධයට ගෙන ගියා මිසක ජනතාවගේ ජීවන මට්ටම ඉහල දැමීමට අපොහොසත් විය​.  අතෝරක් නැති නාස්තිය දූෂණය නිසා රට තව තවත් අඳුරට ගියේය​. මෙනිසා ජනතාව ප්‍රධාන පක්‍ෂ  ප්‍රතික්‍ෂේප කොට  සීනුවට කතිරය ගසයිද ?

පක්‍ෂයක් ලෙස ජවිපෙ ක්‍රමක් ක්‍රමයෙන් ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් තිබේ. එසේම ජවිපෙ අනුර කුමාර දිසානායක පරිමේය නායකයෙකි. ඔහු විජේවීරට වඩා බුද්ධිමත් නායකයෙකු බව මම සිතමි. 

විජේවීර තමාගේ සමයේදී බොහෝ අවිචාර කතා කීවේය​. 7 වන ඇමරිකානු නාවික බල ඇණිය ලංකාව ආක්‍රමණය කරනු ඇති බවට ඔහු  අණාවැකි කීවේය​. බෙන්තොට හෝටලය ඇමරිකානු කඳවුරක් බවත් ඇල්ල වැල්ලවාය මාර්ගය පළල් කරනුයේ ඇමරිකානු යුද යානා බැස්සීමට බවත් ඔහු අනුගාමිකයන්ට කීවේය​. එසේම ජාපාල න්‍යාය වැනි අතාර්කික න්‍යායන් ගෙන ආවේය​. එහෙත් අනුර කුමාර දිසානායක කතා කරන්නේ තර්කාන්විත විලාශයකිනි. විජේවීරට මෙන් අන්තවාදී මනසක් අනුර කුමාර දිසානායකට නොමැති බව මම අනුමාන කරමි. 1988-89 භීෂණ කාලයේදී ඔහුගේ ක්‍රියා කලාපයන් මොනවාද කියා මම නොදනිමි. දන්නා අයෙක් වෙත් නම් සඳහන් කරන්න​.

නමුත් යම් ලෙසකින් අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වුවහොත් ජේ.ආර් , ප්‍රේමදාස , චන්ද්‍රිකා , මහින්ද , රනිල් වැනි නායකයන්ට කිරීමට නොහැකිවූ සමාජ ආර්ථික සංවර්ධනයක් ඔහුට කිරීමට හැකි වෙයිද​? 

අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට පත් වුවහොත් ඔහුට කියා විශේෂයෙන් විදේශාධාර නොලැබෙනු ඇත​. ර​ටේ  අළුතෙන් ස්වභාවික සම්පත් මතු නොවනු ඇත​. ඔහුට පාළනය කිරීමට ලැබෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් තිබෙන බහුතරය අලස සහ පසුගාමී අදහස් වලින් යුතු ජාති  ආගම් වශයෙන් කා කොටා ගන්නා මිනිසුන් සිටින රටකි. එවැනි රටක තවත් මහතීර් මොහොමඩ් කෙනෙකු හෝ ලී ක්වාන් යූ කෙනෙකු වීමට ඔහුට හැකි වෙත් ද ? 

ජවිපෙ ආණ්ඩුවක් යටතේ නාස්තිය සහ හොරකම් යම් ප්‍රමාණයකට අඩු වනු සහ පාළනය වනු ඇත​. එහෙත් නාස්තිය සහ හොරකම් අවම කිරීමෙන් පමණක් ලංකාව ගොඩ ගත හැකිද ? එසේම ජවිපෙ සමාජවාදී පොතේ ගුරු න්‍යායන් හැරපියා අනුර කුමාර දිසානායකට ප්‍රායෝගික වාදයක් ඔස්සේ රට පාලනය කිරීමට දැඩි මතධාරී ජවිපෙ පාක්‍ෂිකයන් ඉඩ දෙයිද ? 

බලය අතේ තිබෙන විට සාමාන්‍ය ජවිපෙ පාක්‍ෂිකයා වූවද ක්‍රියා කරන්නේ අන් මත නොඉවසන , බලහත්කාරය අනෙකා කෙරෙහි අනුගත කරන ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමෙනි. මේ සඳහා හොඳම නිදසුන සරසවි වල ඔවුන් බලය පතුරවන ආකාරයයි. මේ මොඩලය මහා පරිමානයෙන් මුළු රටටම ආදේශ වනු ඇත​. මේ නිසා ජවිපෙ ආණ්ඩුවක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදය යනු සිහිනයක් පමණි. 

මේ හේතූන් නිසා යම් ලෙසකින් බලය ලැබුනද අනුර කුමාර දිසානායකට උභතෝකෝටිකයකට මුහුණ දීමට සිදු වනු ඇත​. ප්‍රායෝගික තත්වයන් යටතේ ජවිපෙ දැඩි මතධාරීන් ගේ බලපෑම් නිසා ඔහුට එක්කෝ මධ්‍යම පන්තිය කුඹුරු වලට ගාල් කෙරෙන (මෙවැනි වාතාවරණයක් යටතේ ඉහල පන්තිය රට හැර යනු ඇත​) පොල්පොට්වාදී ක්‍රමයකට යාමට සිදු වනු ඇත​. නැතහොත්   වීරවංශ මෙතඩ් අනුගමනය  කොට තමාටත් සෙසු නයකයන්ටත් ඇරියස් කවර් වන ලෙසට උස්මුරුත්තාවට එන තෙක් වැළඳීමේ ක්‍රමයට අනුගත වීමට සිදු වනු ඇත​. මේ අන්ත දෙක හැර පියා තෙවන ප්‍රගාමි මාර්ගයක රට ගෙන යාමට අනුර කුමාර දිසානායක සමත් වෙයිද ? 

(සංවාදයට විවෘතයි )

55 comments:

  1. ජනාධිපතිකමට වඩා දැනට තියෙන 5% චන්ද පදනම 2020දි 10%ක් වත් කරගන්නවනම් විශාල වෙනසක්.
    ඒ කරගන්නත් ජවිපෙට ඔයිට වඩා වෙනස් වෙන්න සහ සංවිධානය වෙන්න අවශ්‍යයි.

    ReplyDelete
  2. ජවිපෙ අපේ දැක්ම

    2.1 සියලු පුරවැසියන්ට දැනට පවතින මුලික අයිතිවාසිකම් ද ඇතුලත්ව සෞඛ්‍ය, අධ්‍යාපනය. රැකියා හා නිවාස ලබා ගැනීමේ මුලික අයිතීන් ලෙස පිළිගන්න අතර රජය විසින් ඒ මුලික අයිතිය උල්ලනඝනය කරන අවස්තාවලදී රජයට එරෙහිව අධිකරණයට යාමට පුරවැසියන්ට ඇති අයිතිය තහවුරු කෙරේ. (පිටුව 5).


    දැන් ඔවුන් වැඩ කරන්නේ මේ කතාවට අනුවය කියන එක නම් විශ්වාස කරන්න අමාරුයි.

    ජවිපෙට වෙනස් වෙන්න ඕනේ ඇති. එත් අර පරණ අවස්ථා දැකපු ගමන් හිටපු තැනටම ඇදිලා යනවා.

    ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව දියුණු කරන ලද මානව සම්පත වුනත්, ඔවුන් බලයට ඇවිත් ඔවුන්ගේ ක්‍රමයට ම පමණක් දියුණු කරන ලද මානව සම්පතක් ගැන පමණයි ඔවුන් සිහින දකින්නේ.

    මටත් ජවිපෙ ගැන යම් බලාපොරොත්තුවක් තිබුනත් පසුගිය සති කීපයේ ඔවුන්ගේ ක්‍රියාවන් වලින් නැවත ඔවුන් පෙන්නුම් කලේ ඔවුන්ට යල් පැනගිය අදහස් වලින් වෙනස් වෙලා නුතනයට ගැලපෙන නව මුහුණුවරක් ගන්න බැරි බව.

    ReplyDelete
    Replies
    1. ජවිපෙට වෙනස් වෙන්න ඕනේ ඇති. එත් අර පරණ අවස්ථා දැකපු ගමන් හිටපු තැනටම ඇදිලා යනවා.//// හිටපු ගමන් ලේ හොයාගෙන යනවා

      Delete
  3. //ඔහුට පාළනය කිරීමට ලැබෙන්නේ සීමිත සම්පත් ප්‍රමාණයක් තිබෙන බහුතරය අලස සහ පසුගාමී අදහස් වලින් යුතු ජාති ආගම් වශයෙන් කා කොටා ගන්නා මිනිසුන් සිටින රටකි. //

    කැනඩාවේ එසේ නැත..
    පසුගිය සතියේ මුස්ලිම් පල්ලියක හිටි කස්ටියකට වෙඩි තබා හතර පස් දෙනෙක් දෙවු ලොව යැවුවේ නැත. එහෙම දේවල් වුනේ සිරි ලන්කාවේය
    කැනඩාවේ ආදි වාසීන් ගෙන් සොරකම්කරගත් ඉඩම් සියල්ල ලබාදී ඔවුන් ට සර්ව සාදාරනය පවා සිදු කර ඇත...

    ReplyDelete
    Replies
    1. සාරස ඒ පාර රුවන්ගෙනුත් ගේම ඉල්ලන්නද හදන්නෙ හිටං?

      Delete
  4. අනුර කුමාර බොරු කාරයෙක් ඇස්ගෙඩි දෙක උල් කරගෙන කෙබර කෙලින මනුස්සයෙක් කියල සමාජගත වෙලා ඉවරයි...
    ඔවුන්ගේ භූමිකාව මිනිස්සු බහුතරයක් තේරුම් අරගෙන තියෙන්නේ, හැමදාම කරන්නේ කාට හරි මුක්කු ගහලා ඒ අය පිස්සු කෙලිද්දී එළියට ගිහින් තමන් ඒ වැරදි වලින් නිදහස් වෙන්න බලන එක...
    අඩු ගානේ 5% ජන්ද පදනම හරි 2020 දී රැක ගත්තොත් ලොකු දෙයක්...
    කැම්පස් ඉන්න කාලේ සහ අවුට් උනාට පස්සේ මුල් කාලේ සෑහෙන ජන්ද ප්‍රමාණයක් ජවිපෙට දීපු මම ආපහු ඔවුන් දිහා හැරිලාවත් බලන්නේ නැත්තේ ඔවුන් අනිත් අයටත් වඩා අසාර්ථක බව හැඟුණ නිසා...

    ReplyDelete
    Replies
    1. ලන්කාවේ මිනිස්සුන් බහුතරයක ඇත්තේ මෙවැනි බොලද මානසිකත්වයක් නම් ලන්කාව තවතවත් දියුනු වී තුන්වන ලෝකයේ හිගන රටක් ලෙස හැමදාම පල්වෙවී හිදිනු ඇත.............
      අනුර කුමාර කට උල් කරගෙන ඇස්ගෙඩි දෙක ලොකු කරගෙන කිවූ බොරු මොනවාදැයි කියන්න ඵ්කෙක් නැත................
      අපි දන්නා පරිදි අනුර කුමාර සිය විවේචන ඉදිරිපත් කරන්නේ සන්ඛ්‍යා ලේකන සහ සාක්ශි සහිතවය..............
      ඵ්සේනම් ඔහු කියන දේ බොරු බව ඔප්පුකල යුත්තේද ඵ් ආකාරයටමය...............
      නමුත් අපේ රටේ මෝඩයන් සිතන ආකාරය දන්නා දේසපාලුවන් කරන්නේ 'අනුරයා ඇස් ගෙඩි ලොකු කර කට උල් කර ඔය කියන්නේ බොරු ය' යනුවෙන් පවසා දවස් දෙක තුනක් TV නිවුස් වල ප්‍රචාරය කිරීම පමනි.............

      ඵ්තැන් සිට අපේ රටේ මෝඩයන්ට සත්‍ය වන්නේ අනුර හෝ වෙනත් කිසිවෙකු හෝ සන්ක්‍යා ලේකන සාක්ශි සහිතව කියන දේ, නොව කපටි දේසපාලුවාගේ දෙතුන් වරක් කනට ඇහෙන්න සලස්වපු කොමික් කතාව පමනි.........

      අදෝමැයි......රටකට ගිය කල.......


      පිස්සු කෙලින ඵකාට ඵරෙහිව ඵලියට බැහලා කෑගහන ඵකාට නොව, ඊලග පාරත් මම පිස්සු කෙලින ඵකාටම චන්දය දෙනවා කියන්න තරම් බුද්දිමත්ම මහජනතාවක් සිටින රටක ඉපදෙන්නට ලැබිම අපෙත් පූරුවේ වාසනාවක් බව සිතේ...............!

      අනේ ඵයාලටම දෙන්න .....ඵයාලටම දෙන්න..........රවියෝ තව බදු ගැහැව්වැහැකි වගේ බන්............

      Delete
    2. .....////////ඊලග පාරත් මම පිස්සු කෙලින ඵකාටම චන්දය දෙනවා කියන්න තරම් බුද්දිමත්ම මහජනතාවක් සිටින රටක ඉපදෙන්නට ලැබිම අපෙත් පූරුවේ වාසනාවක් බව සිතේ...............!///////////////

      පිස්සු කෙලින එකාට විතරක් නෙමේ...පිස්සු කෙලපු එකාව හරි ආපහු දම්මගෙන ආතල් ගන්න ජාතියක් අපේ ඉන්නේ..දැන් අවුරුදු 69කුත් පහු වුනානෙ..

      Delete
    3. අනුර කුමාර කට උල් කරගෙන ඇස්ගෙඩි දෙක ලොකු කරගෙන කිවූ බොරු මොනවාදැයි කියන්න///// ++++

      Delete
  5. මං 2015 මහ ඡන්දෙදී ජවිපෙ එක දිස්ත්‍රික්කෙකින් එක් ආසනයක්වත් සහ කොධඹ, ගම්පහ, කළුතර වගේ පැතිවලින් ආසන දෙකක්වත් ගනීවිය, එමගින් ඔවුන්ට පාර්ලිමේන්තුවේ බල තුලනය කරන්නට හැකි වේවිය කියා සිතුවා!

    http://rasikalogy.blogspot.com.au/2015/08/win-win-win.html

    ඒ අත්දැකීම අනුව මට හිතෙන්නේ ඔවුන්ට පොදු ජන සහයෝගය දිනා ගැනීම ඉතා අසීරු කාරණයක් කියායි!

    ReplyDelete
    Replies
    1. ගියවර ඡන්දයෙන් පරාජය මත පදනම්ව ඊළඟට පැවැත්වෙන 2020 මහ ඡන්දයේ ප්‍රතිඵල ගැන මගේ අපේක්‍ෂාව මෙයයි.

      http://rasikalogy.blogspot.com/2015/08/another-episode-ends.html

      Wishful thinking!

      Delete
  6. මේ චන්ද ක්‍රමයට නම් jvp එකට ගන්න පුළුවන් උපරිමය ඔච්චරයි. වෙනත් පුද්ගල මුලික චන්ද ක්‍රමයක් යටතේ වැඩි අවස්ථා තියෙන්න පුළුවන්. උදා: නාකි unp/ ශ්‍රීලංකා කාරයෝ දෙන්නෙක් ඉල්ලන කොට්ඨාශයකින් jvp අපේක්ෂකයාට අපි නොසිතෙන වාසියක් වෙන්න පුළුවන්.
    කෙසේවෙතත් නව චන්ද ක්‍රමය jvp එකේ පැවැත්ම තීරණය කරන්නක් වනු ඇත. චන්ද දිනන්නේ නැතුව හෝ ඒ සඳහා බලයක් නැතුව දින්නොත් කොහොම වෙයිද කියන එක තේරුමක් නැහැ.

    ReplyDelete
  7. Replies
    1. රුවන්.....මම කියන්නේ ෆිල්ම් එක ගැන. ඔය ලින්ක් එකේ තියන ආටිකල් එක්ක දැක්කද. ලොකු ප්‍රොජෙක්ට් එකක් වගේ.

      Delete
  8. ඩොක්ටර්,

    මේ මිනිසුන්ගේ තියන ප්‍රශ්නය මොවුන් හීනමානයෙන් පෙලිමත් ලෝකය ගැන ඉතා අඩු දැනීමක් තිබීමත් ආර්ථිකය හැසිරවීමට ප්‍රායෝගික ක්‍රමවේද නොතිබීමත් (මිනිසුන්ට රැකියා ලබාදෙන්නේ කෙසේද, බදු අයකරන්නේ කෙසේද ?, පුග්ගලික නිදහස සිමා කෙරෙන්නේ කෙසේද?, ලෝකය සමග ගනුදෙනු කරන්නේ කෙසේද ? රජය කොපමණ තීරණ ගැනීමට සහබාගි වෙනවද?) වැනි කාරනා පිලිබදව ඔවුන් ගේ කිසිම සැලැස්මක් නෑ. ව්දගත්ම දේ තමයි නවීන ලෝකයේ මොවුන් කියන ප්‍රතිපත්ති මත දියුණු වූ රටක් නොතිබීම.

    මාර්කස් වාදී චින්තනය ප්‍රායෝගිකව පාවිච්චි කරන ක්‍රමයක් තමයි සමුපාකාර ක්‍රමයක් ඇති Mondragón සමුපාකාර ජාලය https://www.youtube.com/watch?v=zaJ1hfVPUe8

    ගැන කිසිම දැනුමක් මේ ජනතා විමුක්ති පෙරමුණේ මිනිසුන්ට නෑ, ඔවුන්ට ඇති එකම හැකියාව පවතින රජයේ කුණු අවුස්සලා ගද ගස්සල චන්දය ලබාගැනීමයි, යම් විදියකින් බලය ලැබුනම ඔවුන් කරන්නේ විමල් විරවංශ රගපාන නාට්‍ය රගපාමයි, මේක ශ්‍රී ලංකාවේ විතරක් නෙමයි චීනයේ මාවෝ සේතුං කරෙත් ඕක තමයි https://www.youtube.com/watch?v=hlbB3cmgPmo

    මමනම් කියන්නේ බලයට එන්න ඉස්සල ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ අඩුම වශයෙන් සුළු වියාපාරයක් හෝ වර්දනය කරන්න.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයෙත් මේ වගේ මෝඩයො ඉන්නව දැක්කම,අනිත් මිනිස්සු ගැන මොනව හිතන්නද.මයිත්‍රීයි,රනිලුයි දෙන්නම රටේම ඉන්න හොරුත් එක්ක එකතු වෙලා තමුන්ගෙ කාලය ඉවර කරගන්නෙ කොහොමද කියල බලාගෙන ඉන්නව.අඩුතරමෙ ඉගෙනගත්ත මිනිස්සු ටිකක් හරි ඉන්නෙ,ජේවීපී එකේ කියල හිතන්න තරමෙ ඔලුවක් ලංකාවෙ ඉන්න ගොබ්බයින්ට තේරෙන්නෙ නැහැ.ලංකාව කොයිතරම් ආපස්සට ගිහිල්ලද කියල තේරෙන්නෙ අපි වාගෙ පිට රටක ඉන්න අයට තමා.උදේ ඉඳල රැ වෙනකම් ග්‍රහයො පස්සෙ දුවන,තාම ගල් යුගයෙ ජීවත්වෙන,ලංකාවෙ හරකුන්ට ගැලපෙන්නෙ මේ ක්‍රමයම තමා.

      Delete
    2. AnonymousFebruary 10, 2017 at 3:38 AM
      //අඩුතරමෙ ඉගෙනගත්ත මිනිස්සු ටිකක් හරි ඉන්නෙ,ජේවීපී එකේ කියල//

      අම්මපා එතකොට රවී කරුනානයකළ, රන්නිල්ල, අර්ජුන මහේන්ද්‍රන් ල ඉගනගත්තු මිනිස්සු නෙමෙයිද හිටන්, මේ ඉගනගත්ත මිනිස්සු නේද මේ රට මංකොල්ල කන්නේ එහෙම නැතුව ඉගනගත්ත නැති මර්වින් සිල්ව ල නෙමෙයි නේද හිටන්.

      අනේ බොලා දන්නා ලබ්බ //අපි වාගෙ පිට රටක ඉන්න අයට තමා// හැබෑට යකෝ තොපි නැතිවීම මව්බිමට හරිම පාඩුවක් නේ වෙලා තියෙනෙන්
      //7 වන ඇමරිකානු නාවික බල ඇණිය ලංකාව ආක්‍රමණය කරනු ඇති බවට ඔහු අණාවැකි කීවේය​. බෙන්තොට හෝටලය ඇමරිකානු කඳවුරක් බවත් ඇල්ල වැල්ලවාය මාර්ගය පළල් කරනුයේ ඇමරිකානු යුද යානා බැස්සීමට බවත් ඔහු අනුගාමිකයන්ට කීවේය​. එසේම ජාපාල න්‍යාය වැනි අතාර්කික න්‍යායන් ගෙන ආවේය​.//

      ඔන්න ඔහොම තමයි තොපේ මහඑකා අතීතයේ වැඩකරලා තියෙන්නේ.

      මේ මිහාරක් ටික බලයට ආවනම් වෙන්නේ මුලින්ම ලෝකයෙන් කොන්වෙන එක ඉටපසේ පොල්පොට් වගේ රටේ මිනිසුන්ට වගා කිරීමට තමයි වෙන්නේ.
      ඔහෙලා වගේ මිහරක් මේ රටෙන් යන එකම තෙමෙයි හොද.

      Delete
    3. එතකොට ඇනෝ ඔබට මතකද විමල් වීරවංස කියල අවංක මිහෙනෙක්, ඊටපස්සේ ඔබට මතකද සෝමවංස අමරසිංහ කියල, නන්දන ගුණතිලක අවසාන වහ්ස්යෙන් නතර උනේ කොහෙද කියල. අනේ බොලගේ රන්තරන් මොලේ !!

      Delete
    4. // අම්මපා එතකොට රවී කරුනානයකළ, රන්නිල්ල, අර්ජුන මහේන්ද්ර න් ල ඉගනගත්තු මිනිස්සු නෙමෙයිද හිටන්, මේ ඉගනගත්ත මිනිස්සු නේද මේ රට මංකොල්ල කන්නේ එහෙම නැතුව ඉගනගත්ත නැති මර්වින් සිල්ව ල නෙමෙයි නේද හිටන්.//

      ලාන්කීය සිතුවිලි නමින් ඵතුමාව හදුන්වාගන්නා මහතා ට වඩාත්ම ගැලපෙන නම වන්නේ මෝඩ සිතුවිලි යන නම බව මට සිතේ..............

      ඵතුමාගේ මෝඩ සිතුවිලි දිහා බලන කල ප්රෙගඩී සිල්වාටත් වඩා හාස්යනක් මතුකිරීමට ඵතුමා දක්ශයෙකු බව හැගේ.............


      මෙතුමාට අනුව රට මන්කොල්ලකන්නේ මර්වින් සිල්වාය.රවී, අරජුන් මහේන්ද්රකන්, රනිල් නොවේ.මහා බැන්කු මහා හොරකම කර ඇත්තේ මර්වින් සිල්වාය.......කරුන්කා හොරා කියන්නේ මර්වින් සිල්වා ටය....................මේ සියලු හොරු රකින රටේ අගමැති වන්නේද මර්වින් සිල්වාය................

      රවීලා අරජුන්ලා ඩබල් ඩොක්ටර්ලාය...............නිකන නිකන් ප්රෝපෙසනල් කොලිපිකේසන් කටුවක් ඵල්ලාගත් නිකමුන් නොවේ..............මුන් උගතුන් නම් ඉන්දියාවේ පාරේ මලපහ කරනා පීඵච්ඩී කාරයෝද උගතුන් විය යුතුය..................

      මෝඩ සිතුවිලි මහතාට අනුව ශීලනිපයේ සහ ඵජාපයේ ඉන්නේ රවී සහ රනිල් පමනි.................
      ඵ් ලෙවල් වත් නැති 130ක් පමනද, ඔ ලෙවල් පවා අසමත් 75ක් පමනද මන්ත්රීුලා ජේවීපී කාරයෝය.................
      ඵ් අනුව රත්තරන්ලා චොකා මල්ලිලා ගොන්ජලා මහින්දානන්දලා තෙවරප්පෙරුමලා යනු නූගත් ජේවීපී කාරයන්ය.............යූඇන්පී ශ්රීහලන්කා බඩු නොවේ.........

      Delete
    5. {අම්මපා එතකොට රවී කරුනානයකළ, රන්නිල්ල, අර්ජුන මහේන්ද්‍රන් ල ඉගනගත්තු මිනිස්සු නෙමෙයිද හිටන්, මේ ඉගනගත්ත මිනිස්සු නේද මේ රට මංකොල්ල කන්නේ එහෙම නැතුව ඉගනගත්ත නැති මර්වින් සිල්ව ල නෙමෙයි නේද හිටන්.}

      //මෙතුමාට අනුව රට මන්කොල්ලකන්නේ මර්වින් සිල්වාය.රවී, අරජුන් මහේන්ද්රකන්, රනිල් නොවේ.මහා බැන්කු මහා හොරකම කර ඇත්තේ මර්වින් සිල්වාය.......කරුන්කා හොරා කියන්නේ මර්වින් සිල්වා ටය....................මේ සියලු හොරු රකින රටේ අගමැති වන්නේද මර්වින් සිල්වාය................//

      කියවන අය නුවනක්කාරයන් සහ මෝඩයන් හදුනාගනිත්වා !!

      Delete
    6. // කියවන අය නුවනක්කාරයන් සහ මෝඩයන් හදුනාගනිත්වා !! //

      කියවන මිනිස්සු මෝඩයන් නුවනක්කාරයන් හොදට අදුනන නිසා නෙව ඔබතුමාට 'මෝඩ සිතුවිලි' කියන නම යෝජන කොරලා තියෙන්නේ.

      Delete


    7. // මේ මිහාරක් ටික බලයට ආවනම් වෙන්නේ මුලින්ම ලෝකයෙන් කොන්වෙන එක ඉටපසේ පොල්පොට් වගේ රටේ මිනිසුන්ට වගා කිරීමට තමයි වෙන්නේ. //

      අම්මපා මෝඩ සිතුවිලියො.............
      ලම්කාවට දැන් ලෝකේ මාර තැනක්නෙ තියෙන්නේ..............
      කලින් හිටපු ඵකා කරක්ගැහව්වා ස්වාසීලන්තෙ පැත්තෙ..........දැන් ඉන්න ඵකා තානාපති කාර්යානල විවෘත කරන්නෙ ඉතියෝපියාවේ...........
      මාර දියුනු රටවල් ඵක්ක නෙ බන් දැන් ලන්කාව ගනුදෙනු කරන්නේ.............
      ජෙප්පො ආවනම් මේවා කොහොමයි කරන්නේ..............

      දැන් චීනෙයි ඉන්දියාවයි ඇමරිකාවයි අපි කියන පදේට නටනවා මිසක් ලන්කාව නම් ඵහෙම කරන්නේ නෑ නෙ බන්............

      මට පේන්නේ අවුරුදු 69ක් ලන්කාව කාපු දේසපාලුවන්ට ඔබ තුමා මෙච්චර කඩේ යන්නේ අත ලෙවකන්න නෙවෙයි වගේ.............ඔබතුමා කොමිස් කාක්කෙක් ඵහෙම නෙවෙයි නේද???

      Delete
    8. @ Lankika SithuwiliFebruary 10, 2017 at 2:23 AM ඔබ විසින් කරන ලද හේතු දැක්වීම් ප්‍රබලයි

      Delete
    9. @ Lankika Sithuwili


      // මේ මිනිසුන්ගේ තියන ප්ර.ශ්නය මොවුන් හීනමානයෙන් පෙලිමත් ලෝකය ගැන ඉතා අඩු දැනීමක් තිබීමත් ආර්ථිකය හැසිරවීමට ප්රාතයෝගික ක්රනමවේද නොතිබීමත් (මිනිසුන්ට රැකියා ලබාදෙන්නේ කෙසේද, බදු අයකරන්නේ කෙසේද ?, පුග්ගලික නිදහස සිමා කෙරෙන්නේ කෙසේද?, ලෝකය සමග ගනුදෙනු කරන්නේ කෙසේද ? රජය කොපමණ තීරණ ගැනීමට සහබාගි වෙනවද?) වැනි කාරනා පිලිබදව ඔවුන් ගේ කිසිම සැලැස්මක් නෑ. ව්දගත්ම දේ තමයි නවීන ලෝකයේ මොවුන් කියන ප්ර්තිපත්ති මත දියුණු වූ රටක් නොතිබීම. //


      තමුන් කියනා දේට හේතු ඉදිරිපත් නොකරන්නන්ට කියන්නේ වාචාලයන් කියාය...........
      ඔබ කියනා පරිදි මොවුන්ගේ හිනමානය , ලෝකය ගැන නොදැනීම , ප්රා.යෝගීක නොවීම වැනි අඩුපාඩු සහිත වූවන් බව අප පිලිගන්නේ කෙසේද????
      මන්දයත් ඔවුන් සතුව ඵම අඩුපාඩු ඇති බව ඔප්පුකිරීමට ඔබ කිසිදු සාක්ශියක් ඉදිරිපත් නොකරන බැවිනි.

      මා නම් කියන්නේ ඔබ මෙසේ පිලිගත හැකි සාදක වලින් තොරව ජවිපෙට ගරහන්නේ ඔබ තුල ඇති හීනමානය, ලෝකය ගැන නොදැනිම සහ ප්රාලයෝගික නොවීම යන අඩුපාඩු නිසා බව අපට ඔප්පුකර පෙන්වීමට පුලුවනි...................

      Delete

    10. AnonymousFebruary 10, 2017 at 9:17 AM
      //තමුන් කියනා දේට හේතු ඉදිරිපත් නොකරන්නන්ට කියන්නේ වාචාලයන් කියාය.//

      තමුන් 1989 වත් අවුරුදු 10 ට වැඩි වයසක සිටියානම් ඔබට මතක ඇති ජනතා විමුක්ති පෙරමුණට එරෙහි වූ අයව මැරූ පසු ඔවුන්ගේ මල මිනිය දණහිසට පහලින් ගෙනයන්න කියල කිව්වා, මේව සුලු උදාහරණ පමණයි, ඔබ විහ්ස්වාවිද්යාලයකට වැස්සකට හෝ ගොස් ඇත්තනම් ඔබ දන්නවා ඇති ජනතා විමුක්කි පෙරමුණට බලය ඇති ශිෂ්‍ය වියාපාර වල අය නවකයන් ඉංග්‍රීසි කතාකිරීම, පුස්තකාල පාවිච්චිය වැනි දේ වලට විවිද බාදා කරන බව.

      ඔබට මතකද දන්නේ නෑ ශ්‍රී ලංකාවේ තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස් වැනි අහිංසක කලාකරුවන් වගේම බුද්ධිමතුන් මරාදැම්ම, මෙහෙම කලේ ඔවුන්ට බුද්ධියෙන් හැප්පෙන්න බැරි නිසා මිසක් ඔය අහිංසකයන් අවි අමොරගෙන් JVP අය මරපු නිසා නෙමෙයි.
      මේ ලගදි අනුර කුමාර තම අවස්ථාවාදය පෙන්වමින් හිටපු නායක හිනමානි රෝහණ විජේවිර් කියන මානසික රෝගී මිනිමරුවට දානයක් දුන්න, ඔබට මතකද පුජනිය කොටිකාවත්තේ සද්දාතිස්ස හාමුදුරුවන්ව මරාදම්ම! සමාවෙන්න සමාවෙන්න (මරාදැම්මා කියනඑක ටිකක් හරිමදී වගේ නේ, අපි කියමු උන්නාන්සේට උණ්ඩයක් පුජකලා කියල! ) තමා කිසිවිටක විශ්වාස නොකරන දානේ දීමකට යන්නේ මෙරටේ මිනිස්සු රවට්ටන්න මිසක් දලදාමලිගාවට බෝම්බ ගහපු මිනීමරු නායකයට පින් දෙන්නද අයූබෝවන්.

      දැන් ඔය මදැයි හීනමානය ගැන දැන් බලමු ලෝකය නොදනිම ගැන.
      //7 වන ඇමරිකානු නාවික බල ඇණිය ලංකාව ආක්‍රමණය කරනු ඇති බවට ඔහු අණාවැකි කීවේය​. බෙන්තොට හෝටලය ඇමරිකානු කඳවුරක් බවත් ඇල්ල වැල්ලවාය මාර්ගය පළල් කරනුයේ ඇමරිකානු යුද යානා බැස්සීමට බවත් ඔහු අනුගාමිකයන්ට කීවේය​. එසේම ජාපාල න්‍යාය වැනි අතාර්කික න්‍යායන් ගෙන ආවේය​.//

      ඔයටික ඇති මිනීමරු මහඑකාගේ ලෝකය නොදනිම ගැන කියන්න, බොලාට මතකද තොපි ප්‍රචාරක ලේකම් කියල මිනිහෙක් අවුරුදු 15 විතර තියාගෙන හිටිය විමල් විරවංශ කියල මතකද උ කිව්වා google තහනම් කරන්න ඕනේ කියල, දැන් කියයි ඕක කියන කොට උ අපිලග නැහැයි කියල හැබැයි ලොක්කෝ ඔයවගේ මිහරකෙක් තමයි අවුරුදු ගානක් ඉහල තනතුරු වල තියාගෙන සිටියේ.

      ධනවාදයේ අංග ගැන කෙසේවෙත්ත්ත් වාමාංශික ලෝකය දැනට පවතින සාර්ථක ක්‍රම ගැනවත් ඔය මිනිස්සු දන්නේ නෑ. මම වාමාංශික ක්‍රමය විශ්වාස නොකලත් සමහර සාධනීය අංග කියනවා ස්පාන්යේ Mondragon Corporation වැනි සමුපකාර ක්‍රම වල මේ පිළිබව ඔබේ මහලොකු වාමන්ශිකය්න් කැට හොල්ලන්මින් හිගමනේ යන්නේ නැතුව නරකද වාමංශික ක්‍රමයේ සාර්ථක වියාපාරයක් වත් ක්‍රියාත්මක කරලා පෙන්නුවානම්.

      ප්‍රායෝගිකව මිනිසුන් රාශියකට රැකියා අවස්ථා ඇතිකරන ක්‍රමයක් වත් ඇතිකලානම් පේනවා නේද මුන්ට පොඩියට හරි වියාපාරයක් කරන්න පුළුවන් මෙනිසා පළාත් සැබෑවක් වත් කරන්න දෙමු කියල මිනිසුන්ට හිතෙනවා නේද ? දැන් වෙනකම් තොපිට කරන්න පුළුවන් කැට හොල්ලමින් හිගමනේ යනඑක නේද ?

      ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ට බලය දෙනවිට මිනිස්සු කිව්වේ ඔහුට දේසපාලනේ තේරෙන්නේ නෑ නමුත් අර්තිකයවත් හරියට කරයි මොකද ඔහු විශාල සමාගම් පාලනය කරනවා, ජතතා විමුකති පෙරමුණට පුලුවන් උනාද අඩුගානේ පෙට්ටි කඩයක් වත් කරන්න ?

      //මන්දයත් ඔවුන් සතුව ඵම අඩුපාඩු ඇති බව ඔප්පුකිරීමට ඔබ කිසිදු සාක්ශියක් ඉදිරිපත් නොකරන බැවිනි.//

      ඔය මදැයි ලොක්ක සාක්කි මෙරටේ මිනිස්සු මැරිලා ඉපදිලා නෑ ජනතා විමුක්ති පෙරමුණ ගැන යම් අවබෝදයක් තියන මිනිසුන් ඉන්නකන් ඔවුන්ට ප්‍රාදේශීය සැබෑවක් වත් පාලනය කරන්න බෑ
      දැන් මේක කියෝලා චු කරලා නිදාගන්නවල!

      Delete
    11. @ ලාන්කීය සිතුවිලි

      ඔබ ජවිපෙට චෝදනාකරන්නේ නොදැනුවත්කම හීනමානය සහ ප්රාවයෝගික නොවීම වැනි අඩුපාඩු ඔබ තුල පවතීනා නිසා බවට මා ඔබට කල චෝදනාව ඔබ ඉතා හොදින් තහවුරු කලා .................

      මා මුලින්ම ඔබගේ නොදැනුවත් කම පිලිබදව සිහිකැදවන්නම්.
      ඇත්තෙන්ම ඔබ ඉතා ලාමක සිල්ලර චෝදනා දෙකතුනකින් දමාගසයි.ඵ් තුලින් ඔබ අපට පෙන්වන ඔබගේ තර්කන බුද්දියේ ලාමක ටින් ටින් බවාය සිනහ උපදවන සුලුය.

      1.ප්රේයමකීර්ති ද අල්විස්, සාගරිකා ගෝමස්, තේවිස් ගුරුගේ වැනි අය මරාදැමුවේ ජවිපේ බවට ඔබ කල චෝදනාව.
      ඇත්තටම ඔබගේ යාවත්කාලින නොවීමේ අඩුපාඩුව පෙන්වන දර්ශකයක් බදුය.
      ප්රේටමකීරිති ද අල්විස් මහතාව මරාදැමුවේ , ප්රේ මදාසගේ අගසව්වකු වූ හඩ්ඩා විසින් බව ප්රටසිද්දියේ පැවසන්නේ වෙන කිසිවකු නොව ප්රේකමකීර්ති මහතාගේ බිරිදය................
      ප්රේකමකීර්ති මහතාගේ මිනීමරුවන් වූ යූ.ඇන්.පී බච්චන් පිලිබදව රටට සහ ඵ් මහතා ගේ පවුලේ අයට සියලු කරුනු හෙලිවී තිබියදී ලාන්කීය සිතුවිලි නම් දේශපාලන මන්දබුද්දිකයා පවසන්නේ ප්රේවමකීර්ති මහතාව මැරුවේ ජවිපේ බවය...........
      අදෝමැයි...............ගොන් කමක මහත.

      ප්රේැමකීර්ති මහතා පමනක් නොවේ සාගරිකා ගෝමස් මැතිනියගේ මරාදැමීමට වගකිවයුත්තේද හමුදා යූ.ඇන්.පී අතුරු හමුදා සාමාජිකයන් බව කවුරුත් දන්නා කරුනකි.
      ඉතා ආරක්ශිත ප්රාදේශයක ජීවත්වූ ඇයගේ නිවසටම පැමින ඇයට අතවරද කර රම්බෝ පිහිවලින් ඇන මරාදමා තිබුනේ, ඵ්ම ප්රශදේශයේ ආරක්ශාවට පත්කර සිටි ආරක්ශකයන් රැලකි.

      ඵ්පමනක් නොව, ඵවකට ජවිපෙ ගිනුමට බැරකර තිබූ විජය කුමාරතුන්ගගේ මිනීමරුවන් කවුදැයි හෙලිවිය.ඔහුට වෙඩි තබා තිබුනේද ගාමිනී ලොකුගේ ගේම ගිනි අවියකිනි.

      නිහාල් සිල්වා මහතාට වෙඩි තබා තිබුනේ නිල හමුදා මුරපොලකිනි.

      මෙවා සියල්ලු ඔප්පු වූ ඵ්වාය.
      ඉහත මිනීමැරුම් සියල්ල ජවිපෙ ගිනුමට බැර කරමින් සිදුකලේ ඵක්සත් ජාතික පක්ශ මිනීමරුවන් බවට දැන් මුලු රටටම ඔප්පු වී ඇති නමුත් මේ බබා හුකුන් ඵ්වා දන්නේ නැත.................තාමත් පරන මෝඩ කතා දොඩවමින් සිටී.....................
      තේවිස් ගුරුගේ මහතාගේ මිනීමැරුම පිලිබද පමනක් ඔප්පු කල සාක්ශි නැති වුවද, රිචඩ් ද සොයිසා වැනි මාද්ය්වේදීන් මැරූ ආකරය අනුව තේවිස් ගුරුගේ මහතාද යූ.ඇන්.පී ගොදුරක් වීමට හොදටම ඉඩ තිබේ........................

      ලාන්කීය සිතුවිලි මහතාට පැවසීමට ඇත්තේ නොදන්න මගුල් කියවා පච වීමට පෙර පොතක් පතක් පත්තරයක් කියවා අප්ඩේට් වී ඵන ලෙස ය.


      2. ජවිපෙ සමූපාකාර ගැනවත් මෙලෝ හසරක් නොදන්නා බවට වූ ඔබේ චෝදනාව.

      ජවිපෙ ආර්තික ක්‍රම සහ කලමනාකාරීත්වය ගන දැනුමක් නොමැති අය බව කීමෙන් ඔබගේ අඩු හැදෑරීම සහ නොදැනුවත් ස්වබාවය ප්‍රකට වන බව කනගාටුවෙන් උනත් කියන්න ඔන............
      මොකද ඔබ ඊට උදාහරනයක් ලෙස ගන්නේ සමූපාකාර ක්ශේත්‍රය ගැන ජවීපෙ නොදැනුවත්ය කියන කතාවයි.

      නමුත් ඔබ නොදන්න දේ තමයි ඔබ ඔය කියන ක්ශේත්‍රයේම පවතින්නාවූ, ආසියාවේ විශාලම සමූපාකාර සමිතියක් වන වන ගුරුවරුන්ගේ අද්යායපන සමූපාකාර සමිතිය වසර ගනනක පටන් ජවිපෙ පාලනයෙන් තියන බව.

      මා දන්නා පරිදි ගුරුවරුන්ගේ චන්දයෙන් පත්වන මෙය මුල් වරට ජවිපෙ සුලු බහුතරයකින් ජයග්රෙහනය කර සාර්තකව පවත්වාගෙන ගිය අතර , මහින්ද රජය විදායක බලය යොදවා ඵය ඩැගැ ගත් නමුත්, අදිකරනය ඉදිරියේ ඵහි අයිතිය ජවිපෙට ඇතිබව තහවුරු වූ අතර,ඵජාපයට සහ ශ්ලනිපයට ගැතිව තිබූ පෙර පාලනයන් යටතේ ඉතා විශාල දූශන වන්චා සිදුවී තිබූ මෙම සමූපාකර සමිතියේ ආර්තික ශක්තිය විශාල වශයෙන් වැඩි වූ අතර , ජවිපේ ක්‍රියාකාරීත්වයේ සාර්තකත්වය කෙතරම්ද යත් මෙවර පැවති චන්දයෙන් 90%ක බහුතර බලයක් ජවිපෙට ලබාදීමට ගුරුවරුන් ක්‍රියාකර තිබීමෙන්ම පැහැදිලි වන බව.

      ඔබ ජවිපේ මෙලෝ හසරක් නොදන්නවා යැයි හිතාගෙන සිටි සමූපාකාර ක්ශේත්‍රයේම, අද්යාපන සමූපාකර සමිතිය ජවිපෙ යටතේ අතිවිශාල ප්රගතියක් ලැබීමත්, ඵ් නිසාම මෙවර ඵහි සාමාජිකයන්ගෙන් 90%කට වඩි ප්රමානයක් ජවිපෙ අනුමත කිරීමෙනුත්, ඔබ තුමා කිසිම හැදෑරීමකින් තොරව ගොබෙල්ස් න්යාය පතුරවන දේශපාලන පාට කන්නාඩි කාරයකු බව පැහැදිලි වන බව කනගාතුවෙන් වුවද කිවයුතුමය.

      Delete
    12. මට දැන්නේ තේරුනේ JVP ය කවුරුත්වම මරල නෑ නේ ඔක්කොම කරල තියෙන්නේ රජයේ හමුදාව සහ පුද්ගලික හේතු නිසා, අනෙක් අතට අනුර කුමාර ලොක්කත් කවුද මැරුවේ කියල නැති නිසා JVP කිසිම මිනිමැරුමක් කරලා නෑ, ජනතා විමුක්ති පෙරමුණේ අය මෙච්චර දේවල් කරල තයෙන්නේ අටසිල් නෙමෙයි දස සිල් අරගෙන වෙන්න ඕනේ,

      අනේ සමාවෙන්න ඕනේ මගේ මෝඩකමට මෙහෙම අහිංසකයෝ බව නොදන්නා නිසා unp එකේ බොරුවලට රැවටිලා වෙන්න ඕනේ මේ රටේ මිනිසු මේ උපාසකයන්ට චන්දෙ දෙන්නේ නැත්තේ.

      Delete
    13. @ Lankika Sithuwili

      // මට දැන්නේ තේරුනේ JVP ය කවුරුත්වම මරල නෑ නේ ඔක්කොම කරල තියෙන්නේ රජයේ හමුදාව සහ පුද්ගලික හේතු නිසා, අනෙක් අතට අනුර කුමාර ලොක්කත් කවුද මැරුවේ කියල නැති නිසා JVP කිසිම මිනිමැරුමක් කරලා නෑ, ජනතා විමුක්ති පෙරමුණේ අය මෙච්චර දේවල් කරල තයෙන්නේ අටසිල් නෙමෙයි දස සිල් අරගෙන වෙන්න ඕනේ,

      අනේ සමාවෙන්න ඕනේ මගේ මෝඩකමට මෙහෙම අහිංසකයෝ බව නොදන්නා නිසා unp එකේ බොරුවලට රැවටිලා වෙන්න ඕනේ මේ රටේ මිනිසු මේ උපාසකයන්ට චන්දෙ දෙන්නේ නැත්තේ. //

      මහලොකුවට ඇස්දෙකෙන් දැක්කා වගේ යූ.ඇන්.පී මිනීමරුවන් කරපු ඝාතන ජවිපෙ ඵකවුන්ට් ඵකට දාලා කතාකරා නේද ඔයා හෙන පන්ඩිතයා වගේ...............

      දැන් ඔයා කියපු ඔක්කොම බොරු බවත් ඵ් ඝාතන යූ.ඇන්.පී මිනීමරුවන් කරපු මිනීමැරුම් බවත් සාක්ශි සහිතව ඔප්පුකරලා පෙන්නපුවාම දැන් කෝපිකඩේ අප්පුවා වගේ මෝඩ ජෝක් දාන්න පටන්ගත්තද????

      ලාන්කීය සිතුවිලිලා වගේ හෙන පණ්ඩිතයො වගේ රගපාන බොරු කයිවාරුකාරයෝ, මෝඩ ජෝකර්ලා බවට පත්වෙන්න යන්නේ පැය බාගයයි.............!!!!!!!!!!!

      පොතක් පතක් කියවන්නේ නැතිව, හැදෑරීමක් නැතිව ගොන් කතා රිපීට් කරන්න ගිහාම ඔහොම මෝඩ ජෝකර්ල වෙන්න සිද්දවෙනවා මහත්තයො.................

      හා...හා......

      ලාන්කීය සිතුවිලි නම් මහා දැනමුත්තා කෝපිකඩේ අප්පුවා බවට පත් වෙන ලදි............. හූ..................!!!!!!!!!!!!!!!!!

      මහත්තයො ආයෙ අහන්නම්..............

      ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයාව මැරුවේ ප්‍රේමදාසගේ හඩ්ඩා කියලා ප්‍රේමකීර්ති මහත්තයාගේ නෝනා කිව්වේ බොරුද?
      නිහාල් සිල්වාට වෙඩි තිබ්බේ හමුදා මුරපොලකින් නෙවෙයිද?සාගරිකා ගෝමස්ට අතවර කර රම්බෝ පිහිවලින් ඇනලා මැරුවේ යු.ඇන්.පී අතුරු හමුදා කල්ලියක් නෙවෙයිද?විජය කුමාරතුන්ගට වෙඩි තිබ්බේ ගාමිනී ලොකුගේ ගෙ තුවක්කුවකින් නෙවෙයි ද?රිචඩ් ද සොයිසාව මැරුවේ යූ.ඇන්.පී කාරයො නෙවෙයිද???????????????????????????????????????????


      Delete
    14. //දැන් ඔයා කියපු ඔක්කොම බොරු බවත් ඵ් ඝාතන යූ.ඇන්.පී මිනීමරුවන් කරපු මිනීමැරුම් බවත් සාක්ශි සහිතව ඔප්පුකරලා පෙන්නපුවාම //

      කරුණාකරලා කියනවද මොන උසාවියේ මොන නඩුවේ දීද ඔප්පු කලේ කියල. "ඔප්පු" කරන්න ඕනේ උසාවියකදී පමණයි එහෙම නැතුව JVP ට කඩේ යන කෙනෙක් වත් UNP ට කඩේ යන කෙනෙක් වත් කිව්වා කියල ඔප්පු වෙන්නේ නෑ.

      යම් වචනයක් පාවිච්චි කරනවානම් එහි අර්ථය දැනගන පාවිච්චි කරන්න නිකන් කට හැකර කමට පාවිච්චි කරන්න එපා, මිනිසුන්ව නොමග යවන්න.

      Delete
    15. @ Lankika Sithuwili


      දැන් ඵතකොට ඔය මීනී මැරුම් කලේ ජවිපෙ කියලා ඔයා කිව්වනේ....................

      ඵහෙනම් ඔවා ජවිපෙම කලා කියලා ඔප්පුකරලා තියෙන්නේ මොන උසාවියෙ දිද?????


      ඔප්පුකරන්නේ උසාවියේ විතරද?
      තව ඔප්පු කරන තැන් නැත්ද?

      කමිශන් සබා වල දේවල් ඔප්පු කරනවා.ඵ්වා උසාවියේ ඔප්පු කරපු විදියට පූර්ව නිගමනය කරනවා කියලා ඔයා දන්නෙ නැද්ද?

      හා හා ඔයාගේ සමාජ දැනීම මරුවට ඔප්පු කරනවා.............නියමයි ඔහොම යන් ඔහොම යන්...............ඔයා තනකොල කන හරකෙක් කියලා මෙතනඩම ඔප්පු කරන්නම්..............

      ගාමිනී ලොකුගේ ගෙ තුවක්කුවෙන් තමා විජය කුමාරතුන්ගට වෙඩි තිබ්බේ කියන ඵක ' විජය ඝාතන කොමිසමේදී ' තමා හලෝ ඔප්පු උනේ.ඵම වාර්තාවේ ඔක පැහැදිලිව තියනවා.
      ඵම කොමිශන් සබාව අදිකරන නිලදාරීන් (නඩුකාරයන් ) ගෙන් සමන්විත කොමිශන් සබාවක්.ඵම කොමිශන් සබාවේ වාර්තාව ඔනම නීතිමය කාර්‍යක් සදහා ඔප්පු කල කරුනු වලින් සමන්විත යැයි නීතිය ඉස්සරහා පිලිගැනෙනවා.ඔක සරල දෙයක්.

      සාගරීකා ගෝමස් , ගාතනය සහ නිහාල් ද සිල්වා ගාතනය අදිකරනය ඉස්සරහා ඔප්පු උන ඵ්වා තමයි හලෝ................දන්නෙ නැත්නම් දන්න කෙකුගෙන් අහගෙන ඵනවා නොදන්න මගුල් කියලා පච වෙන්නේ නැතිව.

      ප්‍රෙමකීර්ති ද අල්විස් මහතා මැරුවේ හඩ්ඩා කියලා ප්‍රමකීර්ති මහතා ගේ නෝනා ප්‍රසිද්දියෙම කියනවා................

      ඵ් විතරක් නෙවෙයි ඵ් ගාතනය පිලිබද ඉතිහාස කතාව ඵ්තුමිය ලියපු පොතේ ඵකුරක් නෑර විස්තර සහිතව සටහන් කරල තියනවා......................දන්නෙ නෑත්නම් ගිහිල්ල පොත කියවලා ඵනවා හලෝ.....................

      පරීක්ශන කොමිශන් සබා වලින්, මරන පරීක්ශන වලින් කරුනු ඔප්පු කල හැකි බව නොදන්නා, නඩුවක් ම ඔන කියලා හිතාගෙන ඉන්න මෝඩයෙක් නෙ හලෝ ඔයා........සාමාන්‍ය ට්‍රැපික් පොලිස් රාලහාමි ලාත් දන දෙයක් වත් ඔයා දන්නෙ නෑ නෙ.....................විලි ලැජ්ජයි..............



      Delete
    16. මහින්දට කිව්වොත් නරකද බලය නැතුව සංවර්ධනය කරල පෙන්නන්න කියලා..

      එයාට තියෙන දේශපාලන පරිණතභාවය අනුව අනිවා පුළුවන් වෙන්න ඕන..

      එහෙම පුළුවන්කම තියෙද්දිත් ආයෙ බලයට එන්න කෑ මොර දෙන්නෙ මක්කටෙයි බොලව්..??

      හොරා කන්ට නම් වෙන්ඩ බෑ මයෙ හිතේ..

      Delete
    17. //මමනම් කියන්නේ බලයට එන්න ඉස්සල ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ අඩුම වශයෙන් සුළු වියාපාරයක් හෝ වර්දනය කරන්න.//

      මහින්දට කිව්වොත් නරකද බලය නැතුව සංවර්ධනය කරල පෙන්නන්න කියලා..

      එයාට තියෙන දේශපාලන පරිණතභාවය අනුව අනිවා පුළුවන් වෙන්න ඕන..

      එහෙම පුළුවන්කම තියෙද්දිත් ආයෙ බලයට එන්න කෑ මොර දෙන්නෙ මක්කටෙයි බොලව්..??

      හොරා කන්ට නම් වෙන්ඩ බෑ මයෙ හිතේ..

      Delete
  9. ජවිපේ යනු කෝඩුකාර දේශපාලඥයින්ගේ සහ සංක්‍රාන්ති සමයක් ගෙවන ඡන්දදායකයින්ගේ තාවකාලික නවාතැන්පොලකි.

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා......ඕක ඉතින් දෙසැරයක්ම කියන්න ඕන නැහැනේ. අපෙ කණ් ඇහෙන්නේ නැහැ කියලා හිතුවද.........

      කුරහන්ගේ කතාවේ ප්‍රායෝගික පැත්ත පේනවා හැම ඡන්දෙකදිම පස්සේ. 1982 ජනාධිපතිවරනයේදී විජේවීරට සීයට හතරකට වඩා ඡන්දේ දීලා තියෙනවා. අවුරුදු 33කට පස්සේ 2015දී ජවිපෙ සීයට අටකට ආසන්නව පමනයි ඡන්ද ගන්නේ.

      ජනතාව වැරදිද, ජවිපෙ හරිද එහෙම නැත්නම් ජනතාව හරිද, ජවිපෙ වැරදිද කියලා මම කල්පනා කරනවා හිටන් සහ ඉඳන්.

      Delete
    2. ජවිපේ යනු කෝඩුකාර දේශපාලඥයින්ගේ සහ සංක්‍රාන්ති සමයක් ගෙවන ඡන්දදායකයින්ගේ තාවකාලික නවාතැන්පොලකි.///////// ++++++++++++++++++++++++++++++

      Delete
  10. පසුගිය සතියේ මුස්ලිම් පල්ලියක හිටි කස්ටියකට වෙඩි තබා හතර පස් දෙනෙක් දෙවු ලොව යැවුවේ නැත /////////// ඒ වෙඩි තැබූ පුද්ගලයා යන්නේ හිරගෙදරය ඔහු පාර්ලිමේන්තුවට පත් කර ගන්නේ නැත​. එහෙත් උඩතලවින්න මුස්ලිම් තරුණයන් ඝාතනය කල එකා පාර්ලිමේන්තුවට යැවීමට ලංකාවේ චන්දදායකයෝ ක්‍රියා කලහ

    ReplyDelete
  11. මේකෙන් කියවෙන්නේ කවුරු බලය ගත්තත් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ අපේරටේ වැඩ කරන්නට කම්මැලි, ආකල්ප වලින් දුප්පත් සේවක, මහජන සමුහයා වෙනස් නොවී කියලා වගේ කතාවක් කියලා හිතනවා. මමත් කියන්නේ ජවිපෙ අඩුම ගානේ තමන්ගේ සාමාජිකයෝ ටික වත් ආදර්ශමත්ව හදලා පෙන්නුවා නම් හරි...

    ReplyDelete
    Replies
    1. ජවිපෙ නුතන කරණය වෙයි බලා සිටි අයෙක්මි.

      නමුත්, දශක ගණනාවක් පරණ දේ ජවිපෙට අමතක කල නොහැකි බව පෙනේ. ජවිපෙ "අපේ දැක්ම" කියවූ අපට පෙනුනේ ජවිපෙ නුත කරණය වන්නට කැමති බවයි. නමුත් දැන් පෙනෙන්නේ ජවිපෙ සමග 1989 කාලයේ තිබු සිතිවිලි වලින් උන් මුදා නොගත හැකි බවයි. එසේ කල හැකි කෙනෙකු වේ නම් අනෙක් අය වෙනුවෙන් සතු වෙමි.

      Delete
  12. @ Lankika Sithuwili

    ReplyDelete
  13. ට්‍රාන්ස්පෝමර් පුපුරවල, බස් ගිනි තියල සුළුපටු උදව්වක්ද කලේ රට දියුණු කරන්ඩ
    මිනිස්සු මරල, ආණ්ඩුවට කියල ඒ එකවුන්ට් එකටම තවත් මරවල රටේ සම්පත් ඉතිරකරලා දුන්නේ කවුද.
    ඇමතිකම් අරගෙන වැව් ඔක්කොම පිළිසකර කරලා එහෙම කෘෂිකර්මය නගා සිටවුවේ කවුද.
    මරුති වැනි වාහන මන්ත්‍රිලට සුදුසුයි කියල ඒවා තවම පාවිච්චි කරන්නේ කවුද
    ඕව ඔක්කොම කරලාත් තවම ආණ්ඩුවක් ගන්ඩ බැරිඋනානේ.
    ලංකාවේ මහජනතාව පව්.

    ReplyDelete
    Replies
    1. //////මරුති වැනි වාහන මන්ත්‍රිලට සුදුසුයි කියල ඒවා තවම පාවිච්චි කරන්නේ කවුද //////

      මීහරක් ජනතාව වන අපිනෙ සෑර්.

      Delete
  14. 3. ඇමරිකාවේ නාවික හමුදාව ලන්කාව අල්ලන්න ඵන බව විජේවීර පැවසු බව කීම.

    ඇමරිකාවට අමුතුවෙන් ලන්කාව අල්ලන්නට දෙයක් නැතිනිසා අමුතුවෙන් හත්වන නාවික හමුදාවක් මෙරටට ඵන්නට අවශ්‍ය නැත.
    7වන නාවික හමුදාව වනාහී ඉන්දියන් සාගරයේ සැරිසරන ආක්‍රමනික හමුදාවකි.
    ඇමරිකාවට ඉන්දියන් සාගරයේ කාර්ය්‍යක් නැත.දියාගෝ ගාර්ශියා දුපත් බලෙන් අල්ලාගෙන ඔවුන් කරන්නේ ආසියානු රාජ්‍යන් ආක්‍රමනය ඇකිරීමය.
    වියට්නාමයට ද ඇෆ්ගනිස්තානයටද, ඉරාකයටද, සිරියාවටද යේමනයටද, ලිබියාවටද අනවසරයෙන් ඇතුල්ව බෝඅම්බ දමා දහස් ගනන් දරුවන් මරන්නට සියලු පහසුකම් සපයන ප්‍රදාන බලවේගයක් වන්නේ 7වන ඇමරිකානු නාවික හමුදාව වේ.

    ලන්කාව වනාහී ඇමරිකාවේ අණ ලැබුනහොත් අසූචිද වලදන රටක් නිසා අමුතුවෙන් ආක්‍රමනය කරන්නට අවශ්‍ය නැත.විජේවීර ඵදා කීවේ ලන්කාවේ සමාජවාදී රාජ්‍යක් බිහිවූ විට ඇමරිකාව අනිවාර්‍යන්ම ඵ්සේ කටයුතු කරනු අති බවය.

    ඇමරිකන් විරෝදී මා කලින් සදහන් කල රාජ්යන් කෙරෙහි ඇමරිකාව කටයුතු කල ආකාරය සලකා බැලීමේදී ලන්කාවේද අමරිකන් රූකඩයක් නොවන රජයක් බලයට පත්වූවානම්, මෙරටටද සෘජු ඇමරිකන් ආක්‍රමනයක රස බැලීමට සිදුවන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

    විජෙරවීර ඵ්දා පෙන්වාදුන්නේ ප්‍රජාත්න්ත්‍රවාදය ගැන වැදි බන දෙසන අමරිකාව ප්‍රමුඛ දනවාදී කදවුර ඇමරිකාව විවේචනය කරන රටවලට සලකන අන්දම ගැනය.මා කලින් සදහන්කල රටවලට අත්වූ ඉරනම සලකා බැලීමේදී ලන්කාවේ බටහිර ගැති නොවන රජයක් බිහි වූවානම් මෙරටටද සිදුවනුයේ ඵයයි.

    විජේවීරයන් ඉතා පැහදිලිව කියූ දෙයට විහිලුසහගත අර්ත සපයමින් කෝපිකඩේ අප්පුවා මෙන් නැටුවාට ඇත්ත නැත්ත කිරීමට නොහැකි බව ලාන්කීය සිතුවිලි මහතාට මතක්කර දීමට කැමතිය.


    4. ජව්පෙට පෙට්ටිකඩයක් වත් කරන්න බරි බව පැවසීම.

    හිනා යන කතාවකි.
    ශ්‍රීලන්කා ඵජාප පක්ශ දෙක ලන්කාව නියමෙට කරගෙන යයි.දැන් ඇමරිකාවද ලන්කාවට ණය ය.
    අනේ උබලා වගේ විහිලුකාරයෝ...................
    පෙට්ටි කඩ නොවේ මා කලින් සදහන් කල , ආසියාවේ විශාලම සමූපාකර සමිතියක් වන අද්‍යාපන සමූපාකාර සමිතිය වසර ගනනක සිට පාලනය කරන්නේ ජවිපෙ ය.නිකන්ම නොවේ.90% ක බහුතරයකිනි.ඵහි වත්කම මිලියන සියගනනක් වන අතර, පසුගිය රජය යටතේ බන්කොලොත් වතිබූ, ඵ්හි වත්කම් දිනෙන් දින වැඩි වේ.

    ජවිපෙ යටතේ තිස්සමහාරාමය ප්‍රාදේශීය සබාව පිට පිටම ලන්කාවේ හොදම ප්‍රාදේශීස සබාව විය.

    ලන්කාවේ අඩුම සහල් මිල වාර්තා වුනේ ජවිපෙ කෘශිකර්ම ඇමති කම දරන සමයේය.
    මිල්කෝ ආයතනයේ නිශ්පාදන් වැඩි වූයේද, කිරි ගොවි ගම්මාන හැදුනේද වල් වැඩී තිබූ ගම් වැවු ප්‍රතිසන්ස්කරනයවුනේද ඵම සමයේය.අපි ජවිපේ යටතේ රුපියල් විසි ගනන් වලට හාල් කෑවෙමු.දැන් ගොවියකු ජනාදිපති වුවද හාල් කන්නේ ඵකසිය විසි ගනන් වලටය.

    සුනාමි සමයේ මහින්දා රාජපක්ශ සුනාමි ආදාර හොරා කන විට , අසරන වූ ජනතාව වෙනුවෙන් ඉතාම සන්විදානාත්මකව සේවය කලේ ජවිපෙ ය.
    'ජපානය පවා වසර ගනනක් යාවී යැයි ඇස්තමේන්තු කර තිබූ දකුනු මුහුදුබඩ දුම්‍රිය මාර්ගය දින 58කින් අඩු මුදලකින් හැදුවේ ජවිපේ වෘත්තීය සමිති වල සාමජිකයෝය.

    පසුගිය ගන්වතුර සමයේ ජවිපේ කල සේවය සමග රාජ්‍ය යාන්ත්‍රනයට හැරෙන්නත් බැරි විය.

    තව කියන්නට බොහෝ දේ තිබේ.නමුත් උබලා වැනි කාලකන්නින් වෙනුවෙන් වැයකරන අකුරු අපරාදේය.ලන්කාවට මේ කල ගිහින් ඇත්තේ උබලා වැනි කුහකයන් නිසා මිස අන් කිසිවක් නිසා නොවේ.තුම්පනේ සිතුවිලි වශයෙන් උබේ නම වෙනස්කරානම් හරිය.

    ReplyDelete
  15. මහත්වරුනි නෝනාවරුනි. 69 ක් නිල් කොළ දෙගොල්ලන්ගෙන් කෙලවාගත්තෙකේ ජවිපෙනුත් එක පාරක් කෙලවා ගන්න දීලා බලන්න. අවුරුදු 5ට නේ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook