Saturday, February 4, 2017

අතෘප්තිවූ මිනිසා



ඔවුන්ට තමන් දැඩිව අල්ලාගත් දැඩිව දෘෂ්ඨිගතවූ දේශපාලන මතවාදයක් නිසා තවත් මිනිසෙකු මරා දමන්නට පුලුවන්. ඇයි මේ දේශපාලන මතවාදයක් දෘෂ්ඨියක් නිසා මිනී මරන්නේ. ඇයි ඔවුන්ට ජීවිතය විඳින්න බැරි. මිත්‍රයා එතන ඉන්නවා අතෘප්තිවූ මිනිසෙක්. ඔහු තුල වෛරය ක්‍රෝධය පිරිලා. මේ මිනිසා තමාගේ මව හෝ පියා කෙරෙහි තිබූ අවිඥාණික වෛරය නිසා විප්ලවයක නාමයෙන් හෝ දේශපාලන ක්‍රියාවක නාමයෙන් තවත් මිනිසෙකු මරා දමනවා. ඉන් පසු තම ඝාතන මනස සාධාරණීකර ගන්නේ අර මරපු මිනිසා ද්‍රෝහියෙක් පාවා දෙන්නෙක් කියලා. මේ රෝගීවූ මිනිසුන්. ඔවුන් ජීවිතය වින්දනය කරන්නේ නෑ. අභ්‍යන්තරව විඳවනවා. ඒ විඳවීම අනෙකාට බැර කරනවා.      ( පරිකල්පනික අතික්‍රමණය )

12 comments:

  1. Replies
    1. හැබැටම මෙන්ඩෝ , කෙලියා නේද දොස්තරටත් පිස්සු .......ද කොහෙද

      Delete
  2. මහින්ද රාජපකශලා සුදු වැන් වලින් ගෙනගොස් මිනිස්සු අතුරුදහන් කලේත්, සාමකාමී උද්ගෝශන වලට වෙඩිතබා මිනිසුන් මරාදැමුවේත් විප්ලවය වෙනුවෙන්ද?
    ඇමරිකාව ඇතුලු CIA මාෆියාව අනෙක් රටවලට බෝම්බ දමා වසරකට දහස්ගනන් දරුවන් මරාදමන්නේ විප්ලවය වෙනුවෙන්ද?
    ඇමරිකාව ISISලා බිහිකර අහින්සක මිනිසුන්ගේ බෙලි කප්පවන්නේ විප්ලවය වෙනුවෙන්ද්?
    ඇමරිකාවේ වසරකට මනුශ්යගාතන කීයක් වේද?මින් කීයක් විප්ලවය වෙනුවෙන් සිදු කල ඵ්වාද?

    හැම දේම විප්ලවය පිට දැමීම ෆෝබියාවකි................විමල් වීරවන්ශගේ බටහිර කුමන්ත්‍රන බීතිකාව සිහිගන්වයි..................

    අප කොච්චර උත්සාහ කලද සමාජ අසාදාරනය දුරු කරන තුරු අරගලයන් ඇතිවීම වැලැක්විය නොහක....................
    ස්පාටකස්ගේ කැරැල්ලේ සිට, ඉන්ග්‍රීසි ඇමරිකානු ප්‍රන්ශ රුසියානු විප්ලව හරහා අරාබි වසන්තය දක්වාම වූ සත්‍ය පවසන්නේ ඵයයි.................
    ඵක්සත්ජාතීන්ගේ සන්විදානයේ නිල වාර්තා වලට අනුව වර්තමාන ලිබරල් නිදහස් ලෝකයේ ඵක දිනකට මිනිසුන් 20 000ක් කුසගින්න නිසා මියයයි................
    ඵයින්ම සමජ සාදාරනත්වයේ දිගපලල අපට සිතාගත හැකිය......................
    විප්ලවයන් සිදුවන්නේ මෙකී ත්ත්වයන් තුලය...............

    ඵ් නිසා සමාජ අසාදාරනය දුරුකරනවා වෙනුවට ස්වකීය වියතක් පමන වූ බඩගෙඩි පෝශනය කරමින් දිනෙන් දින ජරාවට පත්වන්නාවූ සිරුරට සියලු පස්කම් රස ලබාදෙමින් , විප්ලව බීතිකාවෙන් නැට්ටුවාට පලක් නැතිබව ඉතිහාසය පෙන්වා දී ඇත.

    විමල් වීරවන්ශ පැය 24ම ජාත්‍යන්තර කුමන්ත්‍රන පිලිබද දෙඩවුවද දේශපාලන පෙරලිය නතරකරන්නට නොහැකි විය.

    ReplyDelete
    Replies
    1. ඇයි ඔවුන්ට ජීවිතය විඳින්න බැරි ( ඔබ විසින් සඳහන් කරන සියළු පාර්ශ වල​ට

      Delete
  3. දේශපාලනය පමණක් නොවෙයි සත්ත්වයා සෑම සියළු දෙයක් ම දරා ගන්නේ දෘශ්ටීන් වශයෙන්ම තමයි. මා පුද්ගලයෙක්ය යන්න ග්‍රහනය කරගන්නා තැනේදී සිටම.
    එවන් වූ දෘශ්ටීන් අතුරෙනුත් දේශපාලනික වශය්න් ඇති කරගන්න දෘශ්ටීන් ඉතා ලාමක වර්ගයේ ඒවායි.
    දේශපාලනික කාරයන් හෙවත් දැඩි දෘශ්ටි වාදීන් තමන්ගේ පක්ශයෙන් මොන කෙනා ආවත් යහපත් ලෙස දැකීමත්, තමන්ගේ පක්ශය බලයට ගෙන ඒම පිනිස රජයේ මහ බැංකුව කොල්ල කෑම පවා සාධාරණය කිරීමටත්. තම පක්ශයට තර්ජනයක් වන මිනිසා චෝදනා හදා හෝ මරා දැමීමටත් කැමැත්ත පලකරති.
    රාජ පක්ෂ රජය ඉතා ප්‍රභලව පැවති යුගයේ මාගේ ප්‍රභල එජාප පාක්ශික මිතුරන් කීප දෙනෙකු දිනක් සාකච්චා කලේ රාජපක්ෂ රජය වැට්ටීමට නම් කෙසේ හෝ බැසිල් නැවත එජාපයට කැඳවා ගත යුතු බවත් ඔහුව මහින්දට එරෙහිව යෙදවිය යුතු බවටත්ය. එතැනදී බැසිල්ට එරෙහිව එජා පාක්ෂිකයන් නගන චෝදනා ඔවුන්ට වලංගු නොවීය.
    දෙශපාලනික දෘශ්ඨි වාදීන්ගේ හැටි එහෙමයි.

    ReplyDelete
    Replies
    1. දෘශ්ටීන් අතුරෙනුත් දේශපාලනික වශය්න් ඇති කරගන්න දෘශ්ටීන් ඉතා ලාමක වර්ගයේ ඒවායි.++++++++

      Delete
  4. //මේ මිනිසා තමාගේ මව හෝ පියා කෙරෙහි තිබූ අවිඥාණික වෛරය නිසා// ??? “පරිකල්පනික අතික්‍රමණය“ක් ම ද?

    ReplyDelete
  5. සියළු ආකාරයේ කුලකවලට බ‍ෙදීම, වහා අත්හල යුතු, අති භයානක විෂ බීජයක්..

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook