Saturday, February 18, 2017

ජවිපෙ තුල සිටින බුඛාරීන්ලා සහ බේර්යාලා




ජවිපෙ පාක්‍ෂිකයන් අතර මගේ මිතුරන් ද සිටිති. ඔවුන් සොඳුරු මිනිසුන් මෙන්ම යහපත් සමාජයක් බිහි කිරීමේ අවංක අභිලාශයකින් යුක්ත වූවෝ වෙති. මේ සොඳුරු අවංක මිනිසුන් අතරම ඝාතන මානසිකත්වයෙන් යුතු පළි ගැනීමේ වියරුවෙන් පෙලෙන ජවිපෙ පාක්‍ෂිකයන් කොටසක් ද සිටිති.

බලයක් ලැබුනු වහාම මේ කොටස් සමාජය තුල භීෂණය පතුරුවා තමන් ගේ එරියස් මානසිකත්වය සංසිඳවා ගනිති. සමහර විට විවිධ පෞරුෂ අක්‍රමතා වලට ලක්වූවෝද ජවිපෙ කරා ඇදී එති. ජවිපෙ දේශපාලන ධාරාව හරහා තමන් ගේ ලේ හලා යන අභිලාශයන් මුදුන්පත් කර හැකි බව ඔවුන් සිතති. ජවිපෙට මිනිසුන් බිය සහ චන්දය නොදෙන්නේ මේ කොටස් නිසාය​.

මා සිතන පරිදි ජවිපෙ තුල බුඛාරීන්ලා මෙන්ම බේර්යා , කගනෝවිච්ලා සිටිති. 88-89 කාලයේ බේර්යා , කගනෝවිච්ලා බලවත් වූහ​. ජවිපෙ තුල සිටින බුඛාරීන්ලා ඉදිරියට එන්නේ නම් ජවිපෙ බොහෝ මානුශිකවාදී වනු ඇත​. බුඛාරීන්ලාට අත දීමට සිවිල් සමාජයද වග බලා ගත යුතුය.​


13 comments:

  1. //ජවිපෙ තුල සිටින බුඛාරීන්ලා ඉදිරියට එන්නේ නම් ජවිපෙ බොහෝ මානුශිකවාදී වනු ඇත​. බුඛාරීන්ලාට අත දීමට සිවිල් සමාජයද වග බලා ගත යුතුය.​//


    ++++++

    ලන්කාවේ සිවිල් සමාජය ඉතා ඉක්මනින් මේ හොඳ මිනිස්සුන්ගෙනුත් ඉවත් කරවන්න පුලුවන් ක්‍රමය අනෙක් පක්ශ්වල අය හොයගෙනයි තියෙන්නේ..

    මානුශිකවාදී අයත් අනික් ගොඩට දාන එකෙනේ අපි ගොඩ දෙනෙක් කරන්නේ අපේ (බොහෝ ඇසු පිරු තැන් ඇති අය යැයි සම්මත) බ්ලොග් ලියන අය පාවා ඉතින් සාමාන්‍ය සිවිල් සමාජය ගැන කවර කතාද?

    ReplyDelete
    Replies
    1. May I ask you a few questions sir, believe you are a doctor who is migrated to Australia
      1.how old are you
      2.do you have any plans to return to sri lanka and serve sri lankan patients
      3.what caused you to migrate
      4.out of all the reasons that forced you to migrate is nt the obligation you have towards the people who invested for your education superior
      5.does it make right for sri lanakan's to pay for your education and Australians to benefit
      6. if government asks you to pay back your cost will you willingly pay
      all these questions are directed at the assumption that you are a government uni student
      and I askd from you since you are the only man i could get hold of and by no means to make you feel uncomfortable

      Delete
    2. 1.46
      2.yes when my sons eduction is over not only to serve patients but also to teach medical students ( if given an opportunity) and above all to serve rural area as a voluntary worker like Thabrew sir in my blog posts
      3. To be frank with you the prevailing uncertain situation in 2003-5 ( war and risk to life etc) not money I can tell you because if I stayed in Sri Lanka my life would have been totally different to the usual SL doctors. As one of my former friend put it " I was earning like a doctor but spending & living like a school teacher)
      4 yes no question . I tried to make some sort of justice to them by doing so many little projects ( some I discussed in my blog)
      5. Not at all . I am mindful about this and trying in my current capacity to do something about this . the hidden reason to build houses, make roads , give scholarships etc in Sri Lanka is this self awareness of mine
      6 yes very good idea I do not have any hesitation of doing that if it asks . I
      yes I am a government uni student . yes thanks for the compliments I am not uncomfortable about these genuine questions. One more thing for you although I like some of the JVP memebers it doesn't mean that I approve everything they do for example my idea about private degrees and non medical degrees are totally different from GMOA as well as that of JVP.
      Please read my blog it gives you some idea about me as a person ./ and the little things I have done so far to family , village/school back home....

      Delete
    3. this is the link to Ano if you have not been before
      http://helmalu.blogspot.com.au/2015/05/blog-post_3.html

      Delete
    4. i do read your blogs, and thank you for your sincere response
      with out isolating your case if we look at this problem the migration of skill workers for whom the tax payer has invested is a massive problem to a country like us, any investment is made with an expectation of higher return, nobody would or should invest to occur losses . and our sri lankan tax payers are the investors of everything that is provided for free, direct or indirect tax are collected from everyone and we should have the right to see our investment looking after our interests but sadly we are the people who have least control of it, any when our investment threats to suspend the services and serve some other country we should have a way to get our investment back for us to re invest, otherwise we will go bankrupt, by the way i saw on ur blog that you were going to discuss some sort of a guidance to who ever wishes to migrate, should you encourage such acts?

      Delete
    5. its a complex question , indeed we will discuss it on FB

      Delete
  2. //බුඛාරීන්ලාට අත දීමට සිවිල් සමාජයද වග බලා ගත යුතුය//

    කරන්න බෑ. බෙල්ල ගහලා යන වැඩක්.ජවිපෙ දර්ශණය ගැන පැරා දවසක් පැහැදිලි කලේ මෙහෙමයි:

    පාක්ෂිකයො - සහෝදරවරු

    විරුද්ධමත දරන්නො ( අතදෙන්න හිතන් ඉන්න අයත් ඇතුලුව) - පන්ති සතුරො

    හුදී ජනතාව - නොමඟ ගිය පිරිසක්

    නොමඟ ගිය, හුදී ජනතාවට විප්ලවීය අදහස් පොවලා, ගොවිපල වලට දක්කලා හදාගන්න නිර්දේශ කලත්, පන්ති සතුරන්ට කිසිම සමාවක් නෑ, ලයිට් කණුවල එල්ලලා ඔලුවට වෙඩි තියලා වඳ කරන්න ඕනෙ ජාතියක් කියලයි කියවෙන්නෙ. පැරාගෙ සමහර ලිපිවලට නිර්නාමිකව ඇවිල්ලා , බණින අයගෙ ද්වේෂය සහ අන්තවාදී බව දැක්කාම , මේක ඇත්ත කියලයි හිතෙන්නෙ.

    මේක සමාජවාදයෙ උපන්ගෙයි දෝෂයක්. පන්ති නැති සමාජයක්,සම-සමාජයක් , පූර්ණ සමාජවාදය පොතට පමණක් සීමාවෙච්ච දෙයක් බව පිළිගන්න ඔවුන් සූදානම් නෑ. ඉතින් විවේචන ඉවසන්නෙ නෑ.ඉතිං තාම පටන් ගත්ත තැනමයි, එක තැන පල් වෙනවා. ක්‍රමය හැදිලා තියෙන්නෙ බුඛාරීන්ලා කරට නැගලා කගනෝවිච්ලාට උඩට එන්න.

    මේ නිරුවත වහගන්න ඔවුන් ‍තෝරාගන්න සීතාම්බර සළුව තමා බොරුව සහ වාරණය.

    ReplyDelete
    Replies
    1. පැරාගෙ සමහර ලිපිවලට නිර්නාමිකව ඇවිල්ලා , බණින අයගෙ ද්වේෂය සහ අන්තවාදී බව දැක්කාම////////////// 100 % true

      Delete
  3. ෂුකාර් සීයලා නම් දැන් නෑ.

    ReplyDelete
  4. මොකා නැතත් මාව නම් මරණවා... දැනටත් ඉන්බොක්ස් කරලා මාව මරලා ඉවරයි...

    ReplyDelete
    Replies
    1. විප්ලවයක් ආවොත් මාතෙට බඩුම තමයි

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook