Sunday, February 5, 2017

දීප්ති කුමාර ගුණරත්න සහ මනෝ විශ්ලේෂණය


                           


මනෝ විශ්ලේෂණය හඳුන්වා දෙනු ලැබුවේ වියනාවේ සිටි වෛද්‍යවරයෙකු වූ සිග්මන් ෆ්‍රොයිඩ් විසිනි. චිකිත්සක ක්‍රමවේදයක් මෙන්ම පර්‍යේෂණාත්මක විධික්‍රමයක් වන මනෝ විශ්ලේෂණය  බොහෝ විෂයන්ට ආදේශ කල හැකිය​. උදාහරණයක් ලෙස සාහිත්‍ය , චිත්‍ර කලාව  වූවද මනෝ විශ්ලේෂණ කෝණයකින් අර්ථ දැක්විය හැකිය​. 

මනෝ විශ්ලේෂණ දැණුම මනෝ වෛද්‍යවරුන්ට අවශ්‍ය කෙරේ. එහෙත් ශ්‍රී ලංකාවේ මනෝ වෛද්‍යවරු තුල මනෝ විශ්ලේෂණ පිළිබඳව දැණුම ඉතා අවම බව ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක හා සත්හඬ පුවත්පතේ ප්‍රධාන කර්තෘ දීප්ති කුමාර ගුණරත්න  පවසයි. එසේම ශ්‍රී ලංකාවේ මනෝ විශ්ලේෂණ හැදෑරීම සඳහා පිළිගත් ආයතනයක් නොමැති බවද ඔහු  විසින් පෙන්වා දෙයි. 

දීප්ති විසින් පවසන මෙම කරුණ බරපතල වන අතරම එහි යම් සත්‍යතාවක් තිබේ. මට හමුවූ සහ මා විසින් සංවාද වල යෙදුනු ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරු අතර ඉතා සුළුතරයකට පමණක් මනෝ විශ්ලේෂණය සහ මනෝ ප්‍රතිකාරයන් පිළිබඳ ගැඹුරු දැණුමක් ඇති බව මටද ප්‍රත්‍යක්‍ෂවී තිබේ. ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරු අතර මනෝ විශ්ලේෂණය සහ මනෝ ප්‍රතිකාරයන් පිළිබඳ ගැඹුරු දැණුමක් ඇති මනෝ වෛද්‍යවරයා ලෙස මම හඳුනාගෙන ඇත්තේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ඇතුළු කවයේ මනෝ විශ්ලේෂකයෙකුව සිටි  කාල් මැනිංගර් ගේ ගෝලයෙකු වූ වෛද්‍ය මහසෙන් ද සිල්වාය​. වර්තමානයේ මනෝ වෛද්‍ය මහසෙන් ද සිල්වා කැන්සාස් හි කොල්මරි ඔනීල් රෝහලේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරයි.  

මනෝ වෛද්‍ය ප්‍රතිකාරයේදී මනෝ විශ්ලේෂණ මනෝ ප්‍රතිකාරයේ දැණුම අත්‍යාවශ්‍ය කෙරේ. ප්‍රබල මනෝ චිකිත්සක මාධ්‍යයන් වන CBT (Cognitive Behavior Therapy),  DBT ( Dialectical Behavior Therapy ), RET (Rational Emotive Therapy) , EMDR  (Eye Movement Desensitization and Reprocessing) යන මනෝ ප්‍රතිකාර  වල මූලයන් ආරම්භ වූයේ මනෝ විශ්ලේෂණය හරහාය​. එසේම මානසික රෝගියෙකුගේ චර්‍යාව , ඔහුගේ මනෝ භාවයන් , සහ චිත්තය වටහා ගැනීමට මනෝ විශ්ලේෂණය උපකාර වේ. එහෙත් බොහෝ විට ශ්‍රී ලංකාවේ මනෝ විශ්ලේෂණය මෙන්ම අනෙකුත් මනෝ චිකිත්සන  භාවිතා කරන මනෝ වෛද්‍යවරු අවම අතර බොහෝ දෙනෙකු ප්‍රති මනෝව්‍යාධික ඖෂධ මගින් පමණක් ප්‍රතිකාර කරති. මේ සත්‍ය මුලින්ම මාධ්‍ය මගින් පෙන්වා දෙන ලද්දේ දීප්ති කුමාර ගුණරත්න විසිනි.  මේ තිත්ත ඇත්ත පිළි ගැනීමට බොහෝ වෘත්තිකයෝ මැළි වූවද එය සත්‍ය කරුණකි. ඊට හේතුව බොහෝ ශ්‍රී ලාංකික වෛද්‍ය විද්‍යාල තුල මනෝ විශ්ලේෂණය මෙන්ම මනෝ චිකිත්සනය ඉගැන්වීමට සුදුසුකම් සහ දැණුම තිබෙන ආචාර්‍යවරුන් නොමැති නිසාය​. 

බොහෝ කාලයකට ඉහතදී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිටි පද්මාල් ද සිල්වා මහතාට නම් මනෝ විශ්ලේෂණය මෙන්ම මනෝ චිකිත්සනය ඉගැන්වීමට සුදුසුකම් සහ දැණුම තිබුනු නමුදු  ඔහු වෛද්‍යවරයෙකු නොවූ නිසා සමහර ශ්‍රී ලාංකික මනෝ වෛද්‍යවරු ඔහුව බැහැර කලෝය​. ඔහු පේරාදෙනියේ සිටි කාලයේදී ඔහුට වෘත්තීය ගරුත්වයකින් සලකන ලද්දේ මනෝ වෛද්‍ය රොඩ්රිගු මහතා ඇතුළු ස්වල්ප දෙනෙක් පමණක් බව පද්මාල් මා සමග පවසා තිබේ. පසුකාලයක පද්මාල් ද සිල්වා පේරාදෙනිය විශ්ව විද්‍යාලය අතහැර ලන්ඩනයේ කිංස් විද්‍යාලයට ගිය අතර එහි දේශකයෙකු මෙන්ම සායනික මනෝ විද්‍යාඥයෙකු ලෙස සේවය කරන ලදි. මේ මනෝ විශ්ලේෂණය මෙන්ම මනෝ චිකිත්සනය ගැන ගැඹුරු දැණුමක් තිබූ උගතෙකුට අපගේ වෛද්‍ය ඇකඩමියාව සලකන ලද ආකාරයයි. ලංකාවේ වෛද්‍ය ඇකඩමියාවට පද්මාල් වැදගත් නොවූවද බ්‍රිතාන්‍ය මනෝ විද්‍යාඥයන් වූ ස්ටැන්ලි රැක්මන් මෙන්ම විලියම් යූල් පද්මාල්ව අගය කලා පමණක් නොව ඔහු සමග පරියේෂණ පත්‍රිකාද පළ කරන ලදි. 

ඇකඩමියාවට අයත් නොවූවද දීප්ති කුමාර ගුණරත්න විසින් කරන ලද සාමාජයික මැදිහත් වීම ප්‍රබලය​.  ලංකාවේ සාහිත්‍ය මෙන්ම චිත්‍රපට මනෝ මනෝ විශ්ලේෂණාත්මකව කියවීමද ඒ සඳහා තරුණයන් ගේ සහභාගීත්වය ඇති කිරීමට දීප්ති මූලික වෙයි. එසේම සිංහල පමණක්  කියවන  පාඨකයන්ට මනෝ විශ්ලේෂණය හඳුන්වා දීමටද ඒ සඳහා උනන්දුවක් ඇති කිරීමටද ඔහුගේ දායකත්වය ඉවහල් විය​. ෆ්‍රොයිඩියානු මනෝ විශ්ලේෂණය , ඩෙරිඩාගේ ඩීකන්ස්ට්‍රක්‍ෂන් කල්පිත , ලැකානියානු විශ්ලේෂණය ගැන ක්‍රමවත් සහ විධිමත් දැණුමක් ඔහුට නොතිබුනද අත්පත් කරගත් සීමාකෘත දැණුම හරහා ලාංකික සමාජය ගැන දීප්ති කුමාර ගුණරත්න කරන කියවීම් සහමුනින්ම ඉවත දැමිය නොහැකි බව මගේ අදහසයි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 



20 comments:

  1. දීප්තී ඇකඩමික් බුද්ධිමතෙක් නොවුනට.. ඇකඩමික් බුද්ධිමතුන්ට වඩා දෙයක් සමාජයට හා පරම්පරාවකට ලබා දුන්නා. එකම ප්‍රශ්ණය දීප්තිට ඒක සාමාන්‍ය ජනතාව අතරට ගෙනියන්න බැරි එක. ඒ අතින් විමල් වීරවංශ දීප්තිට වඩා ඉදිරියෙන් ඉන්නවා.. බුද්ධියෙන් නෙමෙයි ජනතාව ඇද ගැනීමෙන්.. අනික තමයි ඇයි එක පාරටම දීප්ති නිහඬ උනේ කියන එක.. දීප්ති නිහඬ උනාද.. කළාද කියන එකත් ප්‍රශ්ණයක්... මොකෝ දීප්ති වගේ අය ගෝත්‍රික ඇකඩමික් බුද්ධිමතුන් කියනා වැද්දන්ට අභියෝගයක්...

    ReplyDelete
    Replies
    1. දීප්ති සරල භාෂාවක් යොදා ගත්තා නම් ජනතාව අතරට යන්න තිබුනා

      Delete
  2. දොස්තර රුවන්, මාතෘකාවට අදාළ නැති වුවත්, කාලීන කරුණක් ගෙන ඒමට අවසර දෙන්න. මේ දිනවල අර හතර අතට දුගඳ පතුරන බ්ලොගයක් ලියන බහුශ්රුත, ද්විභාෂා පරමේෂ්වර, මහා දන්තාචාර්ය 'තුමා', ඔබ හා විචාරක ( නෙලුම් යායට සම්බන්ධ පිරිසට අමතරව)ඉලක්ක කරමින් මඩ ඇනෝ කොමෙන්ටු පල කරන බව පෙනේ. මෙය වෘත්තිමය ඉරිසියාවද, නැතහොත් තමන්ගේ බ්ලොගය කියවන්නේ ඇනෝ කොමෙන්ටු දමාගන්න තමන් හා එවන් සිතැති කිහිප දෙනෙක් පමණක් වීමද, එසේත් නැත්නම් උපන් ගතියද? මේ පිලිබඳව ඔබගේ මනෝ විශ්ලේෂණයක් අඩංගු, 'ලංකාවේ බ්ලොග්කරුවන්ගේ කුහකත්වය දැක්වෙන පෝස්ටු හා කොමෙන්ටු' සන මැයෙන් පෝස්ටුවක් එළිදක්වන්නේනම් අපේ දැනුම සඳහා ඉතා වැදගත්ය. ව්‍යහාරික සිංහලෙන් කියනවා නම්, සතා මොකාදැයි හඳුනාගැනීම අප සියල්ලන්ටම වටී.

    ReplyDelete
    Replies
    1. මේකත් ඇනෝ නැතුව ලිව්වනම් තවත් වටිනවා

      Delete
    2. ඇනෝ නැතිව ලිවීමේ ලොකු වෙනසක් නැහැ. ඕනෑම කෙනෙකුට, වෙනත් නමකින් ප්රොෆයිලයක් 'අටවාගන්න' පුළුවන්.

      Delete
    3. එය සා රස තුමාට මඩ ගැසීමේ අරමුණින් සතුරෙකු එවූ එකකි.

      Delete
    4. //එය සා රස තුමාට මඩ ගැසීමේ අරමුණින් සතුරෙකු එවූ එකකි.//

      එතුමාට සතුරොත් ඉන්නවද?

      Delete
    5. @ Anonymous February 5, 2017 at 11:27 PM

      සාරස ලියන මගුලක් ඌ ලියයි. අවශ්‍ය එකෙක් කියවයි. කමෙන්ට් කරයි. අනිත් බ්ලොග්කාරයො ලියන මගුලක් උන් ලියයි. අවශ්‍ය එකෙක් කියවයි. කමෙන්ට් කරයි.

      මේවා _න්නයො බ්ලොග්. උඹ මෙතන _ක නොදී හිටපං. මේ දවස්වල බලෙන් _ක දිදී බ්ලොග්කාරයො කොටවන _න්නයො බ්ලොග්වල වැහිවැහැල.

      Delete
    6. මිනිසුන් සිඟිති ආතල් ගත්තාවේ

      Delete
    7. @AnonymousFebruary 6, 2017 at 7:13 AM

      ඉතින් උඹත් _ක නොදී හිටපංකො. එතකොට ඉවරයිනෙ.

      Delete
  3. ඒ වගේ වැඩකරුවෝ අපිට වටින්නේ නැති නිසා වෙන රටවලලින් අරගෙන යනවා ...අපේ කරුමේ

    ReplyDelete
  4. රුවන් මම එක්ස් කණ්ඩායමේ පොත පටහ සඟරා කියවනං ගත්තේ සෑහෙන කලෙක ඉඳන්. අපි සෝවියට් දේශයෙන් අවට පස්සේ සමාජවාදය හා අපි විශ්වාස කල දේවල් ගැන ඇතිවුණු බිඳවැටීමකිසියම් විධිහකින් පාලනය වුනේ ඔවුන්ගේ ලිපි අඩිය කියවීමෙන් කියා කිව හැකියි. වරක් ඔවුන් එකට ඉන්න කොට බුද්ධික බණ්ඩාර ලියු ලිපියක pdf එකක් තවම ම ළඟ තිබෙනවා. කැඩී ගියාට පස්සේ මම වැඩියෙන්ම කියෙව්වේ දීප්ති ගේ ලිපි. මම කියවපු මනෝ විශ්ලේෂණය ගැන ලංකාවේ ගහපු හොඳම පොතක් තමා දීප්ති සංස්කරණ කළ "හිස්ටිරියාව" පොත. පුලුවන්නම් කියවල බලන්න. ඔය දනන් ගොඩක් කරුණු තමා ඒකෙ තියෙන්නේ හැබැයි. නමුත් පොත් හොඳයි. තව පොතක් ගැහුවා "ඇසිඩ් වැස්ස " කියල හොන්ඩ අවිචාරාත්මක කෘතියක්.
    මම මේ ලිපිය ලිව්වහම "යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්" ජිජැක් කියල යුගෝස්ලාවියාවේ ස්ලෝවේනියාවල දර්ශන්වදියෙක් මේ කතාවක කියල තියනවා කියල කිව්වේ ජිජැක් . මම ජිජැක් ගැන අහල තිබුනත් හරියට පොත් දෙක තුනක් කියෙව්වේ දීප්ති කිව්වට පස්සේ. පස්සසේ තේරුනේ ගොඩක් බනින හිනාවෙන මිනිස්සු උගේ පොත් ඇත්තටම කියවල නැහැ කියල. ලංකාවේ ඔය සීන් එක හරියට තියනවා. කියවන්නේ නැතිව විවේචනය කිරීම.

    ReplyDelete
    Replies
    1. This is a very good as well as a though provoking question.
      I have read his articles (as well as read his book Hysteria some years ago). I have found a number of errors in his writings. I had the feeling that he could not grasp some of the Freudian psychoanalytic concepts correctly. I recall one mistake he had done over Freud’s case study Anna – O. I think when he read the original material probably in English he could not understand it appropriately. So when he translated it to Sinhala he made errors. How ever this made me to write about Anna O - the Famous Case Study of Joseph Breuer and Sigmund Freud. If you want to read this article pl see; http://transyl2014.blogspot.ca/2015/11/anna-o-famous-case-study-of-joseph.html

      Delete
  5. රුවන් ඔබ ට දැන් හිස්ටිරියාව පොත මතක නැතුව ඇති. දීප්ති සහ කණ්ඩායම ඈන් ගැන නෙමේ ලියන්නේ. අනික මම ඔබේ 2015 ලිපියත් කියෙව්වා. ඔබ මෙහි ලියා ඇති දේ: http://transyl2014.blogspot.co.uk/2015/11/anna-o-famous-case-study-of-joseph.html
    කිසියම් වාර්තාවක් මිසක් මනෝ විශ්ලේෂණයක් නොවේ. බොහෝ විට එකම ආකාරයෙන් මෙහි දැකිය හැකියි. https://www.psychologytoday.com/blog/freuds-patients-serial/201201/bertha-pappenheim-1859-1936මෙහි PhD පර්යේෂණයක් මෙහි ඇත.
    https://mail.google.com/mail/u/0/#all/15a192c71e85340c?projector=1
    // I think when he read the original material probably in English he could not understand it appropriately.// ඔබ මෙසේ කියන විට ඒ කොතනද යන්න ඔබට කිව හැකි විය යුතුය.
    මෙයට හේතුව දීප්ති ලියන්නේ බෙර්තා පපන්හයිම් හෙවත් ඇනා ඕ ගැන නොවන නිසාය. බෙර්තා ගැන ලිය ඇත්තේ ඔබයි. ඇගේ මුල් මනෝ චිකිත්සකය ෆ්‍රොයිඩ් නොව ජෝසප් බවර් ය.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ ලිපි මා කියවා තිබෙනවා. සමහර ලිවීම් වල වැරදි තිබේ. එසේම සමහර තියරි ඔහු නිවැරදිව ග්‍රහණය කරගෙන නොමැති බව මට පෙනී ගියා

      Delete
  6. දීප්ති ලියා ඇත්තේ ඔබ කියන පරිදි බෙර්තා හෙවත් ඇනා ගැන නොව FD නම් ප්‍රංශ තරුණියක පිලිබඳ කේස් ස්ටඩි එක සහ ඩෝරා ගැනයි. (ඊඩා බවර් )
    https://modernism.research.yale.edu/wiki/index.php/Dora:_An_Analysis_of_a_Case_of_Hysteria
    මේ දෙකේම විශ්ලේෂණය කළේ ෆ්‍රොයිඩ් ය. එනිසා ඔබ මෙහි දීප්තිට කරන වැරදි පරිවර්තනයේ චෝදනාව කිසි සේත්ම අදාළ එකක් නොවේ. අනික ද්පිති සාකච්ඡා කරන්නේ ඔන්ටෝලොජියයි. එනම් මනෝ විශ්ලේෂණයෙන් පසු සමාජයේ අන්තර් සම්බන්ධතා ගැනය. what view of the mind-body problem is most appropriate in light of psychoanalysis
    http://internationalpsychoanalysis.net/wp-content/uploads/2013/06/ForArnoldRichardsWebsite.pdf

    ReplyDelete
    Replies
    1. Ajith ඔහු ඇනා ඕ ගැන වැරදි කතාවක් ලියා තිබුනා, ඒ හැර තවත් වැරදි තැන් තිබූ බව මතකයි. හිස්ටීරියාව පොත යලි කියවුවහොත් ඒ වැරදි තැන් පෙන්වා දිය හැකියි. ඔහුගේ ලිපි වලත් මේ දෝෂය තිබුනා. ඉදිරි කාලයේ අදාල දෝෂ ලිපිය සමග පෙන්වා දෙන්නම් (depends on my time factor, I am working on 3 books)

      Delete
    2. මම මේ පොත ළඟ ට්ඝියාගෙන කථා කරන්නේ රුවන. ඔහු ඇනා ගැන ලියු සන්ධානක් නැහැ. ඩෝරා ගැන තිබෙන්නේ.

      Delete
    3. It has been a long time , if you could send me the book I will write a review highlighting the mistakes

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook