Friday, February 24, 2017

ජය භූමි කරා යාමට



පින් කෙතක ඉපදුනු අපි
ළමයා පාසලට දමන්න හොර ඔප්පු සාදමු
රස්සාවක් ගන්න දේශපාලකයන්ට වඳිමු
උන්ගේ දෙපතුල් සෝදමු

පින් කෙතක ඉපදුනු අපි
විනයක් නැති රටක
විනයක් නොමැති ජනතාවක් සමග විඳවමු
උදේ හවා පාර තොටේ

පින් කෙතක ඉපදුනු අපි වෙමු
මෘගයන් අන්ධවූ
එකිනෙකා කා කොටා ගන්නා
ජාති පක්‍ෂ ආගම් වශයෙන් මරා ගන්නා

පින් කෙතක ඉපදුනු අපි
පාස්පෝට් විසිකර දමා
කෙහෙල් පහුරු සාදන්නෙමු
ඉතාලි යාමට
ට්‍රෝලර් වල නගිමු
ඔසී පැනීම​ට

පින් කෙත හෙළ රන් දෙරණේ
නැවත ඉපදුනොත් ආයෙත් වීසා ගනිමු
ජය භූමි කරා යාමට

18 comments:


  1. ජාතික ගීයෙත් කියන්නේ එහෙමනේ..."රැගෙන යනුමැන අපි ජය භූමි කරා..."

    ඒ කියන්නේ අපේ ජය භූමිය මේක නෙමේ වෙන එකක්...

    ReplyDelete
  2. Replies
    1. ඔය කොයි තූත්තුකුඩියත් එකයි. ඔසී වගේ ජරා රටවල තත්වය දන්නවා අපිට බොරු නැව් ටෝක් එපා අංකල්. අපි ඔටුවො වත් කොන්ඩෙ බැඳපු චීන්නු වත් නෙවෙයි

      Delete
    2. සල්ලිත් නැත්නම් , අධ්‍යාපනයකුත් නැතම් , හොඳ ජොබකුත් නැත්නම් සුවිස්ටර්ලන්තයත් අපායක්

      Delete
  3. යුදෙව්වන්ට ඊශ්රායල් කියලා රටක් තිබුනේ බයිබලයේ විතරයි උන් තමන්ගේම කියලා රටක් නිර්මානය කළාට පස්සේ ලොකේ පුරා විසිරිලා හිටපු යුදෙව්වෝ තමන්ගේ රටට ගෙන්නා ගත්තා. උන් තමන්ගේ රැුකියාවල් ගෙවල් දොරවල් දමලා කාන්තාරයේ තියෙන රටට ඇවිල්ලා රට වෙනුවෙන් මහන්සිවෙලා වැඩ කෙරුවා. අද ඊශ්රායලය වෙන රටවල් වලට ඇඹරෙන්නේ නැති ඔලුව නමන්නේ නැති රටක්. එත් අපේ රට සාඩම්බර ඉතිහාසයක් තියෙන එක ගැන තාම ගැන කියව කියව ඉන්න වෙන රටවල් වලින් හිගාකන රටක්. නිදහසින් පස්සේ මේරට බාරගත්තු කාලකන්නි දේශපාලුවෝ තමයි මේරට කෑවේ. ජරාජිර්න වෙන මේරටේ ඉන්නේ නැතිව වෙන රටක ගිහිල්ලා කානුසුද්දකරලා ජිවත් වෙනවා සැපයි කියලා හිතෙනවා දැන් වෙන දේවල් දැක්කාම.

    ReplyDelete
    Replies
    1. නිදහසින් පස්සේ මේරට බාරගත්තු කාලකන්නි දේශපාලුවෝ තමයි මේරට කෑවේ.

      Delete
  4. ඔහේ මොනව දොඩවනවද මන්ද ඩොක්ට.

    ලෝකේ උතුම් රට ලංකාවනේ.

    කන්න නැතත් ඒ වගේද 2500ක ඉතිහාසය..

    හොරා කනව කියල දැන දැනත් උන්ටම කතිරෙ ගහන උතුම් ජාතිය..

    ගැහැණුන් මෙච්චර ගණනක් එක්ක නිදියගත්ත කියල පාටි දාන දේශපාලකයන්..

    අහල තියෙනවද සුදූ පොළවල් අයිතිකාර නියෝජ්‍ය කථානායක කෙනෙක් ඉන්න රටක්? එහෙව් රටක එහෙම මිනිහෙක් ක්‍රීඩා ආයතනයක සභාපතිත් වෙනවා..?

    ඒ වගේද දොස්තර මහත්තයෝ ජනතාවගේ මුදල් හොරකම් කරල, ඒ සල්ලිම විදේශ ආයෝජන විදිහට හොරුන්ම ආයෝජන කරන රටක්..??

    ඔය ලක්ස ගණන් වියදම් කරන් මිනිස්සු ඔසී ඉතාලි යන්නෙ ජනතාවගේ තියෙන කළු සල්ලි සුදු සල්ලි කරන්න කියල ඔබ තුමා දන්නවයි..?

    අනික බෝට්ටුවෙන් ගිහිං ගේන ආයෝජන..??

    ඒ අතින් කොච්චරටම මේ ජනතාව ස්වයංපෝෂිතද, උසස් ද, සංවර්දිතද ඩොක්ට..??

    😂😂😂😂😂😂

    ReplyDelete
    Replies
    1. අපිට අවුරුදු දෙදාස් පන්සීයක ඉතිහාසයකුත්.. දෙදාස් පන්සියෙන් මාසයක් කාපු ඉතිහාසයකුත් තිබුණා.. :)))))))))

      Delete
    2. ඒ වගේද කළාහිත තුමෝ. උගත් අයත් පැත්තකින් තියමුකෝ.

      අපිම පත්කරගන්න දේශපාලකයන්ට ෆෝන් බිලත් ලක්ෂයක් දීල ගෙවල් දීල විශ්‍රාම වැටුපත් ගෙවල කොමිස් ගහන්නත් දීල තමන්ගේම රටේ තමන්ම සරණාගතයන් වෙන්න තරම් කරන කැපකිරීමක් බුදුහාමුදුරුවෝ වත් කරල තියෙනවද? නැහැ නේ..

      අපි කොච්චර උසස් ද නේද..?? 🙏😂

      Delete
    3. තමන්ගේම රටේ තමන්ම සරණාගතයන් වෙන්න /////////// aneda kiyanne

      Delete
  5. ඩොක්ටර්,

    වියාපරිකයෙක් හොදම රට ශ්‍රී ලංකාවයි (හෝව් හෝව් බනින්න ඉස්සල කියන දේ අහන්න ) නිකන් ඔබ ඉන්නේ කැනඩාවේ නම් ඔබ සෑම මසකම 15% 20% පමණ ආදායමෙන් බදු ගෙවන්න ඕනේ.

    ප්‍රන්සේ 45% පමණ බද්දක් තරමක අදායමක් ඇති කෙනෙකුට ගෙවන්න වෙනවා.

    ඇමරිකාවේ 33% පමණ ගෙවන්න වෙනවා.

    ශ්‍රී ලංකාවේ බහුතරය කිසිදු රුජු බද්දක් ගෙව්න්නේ නෑ මෙනිසා වක්‍ර බදු වලින් තමයි ආදායම ලබන්නේ, ඒ කියන්නේ ධනවතුන් නඩත්තු කරන්නේ රටේ දිළින්දන් විසින්.

    මිනිස්සු බදු ගෙවන්න කැමති නැත්තේ

    01. රජය විසින් සොරකම් කරන නිසා
    02. බදු ඉතා සංකීර්ණ නිසා
    03. බදු ගෙවන්න පටන්ගත් විට දිගටම ආදායම නැති උනත් මුලින් ගෙවපු බද්දම රජය බලාපුරොත්තු වනනිසා තමාගේ බදු අඩුකර ගැනීමට ඉතා සංකීර්ණ ක්‍රමයක් පැවතීම.

    වගේම බදු ගෙවන්නන්ට කිසිදු විශේෂ ප්‍රවර්දනයක් රජය සිදුකරන්නේ නෑ.

    ලෝකයේ පහසුකම් සලසල ඇති රටවලට මිනිසුන් කැමති වැඩි ආදායමක් ලබන මිනිසුන්ගේ බදුවලින් අඩු ආදායම් ලාබින් නඩත්තු කරන නිසා බව මේ කවුරුත් කියන්නේ නෑ.

    ශ්‍රී ලංකාවේ ඔය කියන දියුණු මට්ටමට ගන්න නම් ඉතා පහසුයි කලයුත්තේ සියලු පුද්ගලයන්නේ ජාතික හැදුනුම් පත් අංකය සමග ඔවුන්ගේ බැංකු ගිණුම් සහ සියලුම වෙළදසැල් පරිගණක ගත කිරීමයි, මෙමගින් කාසි සහ නෝට්ටු මගින් කරන ගනුදෙනු සිමා කලවිට සියලු දෙනාගේ නියම ආදායම සහ ඔවුන් ගෙවිය යුතු බදු ප්‍රමාණය සොයන්ක්රියව ගණනය කර අදාළ පුද්ගලයාට මාසය අවසානයේ ගෙවියයුතු බදුමුදල අන්තර්ජාලයේන් හෝ තැපැල් මගින් දන්වන්න පුළුවන් එහෙම කලාම මිනිසුන් ඔවුන්ගේ ඇත්ත ආදායම සහ වියදම පෙන්වා බදු අඩුකර ගැනීමයි දියුණු රටවල වෙන්නේ.

    දැන් මේ ලක්දෙරණේ මෙය නොවීමට හේතුව ලෙස කියන්නේ අපේ තක්ෂණය දියුණු නැති බවයි.
    මෙය අමුලික මුසාවක් බව තේරුම් ගැනීමට ඔබට සුළු උදාහරණයක් දෙන්නම්, වැඩිහිටියන්ට ඇති ස්තාවර තැම්පතු මත 15% පොලියක් දෙනවා නමුත් අද වෙනවිට මේ පොලිය දෙන්නේ ලක්ෂ 15 ට පමණයි.

    දැන් නිකන් හිතන්න කෙනෙක් බැංකු 3ක ලක්ෂ 5 බැගින් දමල 4 වෙනි බැංකුවේ හෝ මේ කිසියම් එක බැංකුවක ලක්ෂයක් දැම්මනම් ශ්‍රී ලනාකවේ පරිගණක පද්දතිය මගින් සොයාගන්න පුළුවන් අදාළ පුද්ගලයා ලක්ෂ 15 පාවිච්චි කර අවසන් බවත් ඉතිරි මුදලට අඩුපොලියක් පමණක් ගෙවියයුතු බව.

    මෙහෙම වෙන්නේ කොහොමද ශ්‍රී ලංකාවේ මහබැංකුව මේ සියලු මුදල් පරිගණක ගතකර අවසන් අද වෙනකොට මේ තාක්ෂනය මුළු වෙළද ජාලයටම සම්බන්ද කළා නම් නිසි පරිධි බදු මුදල් එකතුකර ඔබකියන පින්කෙත හදන්න පුළුවන්.

    මෙය නොවනේ වෙන මුකුත් නිසා නෙමෙයි මෙරටේ බලවත් මිනිසුන් කැමති ණා මෙවැනි ක්‍රමයකට යන්න, මේවා ලියන ජනමාද්‍ය වේදීන් සහ රටේ මහජනයා ට බුද්ධිය නෑ රජයෙන් ඉල්ලන්න ඕනේ මොනාද කියල කියන්න.

    ඊට පස්සේ නහයෙන් අඩනවා.

    ReplyDelete
    Replies
    1. ලාංකික ඔබ සමග එකඟයි. ඔය තත්වයෙන් මුදවාගෙන රට දුයුණු කිරීමේ තීන්දු තීරණ ගැනීමේ හැකියාව මේ රජයට තිබුණා 2015 අග සහ 2016 මුළ ඡන්දෙ දින්න ගමන්. නමුත් මුන්ගේ අරුන් පරද්දා ඉක්මනට හොරකම් කිරේමේ ආසාව නිසා ඒ චාන්ස් එක මිස් වුණා. දැන් ආණ්ඩුව කැතට පිරිහිලා. මුකුත් කාරන්න නෝ චාන්ස්.

      Delete
  6. බෝට්ටුවෙන් හරි පාරුවන් හරි පැනගත්ත එවුන් කෙසේ වෙතත් බෝයින් ජෙට් එකෙන් ගිහිල්ලා එහෙ රටේ සිටිසන් ගත්ත ගත්ත ලොකු පොරවල් මොකද දන්නේ නෑ රුපියල් ලක්ස 4ක් 5 ව්තර ලංකා ආණ්ඩුවට ගෙවලා අනික් පැත්තට පින් කෙත හෙළ රන් දෙරණේ සිටිසන් ඉල්ලලා ගන්නේ ! අපි දෙබිඩ්ඩෝ කියලා පෙන්නන්න ද ?
    තමුන්නාන්සේත් දෙබිඩ්ඩේක් නේද

    ReplyDelete
    Replies
    1. Well said. To the point,

      ++++++++++++++++++++++++++++++++

      Delete
    2. බෝට්ටුවෙන් හරි පාරුවන් හරි පැනගත්ත එවුන් කෙසේ වෙතත් බෝයින් ජෙට් එකෙන් ගිහිල්ලා එහෙ රටේ සිටිසන් ගත්ත ගත්ත ලොකු පොරවල් මොකද දන්නේ නෑ රුපියල් ලක්ස 4ක් 5 ව්තර ලංකා ආණ්ඩුවට ගෙවලා අනික් පැත්තට පින් කෙත හෙළ රන් දෙරණේ සිටිසන් ඉල්ලලා ගන්නේ/////////////ලංකාවේ තියන තමන් ගේ පාරම්පරික ගෙවල් ඉඩම් මර්වින් ලා වගේ දේශපාලකයෝ හොර ඔප්පු ලියා අයිතිකරගනී කියලා. ඒවා තියාගෙන ඉන්නවා යුරොප් වලට ට්‍රාන්සිට් යන ගමන් දවසක් දෙකක් ගත කරලා යන්න

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook