Sunday, February 19, 2017

ආනන්දේ ගුරුවරු

 


මම මුලින්ම මොන්ටිසෝරියට ගියේ 1970 අග පමණය​. ඒ කාලයේ අම්මා කොලඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරියකි. පහසුව නිසා මාව මුලින්ම දමනු ලැබුවේ ආනන්ද විදුහල අසල මොන්ටිසෝරියකටය​. ඉන් වසරකට පමණ පසු   මාව ජෝයිස් ගුණසේකර මහත්මියගේ තුම්මුල්ලේ  මොන්ටිසෝරියට යවන ලදි 

ආනන්ද විදුහල අසල මොන්ටිසෝරියට ගිය කාලයේදී මම පෙර පාසල අවසන් වූ විට ආනන්ද විදුහලට ගෙන යන ලද අතර මම මවගේ පන්තියක හෝ වෙනත් පන්තියක පසුපස පේලියේ වාඩිවී ගුරුවරු කියන දෙය සාවදානව අසාගෙන සිටිමි. එසේම ඇතැම් විට පුස්තකාලයට ගොස් (අකුරු කියවිය නොහැකි මුත්) විශාල පොත් පෙරළා පින්තූර බැළුවෙමි. . 

පෙර පාසල අවසන් වන්නේ දහවල් දොලහට පමණය​. ඉන් පසුව ආනන්ද විදුහල අවසන් වන තෙක් මාගේ කාලය ගත වන්නේ ප්‍රාථමික පන්ති වලය​. මේ නිසා ආනන්ද විදුහලේ නොයෙකුත් ගුරුවර ගුරුවරියන් හඳුනා ගැනීමට මට ඉඩ ලැබුණි. මේ ගුරුවර ගුරුවරියන් අතරින් කුරුකුලසූරිය සර් මට තවමත් මතකය​. ඔහු මඳක් තලෙළු ගුරුවරයෙකි. ඉතා හොඳ කතා කියන්නෙකි. 

කුරුකුලසූරිය සර් කියන කතන්දර  පන්තියේ ළමුන් සාවදානව අසා සිටියෝය​. වරක් කුරුකුලසූරිය සර් පවනට බඳු වේගයෙන් දුවන මුවෙක් අල්ලා ගැනීම සඳහා තණපත් වලට මී පැණි ගල්වා ඌව කූඩුව වෙත ගෙන ආ අයුරු කීවේය​. කුරුකුලසූරිය සර් කතන්දර කියන විට අසන්නාගේ සිත තුල චිත්ත රූප මවයි. ඉතා සුළු සිද්ධියක් වූවද ඔහු චිත්තාකර්‍ෂණීය වචන යොදමින් සවිස්තරව පවසයි. මේ නිසා ළමුන් මුළු අවධානයම ගුරුවරයාට යොමු කරන අතර චිත්ත රූප මැවීම මගින් ළමයාගේ පරිකල්පන ශක්තිය ඉහළ දමයි. මේ 1970 දශකයේ කොළඹ පාසලක සිටි ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීමේ කුසළතාවය අත් පත් කර ගත්තේ කුමන පාඨමාලාව හදාරාද කියා මම තවමත් සිතමි. මෙවැනි දක්‍ෂ ගුරුවරු සිසු පරම්පරාවකට උගන්වා නිහඞව විශ්‍රාම ගියහ. 

කුරුකුලසූරිය මහතා ගැන මට තවත් දෙයක් මතකය​. ඔහු බත් කෑවේ නැත​. බත් වලට යම් අසාත්මිකතාවක් ඔහුට තිබුණා විය හැකිය​. මගුල් ගෙදරක ගියද ඔහු පාන් ගෙඩියක් රැගෙන යයි. 

ආනන්දේ සිටි තවත් ගුරුවරයෙක් නම් ජයසීල සර් ය​. ඔහු වාමාංශිකයෙකු විය​. සමහර විට සුරත් අම්බලන් ගොඩ යන නමින් ලිපි ලියුවේය​. ජයසීල සර් හොඳ විහිළුකාරයෙකි. ඔහු පන්තියේදී විහිළු කතා කීවේය​. ජයසීල සර් 1980 දී වැඩ වර්ජනයට සහභාගි වීම නිසා ඔහුගේ රැකියාව අහිමි විය​. ඉන් පසු ඔහු ඇත්ත පත්තරයට බැඳුනේය​. ජයසීල සර් ගේ පුතා ගැමුණු මගේ වයසේය​. ඔහු මා මෙන් ආනන්දයට යාමට සිටියත් ආනන්දයේ ප්‍රයිමරිය අහෝසි කළ හෙයින්  නාලන්දයට  ගියේය​. එහෙත්  ගැමුණු අකාලයේ මිය ගිය බව මට පසුව ආරංචි විය​. ඇත්ත පත්තරයේ වැඩ කල ජයසීල සර් ද මීට දශක දෙකකට පමණ පෙර මෙලොවින් සමු ගත්තේය​.

ආනන්දේ සිටි විජේරත්න ටීච මගේ මවගේද මිතුරියෙකි. ඇය අවිවාහකය. එසේම පාසල් ළමුන්ට දයාව ආදරය පෙන්වූවාය​. ඇතැම් දින වල විජේරත්න ටීච මාව කැන්ටිමට ගෙන ගොස්  මා අතිශයින් ප්‍රිය කල චොක්ලට් කිරි මිලදී ගෙන දුන්නාය​. 

ආනන්දේ සිටි අනෙකුත් ගුරුවරු අතර බ්‍රම්පි සිඤ්ඤා් ,එඩිසන් , සිඩ්නි පියදාස යන මහතුන් ද ඒකනායක ටීචද මට මතකය​. මේ ගුරුවර ගුරුවරියන් යුගයක් නියෝජනය කළහ​. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 


21 comments:

  1. කතන්දර කියන ක්‍රමය අපේ පොඩ්ඩටත් යොදාගන්න ඕනේ

    ReplyDelete
  2. ඔබ පාසැලේ හොඳ ගුරුවරු සිටියත්, අප පාසැලේ (රජ්ජුරුවන්ගෙ පාසැල ) සිටියේ ගුරු හොරුය. හොඳින් ඉගැන්වීමක් කළේ සා.පෙ ගණිතය ඉගැන්වූ සෙනෙවිරත්න මැඩම් සහ 7, 8 පන්තිවල ඉංග්‍රීසි ඉගැන්වූ බොතේජු මිස් පමණි. මොවුන් දෙදෙනාම කොළඹ උසස් පාසැල්වල අධ්‍යාපනය ලැබූ, කොළඹ ඉහල ඉංග්‍රීසි සමාජයට අයත් යහමින් මුදල් තිබෙන පවුල්වලට අයත්ය. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ අනිත් ගුරු හොරු බොරුකර කාලය කා දැමීම පමණක් කළහ. විශේෂයෙන් උ.පෙ උගන්වන්න එක විෂයට ගුරු හොරු දෙදෙනෙක් සිටියත්, කළේ බොරුවම පමණි. මම ගොඩ ගියේ ටියුෂන් පිහිටෙනි. ටියුෂන් ගුරුවරුන්වූ මොහාන් ලාල් ග්‍රේරො, චන්ද්‍රසේන රාමනායක සදා අමතක නොවෙන ගුරුවරු වෙති.

    ReplyDelete
    Replies
    1. මොහාන් ලාල් ග්‍රේරො, මටත් ඉගැන්නුවා

      Delete
  3. ඔය කියන කාලේ මමත් ආනන්දේ. හැබැයි ඒ ලෙවල් පන්තියේ. ප්‍රයිමරි පන්තිවල ගුරුවරුනම් මම දන්නේ නැහැ. හැබැයි ජුලියට් කියලා අපි කියපු ලස්සන තරුණ ටීචර් කෙනෙක් නම් මතකයි. අපේ පන්ති ගාවින් මේ ටීචර් යනකොට කොල්ලෝ ජුලියට් කියලා කෑ ගහනවා. දවසක් මේ ටීචර් උගන්වන පන්තියට මොකක්දෝ වැඩකට මට යන්න උනා. ටීචර්ට මම කතා කලහම ලජ්ජාවෙන් රතු වෙලා තමයි උත්තර දුන්නෙ. අපි කොලු තාත්තලා කියලා ටීචර් හිතුවා වෙන්න ඕනෑ.

    ReplyDelete
  4. Replies
    1. අයිසා හෙවත් අයිවෝ ෆන​ෑන්්ඩා් ?

      Delete
  5. ජොයිස් ගුණසේකර මහත්මිය බොහොම හොඳ කෙනෙක්. ඇය කොල්ලුපිටියේ පදිංචිව සිටියේ. ජොයිස්ගේ මොන්ටිසෝරිය වගේ හොඳ එකක් තමයි මාජරි ඩි අල්විස් කියලා නුගේගොඩ අවට තිබුනු එක. සුරත් අම්බලන්ගොඩ පසු කාලයක ඇත්ත කතෘ වුනාද කොහෙද..

    ReplyDelete
  6. පින්තුරේ ඉන්න මහත්වරුන් කවුරුන්ද?

    ReplyDelete
    Replies
    1. මේ අය ආනන්දේ හිටපු ගුරුවරු

      Delete
  7. ඩොක්ට. මම ගොඩක් වෙලා විචා මාමි ට කෝල් කළා. බොහොම සංතෝසෙන් කතා කළා. ඒත් මට ඔයාගේ ඊ මේල් එකෙන් මට මේල් එකක් ගහන්ට. මට ඔබට කතා කරන්ට ඕනි. ෆෝන් නම්බර් එක එව්වොත් වැඩිය හොඳයි. ඕනිනම් මගේ නම්බර් එක එවන්නං. ස්තුතියි.👊🏽

    ReplyDelete
  8. මම ගියේ ගමක පොඩි ඉස්කෝලෙකට. හැබැයි ඒකේ දක්ෂ ගුරුවරු හිටියා. එයාලට පුලුවන් විදිහට අපේ හැකියාවන් අදුනගෙන අපිව ඉස්සරහට ගත්තා. මාව දිස්ත්‍රික් මට්ටමේ ක්‍රීඩා තරඟවලට ගෙනියන්න තරම් ඒ අය කැප උනා. අපි අදටත්ඒ ගුරුවරුන්ට ගරු කරනවා.

    ReplyDelete
  9. මටත් ඔය සමාන අද්දැකිම් තියෙනවා ..අම්ම්ගේ ඉස්කෝලෙයි අපේ මොන්ටිසෝරියි තිබුනේ එක ලග..මොන්ටිසෝරිය ඉවර වෙලා මම අම්ම්ගේ ඉස්කෝලට එනවා..මමනම් ගොඩක් වෙලාවට හිටියේ පුස්තකාලයේ.

    ReplyDelete
  10. කුරකුලසූරිය සර් මතක කාටද ? මෙම සිද්දිය මතකද ?
    කුරකුලසූරිය ගුරුතුමා චිත්‍ර ඉගෙන්වුවේ. හතරවන ශ්‍රේනියේදී එතුමා අප පන්තියේ චිත්‍ර කරා, අමතක නොවන කතා කියමින් අපව කුල්මත් කරා. දවසක් අපට පදුම කුමාරයා ගේ කතාව කියලා දුන්න. ජීවිතේ පලමු වතාවට ඒ කතාව අහන ගමන් කතාව මදකට නතරකල ගුරුතුමා එහි අවසන් කොටස කියාදීමට අපව පාසල් බුදු මැදුර වෙත කැදවන් ගියා. කතාව අවසන් කල ඔහු වැඩසිටින බුදු පිලිමයට වැද මේ තමයි එදවස පදුම කුමාරයන් යැයි නමස්කාර කල බැවින් කුඩා අපගේ දැස් කදුලින් තෙත්වී අපද නමස්කාර කලෙමු. අප විදුහල් භූමියේ තේජාන්විතව වැඩසිටින එම පිලිම වහන්සේ වැදනමස්කාර කරනවිට කුඩාකල දැනුනු එම හැගීම නැවත අලුත් වේ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook