Tuesday, February 7, 2017

ධර්මසේන පතිරාජගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටිය සහ Shell Shock

ධර්මසේන පතිරාජගේ සොල්දාදු උන්නැහේ චිත්‍රපටිය තුලින් Shell Shock (Combat Fatigue) කියන සංකල්පය ඉදිරිපත් කලා. ඔහු මෙම සංකල්පය ඉදිරිපත් කරන කාලයේ ලාංකික සමාජය යුද ආතතිය කියන එක මොකක්ද කියල වටහාගෙන තිබුනේ නෑ. ධර්මසේන පතිරාජට අපගේ සමාජය ගමන් කරන දිශානතිය ගැන ඉවක් තිබුනාද ? 


සොල්දාදු උන්නැහේ චිත‍්‍රපටය ගැන ධර්මසේන පතිරාජ මෙසේ පවසනවා 

එච්.ඒ. සෙනෙවිරත්නගේ ‘සොල්දාදුවා’ නමැති කෙටිකතාව කියැවීමෙන් ලැබූ උත්තේජනය තමයි සොල්දාදු උන්නැහේ චිත‍්‍රපටය කරන්න මට පෙළඹවීමක් වුණේ. ඒ කෙටිකතාව මා තුළ ඇති කළ කම්පනය විසින් එහි එන චරිත සහ කතා පුවත යම් ආකාරයකට සිනමා නිර්මාණයකට උචිත බව මම හිතුවා. පස්සෙ එච්.ඒ. එක්කත් කතා කරලා වෙනම තිර පිටපතක් අපි සකස් කළා.’කෙටිකතාවේ චරිත සියල්ලම චිත‍්‍රපටයට ගත්තා. නමුත් කෙටිකතාවෙ ඉන්න සොල්දාදුවා වැඩවර්ජනයක දි ඒක මැඩපවත්වන්න එන සෙබළෙක්. ඒ විදියටම චිත‍්‍රපටය නිර්මාණය කළා නම් චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කරන්න වෙන්නෙ නෑ. ඒ කාලෙ තිබුණෙ ජේ.ආර්.ගෙ ආණ්ඩුවනෙ. වැඩවර්ජනවලට ලොකු ප‍්‍රතිරෝධයක් තිබුණා. ඉතින් අපි හිතුවා දෙවන ලෝක යුද්ධෙට ගිය සෙබළෙක් හැටියට මේ සොල්දාදු චරිතය ප‍්‍රතිනිර්මාණය කරන්න. මොකද දෙවන ලෝක යුද්ධෙට ගිය සොල්දාදුවො ලංකාවෙ හිටියා. ඒ චරිතය තුළින් සොල්දාදුවා විසින් ධනපතියන් කරන යුද්ධ පිළිබඳව කරන විවේචනයක් ඉදිරිපත් කරන්න හැකි වෙනවා. මර්දනය වෙනත් ආකාරයකින් සංකේත කරන්න ඒකෙන් හැකි වෙනවා. චිත‍්‍රපටියේ වැඩවර්ජනයත් තියෙනවා. නමුත් සොල්දාදුවාගේ භූමිකාව එන්නෙ මර්දනකාරී හමුදා සෙබළෙක් හැටියට නෙවෙයි. ඒක තමයි අපි කරපු එකම වෙනස. ඒ වෙනස්කම කළෙත් වාරණයෙන් රිංගලා යන්න.  (ජනරල​) 

13 comments:

  1. මම පොඩි කකාලේ මේ ෆිල්ම් එක බැලුවා. ඒ කාලෙ නම් දැක්කේ කිිසි තේරුමක් නැති දෙයක් විදිහට. මට මතකයි ජෝ ආබේවික්‍රම මහත්තයා කොන්ක්‍රීට් කනු ගොඩක් උඩට නැගලා කථාවක් පවත්වනවා.

    ReplyDelete
  2. පට්ට සෝ එකක්... මම හිතන්නේ ඒ වගේ සොල්දාදු උන්නැහේලා නම් දැන් නෑ.. ඔක්කොම ඉන්නේ ගේම් කාරයෝ.. තාමත් 40000 ක් ඉන්නවලු පාතාලේ.. රටක් මෙහෙම තියෙන එකත් ළොකු දෙයක්...

    ReplyDelete
  3. මා කියවූ මුල්ම ඉංග්ලිෂ් නවකතා වන හැඩ්ලි චේස් පොත්වල කොරියානු, වියට්නෑම් යුද්ධවලට ගිහින් ආපසු පැමිණි ඇමරිකානු යුධ භටයින් ගේ මානසික ආතතිය සහ වෙනත් ප්‍රශ්න සාකච්ඡා වුණා මට මතකයි.

    නමුත් ඒ දිනවල ලංකාවේ යුද්ධයක් නොමැති තරම් වූ නිසා මේ ප්‍රශ්නයේ බරපතල කමක් තේරුණේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඒකාලේ ෆිල්ම් එකක් ආවා Deer Hunter කියලා

      Delete
  4. https://en.wikipedia.org/wiki/George_S._Patton_slapping_incidents

    ලංකාවෙ හමුදාවෙ ඉහල නිලධාරින්ටත් පැටන්ගේ ආකල්පය තිබුනද?

    ReplyDelete
  5. බලලා නැහැ ..සිඩි තියෙයිද දන්නේ නැහැ හොයා ගන්න

    ReplyDelete
    Replies
    1. හොර සීඩී ඇති පිටකොටුවේ

      Delete
  6. Hi Dr. I am sorry to see how a straight talking doctor is being surrounded by malicious attacks these days. Can you come forward to help him. Thanks!

    ReplyDelete
  7. මම බලපු ෆිල්ම්ස් අතරින් හොඳම එකක්. ඒ කාලෙ නුගේගොඩ මෙට්‍රෝ එකේ බැලුවට පස්සේ මෑතකදි කාගාවද සීඩි එකක බැලුවා.
    මේ පොඩි කොටස බලලා කැමති විදිහකට හිතාගන්න.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook