Wednesday, December 7, 2016

පරිවර්තන කවි






වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර විසින් මගේ කවි දෙකක් පරිවර්තනය කොට තිබේ. එම කවි දෙක මෙහි පළ කරමි. වෛද්‍ය යසනාත් ගේ ගීත සහ කවි පිළිබඳව පෝස්ටුවක් මම මීට ඉහතදී ද පළ කලෙමි. (යසනාත් රාවය http://transyl2014.blogspot.ca/2015/04/blog-post.html )   වෛද්‍යවරු  ගසාඛාන්ලා වී ඇති ලෝකයක වෛද්‍ය විද්‍යා දැණුම සහ සෞන්දර්‍යාත්මක  හැකියාව වර්ධනය කර ගෙන ඇති යසනාත්ලා යනු සඳුන් අරටුය​. අනාගතයේ බිහි කර ගත යුත්තේ සෞන්දර්‍යාත්මක කුසළතා ප්‍රගුණ කල මෙවැනි වෛද්‍යවරුය​. එහෙත් අපගේ වෛද්‍ය විද්‍යාල වල පාලකයන්ට ඒ සඳහා අවලෝකනයක් තිබේද යන්න ගැටළුවකි. 

කෙසේ නමුත් ඔහුගේ පරිවර්තන කවි දෙක මම ඉදිරිපත් කරමි. 


මේ මගේ A Schizophrenic – Please Don’t Label me - A Request by a Patient නම් කවියේ අනුවාදයයි 


උන්මත්තකයෙකුයැයි මාහංවඩු නොගසන්න
රෝගියෙකුගේ ඉල්ලීමක්....
= = = = = = = = = = = = = = = = = =

පටුය මා ලෝකය
බෝහෝ පටුය‍
පිරී ඇත එය
විවිධ යන්ත්‍රයන්ගෙන්
කවන ලද
හඬවලින්
පෙනේ මට
රොකි මාර්ෂියානෝ
කලහ කරණා හැටි
වූඩි ඇලන් හා

බොහෝමත්ම කලකට
පෙරාතුව
පිටසක්වලුන් පැමිණ
පැහැර ගනු ලැබිණ මා
සවි කර මා හිසට
යන්ත්‍ර
බට
වයර
ඉවත් කලෙහිය
ඔවුන්
මා මොළ කොටස්

පාලනය කළ නොහැකිය
මා සිතුම්
මා හට
අනෙකක් නිසා නොව
ඒ සිතුම්
මා පාලනය කරණා බැවිනි
යම් ශක්තියක් වෙයි
මා තුළ
දිගින් දිගටම
මා වෙත
අණ දෙන

පිළිකුල් සහගතය මට
ලන්ඩනයෙහි
බුෂ් නිවස වෙත යාම
එහි සිටය
බී. බී. සී. ය
විසුරුවා හරින්නේ මා සිතුවිලි
ලෝකයට
හාසයෙන් සිනාසෙයි මිනිසුන් බොහෝ විට
කියවා මා අදසහස්
මා වෙත

කළු ලෝගුවක් හැඳි මිනිසෙක්
කේ. ජී. බී. ඔත්තු සේවයේ
නියෝජිතයෙක්
ඔත්තු බලමින් සරයි මා පසු පස
සැරසෙයි මා ග්‍රහණයට ගන්නට
මම හිතන්නෙ
ඔහුට ඇවැසි
රැගෙන යන්නටය මා
මොස්කව් වෙත

මම ලුබියන්කා හි සිටියෙමි
ලොරෙන්දි බෙරියා ගේ
දැඩි ප්‍රශ්ණ කිරීමට ලක් විය
NKVD මගින් නිදහස ලැබී
පෙනිසිල්වේනියාවට විසි විය

මරා දමන විට කෙනෙඩිව
මම දැන සිටියෙමි ඒ රහස
මායිම් නොකළහ කිසිවෙක් එය
බරපතළෙට
අවමයෙන් මගේ
වෛද්‍යවරයා පවා

උන්මත්තකයෙකුයැයි කී
ඔවුන් මට
ගැසී හං වඩු
මගේ ඉදිරි මුළු දිවියට ම
තවදුරටත් කීහ ඔවුන්
හානි කර විය හැකි බව මා
එල්ල කරගෙන
විමසුම් සහගත
සැක මුසු
බිය මුසු
බැළුම්
මා දෙස

මා කුමන ඇඳුමක් ඇන්දද
අලවා ඇතැයි
කිසියම් ලේබලයක් පිටෙහි
සැම විටම හැඟින මට
බොහෝ විට ඉන් කියැවෙන්නේ
උන්මත්තකයෙකුය යන්නය......

 (අන් බසින් සිය බසට පෙරළීමේ වෑයම, යසනාත් ධම්මික බණ්ඩාර.)



මේ මගේ Mario Hamel නම් කවියේ අනුවාදයයි Mario Hamel යනු මානසික රෝගී තත්වයකින් පෙළුනු අසරණ මිනිසෙකු වූ  අතර  කැනඩාවේ මොන්ට්‍රියල් නුවර පොලිසිය විසින් වසර 2011 ජූනි මස දිනක ඔහුව  වෙඩි තබා ඝාතනය  කරන ලදි. 


අහෝ මාරියෝ මාරියෝ
අන්ත අසරණ මාරියෝ
දැවෙද්දී කුස සායෙන්
සීතලෙන් ගල් වුණු
ඇට කෝටු දරමිටියටම කෘෂ වුණු
දිනෙන් දින මොහොතින් මොහොත
තව තවත් අසරණ වුණු
වැටුණු වැටුණු තැන මහ මඟ
ලැග හුන්
කිසිවෙකුත් රැකවලක් නොමදුන්

නැවතුණු කල ලිතියම් ඔසුව
අවුල් විය නුඹේ මනෝභාවය
බොහෝ විට නොදකින ලදි නුඹ
යථාව
නොහඳුනන ලදි
අනතුර ද

හානියක් කළේ නෑ නුඹ
කිසිවිට
කිසිවෙකුට
හානියන් විනි නම් නුඹෙන්
නුඹටම ය
ඇරඹෙන විට සටන
උමතු බව සහ
පියවි ලොව අතර
පැරදුනි නුඹ එයින්
අන්තයටම පැරදුනි

දක්වන විට සම්මතයෙන් බැහැරව
අසම්මත හැසිරීම්
අතහැර දමනු ලැබින නුඹ
නොතකා හරිනු ලැබින නුඹ

නිමේශයකට
සිදුවන්නේ කුමක්දැයි
වටහා ගත නොහැකිවින
මාරාන්තික හමුදාව
වටලනු ලැබී නුඹව
කා වදිද්දී මූනිස්සම් කෙසඟ සිරුරට
වැළඳ ගත්තේ නුඹ
මහ පොළොව
එයයි එම කතාවේ අවසන
අන්ත අසරණ තවත් මිනිසෙකු
අතීතෙට එක් කළ

අහෝ මාරියෝ
මාරියෝ
අන්ත අසරණ මාරියෝ......


(අන් බසින් සිය බසට පෙරළීමේ වෑයම, යසනාත් ධම්මික බණ්ඩාර)

28 comments:

  1. සෝභිත් හිමිගේ අපවත් වීම තුල මම තිරිසනෙකු දුටිමි....

    කළාකරුවෝද අමු කුහකයෝ බව එදිනේ අපූරුවට සනාථ විය...

    ReplyDelete
    Replies
    1. මාතේගේ කෙමෙන්ට් එක දකින්න කලින් මම කෙමෙන්ට් එක දැම්මේ ..
      මොන හැකියාවන් තිබුනත් මෙයා මෙයා හරිම කැත හිතක් තියන මනුස්සයෙක්

      Delete
    2. මාතෙ මම ඒ කොමෙන්ට් එක කියවූවා , එහෙත් එහි මම බරපතල දොසක් දකින්නේ නෑ

      Delete
  2. /වෛද්‍යවරු ගසාඛාන්ලා වී ඇති ලෝකයක වෛද්‍ය විද්‍යා දැණුම සහ සෞන්දර්‍යාත්මක හැකියාව වර්ධනය කර ගෙන ඇති යසනාත්ලා යනු සඳුන් අරටුය​. අනාගතයේ බිහි කර ගත යුත්තේ සෞන්දර්‍යාත්මක කුසළතා ප්‍රගුණ කල මෙවැනි වෛද්‍යවරුය​ /

    5 සිස්සත්තේ මේ විදිහටම තිබුනොතින් වෛද්‍යවරු/ ඉංජිනේරුවෝ වෙන්න වෙන්නේ සාහිත්‍ය හැකියාවක් ඇති අයටම තමා,

    වෛද්‍ය යසනාත් හරිම හොද මනුස්සයා, මිනිස්සු හරිම කාර්යබහුල නිසාදෝ කොහෙද එයාගෙන් බෙහෙත් ගන්න එනව අඩුයි :)

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය යසනාත් හරිම හොද මනුස්සයා, මිනිස්සු හරිම කාර්යබහුල නිසාදෝ කොහෙද එයාගෙන් බෙහෙත් ගන්න එනව අඩුයි :
      ඔයා තබුත්තෙගමද ?
      වෛද්‍ය යසනාත් බෙහෙත් දෙන්නේ එහෙ ..මිනිස්සු එයා ලගට යන්නේ නැති හේතුව වෙන එකක් ..
      කියන්නත් ලැජ්ජයි එයාගේ වැඩ

      Delete
    2. අනේ මෙන්ඩා ඔයාගේ කතාවට නම් මට හූ මිටි තියන්න බෑ, මම ඔය කතාව එහෙදී අහල තියනවා, ඔය වගේ චෝදනා බොහෝ විට හරිම ඒක පාර්ෂවිකයි ඕවා ඇතුලේ හරිම සෙන්සිටිව් කතන්දරත් තියනවා, කවුරු හරි පිළිගත් සම්මතයකට එරෙහිව ගියාම බොහොම කැත විඳිහට චෝදනා එල්ල කරන අවශ්ථාත් අපමණයි.

      මට ඇත්තටම කියන්න ඕන වුනේ ඩොක්ටර් ගේ දෙශානාවට අහුවුනොත් ලේසියෙන් ගැලවෙන්න බෑ කියලයි.

      Delete
    3. ///// හරිම සෙන්සිටිව් කතන්දරත් තියනවා, කවුරු හරි පිළිගත් සම්මතයකට එරෙහිව ගියාම බොහොම කැත විඳිහට චෝදනා එල්ල කරන අවශ්ථාත් අපමණයි. /////////////

      මෙන්න මේ ඇණ කතාව, බාල, මහලු ,උගත්, බුද්ධිමත් සියලු බ්ලොග් කාරයින් පමනක් නොව, සමස්ත සමාජයම වටහා ගත යුතුය. කිසිවෙකුගේ වත් පෞද්ගලිකත්වයක් අකුරු අතරේ කතාවිය යුතු නැත. අපි පෞද්ගලිකත්වයන් කතා කලයුත්තේ ඒ පුද්ගලයා හා සමගම පමනක්, ඔහු ඉදිරියේ අකුරු වලින් නොව වචන වලින්ය. මූනට මූන බලාගෙන, පොඩ්ඩක් සෙට් වෙලා කතා කරනකොට සංවාදය රියල්ය.

      Delete
    4. සමාවෙන්න ...
      පිලිගන්නවා ...
      හොද කළා කරුවෙක් විදිහට මමත් ගොඩක් ආදරය කරපු ගරු කරපු කෙනෙක්...එත් ඔහුගේ සමහර ක්‍රියා නිසා ඇති උන සිත් රිදවීම නිසයි එහම ලිව්වේ ...
      සමාවෙන්න

      Delete
    5. මම ඒ කොමෙන්ට් එක කියවූවා , එහෙත් එහි මම බරපතල දොසක් දකින්නේ නෑ

      Delete
  3. යසනාත් ගේ ගීත නම් හොඳයි. නමුත් ඔහු ගේ උග්‍ර මාරාවාදී බයිකම නිසා සෝභිත හාමුදුරුවන් මැරුණු දවසේ කිච වෙලා ගියා.

    මෙන්න ඒ ගැන මා ලියූ සටහන.

    පුජ්‍ය මාදුළුවාවේ සෝභිත සහ කිවියර යසනාත් ධම්මික බණ්ඩාර - In defence of Yasanatha Dhammika Bandara :: https://rasikalogy.blogspot.com/2015/11/in-defence-of-yasanatha-dhammika-bandara.html

    !

    ReplyDelete
    Replies
    1. මම ඒ කොමෙන්ට් එක කියවූවා , එහෙත් එහි මම බරපතල දොසක් දකින්නේ නෑ

      Delete
    2. මා කියා ඇත්තේ ද එයයි.

      "යසනාත් ගේ ඉහත ප්‍රකාශය අප නිවැරදිව දැකිය යුත්තේ උග්‍ර මහින්ද රාජපක්‍ෂවාදී දේශපාලන සත්වයෙකු හෙවත් බයියෙකු විසින් උග්‍ර මහින්ද රාජපක්‍ෂ විරෝධී දේශපාලන සත්වයෙකු හෙවත් ටොයියෙකු ගේ මරණය පිළිබඳව කළ වෛරී ප්‍රකාශයක් ලෙසින් පමණි.

      ඒ සන්දර්භය අමතක කර, යසනාත් ගේ එම්බීබීඑස් උපාධිය හෝ කවීත්වය හෝ සෝභිත හිමි ගේ භික්‍ෂුත්වය හෝ මෙයට අදාළ කර ගත යුතු නැත!

      මහින්ද රාජපක්‍ෂ රෙජීමය පැරදවීමට මුල් වූ සෝභිත හිමි ගේ ඓතිහාසික කාර්යභාරය ඒ දේශපාලන ක්‍රියාමාර්ගය අනුමතක කළ අයට පෙනෙන්නේ යහපත් ක්‍රියාවක් ලෙස වුව ද, උග්‍ර මහින්දවාදියෙකු වෙන යසනාත් ගේ අන්තයේ සිට බලන කළ එය පෙනෙන්නේ ද්‍රෝහී පාවාදීමක් ලෙස බව අමුතුවෙන් කිව යුතු නොවේ!

      ඒ අනුව සෝභිත හිමි යනු යසනාත් සහ ඔහු නියෝජනය කරන කණ්ඩායමේ පරම හතුරා ය. හතුරෙකු ගේ මරණය ගැන ප්‍රීතිවීම අපේ තත්කාලීන සංස්කෘතියේ එක කොටසකි.

      උදාහරණ අනවශ්‍ය යැයි සිතමි.

      මිය ගියේ සෝභිත හිමි නොව නානසාර වැනි අයෙකු නම්, යසනාත් ගේ ප්‍රකාශයට වඩා හොඳ කාව්‍යමය ප්‍රකාශ, කියමන්, සරදම් අපට වත්පොතේ දී බලා කියා ගන්නට ද හැකි වෙනු ඇත!"

      Delete
  4. ////නිමේශයකට
    සිදුවන්නේ කුමක්දැයි
    වටහා ගත නොහැකිවින
    මාරාන්තික හමුදාව
    වටලනු ලැබී නුඹව
    කා වදිද්දී මූනිස්සම් කෙසඟ සිරුරට
    වැළඳ ගත්තේ නුඹ
    මහ පොළොව
    එයයි එම කතාවේ අවසන
    අන්ත අසරණ තවත් මිනිසෙකු
    අතීතෙට එක් කළ//////////

    මට මතක් වෙන්නෙම මේ අමිහිරිම සිද්ධිය. මතකද.....

    ////A 26-year-old man with mental health problems drowned during an attack by three policemen in October. The scene was caught on camera; resulting in the arrest of the officers involved. But two months later, and the men are yet to be sentenced.///

    ReplyDelete
  5. වෛද්‍යවරු ගසාඛාන්ලා වී ඇති ලෝකයක
    ඔබ තුමා හිතන්නේ මෙයා ගසාකන් කෙනෙක් නෙමි කියලද ?
    ලෝකෙට පෙන්නන්න ගතිගුණ මෙයා ලග නැහැ ...
    වගකීමෙන් කියන්නේ

    ReplyDelete
    Replies
    1. ඔබ මේ වෛද්‍යවරයා වටහාගෙන නෑ

      Delete
  6. වෛද්‍ය යසනාත් ගේ බ්ලොග් එකේ කෙමෙන්ට් ඔකේ කරන්නේ එයාට හිතෙන ඒවා විතරයි ..මම දාපු කෙමෙන්ට් දෙක තුනක් එයා පබිල්ෂ් කරේ නැහැ ..ඒ නිසා මම දැන් මෙයාගේ බ්ලොග් එක බලන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා ඔහුව වටහා ගන්න උත්සහ කරන්න

      Delete
    2. අවවාදය පිලිගන්නවා ..
      හරි මම වෙනස් වෙන්න උත්සහා කරනවා

      Delete
    3. He is not a human been. I know that very well. I never seen selfish man like yASANATH Dammika Bandara . I know it . I know it. Don't stand on behalf of him.

      Delete
  7. වෙෙද්‍යතුමනි, කවි දෙක අපූරුයි.
    කියැවීම් ගණනාවක් ඔස්සේ විඳින්න පුළුවන්.
    එබඳු මිනිස් ජීවිත දෙස වඩාත් සංවේදීව බලන්නට මේ කවි මඟ පෙන්වනවා.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook