Thursday, December 15, 2016

මගේ ද්‍රවිඩ මිතුරන්

 



පාසල් කාලයේදී මට ද්‍රවිඩ මිතුරන් කිහිප දෙනෙකු සිටි අතර ඔවුන් වැල්ලවත්ත හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලැබූහ​. එක් මිතුරෙක් මා සමග උසස් පෙළ විභාගයටද පෙනී සිටියේය​. ඔහු නැවතී සිටියේ වජිර පාරේ නිවසක දෙවන තට්ටුවේ කුඩා කාමරයකය​. සමහර විට මම ඔහුගේ කාමරයට ගොස් ඔහුව හමු වූයෙමි. මෙම මිතුරාගේ ගම උතුරේය​. ඔහු මහජන පුස්ථකාලයේ පාඩම් කාමරයටද ඒමට පුරුදුව සිටියේය​. ඔහු ඉගෙනුම ලැබුවේ දෙමළ මාධ්‍යයෙනි. ජීව විද්‍යාව හැදෑරූ අප දෙදෙනා එකම රූප සටහන් භාෂා දෙකකින් උගත්තෙමු. සමහර විට දෙමළ භාෂාවෙන් ජීව සෛලයට කියන නම , සෛලයේ අභ්‍යන්තර විවූහයන්ට කියන නාමයන් මම ඔහුගෙන් ඇසුවෙමි. 

මෙම මිතුරාගේ නවාතැනේදී ඔහුගේ ද්‍රවිඩ මිතුරන් කීප දෙනෙකුද මම අඳුනාගත්තෙමි. අප කතා කලේ ඉංග්‍රීසි භාෂාවෙනි. එම නිසා අදහස් හුවමාරුවේ ගැටළුවක් නොවීය​. 

ඔහුගේ මිතුරන් අතර සිටි දාසන් මට මතක් වේ. දාසන් උස මහත පියකරු පෙනුමක් ඇත්තෙකු විය​. ඔහු අපගේ වයසේ සිටියද පිටකොටුවේ තොග වෙලඳාමේ යෙදුනු ඔහුගේ මාමා කෙනෙකුගේ කඩයක මැනේජර් ලෙස සේවය කලේය​. ඔහු හොඳට  ඇන්දේය​.දාසන් නැවතී සිටියේ වැල්ලවත්ත රුද්‍රා මාවතේය​. 

උසස් පෙළ කරන කාලයේ අප අත එතරම් මුදලත් අත නොගැවසුනද දාසන් බොහෝ විට අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත් විය​. වරක් අප වජිර පාරේ සැපිඩ් අවන්හලට ගොස් කෑවෙමු. කොල්ලන් හතර දෙනෙකුගේ කෑම බිල රුපියල් එකසිය හතරක් වූ අතර එම බිල ගෙව්වේ දාසන් ය​. 
දාසන් විනෝදයට බරය​. 1985 උසස් පෙළ ලියා අවසන් වූ පසු මම දාසන් සහ ද්‍රවිඩ මිතුරන් සමග කරක් ගැසුවෙමි. එකල බම්බලපිටියේ ජිනී වීඩියෝ හෝම් එක කොල්ලන් එක් රැස් වන ස්ථානය විය​. කෙසේ හෝ රුපියල් දහයක් දොලහක් හොයා ගන්නා අප ජිනී වීඩියෝ හෝම් ගොස් පරිගණක ක්‍රීඩා කලෙමු. 

රුපියලක් දැමීමෙන් මෙම පරිගණක ක්‍රීඩා තිරයේ ආරම්භ වේ. මෙම ක්‍රීඩා ඉතා ප්‍රාථමික ඩොස් පරිගණක ක්‍රීඩා වූ අතර ඒ කාලයේදී ඒවා අපට මැජික් විය​. පරිගණක ක්‍රීඩා වලට ලොල් වූ අප නිතිපතා සෙල්ලම් කලෙමු. ජිනී වීඩියෝ හෝම් විසින් භක්‍ෂනය කරන ලද අපගේ රුපියලේ කාසි ගනන අති විශාලය​. 

යම් අයෙකු පරිගණක ක්‍රීඩාවක් කරන අතර අන් අය වටවී බලති. මෙහිදී ඔළු මැරීම හෙවත් අතරින් පතර ටොකු ඇනීමද සිදුවේ. වරක් දාසන් පරිගණක ක්‍රීඩාවක් කරන අතරතුර යමෙක් ඔළු මැරීමට ගොස් දාසන් කලබල වී ඔහුගේ අතින් වීදුරු  පරිගණක තිරයේ ඉරක් ගියේය​. ඔහු වහාම රුපියල් පන්සියයක් දී අලාබය පියවූයේය​. 

වැල්ලවත්ත හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෙම ද්‍රවිඩ මිතුරන් සමග ගැවසෙන විට මට පෙනී ගියේ නාලන්ද විද්‍යාලයේ අපගේ කොල්ලන් සෙට් එකත් මොවුනුත් අතර වෙනසක් නැති බවය​. භාෂාව හැරුණු කොට දෙපාර්ශවයම එකසේ පිස්සු කෙළියහ​. 

මේ කල්ලියේ සිටි තවත් හින්දු කොලේජ් සිසුවෙක් සොමි ඉත්තෙකු වූ අතර ලණු දෙන්නෙක්ද විය​. වරක් අප ලේඩිස් කොලේජ් හෙවත් කාන්තා විද්‍යාලයේ කානිවල් එකකට ගිය අතර මෙම ලන්නා අයිස්ක්‍ර්‍රිම් කප් එකක් මිලදී ගෙන එය කා අහවර කොට ඊට ඉතා තුනී මඩ තට්ටුවක් එක් කලේය​. ඉන්පසු මෙය චොක්ලට් අයිස්ක්‍ර්‍රිම් එකක් මෙන් දිස් විය​. ලන්නා වරින් වර මඩ අයිස්ක්‍ර්‍රිම් හැන්ද බැගින් කොල්ලන්ට කැවූ අතර අයිස්ක්‍රීම් කියා මඩ කෑවුන්  තූ තූ කියා කෙල ගසා කටවල් හෝදාගෙන ලන්නාට මුව පුරා බැන්නහ​. 

වැල්ලවත්ත හින්දු කොලේජ් සෙට් එකක් සමග මම ශ්‍රී ලන්කා ඉන්දියා ක්‍රිකට් මැච් එකක් බැලීමට සී.සී.සී පිටියට ගියෙමි. ඉන්දීය කණ්ඩායමේ නායකයා වූයේ කපිල් දේව් ය​. කපිල් දේව් නරඹන්නන්ට ආසන්නයේ පන්දු රකින විට දාසන් ඉඳිආප්ප මුලක් කපිල් දේව් වෙත විසි කලේය​. ඉඳිආප්ප සහ හොදි කපිල් දේව් හිස ලඟින් ගෑවී නොගෑවී ගිය අතර කපිල් දේව් නරඹන්නන් දෙස රවා බැලුවේය​. 

මෙලෙස කාලය ගතවීමත් සමගම මගේ ද්‍රවිඩ මිතුරන් එකා දෙන්නා හැලුනහ​. රටේ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරකම් වැඩිවූ අතර  නාගරික ද්‍රවිඩ තරුණයන් එලි පහලියට ඒම අඩු කලහ​. එසේම  බම්බලපිටියේ ජිනී වීඩියෝ හෝම් එක කුඩු කාරයන් හමු වන ජොයින්ට් එකක් බවට පරිවර්ථනය වූ අතර මේ නිසා අපි මෙම ස්ථානයට ඒම නැවැත්වූයෙමු. 

මෙම ද්‍රවිඩ මිතුරන් අතර සිටියදී ඔවුන් මම සිංහලයෙකු කියා කිසිදු වෙනසක් නොකලහ​. සෑම මොහොතකම අප සිනාසෙමින් කුමක් හෝ කොළු විනෝදයක් කරමින් සිටියෙමු. එහෙත් ඒ සිනහව වියළී ගිය අයුරු මතක් වන විට දුකක් දැනේ. වාර්ගික යුද්දයක් විසින් අපගේ සිනහවන් වියළා දමන ලදි. වර්තමානයේ ඉතිරිව ඇත්තේ ඒ සුන්දර මතකයන් පමණි.


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

32 comments:

  1. ඔබ තෝරා ගෙන ඇති පින්තූරය නම් මේ ලිපියේ අරුත නිවැරදිව නිරූපනය කරන එකක් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ රුවන් යොදාගෙන තියෙන ෆොටෝව කදිමයි, එනම් ඒක පෝස්ටුවට ඉතාම ගැලපෙන ෆොටෝ එකක් බවයි, එමෙන්ම මෙම ලිපියට "මට්-ඩක්කලපුවෙ පොට්-ඩි කඩෛයක් තා ගෙන බි(ශ්)නශ් ඡේරම්මා ඔන්ත්දාට්ට කෙරග්-කෙන" සින්දුවත් ඉතාම ගැලපෙනවා.

      රුවන්, "සන්තෝශයෙන් අපි චාමයෙන් ඉට්ටියා මල්ලියේ පොහෝම ඉච්ස්චර" කියමන වලංගු කරන ඉතාම රසවත් ලිපියක්. ඔබට ජය !

      Delete
    2. රුවන්, "සන්තෝශයෙන් අපි චාමයෙන් ඉට්ටියා මල්ලියේ පොහෝම ඉච්ස්චර" කියමන වලංගු කරන ඉතාම රසවත් ලිපියක්. ඔබට ජය
      එල ද බ්‍රා

      Delete
  2. වාර්ගික යුද්දයක් විසින් අපගේ සිනහවන් වියළා දමන ලදි. වර්තමානයේ ඉතිරිව ඇත්තේ ඒ සුන්දර මතකයන් පමණි.

    ++++++++++++++++

    ReplyDelete
  3. It is political a game.
    The grandfather of the JR is the person who set the fire...

    ReplyDelete
  4. ලංකාවේම ජීවත්වන දෙමළ යාළුවෙක් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන එකේ අවුලක් තියෙනබව හිතුනෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හරි අවුලක්, අපට ඇයි දෙමළ බැරි කියලා.

      Delete
  5. පොඩිකාලේ එකට සෙල්ලම් කරපු අසල්වැසි ගෙවල් වල හිටපු දෙමළ කොල්ලෝ කෙල්ලෝ දැන් ඉන්නේ කැනඩාවේ නැත්නම් ඔස්ටේලියාවේ. යුද්දේ අපි සියල්ලන්වම වෙන්කළා. ඒ දෙමළ අංකල්ලා ඇන්ටිලා තමන්ගේ අම්මලා තාත්තලා බලලා ගියත් ලංකාවට ඇවිල්ලා අපේ ගෙවල් වලටත් ගොඩවෙනවා. එත් ඒ ලමයින් ලංකාවට එන්නේ නෑ. උන්ට අපිවත් අමතකවෙලා.

    ReplyDelete
  6. මම ඉස්කෝලේ යන කාලේ ද්‍රවිඩ මාධ්‍යයෙන් වෙනම පන්තිත් තිබුනා. වැඩ කරපු තැන්වලත් ගොඩක් හොඳ මිත්‍රයෝ හිටියා. ඒ සියල්ල නැතිවෙලා ගියා. මෙහෙදි නම් ද්‍රවිඩ මිතුරන් ඇසුරු කරනවා. කළු ජූලියේ අත්දැකීම් හරිම අප්‍රසන්නයි. මැවිලා පේනවා. ඒ අත්දැකීම්ම මායිම්වල හිටපු සිංහල, මුස්ලිම් ජනතාවටත් දැනෙන්න ඇති. ඒ තැනට මේ රට පත්කරන්න එපා කියලා තමයි වැඳ වැටිලා ඉල්ලන්නේ. මේ රටේ ජනතාව ලෙයින් වන්දි ගෙව්වා හොඳටම ඇති.

    ReplyDelete
  7. තාමත් ඉන්නව බන් ඕනි තරම් යාලුවො මාත් එක්කනම්

    ReplyDelete
  8. මගේ යාළු කම් නම් යුද්ධය නිසාවෙන්වත් නැති උනේ නෑ... අදටත් හොඳ යාළුවෝ...

    ReplyDelete
    Replies
    1. මගෙත් එහෙම අය ඉන්නවා

      Delete
  9. ගස්ලබ්බටත් ඉන්නවා යාපනේ පැත්තෙ යාලුවො කීප දෙනෙක්.සෙට් වෙලා කාලෙකට පස්සෙ තමයි උන් කිව්වෙ උඹලා ගැන අපට කියල එවපු සේරම බොරු බන් කියලා.. දැන් ආයෙ කීපදෙනෙක් යාපනේම ජොබ් වල.ආයෙත් ඔළු කුරුවල් කරගෙන වගේ ද මන්දා...
    ජයවේවා..!!

    ReplyDelete
  10. //වාර්ගික යුද්දයක් විසින් අපගේ සිනහවන් වියළා දමන ලදි.//
    මේක තේරුම් නොගත්ත අය තවමත් ඉන්නවා.සීරුවෙන් හිටගෙන "එක මවකගේ දරු කැල බැවිනා" කියලා ගායනා කෙරුවාට බලන්නෙම බෙදිලා මරාගෙන වෙන් වෙන්න.

    ReplyDelete
    Replies
    1. එක මවකගේ දරු කැල බැවිනා" කියලා ගායනා කෙරුවාට බලන්නෙම බෙදිලා මරාගෙන වෙන් වෙන්න.++++++

      Delete
  11. මගේ ද්‍රවිඩ මිතුරන්ගෙන් ඉතා සුළු පිරිසක්, මගේ ඥාති නිවසක සඟවා, ඔවුන්ගේ පණ රැකදෙන්න පුළුවන් වුණා, 1983 කළු ජූලියේදී.

    ReplyDelete
  12. අපේ පන්තියටම හිටියේ එකම එක දෙමළ එක්කෙනයි.. උගේ අංකෙ එක.. ඉතින් අපි ඌට කිව්වේ ඔන්ඩුවා කියලා...

    රට ඉන්නකොට, අපිත් එක්ක එක කාමරේ බෙදාගෙන දෙමළ කොල්ලෙක් හිටියා...අපිට කවදාවත් ජාතියක් මතක් වුනේ නෑ.. එකට කෑවා, එකට බීවා... ඒත් මත් වෙච්ච වෙලාවට අරූට ජාතිවාදේ මතක් වෙනවා.. ඌ අපිට බනිනවා උඹලා මට වෙනස්කම කරණවා කියලා... ඔය සැකය වෙන්න ඇති මහා ගින්නක් ඇති කළේ...

    ReplyDelete
  13. දෙමල ඉස්කොලේ අල්ලපු වැටේ තිබ්බත් ඒ කාලේ අපි සතුරෝ, ඊට පස්සෙනම් සිංහල අයට වඩා මම සමිප වුනේ වෙන ජාතිවල අයටයි. සිංහල කතා කරන්න පුළුවන් දෙමළ/මුස්ලිම් අයට වඩා සිංහල කතා කරන්න බැරි අය අවංකයි දෝ කියා මට හිතෙනවා.

    ReplyDelete
  14. මට දෙමල යාලුවෝ ඉදලා නැහැ එත් මම කැමති එහම හිටියනම්

    ReplyDelete
  15. සංහිදියාව ඇතිවේවා.....ජය.......

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook