Saturday, December 3, 2016

මනෝ විශ්ලේශණයේ කාලීන යෝග්‍යතාව



මනෝ විශ්ලේශණය පිලිබඳව මම මුලින්ම ඉගෙන ගන්නේ යූක්‍රයිනයේ විනිට්සා ජාතික විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය අංශයේ මහාචාර්‍ය ලුද්මිලා වේව්ස්කයා යටතේය. ඇයට ෆොරොයිඩ් , ඇනා ෆොරොයිඩ් , යුං , ඇඩ්ලර් ආදීන් පිලිබඳව ඉතා ගැඹුරු දැණුමක් තිබුනාය​. විශ්ලේශණය පිලිබඳව ෆ්‍රොයිඩ් ගේ යුගයේ පටන් රුසියන් භාෂාවෙන් බොහෝ පොත පත තිබුණු නිසා ඇය බටහිර මහාචාර්‍යවරුන්ටත් වඩා දැණුම අත්පත් කර ගත්තාය​. ඇය තුල යම් ප්‍රමාණයකට ජර්මානු බස පිලිබඳ තිබූ දැණුමද යොදා ගනිමින් මහාචාර්‍ය වේව්ස්කයාට සිග්මන් ෆ්‍රොයිඩ් විසින් ජර්මානු බසින් ලියන ලද කෘති පර්වර්තන දෝශ වලින් තොරව කියවීමේ හැකියාව තිබුනාය​.
මනෝ විශ්ලේශණය පිලිබඳව මගේ දෙවන ගුරුවරයා වන එංගලන්තයේ බාන්ස්ලි විද්‍යාලයේ ස්ටීවන් හීත්ටද උසස් දැණුමක් තිබුනේය​. සිග්මන් ෆ්‍රොයිඩ් විවේචනය කරන්නන් ගැන වරක් ඔහු මෙසේ කීවේය ; ෆ්‍රොයිඩ්ව විවේචනය කරන්නෝ වර්ග දෙකකි. එක් වර්ගයක් ෆ්‍රොයිඩ්ගේ නියමයන් පිලිබඳව අති ගැඹුරින් කියවා තිබේ. දෙවන වර්ගය ෆ්‍රොයිඩ් ගැන උඩින් පල්ලෙන් කියවූවන්‍ ය​. එම නිසා යම් අයෙක් ෆ්‍රොයිඩ්ව විවේචනය කරන විට ඔහු අයත් වන්නේ කුමන වර්ගයටද කියා බලන්න​. මම ස්ටීවන් හීත් ගේ මෙම අදහස පිලිගනිමි.
කැන්සාස් හි කොල්මරි ඔනීල් රෝහලේ මනෝ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන ලාංකිකයෙකු වූ මහසෙන් ද සිල්වා මහතා මනෝ විශ්ලේශණය ඉතා හොඳින් ඉගෙන ගෙන තිබේ. එතුමා ෆ්‍රොයිඩ් ගේ ගෝලයෙකු වූ කාල් මැනිංගර් ගේ සිසුවෙකි. වෛද්‍ය මහසෙන් ද සිල්වා මහතාගෙන් මනෝ විශ්ලේශණය පිලිබඳ වැඩිමනත් කරුණු ඉගෙන ගැනීමට මට හැකි විය​. 2006 වසරේදී පුරා සතියක් මම වෛද්‍ය මහසෙන් ද සිල්වාගේ නිවසේ නතරව සිටියෙමි. අප මධ්‍යම රාත්‍රිය වන තෙක් මනෝ විශ්ලේශණය පිලිබඳ කතා කලෙමු. එතුමාගෙන් විශාල දැණුමක් මම උකහා ගත්තෙමි. එසේම වෛද්‍ය මහසෙන් කැන්සාස් නගරයේ තිබෙන කාල් මැනිංගර් ගේ නිවෙස පෙන්වීමටද මාව ගෙන ගියේය​. මෙම නිවසට සිග්මන් ෆ්‍රොයිඩ් ද පැමින තිබේ.
යෝක් විශ්ව විද්‍යාලයේ මගේ ආචාර්‍යවරුන් වන මහාචාර්‍ය රිචඩ් ලාලොන්ඩ් , මහාචාර්‍ය ජේම්ස් අැල්කොක් , මහාචාර්‍ය හෙදර් ජෝර්ඩ්න් යන වියතුන් ගෙන් මම තව දුරටත් මනෝ විශ්ලේශණය උගත්තෙමි එසේම ජුංගියන් විශ්ලේශිකාවක වන ආචාර්‍ය නෝරා ටේලර් ද මගේ මනෝ විශ්ලේශණ ගුරුවරියක වේ. මේ හැර මම ස්වයං අධ්‍යනයන් ද කලෙමි. තවමත් මම අධ්‍යනයන් කරන්නෙමි.
2016 වසරේදී මා විසින් එළි දක්වන ලද Between Literature and Psychology කෘතිය ඩන්ටේ , ලියෝ තොල්ස්තෝයි , ඔස්කා වයිල්ඩ් ගේ සිට මාර්ටින් වික්‍රමසිංහ , සයිමන් නවගත්තේගම​, මංජුල වෙඩිවර්ධන යන සිංහල ලේඛකයන් ගේ කෘති වල නිර්මාණ වල මනෝ විද්‍යාත්මක පාර්ශවයන් හෙළි කරයි. මෙම මනෝ සාහිත්‍ය විශ්ලේශණයන් සඳහා බොහෝ විට යොදා ගත්තේ ෆ්‍රොයිඩ්ගේ සහ නියෝ ෆ්‍රොයිඩියානුවන් ගේ න්‍යායන් ය​. මෙම කෘතිය ගැන ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය මේරි සීමන් ගේ මෙන්ම මහාචාර්‍ය ගනනාථ ඔබේසේකර යන විද්වතුන් විසින්අ දහස් ඉදිරිපත් කොට තිබේ.
මනෝ විශ්ලේෂණය ගර්හිත විශයක් නොවේ. මනෝ විද්‍යාව , මනෝ වෛද්‍ය විද්‍යාව , සමාජ විද්‍යාව , යනාදී විශයන් ඉගන ගන්නා විට මනෝ විශ්ලේෂණ න්‍යායන් ඉගෙන ගැනීම මගින් වඩාත් ගැඹුරට එම විශයන් හැදෑරිය හැකිය​.
ෆ්‍රොයිඩ් මනෝවිශ්ලේෂණය ඉදිරිපත් කල කාලයේ මොළය ගැන අධ්‍යනය කල හැකි සීටී ස්කෑන් , එම් ආර් අයි තිබුනේ නැත​. එම නිසා ඔහු උපකල්පනික වශයෙන් මිනිස් සිතේ ක්‍රියාකාරිත්වය විස්තර කල් අතර ඔහුගේ මනෝවිශ්ලේෂණ න්‍යාන් නියුරොසයිකෝලොජි විශය Neuropsychology අරබයා බොහෝ දොරවල් ඇර දුන්නේය​. ෆ්‍රොයිඩ්ගේ ගේ සමහර න්‍යායන් අදටත් වලංගුවේ. ඔහු පීටීඑස්ඩී (PTSD) , රේප් ට්‍රෝමා සින්ඩ්‍රෝම් (Rape Trauma Syndrome) වැනි රෝගී තත්වයන් ගැන පවා දැන සිටි අතර ෆ්‍රොයිඩ් තව වසර 50-75 පසු අතර ඉපදුනේ නම් මනස ගැන මීට වඩා හොඳ විවරණයක් කරන්නට ඉඩ තිබුනි.
ලංකාවේ ශාස්තෘවරු ලෙස පෙනී සිටිමින් මනෝ විශ්ලේෂණය ගැන කතා කරන පුද්ගලයන්ට එම විශය ගැන ගැඹුරු දැනුමක් නොමැති බව පෙනේ. ඔවුන් වචන හරඹ කරමින් ජිම්නාස්ටික් ක්‍රියාවලියක යෙදෙමින් පාඨකයා නන්නත්තාර කර දමති. මේ ශාස්තෘවරුන්ට පමණක් නොව ලංකාවේ බොහෝ මනෝ වෛද්‍යවරුද මනෝ විශ්ලේෂණය ගැන පුළුල් දැණුමක් නොමැති බව ඔවුන් සමග කල සංවාදයන් ගෙන් මෙන්ම ඔවුන් ගේ ලිපි වලින් මට පෙනී ගොස් තිබේ. මගේ අදහස අනුව ලංකාවේ මනෝ වෛද්‍යවරුන් ගෙන් මනෝ විශ්ලේෂණය ගැන පෘථුල දැණුමක් තිබූ පුද්ගලයන් ලෙස නම් කල හැකි ස්වල්ප දෙනා අතර වෛද්‍ය ඩී,වී. ජේ හරිස්චන්ද්‍ර සහ මහාචාර්‍ය දයා සෝමසුන්දරම් පෙරමුනේ සිටිති.
මනෝ විද්‍යාව , මනෝ වෛද්‍ය විද්‍යාව , මනෝ චිකිත්සනය ඉගෙන ගන්නා ආධුනිකයන්ට මම දෙන අවවාදයක් නම් මනෝ විශ්ලේෂණය මෙන්ම ෆ්‍රොයිඩ් සහ නියෝ ෆ්‍රොයිඩියානුවන් ගැන හොඳින් හදාරන්න යන්නයි. මානසික රෝගියෙකුගේ චිත්ත ස්වභාවය ඉතා හොඳින් වටහා ගැනීමට මෙම දැණුම උපකාරී වේ.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

15 comments:

  1. ලාංකික සමාජයේ තරම් මනෝ විශ්ලේෂකවරු ලෝකයේ වෙන කොහෙවත් නැතුව ඇති.

    ReplyDelete
  2. මාත් ඔය ඔ්ලෙවල් කරල ගෙදර හිටිය කාලෙ තකහනියක් ගිහිං Freud ගෙ පොතක පරිවර්ථනයක් ගත්ත, මනෝ විශ්ලෙශණ දේශණ කියල. පොත දිග අරිනව විතරයි මතක. මේක dictionaryයක් බලාගෙන පරිවර්ථනේ කරලද මන්ද කියල තියන මෙලෝ දෙයක් තේරෙන්නෑ :(

    psychoanalysis ගැන මොනාද ඩොක්ටර් තියන හොඳ පොත්?

    ReplyDelete
    Replies
    1. psychoanalysis ගැන ඉංග්‍රීසි බසින් කියවන්න , සිංහල පොත් වල පරිවර්තන දෝශ තියනවා

      Delete
  3. A doctor was questioning a patient at a mental Asylum to see whether he was fit enough to be released.
    "What are you going to do when you leave this Asylum"
    "I am going to get a sling shot" said the patient.And I will come back here and smash up every window in this place"
    The patient was not naturally discharged. After treating him for six more months the Doctor questioned him again. The same question was repeated.
    "Well, I am going to get a job" the patient replied.
    "Fine" said the Doctor. "Then what"
    "I am doing to rent out an apartment"
    "Very good"
    Then I will meet a beautiful girl"
    "Excellent"
    "I will take her to my apartment and raise her skirt"
    "Normal, perfectly natural-Proceed"
    Then I will lay my hands on her panties"
    "Yes,yes, what next"
    I will pull out the elastic, make a sling shot out of it and smash up every window in this place.
    FIRE WALKING, THE BURNING FACTS BY DR K.INDRA KUMAR

    ReplyDelete
  4. ලංකාවේ මනෝ විශ්ලේෂණය කරන අය ගැන කියපු කතාවනං හරි

    ReplyDelete
  5. ලංකවේ මනෝ විජ්ජාග්නයෝ ටික හොඳ මනෝ චිකිත්සක කෙනෙක් ළඟට යවන්න වෙනවා ඔක්කෝටම කලින්.. මෙහේ ඉන්නේ මනෝ විජ්ජාග්නයෝ නෙමෙයි මනෝ විජ්ජාවයි බුද්ධාගමයි කළවම් කර ගත්ත පිස්සෝ සෙට් එකක්...

    ReplyDelete
    Replies
    1. ඔවුන් ඒ විශයන් දෙකෙන් එකක්වත් හරි හැටි දන්නේ නෑ

      Delete
    2. මේ පිස්සෝ සෙට් එකට ලංකාවේ හොඳ ඉල්ලුමක් තියෙනවා. ලෙඩ්ඩු ප්‍රතිකාර සොයාගන පිස්සන්වෙත යන රටක් ලංකාව. වඩා හොඳ නැකතකින් දිව්රුම් දුන්නොත් වැඩි කාලයක් අගමැති කම කරන්න පුළුවන් කියලා බණ්ඩාරනායකට කිව්වම දිව්රුම් දෙන නැකත පැය භාගයකින් ප්‍රමාද කලා කියලා කොවුර් දෙවියෝ සහ භූතයෝ පොතේ ලියනවා. බණ්ඩාරනායකට උනදේ දැක දැකත් කීදෙනෙක් ඒ වැඩේම කරනවද? අලගද්දුපම සුත්‍රයේ බුදුදහම සර්පයෙකුට උපමා කරන බුදුන් වහන්සේ වලිගයෙන් නොව සර්පයාගේ හිසෙන් අල්ලගන්නයි දේශනා කරනවා. සර්පයා වලිගයෙන් අල්ලාගත් ශ්‍රී ලාංකිකයා විද්‍යාවෙත් අල්ලාගෙන තියෙන්නේ වලිගය හෙවත් විජ්ජාවෙන්.

      Delete
  6. නොදන්නා නොපෙනෙන දේවල් නිසා නොමඟ යන්න ඇති ඉඩ ව්‍යාපාරයකට හොඳ ඉඩක්...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook