Friday, December 23, 2016

රජරට විශ්ව විද්‍යාලයේ ඝාතකයා



කර්මය ඉතා ඉක්මනින් පළ දෙන්නේ දුප්පත් සහ බලයක් නැති මිනිසුන්ට පමණද කියා විටෙක සිතනවා. ඊයේ පෙරේදා මට හිතවතෙක් ගාඩියන් පුවත්පතේ පළවූ ලිපියක් යොමු කරා. එම ලිපියට අනුව 1988-89 කාලයේ ලංකාවේ බුද්ධිමතුන් ඝාතනය කිරීමට නියෝග දුන් අය අතර වර්තමානයේ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙකුද සිටින බව දැක්වෙනවා. මේ පුද්ගලයාගේ නියෝග මත මහාචාර්‍ය ස්ටැන්ලි විජේසුන්දරවද ඝාතනය කල බවයි දැක්වෙන්නේ. මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් ලිවීමට නියමිත ජවිපෙ දෙවැනි කැරැල්ල දෙවන කොටසට මෙවැනි කෘර බුද්ධිමතුන් ගැනත් ලියවිය යුතුයි. මොවුන් කිසි දෙනෙක නීතිය ඉදිරියට නොඒවි. නමුත් මේ ඝාතකයන් ගේ කර පිට යන්නන් සිතා ගත යුතු දෙයක් තිබෙනවා. එනම්  මහාචාර්‍ය ස්ටැන්ලි විජේසුන්දරලට එල්ල කල තුවක්කු යම් දිනෙක මේ ඝාතකයන් විසින් කර උඩ යන්නා වෙතද යොමු කල හැකි බවයි. නට්සි ජර්මනියේද බුද්ධිමතුන් ඝාතනය කිරීම සඳහා මුල් වූයේද කෘර මෙන්ම අපගාමික විශ්ව විද්‍යාල වල උගත් කියා හැඳින්වූ කොටසක් විසින්. 


27 comments:

  1. මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහත්තයා මාව බ්ලොක්කරා ෆේස්බුක් එකේ.

    ReplyDelete
  2. Can you please give us the link for above mentioned article?

    ReplyDelete
  3. මේක බොහොම නිර්භීත සහ සුදුසු ලියවිල්ලක්. මේ පිලිබඳ සාකච්ඡා විය යුතුයි. අර උඩ ඇනෝ කියනවා වගේ ලින්ක් එකක් දෙන්න. රුවන් විවෘතව ලියන එක ගැන බොහෝම ස්තූතිවන්ත වෙනවා. අපි අතර මතවාදි වෙනස්වීම් ඇති. මිනිස්සු විවෘත වෙන්න ඕන කියන එක අපේ මිනිසුන් අතර ප්‍රැක්ටිස් එකක් වෙන්නේ නැහැ. ඒත් අපි ඔරසං වමනේ දානවා, පන්සිල් ඔක්කාරෙට එනවා, සලා හිසරදේ,භජන් හොටු ගලනවා. ඩොක්ටර් මේ රෝග ලක්ශන අනුව වැලඳීමට නියමිත රෝගය කුමක්ද....ගාස්තු පේපෑල් එකෙන් ගෙවන්නම්.

    ReplyDelete
    Replies
    1. http://www.slguardian.org/si/archives/972

      Delete
    2. 1988 – 1989 භීෂණ සමයේ ජවිපෙ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සමග ඝාතන කටයුතු වලදී උපදේශකයන් ලෙස ක්‍රියා කල වෛද්‍යවරු සහ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු තවමත් කිසිම චෝදනා නොලබා නිරුපද්‍රිතව සිටින බවත් ඔවුන් ස්ටැන්ලි විජේසුන්දර වැනි විශ්ව විද්‍යාල මහාචාර්යවරු ඝාතනය කිරීම සඳහා උපදෙස් දී ඇති බවද හෙළි වී තිබේ.මොවුන් විසින් 1988 – 1989 වකවානුවේ ජවිපෙ කැන්ගරු උසාවි වල බිම් මට්ටමේ සාමාජිකයන්ට ඝාතන නියෝග දීම නිසා විශාල බුද්ධිමතුන් ප්‍රමාණයක් රටට අහිමි විය. ජවිපෙ දෙකඩ වීමත් සමගම මොවුන් විමල් වීරවංස අමාත්‍යවරයාට සහය ලබා දී ඇති අතර ඒ සඳහා විශාල වරප්‍රසාද ගෙන තිබේ. ඝාතකයන්ගේ උපදේශකයන් ලෙස ක්‍රියා කල මේ පුද්ගලයන් වර්තමානයේ වගකිවයුතු තනතුරු දරමින් සිටිති

      Delete
    3. // විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් කිහිප දෙනෙකු තවමත් කිසිම චෝදනා නොලබා නිරුපද්‍රිතව සිටින බවත් //

      නිර්මාල් සහ PRRA?

      Delete
    4. නිර්මාල් නොවේ මේ රජරට විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙක්

      Delete
  4. කර්නල් ගෝඨාබය රාජපක්ෂ මෙවැනි ඝාතන කරා භීෂණ සමයේ.

    ReplyDelete
    Replies
    1. පව්, මාතලේ කෙස් එකට ඝෝටව අල්ලන ගිහින් පච වෙලා ගියා!

      Delete
  5. ඇත්තටම 1988-89 කාලයේ සියලු මිනීමැරුම් කළේ අන්ත දූශිත මිනීමරු මහින්ද රාජපක්ෂ, බැසිල්, ගෝටාභය චමල් වාසුදේව දිනෙශ් බන්ධුල සහ ජවිපෙ එවකට සිටි වීරවංස ජඩයා සහ ගම්මංපිල අපතයා ඇතුලු කණ්ඩායම විසින් වුවත් ඔවුන් ඉතාම කපටි ලෙස එජාපය 88-89 සිදුවීම් වලට පටලවා බොරු විකෘති පච ප්‍රචාරය කළා. අපරාධ කළ මහින්ද ගෝටා බැසිල් - විමල් ගම්මා, වාසුදේව ඇතුලු පිරිස සිටියදී ඊට සම්බන්ධ නැති එවකට කණිටු ඇමතිවරයකු වූ රනිල් ඉතාම කුමන්ත්‍රණකාරී ලෙස බටලන්ද නමැති ගෙතූ අසත්‍ය කේස් එකක පටලා නිකරුණේ පිරිහවනු ලැබුවා.

    මරා ඇතුළු කල්ලියට මේ අපරාධවලට දැන්වත් දඬුවම් නොකරන්නේ මන්ද?

    ReplyDelete
  6. රුවන්

    මහින්ද රාජපක්ෂ කියන මිනීමරු වියරු ඒකාධිපතියාගේ 1988-90 කාලයේ ඩ්‍ර‍යිවර් ලෙස හිටපු මෘගයා බරපතල අපරාධකාරයෙක් වූ විතාරන්දෙනියේ උක්කුවාගේ මල්ලී ඇතුළු හතර පස්දෙනෙකුගෙන් යුත් පිරිසක් 1990 අගභාගයේ හම්බන්තොට තලාව පැත්තේ යූඇන්පීකාරයෙක් මරන්නට කාරයක ඩිකියේ දාගෙන ගිහින් අසුවුණා. මේ ගැන සොයා බලා ලියන්නේ නැත්තේ ඇයි? ඔය කියන මහාචාර්යවරයා එතරම්ම භයානක අපරාධ කර නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. ඝාතන කල ඕනම කෙනෙක් අත්ඩංගුවට ගත යුතුයි. මරා වේවා රනිල් වේවා තරාතිරම් අදාල නැත

      Delete
  7. හා හා දැන් මේ ලිපිය ලියුවේ ගාඩියන් එකේ තිබුනු දූසමාන ආරන්චියටද?

    මේකට මේ කතාව නොඅසාම බැහැ.
    දැන් ජෙවිපියට සම්බන්ධ වෛද්‍යවරුන්ට මහාචාර්ය සුමතිපාලත් අයත් නිසා කීල් විශ්ව විද්‍යාලයේ ඝාතකයා කියා ලිපියකුත් ලියනවාද?

    ReplyDelete
    Replies
    1. +++++++++++

      දොස්තරට පිස්සු වුනාට ලෙඩ්ඩුන්ට පිස්සු නෑ......

      Delete
    2. ඝාතන කල ඕනම කෙනෙක් අත්ඩංගුවට ගත යුතුයි. තරාතිරම් අදාල නැත

      Delete
    3. අත් අඩන්ගුවට ගන්නේ පොලිස් පරීක්ශන වලදි. හැම පරීක්ශනයකදිම අත් අඩන්ගුවට ගැනීම කරන්නේ නෑ.

      මිනිස්සුන්ට දඬුවම් දෙන්නේ උසාවි වලින්.

      මේ වැඩ දෙකක්. ඔබ ඔය පරම සත්‍ය ලෙස ගත් ලිපියේ සාක්කි තබා චෝදනාවවත් කෙලින්ම ඔය කියන පුද්ගලයාට එල්ල කරන් නෑ.

      මිනිහෙක් වැරදිකරුවා කරන්න ඔබට මේ වගේ දූසමාන ආරන්චි ඇති උනාට, උසාවියකට මදි (ලන්කාවේ නෙමේ නීතිය හරි හැටි ක්‍රියාත්මක වෙන රටකනම් පොලිස් පරීක්ශනයක් පටන් ගන්නත් මේ මදි )

      Delete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. අඩේ ආසනික් ජයසුමනයන්ගේ ගුරු දේවතාවා ගැනද මේ කියන්නේ, එයාට නම් අර පස්සට ගහන්න යෝජනාකරපු ඉන්ජෙක්ෂන් තොගයක්ම එකට ගැහුවත් සුවනොවන අසනීපයක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මේ නලීන් නොවේ

      Delete
    2. එයාගේ වර්ථමාන ගුරා නලීන් නොවේ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook