සීලදාස මහත්මිය මහ රෝහලේ මේට්‍රන්වරියක ලෙස සේවය කළාය. ඇය අපගේ පවුලේ හිතවතියක වූ අතර මම ඇයව දන්නා කාලයේ ඇය සිටියේ විශ්‍රාමිකවය. සීලදාස මහත්මිය සේවය කලේ වෛද්‍ය ආර් එල් ස්පිට්ල් යුගයේය. ඇය වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ හෙදියකද වී සිටියාය. එම නිසා මම සීලදාස මහත්මිය ගෙන් වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගැන ඇසුවෙමි.
ඒ කාලයේ මම සිටියේ අට වසරේදීය. ආර් එල් ස්පිට්ල් ගේ සුදු ගෝනා, සුදු වැද්දා යන පොත් කියවා සිටි මම සීලදාස මහත්මිය ඔහු ගැන කියන කතා වලට ආශාවෙන් සවන් දුන්නෙමි.
සීලදාස මහත්මිය කියූ ආකාරයට වෛද්‍ය ආර් එල් ස්පිට්ල් දක්‍ෂ ශල්‍ය වෛද්‍යවරයෙකි. එහෙත් තද නීති කාරයෙකි. වරක් කම්කරුවෙක් ශල්‍යාගාර පොළව නිසි අයුරින් මැද නොතිබීම නිසා ඔහු එම කම්කරුවාගේ කන හරහා පහරක් දී තිබේ. මේ පහර නිසා කම්කරුවාගේ කන් අඩිය පැලුනි. තරහ ගිය මුත් ඒ හා සැනින් කෝපය නිවී යන වෛද්‍ය ස්පිට්ල් කම්කරුවාගේ කන පරික්‍ෂා කොට බෙහෙත් කලේය. පසුව වෛද්‍ය ස්පිට්ල් ගේ මරණය තෙක් මෙම කන් අඩිය පැළුනු කම්කරුවාට හානිපූරණ දීමනාවක් ඔහු ගෙව්වේය. මෙම ගෙවීම කලේ කිසිදු නෛතික නියෝගයක් අනුව නොව හුදු වරදකාරිත්වය මතය.
වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ අතේ ඇනුනු එන්නත් කටුවක් නිසා අත ආසාදනය වී ඔහුගේ එක් අතක් හරි හැටි වැඩ කලේ නැත. එහෙත් මේ ආබාධිත තත්වය සමග වූවද ඔහු හොඳින් ශල්‍යකර්ම කලේය.
ස්වභාව ධර්මයට ඇළුම් කල වෛද්‍ය ස්පිට්ල් වැද්දන් හමු වීම සඳහා නිවාඩු දමා යාමට පුරුදුව සිටි බවද සීලදාස මහත්මිය පැවසුවාය. එහෙත් වෛද්‍ය ස්පිට්ල් ගේ සැවේජ් සැන්ච්චුවරි කෘතිය කියවා තිබේදැයි සීලදාස මහත්මිය ගෙන් ඇසීමට මට අමතක විය. වෛද්‍ය ස්පිට්ල් ගේ සැවේජ් සැන්ච්චුවරි හෙවත් මැකී ගිය දඩමං සහ වන සරණ මම ආශාවෙන් කියවන ලද පොත් වේ. එම පොත් කියවන විට අපට මෙම අපූරු මිනිසාගේ ආධ්‍යාත්මය ස්පර්ශ කල හැකිය.
වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ හෙදියක වී සිටි සීලදාස මහත්මිය අසූව දශකයේ අග භාගයේ මිය ගියාය. මිය යන විට වයස අවුරුදු අසූ පහද ඇය පසු කොට තිබුනාය. වරක් කොලඹ කනත්තේදී අහඹු ලෙස සීලදාස මහත්මියගේ සොහොන් කොත මගේ නෙත ගැටුනි. සීලදාස මහත්මියගේ සොහොන අසල ඇයගේ පුතා වූ මංගල කුමාර සීලදාස ගේ සොහොනද විය.
සීලදාස මහත්මිය යනු විශේෂිත යුගයකට අයත් වූ හෙදියකි. ඇය පුහුණුව ලබන්නේ බ්‍රිතාන්‍ය හෙදියන් යටතේය. ඔවුන් වැඩ කලේ ඉංග්‍රීසි භාෂාවෙනි. වෘත්තීය අභිමානය මෙන්ම වෘත්තීය ගරුත්වය තිබූ ඇය තමා වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ හෙදියකද වී සිටි බව කීවේ ආඩම්බරයෙනි.
ආර් එල් ස්පිට්ල් ගේ නැගණියක් හෝ දියණියක් හිටියා නේද ක්‍රිස්ටිනාද කොහෙද නමක් තියන.. ඇය ලියපු පොතක් කියෙව්වා වගේ මතකයක් මට තියනවා.. හරියට පොතේ නම මතක නෑ..
ReplyDeleteදැන් ඉන්න බහුතරයක් හෙදියෝ නයිටිංගේල් පරපුරේ අය නෙමේ නේද ? හරියට නිකං දෙව්දත් බෞද්ධයෝ වගේ...
මේකද
Deletehttp://4.bp.blogspot.com/--ULW8FalN4Y/VYt_w4K_54I/AAAAAAAAAx8/Rb08_tmZAlQ/s1600/thFB.jpg
ස්තූතියි ඇනෝ... ඒක තමා
Deleteක්‍රිස්ටිනා - දියණිය
Deleteදැනට විශ්රාමිකව ඉන්න මහාචාර්යවරියක් මහ පුදුම දෙයක් මට කිවිවා.ඇය විශ්ව විද්යාල සිසුවියක් කාලේ තව පිරිසක් එක්ක වැද්දන් ගැන අධ්‍්‍යනයකට ගියාලු.මෙි දැනට අවුරැදු 50-55 කට පමණ පෙර.එහිදී වැද්දන් අතරේ ඇය දැක්කලු සුදු දරැවෙක්.කවුරැ හරි කිවිවලු ඒ දොස්තර ස්පිටිල්ගේ දරැවෙක් කියලා.ඒක ඇත්ත නමි ක්රිස්ටීන් විල්සන් විතරක් නෙමෙ තවත් අය ඉදලා තියනවා
Delete//නැගණියක් හෝ දියණියක් හිටියා නේද ක්‍රිස්ටිනාද කොහෙද නමක් තියන//
ReplyDeleteක්‍රිස්ටීන් විල්සන් (ස්පිටල්) යනු දොස්තර ස්පිටල් ගේ දියණියයි. Surgeon of the Wilderness යනු ඇය ලියූ දොස්තර ස්පිටල්ගේ ජීවිත කථාවයි. එය සිංහලට පරිවර්තනය කර තිබුනා. මට මතක හැටියට, සිංහල පරිවර්තනයේ නම 'වන වැදුණු දොස්තර' (මාත් කියවූයේ සිංහලෙන්).
//වෛද්‍ය ආර් එල් ස්පිට්ල් ගේ අතේ ඇනුනු එන්නත් කටුවක් නිසා අත ආසාදනය වී ඔහුගේ එක් අතක් හරි හැටි වැඩ කලේ නැත.//
ඔහුගේ ජීවිත කථාවට අනුව, අතේ තිබුණු ආබාධය, පාසලේදී ක්‍රීඩා කරද්දී ඇතිවී, එවිට හරිහැටි ප්‍රතිකාර නොලැබීම නිසා ජීවිත කාලයටම සුව නොවී තිබුණු එකක්.
ක්‍රිස්ටීන් විල්සන්:- වෛද්‍ය ස්පිට්ල් මෙන්ම ක්‍රිස්ටීන් විල්සන් ද ලංකාවේ වනදිවිය ගැන උනන්දුවක් දැක්වූ අතර, ග්‍රන්ථකරණයේ ද යෙදුනා. ඇය රචනා කල පොත් අතරින් මා වඩාත් ප්‍රිය කරන්නේ The Bitter Berry (සිංහල පරිවර්තනය 'තිත්ත කෝපි') ග්‍රන්ථයටයි.
Deletehttp://www.goodreads.com/book/show/17375926
ක්‍රිස්ටීන් විල්සන් ගැන කෙටි හැඳින්වීමක් මෙතන තියනවා. සමහරවිට පිටුව ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරගන වෙයි ගූගල් ආධාරයෙන්.
https://de.wikipedia.org/wiki/Christine_Spittel-Wilson
ආන්න්න විචාරක මහතා....තිත්ත කෝපි..තිත්ත කෝපි... ඒක තමා පොත මම කියවපු...ස්තූතියි මතක් කළාට..
Deletethanks for the comments
Delete// වරක් කම්කරුවෙක් ශල්‍යාගාර පොළව නිසි අයුරින් මැද නොතිබීම නිසා ඔහු එම කම්කරුවාගේ කන හරහා පහරක් දී තිබේ.//
ReplyDeleteදැන් කාලයේත් මෙහෙම කරන්න පුළුවන් නම්, අපේ ඉස්පිරිතාලවලත් විනයක් කියා දෙයක් තියේවි!
මෙවර ලංකාවට ගිය වෙලාවේ මා කුඩා කාලයේ ඉතා ආශාවෙන් කියවූ මේ පරිවර්තන කෘති වල මුල් පොත් කිහිපයක්ම මගේ පුතා වෙනුවෙන් මිලදී ගත්තා. දොස්තර ස්පිට්ල් ගැන පැබ්ලෝ නෙරුඩා ලියූ සටහනක් නෙරුඩාගේ චරිතාපදානයේ තියෙනවා. නෙරුඩා ඔහුව දකින්නේ "අධිරාජ්‍යවාදීන්" අතර සිටි ටිකක් වෙනස් (මානුෂික ගුණාංග තිබුණු) කෙනෙක් ලෙස. (නැවත තහවුරු කර නොගෙන මතකයෙන් ලියන දෙයක්)
ReplyDelete++++++++++
Deleteවෛද්‍ය ස්පිට්ල් වෙන්න ඇති අවසාන වරට ලංකාවේ සිටි ඇත්තම වැදි ජනතාව සමග සාර්ථක සම්බන්ධතා පවත්වන්න ඇත්තේ. අද ඉන්න මොඩ් ආදිවාසීන් වෙන්න කලින් ඔවුන්ගේ යථා ස්වරූපය වෛද්‍ය ස්පිට්ල් ගේ කෘතිවල මනාව පිළිබිඹු වෙනවා.
ReplyDeleteවෛද්‍ය ස්පිට්ල් ගැන තොරතුරු රාශියක් මෙතනින් කියවන්න පුළුවන්.
http://threeblindmen.photoshelter.com/gallery/Dr-R-L-Spittel-Collection/G0000si3DuR4gYS4/C0000ho.zxgezp.w
වෛද්‍ය ස්පිට්ල් GMOA එකට බැඳෙන්න නැතුව ඇති :D
අපේ හෙද සේවය මීට වඩා ගුණාත්මක තත්වයකට ගැනීමට ඇති එක බාධකයක් ලෙස මා දකින්නේ සාදු නර්ස් සංගමය වැනි ඒවා. හෙදහෙදියන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ දෙමල භාෂා දැනුම දියුණු කිරීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ඇතිකළ හැකියි.
RL ස්පිට්ල් පවා පැවසුවේ ඔහුද නියමාකාර ගල් වැද්දන් දැක නොමැති බවයි...
Deleteඑසේ දැක ඇසුරු කර ඇත්තේ සෙලිග්මාන් බවයි ඔහුද පවසන්නේ...
නමුත් මට හිතෙනවා සෙලිග්මාන් ඇතුළු විදේශිකයින් හරහා ගල් වැද්දන් වෙත පැමිණි පරංගි වෛරස හරහා ඔවුන් දැඩි ලෙස වඳ වී යාමක් සිද්ධ උනාද කියල...
සෙලිග්මාන් සිටි යුගයේ ගල් වැද්දන් බොහෝ වශයෙන් සිටි බවක් පැවසෙන කරුණ නිසයි මට එවැනි සිතුවිල්ලක් පහළ උනේ...
වැදි ජනතාව විවිධ බෝවන රෝගවලින් පීඩා විදි බව ස්පිට්ල්ගේ විස්තරයක සඳහන්ව තිබෙනවා. මට හරියටම තැන මතක නැහැ.
Deleteවෛද්‍ය ස්පිට්ල් GMOA එකට බැඳෙන්න නැතුව ඇති ////// ha ha ha
Deleteදොස්තර ස්පිටල් ගේ දියණිය කි‍්‍රස්ටිනා ස්පිටල් (පසුව විල්සන්) මහත්මිය තමයි තිත්ත කෝපි( Bitter Berry) නවකතාව ලිව්වේ ඇය තමන්ගේ කුඩා කාලය ඇතුලු ජිවිත කතාව Memories නමින් ලියලා තියෙනවා.ඇය තමන්ගේ පියා වන දොස්තර ස්පිටල් ගැන පොතක් Surgeon of the wilderness: The biography of Richard Spittel ලියලා තියෙනවා. වන වැදුන දෙස්තර නමින් පේ‍්‍රමචන්ද අල්විස් එය සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. මේ සියළු පොත් මරදානේ සුරිය ප‍්‍රකාශකයන්ගෙන් මිලදි ගන්න පුළුවනි. බුලර්ස් පාරේ දොස්තර ස්පිටල් ගේ විචර්ලි නිවස හා සාත්තු නිවාසය දැන් ජාත්‍යන්තර පාලසක් පවත්වාගෙන යනවා.
ReplyDeleteThanks for the info
Deleteසීලදාස නෝනා හිටියා නම්, ස්පිට්ල් ගැනයි, අපේ හෙදි සේවාව ගැනයි පොතක් ලියවගන්න තිබුනා.
ReplyDeleteමම ප්‍රොෆෙසර් සී.සී. ද සිල්වාගේ ජීවිත කතාව කියෙව්වා මෙහෙදි කෙනෙක් ගාව තිබිලා. ඒ කාලේ අපේ සෞඛ්‍ය සේවා සහ, යුනිවසිටි සහ රෝහල් පිලිබඳ ලොකු කතා පුවතක්. මට පොතේ නම මතක නැහැ. රුවන් මේ ඩොක්ටර් ගැන කියවලා තියෙනවද.
අරුණ ඒ පොත නම් කියවල නෑ ,
Delete//////Professor Cholmondely Chalmers de Silva, born on
Delete25th February 1904, had his early education at St.
Thomas’ College in Mount Lavinia and entered the
Ceylon Medical College in 1922. After a few years in
the Ceylon Medical College, he changed his seat of
learning to University College and Kings College
Hospital in London and graduated in 1928 with
MBBS. He obtained his MRCP (London) the same
year as he qualified with his MBBS. Later, he
obtained MD (London). In 1949 he joined the Faculty
of Medicine, University of Ceylon as the first
Professor of Paediatrics. He took over a ward in Lady
Ridgeway Hospital with “one clinical thermometer
and one nurse at night”. Unfamiliar conditions for
many of us today, yet that was the reality at that time.
His contributions to the profession are numerous.
Professor CC’s main clinical interests were
nutritional disorders, haemoglobinopathies and
infective diarrhoeas. The first case of thalassaemia
was reported by him. Together with Dr. L.O.
Abeyratne, he was instrumental in setting up the
convalescent home at Thalagolla for nutritional
rehabilitation of malnourished children. He is the
founder President of the Nutrition Society of Sri
Lanka. Prof CC is fondly remembered by many, for
his application of king coconut water intravenously
when there had been a shortage of saline. He
introduced green plantain (Aanamalu) to
malnourished children with diarrhoea that provided
calories and shortened the duration of symptoms.
The pioneering work done by Professor CC and his
leadership, during an era almost seven decades ago,
has contributed to the very low infant and childhood
mortality rates that we experience today. His research
work in Paediatrics is unparalleled to date,
considering the efforts that were needed, at a time
when the facilities and technology were relatively
basic. Prof. CC’s contribution to Paediatrics in the
academic field are too numerous to mention at length.
No doubt, all of us who belong to the community of
Paediatricians had been beneficiaries of Prof. CC’s
scholarly work and teachings from his clinical
practice.
It can truly be said that it was Prof. C.C. who put Sri
Lanka on the world map of Paediatrics. He passed
away peacefully at the age of 83 on 20th May 1987, a
few weeks before his autobiography “Life as I lived
it” was released. Prof. CC’s contribution to
Paediatrics has been immense and he will be
remembered with honour and gratitude for many
years to come. I would now like to dedicate my work
in this oration, to a superlative paediatrician of the
calibre of Professor Cholmondely Chalmers de Silva,
a shining beacon for the paediatricians of our
country. I thank the President and the Council of the
Sri Lanka College of Paediatricians for giving me
this opportunity./////////////////
file:///home/chronos/u7c863c93a13954ecac126122641b488e53ab88d6/Downloads/8151-28761-1-PB.pdf"උපුටා ගත්තේ මෙතනින්. පොතේ නම “Life as I lived
it”
__________________________________________
Thanks Aruna
Delete