සික්කා : කවුද කවුද ඔය ; පැත්තකට වෙන්ඩ.
මිහිඳු හිමි ; පින්වත මම මිහිඳු ; බුදු දහම රැගෙන දඹදිවෙන් ආවා
සික්කා ; ඒවා අපි දන්නේ නෑ ; ලොකු සර් බලන්න ඇපොයින්මන්ට් දාලා නම් ඇතුලට යන්ඩ.
ක.ක.ස.නි; මේ මහත්තයා කවුද ? දැකලා පුරුදුයි
මිහිඳු හිමි ; පින්වත මම මිහිඳු ; බුදු දහම රැගෙන දඹදිවෙන් ආවා.
ක.ක.ස.නි; එහෙමද ? යමුද තේ එකක් බීලා ෂියේට් එකක් ඇදලා එන්න. කන්තෝරුවේ අය තාම ඇවිත් නෑ. බිල ගෙව්වොත් මම කන්තෝරුව ඇතුලට දාලා ඇපොයින්මන්ට් එක අරගෙන දෙන්නම්.
ලිපිකරු ; කවුද ඔය කට්ටියක් එක්ක ඉන්නේ ? දොරකොට අවහිර කරන්ඩ එපා. කියන දේ අහන්ඩ. මොකක්කද ඕනේ
මිහිඳු හිමි ; පින්වත මම මිහිඳු ; බුදු දහම රැගෙන දඹදිවෙන් ආවා
ලිපිකරු ; කෝ ඇපොයින්මන්ට් ලෙටර් එක ගෙනාවද ? මුලින්ම ගිහින් අර මිස් හම්බුවෙන්ඩ.
මිස්; අනික් අය අතන වාඩිවෙලා ඉන්න. ඉල්ලුම්කරු විතරක් මෙතෙන්ට එන්න. කෝ ලියකියවිලි දෙන්න.
මිහිඳු හිමි ; පින්වතිය මම මිහිඳු ; බුදු දහම රැගෙන දඹදිවෙන් ආවා
මිස් ; (දුරකථනය අතට ගෙන ප්රධාන ලිපිකරුට) සී සී මහත්තයා කවුද කට්ටියක් ඇවිල්ලා ඇවිල්ලා මොනවදෝ ගෙනල්ලලු. අද බඩු බාර ගන්න කරවිට මහත්තයත් ඇවිල්ලා නෑ. ඉන්වෙන්ට්රියට තමයි දාන්න වෙන්නේ.
ප්රධාන ලිපිකරු ; (කලිසම ඉහලට ඇද ගනිමින් පැමිනේ) ; මොකක්ද කාරනේ කිව්වේ ?
මිහිඳු හිමි ; පින්වත මම මිහිඳු ; බුදු දහම රැගෙන දඹදිවෙන් ආවා
ප්රධාන ලිපිකරු : දඹදිවෙන් ආවා? අයි.ඩී කොපියයි පාස්පෝට් කොපියයි මේ මිස්ට දෙන්න, හැබැයි ජේ.පී කෙනෙක් සහතික කරන්න ඕනේ. එලියේ තියන මස් කඩය කරන නනා ජේපී කෙනෙක්. අයි.ඩී එකෙයි පාස්පෝට් එකෙයි පොටෝ කොපි අර හන්දියේ තියන කමියුනිකේෂන් එකෙන් අරගෙන නානට කියලා සහතික කරගෙන ගේන්ඩ. හෙට එන්ඩ. අද ලොකු මහත්තයා නෑ.
මිහිඳු හිමි ; (තම පිරිස අමතමින් ) අපි මාලදිවයිනට වඩිමු

hek... this is creative!
ReplyDelete