දීර්ඝ කාලයක් පුරා ලංකා සමාජය තුල ආධ්‍යත්මික රික්තකයක් (spiritual vacuum) මතු වෙලා තියනවා. ඒ හේතුව නිසයි වරින් වර අරියධම්ම , දොළුකන්ද, සෝම , ඤාණසාර, කිරිබත්ගොඩ, සමන්ත භද්‍ර , ඇපල් විජේ, කත්නෝරුවේ වගේ රැලි සමාජය තුල මතු වෙන්නේ. මේ රැලි අතෘප්තිය අසහනය වගේ දේවල් සමාජය පුරා පතිරී ගිය විට පැන නගින දේවල්. දෙවන ලෝක යුද්දයෙන් පස්සේ යුරෝපයේත් අසහනය , අතෘප්තිය නිසා ආධ්‍යාත්මික රැලි ආවා , හිපි ව්‍යාපාරය වගේම ඉන්දියාවේ ශාස්තෘවරු හොයාගෙන ඒම ආදිය සිදු උනා. එවැනි ආධ්‍යාත්මික ගුරෙකු වූ මහර්ශි යෝගි Mia Farrow. දූෂණය කිරීමට උත්සහ කිරීමත් සමගම බීට්ල්ස්ලා පවා වශී කරගෙන සිටි මහර්ශි යෝගි වැනි ශාස්තෘවරුන් ගේ ව්‍යාජය බටහිර තේරුම් ගත්තා. වියට්නාම් යුද්ධය නිසා ඇමරිකාව තුල අසහනය පැතිරුනා. ඒ නිසා ආධ්යමික රැලි මතු උනා. එල්.එස්.ඩී , මැජික් මෂ් රූම් මගින් ආධ්‍යත්මික විමුක්තිය සොයා ගිය තාරුන්‍ය Woodstock වල එකතු උනා.
ලංකාව තුල 1970 දශකය වෙන විට ග්‍රාමීය මෙන්ම නාගරික තාරුණ්‍යය හිටියේ තද බල අසහනයෙන්. පිට රටකට යන්න බෑ, , රැකියා සීමිතයි ඒවත් දුන්නේ මන්ත්‍රී නිර්දේශ මත ඒ වගේම තානායම් පත්වීම්. මේ නිසා ගාමිනී යාපා , ධර්මසේකර , විජේවීර වගේ පුද්ගලයෝ මේ අසහනයට පත් වූ සමාජ උපස්තරය මත විප්ලවය කියන විමුක්ති මාර්ගය ගේනවා. නමුත් ඒවා වල තිබූ න්‍යායික මෙන්ම ප්‍රායෝගික භාවයේ හිස් බව නිසා මේ විප්ලව අසාර්ථක වෙනවා. තරුනයෝ නන්නත්තාර වෙනවා.
77 දී ජේ ආර් ගෙනවා විවෘත ආර්ථිකය. මිනිසුන් මැදපෙරදිග රැකියා වෙත යනවා , අධි පරිභෝජනවාදය වැළඳ ගන්නවා. ඒත් සමාජය තුල ආධ්‍යාත්මික රික්තකයක් මතු වෙනවා ජේ ආර් ගේ ප්‍රේමදාස ගේ ප්රජාතන්ත්රවාදී විරෝධී ක්‍රියා නිසා අසහනයට පත් වූ තරුණයන් කැරැැල්ලක් ගහනවා. ඒක විනාශයකින් කෙලවර වෙනවා. ඉන් වූ ආධ්‍යත්මික සෝදාපාලුවේ ප්‍රතිඑල ලෙස දොළුකන්ද වගේ ව්‍යාපෘති එනවා. ඒත් නොබෝ කලකින් එහි ප්‍රයෝගය ජනතාව වටහා ගන්නවා. තිස් වසරක යුද්ධය තුල උතුර දකුන ආධ්‍යාත්මික විමුක්තියක් ඉල්ලනවා. ඒත් රික්තකය පුරවන්න සාධනීය ව්‍යාපාරයක් නෑ. පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් එකවා ඒවා කෙටි කාලීනයි. සෝම චරිතය මේ කාලය තුල මතු වෙනවා. මිනිසුන් ඔහුව වැළඳ ගන්නවා. නමුත් සෝම භික්ෂව තුල ලොකු උගත්කමක් තිබුනේ නෑ. අධ්‍යාපන මට්ටම O/L. එසේම බොහෝ අවිචාර අවිද්‍යාත්මක කතා කිව්වා අයි.ටී.එන් නැණ පහන තුලින්. බොහෝ දෙනෙක් අධි භක්තිය නිසා ඒ කාලේ ඒවා මීටර් කර ගත්තේ නෑ.
මහින්ද රාජපක්ෂ යුගය සනිටුහන් වෙන්නේ මිත්‍යාව සමාජ ගත කිරීම හරහා. රාජකීය වෙදා එලියන්ත ගේ සිට ජන මාධ්‍ය පවා සමාජය තුල මිත්‍යාව ප්‍රවර්ධනය කරනවා. එහි ප්‍රතිඑලයක් ලෙස සමාජය තුල මුග්ධතාව පැතිරෙනවා. ආධ්‍යාත්මික රික්තකය පලල් වෙනවා. කට්ටඩියෝ -කපුවෝ ෆෙන්ෂුයි කාරයෝ - හක්ගෙඩියෝ කේන්දරකාරයෝ -වාලම්පූරිකාරයෝ පැටව් ගහනවා. ඤාාණක්කලාගේ රතු කල්ට් බිහි වෙනවා. සමාජය තුල තර්කානු බුද්ධිය යටපත් වෙනවා. පශ්චාත් ප්රභාකරන් යුගයෙන් පසු සතුරෙකු ගේ අඩුව තිබූ අසහනයෙන් අතෘප්තියෙන් සහ ඉච්චා භංගත්වයට පත් වී සිටි සමාජයට ඤාණණසාරලා ඉත්තෑකන්දේලා නව සතුරෙකු හඳුන්වා දෙනවා. එහි කූටප්‍රාප්තිය 2014 දී සිදු වෙනවා. මේ සිදුවීම් වලින් පසුව සහරාන් මතු වෙනවා.
පශ්චාත් ඊලාම් යුද සමාජය මිත්‍යාවේ දණක් එරිලා. මේ මඩ ගොහොරුව ඉහ ගෙන කන්න විවිධ පූජකයෝ ගණින්නාන්සෙලා එනවා. පොෂ් සමාජයට ජෙරොම්ලා ආගමනය කරනවා. ඉංග්‍රීසියෙන් මිත්‍යාව පතුරවනවා. පසුගාමී නූගත් ග්‍රාමීය සමාජයට විවිධ ගණින්නාසෙලා ඇවිත් හෙල් ටුවර් කතා , ගෑණුන් ගේ සායවල් වල දිග පලල , පිරිමි ඇඟ නොදැක ළමුන් හැදීම වගේ කතා කියනවා. ඒ අතර චයිත්ය වලට රෙදි පෙරවීම වගේ විවිධාකාරයේ පුද පූජා හඳුන්වා දෙනවා. සමහරු ඛන්ඨ බණ දේශනා කරනවා. ආධ්‍යාත්මික රික්තකයේ ඉන්න අවිචාරයෙන් මත් වෙලා විචාර බුද්ධිය අඩු පිරිස් ගොපල්ලා පසු පස යන ගව රැල වගේ මේ පූජකයෝ පස්සේ යනවා.
කිරිබත්ගොඩ වෙනම කල්ට් එකක් ගොඩ නගනවා. අනුගාමිකයන්ට යම් යම් පොත් කියවන්න තහනම් පනවනවා. ස්වාධීන චින්තනය ගොඩ නගන එක සීමා කරවනවා. , සමන්ත භද්‍ර ගේ කෘෂිකර්ම ප්‍රොජෙක්ට් එක තුල යම් සාධනීය දේවල් දැක ගන්න පුලුවන්. නමුත් ආධ්‍යාත්මික ටච් එක සොයාගෙන එන අර ස්පිරිචුවලි අතරමං උන එකාගේ අතට උදැල්ලක් දීල බිම කොටපිය කියනවා. ඒ නිසා ආධ්‍යාත්මිකව අතරමං වෙච්ච පුද්ගලයා ටික කාලයක් බිම කොටලා ගොයිතැන් බත් කරලා හිමීට අසපුවෙන් මාරු වෙලා යනවා. මේ අතර මීවනපලානේ එනවා බුදුන් උපන්නේ හෙල ද්වීපයේ කියාගෙන. තව කොටසක් මේකට වාද කරනවා. දෙපාර්ශවයම ආධ්‍යාත්මිකව අතරමං වෙලා. බුදුන් ගේ ධර්මය සෙවීම වෙනුවට ඔවුන් බුදුන් ගේ ජාතකය සොයාගෙන යනවා.
මෑතකදී ඇපල් විජේ උල්කාපාතයක් වගේ ආලෝකය පිට කරමින් ඇවිත් දායක සභාව නන්නත්තාර සහ තක්බීර් කරමින් අතුරුදහන් වෙනවා. ඔහු අඳනය ගලවලා කලිසමක් ඇඳගෙන බැතිමතුන් තවත් ගැඹුරු ආධ්‍යාත්මික රික්තකයක ගිල්ලවනවා. ඒ අඩුව පුරවන්න එන්නේ කත්නෝරුවේ. ඒ රැල්ල තුල ආධ්‍යාත්මික විමුක්තිය මිනිසුන් සොයා ගනීද නැතහොත් යලිත් වරක් අතරමං වෙයිද කියන එක කාලය විසින් තීන්දු කරයි.
ආධ්‍යාත්මික රික්තකය නිසා මතු වන මේ වගේ රැලි එනවා යනවා. Sociology වගේ විශයන් කරන පුද්ගලයන්ට අධ්‍යනය කරන්න පරියේෂණ කරන්න හොඳ මෙටීරියල් මේ රැලි තුල තියනවා. කෙසේ නමුත් සමාජයේ තියන ආධ්‍යාත්මික රික්තකයට පිලිතුරක් සොයා ගත්ත සාධු කෙනෙක් තාම බිහි වෙලා නෑ.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments