ලංකාවේ මිනිසුන් තුල ක්‍රොනික් ඩිප්‍රෙශන් එකක් තියනවා. හේතුව ජීවිතේ දුකයි දුකයි කියලා පොඩි කාලේ ඉඳන්ම ආගම විසින් ඔලුවට දාන එක වෙන්න පුලුවන්. ඔවුන් සතුට වෙනුවට හඹා යන්නේ දුක. රූකාන්ත ගේ බඹර පහස වෙනුවට නන්දාගේ කපුගේ ගේ දුක , ශෝකය , දුප්පත්කම ගැන කියන සිංදු ඔවුන් වැළඳ ගත්තා. වින්දනාත්මක ජීවිතය ලංකාවේ මිනිසුන්ට නුපුරුදුයි. ඔවුන් දේශපාලන මතවාදයන් වෙනුවෙන් මරා ගන්නවා, ආගමික මතවාදයන් වෙනුවෙන් කා කොටා ගන්නවා. මේ ඔක්කොම පොපියුලේශන් එක තුල තියන ක්‍රොනික් ඩිප්‍රෙශන් එක විසින් කරන දේවල්. මේ මතවාද ගේන පුද්ගලයන් ගේ ලමා කාලය ගත වන්නේ දරිද්‍රතාව , සමාජ පීඩනය , ග්‍රාමීය , පසුගාමීත්වය කේන්ඳ්‍ර කර ගෙන ඒ නිසා මොවුන් වැඩිහිටි වයසේ තුන් වේල කාලා හිටියත් අර මානසික දරිද්‍රතාවේ ශේෂයන් උඩට එනවා. ඔවුන් ගේ නිර්මාණ , සමාජ අගයන් දේශපාලනය කේඳ්‍ර වෙන්නේ මේ දරිද්‍රතාව වටා.ලතින් ඇමරිකාව බලන්න දුප්පත් නමුත් ඔවුන් තුල වින්දනාත්මක නර්තන ජීවිතයක් තියනවා.
Saturday, November 15, 2025
වින්දනාත්මක ජීවිතය වෙනුවට අත්තකිලමතානු යෝගය හඹා යාම
1971 දී වෝල්ට් ඩිස්නි ෆ්ලොරීඩා වල Disney World එක හදනවා. Led Zeppelin සංගීත කණ්ඩායම "Stairway to Heaven"සිංදුව නිකුත් කරනවා. United Artists Fiddler on the Roof සංගීතාත්මක චිත්‍රපටය ඉදිරිපත් කරනවා. ලංකාවේ තාරූන්‍ය ආයුද අතට ගෙන මිනී මරා ගන්නවා. 1983 ජෝජ් ලූකස් ගේ ස්ටාර් වෝස් චිත්‍රපටය එනවා. මයිකල් ජැකසන් Billie Jean ගායනා කරනවා. ලයනල් රිචී All Night Long ගීතය එලි දක්වනවා. ලංකාවේ මිනිස්සු ජාතිවාදී කෝලහලයක් අවුලුවලා ප්‍රභාකරන්ට 30 අවුරුදු යුද්දයකට උපස්තරය සකසලා දෙනවා. 1988 ලෝකයා එඩී මර්ෆි ගේ Coming to America බලලා හිනා වෙනවා. ලෝකයේ අන් රට වල තරුනයෝ ජෝජ් මයිකල් ගේ Faith, ඒ වගේම Guns N' Roses' "Sweet Child o' Mine,", Rick Astley' ගේ "Never Gonna Give You Up අසමින් වින්දනය ලබනවා . ලංකාවේ තාරූන්‍ය නන්දා මාලිනී ගේ පවන අහලා ආයුද අතට අරගෙන මිනී මරා ගන්නවා. මල මිනී ටයර් මත පුච්චනවා, මල කඳන් ගංගා වල පා කර යවනවා කබරයන්ට කන්න.
අපේ පොදු චින්තනයේ යම් අවුලක් තියනවද ?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments