අපිට දෙමල භාෂා විභාගයක් තිබ්බා ; මේක වයිවා එකක්. ඒ කාලේ මම මිනිපේ MOH . දෙමල දන්න කෙනෙක් ඒ පලාතේ නෑ. අන්තිමේදී හසලක මහජන බැංකුවේ මැනේජර් මා මිත්‍ර Mr. නියංගොඩ බැංකුවේ මුස්ලිම් සෙකුරිටි කෙනෙක් හොයලා දුන්නා දෙමල දන්න. මම මෙයාගෙන් දෙමල අහ ගන්නවා රෝගියාට කතා කරන විදිහ ගැන.
ඉස්සෙල්ලම කිව්වා රෝගියා එනකොට කටිලීල් සායවුම් කියන්න කියලා ( ඒ කියන්නේ ඉඳගන්න කියන එක වෙන්න ඕනේ ) මෙහෙම වචන ඉගන ගෙන ඒකාලේ උඩදුම්බර MOH, Dr ශ්‍රීමාල් පෙරේරා මගෙන් දෙමල කුප්පිය දා ගන්නවා. මම ශ්‍රීමාල්ට කිව්වා ලෙඩා ආවම කටිලීල් සායවුම් කියන්න කියලා. ප්‍ර්‍රිමාල් ඒ වචනේ මුමුනලා කියනවා
" කුණුහරපයක් වගේ නේද ? කියලා.
මෙහෙම දෙමල ටිකක් ඉගන ගත්තා. ඉන් පස්සේ නාරි හා ප්‍රසව විශේසඥ වෛද්‍ය අජිත් සේමසිංහ මහතාගේ SHO Gyn & Obs විදිහට මීගමුව රෝහලට ගියා. දෙමල තරුන කාන්තාවක් ආවා . මට දැන ගන්න ඕනේ ලමයි කී දෙනෙක් ඉන්නවද කියලා . මම දෙමලෙන් ඇහුවා " එත්තන පුරුස ? කියලා. දෙමල කාන්තාව අමුතු විදියට මම දිහා බැලුවා. මම ආයෙත් " එත්තන පුරුස ? කියලා ඇහුවා . කාන්තාව නෝ රිප්ලයි.
මා අසල මිඩ් වයිෆ් කෙනෙක් හිටියා දෙමල දන්න " එයා දෙමලෙන් විස්තර ඇහුවා. ඊට පස්සේ උත්තර ටික ට්‍රාන්ස්ලේට් කරපු නිසා මම ලේසියන් හිස්ට්‍රි ගත්තා.
ලෙඩා ඉවතට ගිය විට මිඩ් වයිෆ් මට කිව්වා "Dr. එත්තන පුරුස ? කියන්නේ මිනිස්සු කී දෙනෙක් ඉන්නවද කියන එක ? අහන්න ඕනේ එත්තන පුල්ල කියලා , ඒ කියන්නේ ලමයි කී දෙනෙක් ඉන්නවද කියන එක.
අර කාන්තාව මට කුඩෙන් ගහපු නැති එකට ප්‍රණාමය.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments