1976 නොවැම්බර් මස 11 වන පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සරසවි සිසුන්, මණ්ඩාපධිපති මහාචාර්‍ය පී. ඩබ්ලිව්. විතානගේ මහතාව ඔහුගේ කාර්‍යාලයේ සිර කර ගෙන සිටි අතර පොලිසිය විසින් ඔවුන්ව විසුරුවා හැරීම සඳහා 1976 නොවැම්බර් 12 දින වෙඩි තබන ලදි. මෙහිදී රෝහණ වීරසූරියට වෙඩි වැදී ඔහු මිය ගියේය. මෙම උද්ඝෝෂණ වලට රෝහණ වීරසූරිය සහභාගී නොවූ බවත් අහඹු ලෙස ඔහුට වෙඩි පහරක් වැදුනු බවටද මතයක් තිබේ. මෙම මතය නිශ්ප්‍රභ කරන පිරිස් පොලිසිය විසින් සිතා මතා වීරසූරියට වෙඩි තැබූ බව කියති. පොලිසිය විසින් සෙනෙට් සභාව දෙසට දිව එන ශිෂ්‍යයන් හට සිදුකළ වෙඩි තැබූ අතර එම නිසා රෝහන වීරසූරිය සිසුවා එතනම මිය ගිය බවටද තොරතුරු තිබේ.
කුරුණෑගල උහුමිය ප්‍රදේශයේ ඉතා දිළිඳු ගොවි පවුලකින් පේරාදෙනිය සරසවියට පැමිණි වීරසූරිය ගේ මරණයත් සමග පාසල් වල සහ විශ්ව විද්‍යාල වල සිසු උද්ඝෝෂණ පටන් ගැනුනි. සිසුන් ගේ කෝපය එක්ක වූයේ අග්‍රාමාත්‍ය සිරිමාවෝට සහ අධ්‍යාපන අමාත්‍ය බදුර්දීන් මොහොමඩ් වෙතටය. මෙම උද්ඝෝෂණ වර්ගවාදී මුහුණුවරක් ගත් අතර කොලඹ කිංසි පාරේ වෛද්‍ය පීඨයේ (මුස්ලිම් තොප්පියක් සහිත ) මුස්ලිම් ජාතිකයෙකු නිරූපනය කල සුදු පැහැති විශාල ප්‍රමාණයේ පඹයෙකු වෛද්‍ය පීඨයේ ඉහල මාලයක සිට මහා මාර්ගයට මීටර් 10 පමණ උසකින් එල්ලා තිබුනේය. පඹයාගේ පිටේ "තම්බියා එල්ලව්" කියා ලියා තිබුනේය. එසේම බොහෝ ස්ථාන වල " සිංහලයෙක් නැති නිසාද තම්බියෙකුට අධ්‍යාපන ඇමතිකම දුන්නේ " යන වර්ගවාදී වැකි මෙන්ම පෝස්ටර් ද දැක ගත හැකි විය. මෙම මරණයට අධ්‍යාපන අමාත්‍ය බදුර්දීන් මොහොමඩ් කිසිදු සබඳතාවක් නොතිබුනද වර්ගවාදය ඔහු කෙරෙහි එල්ල වීම අධ්‍යනය කල යුතු කරුණකි.
වීරසූරිය සරසවි ශිෂ්‍ය ඝාතනය පිළිබඳව සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී විමලරත්නගේ ප්‍රධානත්වයෙන් කොමිසමක්ද පත් කෙරුනි.
1994 වසරේ මා මාතලේ මූලික රෝහලේ සේවය කරන විට මගේ රෝගියෙකු වූ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයෙක් මට අපූරු කතාවක් කීවේය. පේරාදෙනියේ වීරසූරිය ශිෂ්‍යයා මිය ගිය අවස්ථාවේ ඔහුද අනෙකුත් පොලිස් නිලධාරීන් සමග පේරාදෙනිය විශ්ව විද්‍යාල භූමියේ සිටි බවය. මෙම නිලධාරියාගේ නම අළුවිහාරේ බව මතකය ඔහු එවකට කොස්තාපල්වරයෙකි. මෙම පොලිස් කොස්තාපල්වරයා කියූ පරිදි වීරසූරියට වෙඩි තබන ලද්දේ මාතලේ මූලස්ථාන පෙලිස් පරීක්‍ෂක රොනී ගුණසිංහයි. මෙම කතාවේ සත්‍ය අසත්‍යතාව මම නොදනිමි. මට මේ කතාව කියූ විශ්‍රාමික පොලිස් කොස්තාපල්වරයාද වර්තමානයේ ජීවතුන් අතර නැත.
එහෙත් මේ වෙඩි තැබීම ගැන වරක් මාධ්‍යවේදියෙකු පොලිස් පරීක්‍ෂක රොනී ගුණසිංහ ගෙන් විමසූ ඔහු මෙසේ කියා තිබේ. “මම යනකොට දවස් දෙකක් රාළහාමිලා එකම යුනිෆෝම් ඇඳගෙන හිටියේ. ඩියුටි මාරු වෙන්න විදියක් නැහැ. ඔවුන්ට කන්නත් නැහැ. තිබුණේ වතුර විතරයි. ඉහළ නිලධාරීන් බලා සිටියා පමණයි. අපේ කිසි කෙනෙක් තීරණ ගන්නේ නැහැ. විශ්ව විද්‍යාලය ඇතුලේ නිසා බයෙන් හිටියේ. හිස් පරිසරයට ‘ඕපන් ෆයර්‘ කරලා මොකද වෙන්නේ කියලා බලන්න මම තීරණයක් ගත්තා. මම එහෙම කළේ පොලීසිය පැත්තෙන් කල්පනා කරලා. පොලිසියේ ඉන්නේත් මිනිස්සු. මේ කියන වෙලාවේ සමහර සිසුන් ශාලාවල නිදි. එළියට ඇවිත් නැහැ. අපේ ඇක්‍ෂන් එකට සිසුන්ගෙන් ලැබෙන රිඇක්‍ෂන් අධ්‍යයනය කරන්න මම බලා පොරොත්තු වුනා. ඒත් ඒ සාධාරණ ක්‍රියාව අවාසනාවන්ත විදියට කනපිට හැරුණා" ( මූලාශ්‍රය - පොල් වික්කා, වීරසූරිය, රොනී ගුණසිංහ, පබා, කොණ්ඩයා, ලහිරු සහ සසිනි සංදීපනී සමග සරසවි විප්පලවාදය – චඳ්‍රගුප්තයන්ගේ සටහන)
රූපවාහිනි නිවේදකයකු වූ රිචඩ් ද සොයිසාව 1990 පෙබරවාරි 18 දා රාත්‍රියේ පැහැරගෙන ගොස් මරා දමන්නේ කොළඹ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ බවටද මතයක් තිබේ. රිචඩ් සොයිසාගේ මව මනෝරානි සරවනමුත්තු මහත්මිය තම පුතා පැහැරගෙන පුද්ගලයා ලෙස පොලිස් අධිකාරි රොනී ගුණසිංහව හඳුනා ගනු ලැබුවාය. මේ හැර රෝහණ විජේවීරට වෙඩි තබන ලද්දේ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ බවත් පැවසේ. කෙසේ නමුත් 1991 මැයි 1 දා ආමර් වීදියේදී කොටි බෝම්බකරු බාබුගේ බෝම්බයට පොලිස් අධිකාරි රොනී ගුණසිංහ බිළිවිය.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments