Friday, November 14, 2025

ස්පිරිචුවල් ඉන්වෙස්මන්ට් සහ දත් ගැලවීම




ගුස්ටාව් ප්ලෝබෙයාර්ගේ  මදාම් බොවාරි පොතේ එක් ස්ථානයක මෙහෙම සඳහනක් තියනවා; වසර 25 එකම ගොවිපලක වැඩ කරපු නූගත් මහළු කාන්තාවකට රන් වැඩ දාපු පදක්කමක් උත්සවයකදී දෙනවා. එය අතට ගත් මැහැල්ල මෙහෙම කියනවා " මම මේක පාදිලි උන්නාන්සේට දීලා කියනවා මම වෙනුවෙන් යාඥා කරන්න කියලා. .......................  මගේ ඥාතියෙක් ඉන්නවා මාතලේ. ඔහුගේ මවට සේවය කිරීම සඳහා නිතරම ඔහුගේ නිවසට ආ මහළු දුප්පත් කාන්තාවක් ආවා. මේ වයෝවෘධ කාන්තාවගේ ඇස් පෙනීම දුර්වලයි. කණ්නාඩියක් ගන්න රුපියල් 10, 000 විතර යනවා. මගේ ඤාතියා එම මුදල අර වයෝවෘධ දුප්පත් කාන්තාවට දුන්නා. සති කීපයක් ගියා මේ කාන්තාව කණ්නාඩි අරගෙන නෑ. අසීරුවෙන් යන්නේ එන්නේ ඇස් පෙනීම දුර්වල නිසා. බලන කොට  වෙලා තිබෙන්නේ මෙයයි. පෝයට බණ අහන්න ගියාම හාමුදුරුවෝ කියලා ඔක්කොම ඉදිරියේ  මල් ආසනයක් හදන්න ඕනේ කියලා . මේ කාන්තාව අර රුපියල් 10, 000  පූජා කරලා. හාමුදුරුවෝ කියලා මේ පිනෙන් දිව්‍ය සැප සම්පත් පහල වෙනවා කියලා........... මේ කතා අහන කොට අපිට පේනවා දුප්පත් නූගත් මිනිසුන්ව ආගමික සංස්ථා විසින් එක්ස්ප්ලොයිට් කරන ආකාරය​. පූජකයෝ විසින් තමනුත් නොදන්නා පරලොවක් ගැන කියමින් මිනිසුන්ව  ස්පිරිචුවල් ඉන්වෙස්මන්ට් වලට යොමු කරවනවා. ............................ ජයින බුද්ධාගමේ බමුණන් විසින් ගොතා බුද්ධාගමට එබ්බූ කතාවක තියනවා එක් දුප්පත් දෙමහල්ලෝ භික්‍ෂුවකට දානයක් දෙන්න මුදල් නැති නිසා තම කුඩා ලමයාව යොමු කරවනවා නයෙකු ඉන්න තුඹසකට අත දම්මවන්න​. එවිට නයා ලමයාගේ අතට දෂ්ඨ කරනවා. ලමයා මිය ගිය පසු ගම් වැසියන්  අවමංගල්‍ය උත්සවයට ආහාර පාන ගේනවා. මේ දෙමහල්ලෝ ඒ ආහාර පාන වලින් භික්‍ෂුවට දානයක් දෙනවා. ........................ දානයේ අනුසස් කියන බිහිසුණු නැරටිව් එකක්. ළමයෙකු ඝාතනය කරවලා දානයක් දෙනවා. 911 ඉස්ලාම් ත්‍රස්තවාදීන් ගේ මෙන්ටැලිටි එකට ටිකක් සමාන්තරව යනවා වගේ දැනෙනවා නේද ?  ......................... ජයින බුද්ධාගමේ බමුණන් විසින් ගොතපු  කතා අහන ග්‍රාමීය දුප්පත් සහ අඩු අධ්‍යාපනයක් ලත් පීඩිතයා කනේ කරාඹු දෙක උනත් දීලා දානයක් දෙනවා ස්පිරිචුවල් ඉන්වෙස්ට්මන්ට් එකට. 


No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook