අමරදේව නියෝජනය කලේ ශ්‍රී ලාංකික ගැමියා ගේ වොයිස් එක
සුනිල් ශාන්ත නියෝජනය කලේ ශ්‍රී ලාංකික කිතුනු ගැමියාගේ වොයිස් එක
වික්ට රත්නායක නියෝජනය කලේ ශ්‍රී ලාංකික අර්ධ නාගරිකයාගේ වොයිස් එක
රූකාන්ත නියෝජනය කලේ ශ්‍රී ලාංකික නාගරිකයාගේ වොයිස් එක
මේක ඉන්ටනැෂනල් ලෙවල් එකෙන් හිතන්න
ජෝන් ලෙනන් නියෝජනය කලේ පශ්චාත් 2 ලෝක යුද්ධ සහ යුද්ධ ඇති කල වැඩිහිටියන් කෙරෙහි කෝපය විතැන් කල බටහිර යුරෝපීයා ගේ වොයිස් එක
බොබ් මාලි නියෝජනය කලේ යටත් විජිත කළු පීඩිතයගේ වොයිස් එක
මාවින් ගේ නියෝජනය කලේ 1960 ගනන් වල වර්ගවාදයේ පීඩාවට ලක් වූ කලු ඇමරිකානුවන් ගේ වොයිස් එක
ජොනී කෑෂ් නියෝජනය කලේ ඇමරිකාවේ දකුනේ උදාරම් වාර්ගිකයන් ගේ වොයිස් එක
ෆ්‍රෑන්ක් සිනාත්‍රා නියෝජන කලේ ගේමක් ගසා ධනය උපදවා ගෙන ඒ ධනය සුඛ විහරනයට වියදම් කරන සුදු ඇමරිකාවුවාගේ වොයිස් එක
එල්විස් නියෝජනය කලේ 1960-70 ගනන් වල අධි පරිභෝජනවාදී ඇමරිකානුවාගේ වොයිස් එක
බොබ් ඩිලන් නියෝජනය කලේ ඇමරිකානු රෙඩ් නෙක්ස්ලාගේ අසාධාරනයට ලක් වූ වොයිස් එක
බැරී ගිබ් නියෝජනය කලේ සඟවා ගත් LGBT ආශයන් එක්ක ජීවත් වූ යුරෝපීය/ උතුරු ඇමරිකානුවන් ගේ වොයිස් එක
ලයනල් රිචී නියෝජනය කරන්නේ ඉහල මධ්‍යම පාන්තික සුදු ජාතිකයන් සමග සහයෝගිතාවෙන් ජීවත් විය යුතු බව සිතන කළු ඇමරිකානුවාගේ වොයිස් එක
ලෙයනාඩ් කොහෙන් නියෝජනය කරන්නේ හොලොකෝස්ට් එකට අසුවී දිවි බේරාගෙන යලි දෙපයින් නැගී සිටි සහ බලවත් වූ යුදෙව්වාගේ වොයිස් එක
ෆෙඩී මර්කරි නියෝජනය කලේ වෙස්ටනයිස් වූ සහ සුදු ජාතිකයාගෙන් සමතැන් ඉල්ලන ඉන්දියානුවාගේ ( ආසියාතිකයා ගේ) වොයිස් එක
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments