Saturday, November 1, 2025

වෙස්සන්තර ඉෆෙක්ට් එක



වෙස්සන්තර යනු අතීතයේ හිටපු සත්‍ය චරිතයක් ද මනංකල්පිත චරිතයක් ද දෙන්නේ නෑ. කෙසේ නමුත් බුදුන් අධි මානුෂික කිරීමට ජාතක කතා කරුවා වෙස්සන්තර නැරටිව් එක ගේනවා. වෙස්සන්තර යනු දානපතියෙක් ද   ? හුදු ආත්මාර්ථකාමියෙක් ද ? සිංහල බෞද්ධ විඤාණයේ තියනවා වෙස්සන්තර සංකල්පය. මනෝ විද්‍යාත්මකව ඇනලයිස් කරන කොට වෙස්සන්තර තියන්නේ තමන් ගේ අභිමතාර්තයන් පමණක් සැලකූ ආත්මාර්ථකාමි විපරීත චරිතයක්. ඔහු රාජ්‍යයේ මුදල් වස්තුව දන් දෙනවා. රට වැසියන් එපා කියද්දා රටට සමෘද්ධිය ගෙන ආ හස්ථියා (මේක සිම්බොලිකලි ගන්න , මේ හස්ථියා කියන්නේ රාජ්‍යට ධන සම්පත් ගෙනා ප්‍රභවයක්) දන් දෙනවා. රට වැසියන් ආර්ථික ආගාධයකට යන එක ඔහු සංවේදී නෑ. තමන් ගේ ලමයි දෙදෙනා ජාලිය කෘෂ්ණ ජිනා සලකන්නේ තමන් ගේ භෞතික දේපළ ලෙස. කුඩා ළමුන් දෙදෙනා ජූතක නම් ළමා අපයෝජකයාට දන් දෙනවා. කුඩා ළමුන් දෙදෙනාගේ මානසික අවශ්‍යතා ඔවුන් ගේ සුරක්‍ෂිතභාවය ගැන වෙස්සන්තර සංවේදී නෑ. මේ නැරටිව් එකේ සැර බාල කරන්න ජාතක කතා කරුවා ළමුන් දෙදෙනා ඔවුන් ගේ සීයා විසින් රෙස්කිව් කර ගන්නවා කියා ලියනවා. ළමයි රෙස්කිවු උනේ නැතිනම් ළමා අපයෝජකයා ඔවුන්ව කැමති විධියට අපයෝජනය කරනවා. තම ජාතක කතා කරුවා ඩැමේජ් කන්ට්‍රෝල් කතන්තර ලියනවා ජාලිය හා කෘෂ්ණ ජිනා ළමා අපයෝජකයාගෙන් බේරා ගත් අයුරු ගැන. ඔහු ලියන්නේ නෑ ජූතකයා ළමයි දෙන්නා ගෙදර ගෙන ගියා නම් වන සන්තෑසිය. බිරිඳත් ඔහුට භෞතික වස්තුවක්. හරියට මැදපෙරදිග සුල්තාන් කෙනෙක් ගේ අන්තංපුරයේ ඉන්න කාන්තාවක් වගේ. ඔහු බිරිඳත් දන් දෙනවා. වෙස්සන්තර කියන්නේ ග්‍රස්තීය යොමුවක් නිසා තමන් විශ්වාස කරපු ( මනංකල්පිත හෝ මනංකල්පිත නොවන) විශ්වාස පද්දතියක් වෙනුවෙන් දිග හල ඊයක් මෙන් ක්‍රියා කල පුද්ගලයෙක්. ඔහු තුල දයාව අනුකම්පාව වෙනුවට තිබ්බේ ආත්මාර්ථය. ස්වාර්ථය වෙනුවෙන් අසංවේදීව ක්‍රියා කරපු චරිතයක් තමයි වෙස්සන්තර. Emotional anesthesia / emotional numbing ඔහු තුලින් දැක ගන්න පුලුවන්. බෝධිසත්ව කොන්සෙප්ට් එකට extreme ලෙවල් එකකට ලියපු කතාවක් තමයි වෙස්සන්තර ජාතකය. ඒ වගේම   extreme   ලෙවල් එකකට ලියපු කතාවක් තමයි බෝධිසත්වයන් පැටව් බේර ගන්න බඩගිනි වූ කොටි දෙනට බිලි වීම. මේක human sacrifice උත්කර්ශයට පත් කරපු එඬේර යුගයේ කතාවක්. බයිබලයේ පළමු ගිවිසුමේ තිබෙන බිහිසුණු කතා වගේ බෞද්ධ සාහිත්‍යයෙත් ඒ වගේ බිහිසුණු කතා හමු වෙනවා.  සිංහල බෞද්ධ විඤාණය වෙස්සන්තර කතාව  ග්‍රහනය කර ගන්නවා. ඒ නිසා කන්න දෙන්න හැකියාවක් නැත්නම් ළමයි පන්සලට දන් දෙනවා. හතර වරිගයක් නිවන් දකින්න කියලා ළමයි පන්සලට (ලොකු සාදුට) දන් දෙනවා. ළමයා ලොකු සාදු අතින් කායිකව , ලිංගිකව , මානසිකව අපයෝජනය​ වීම ගැන  සිංහල බෞද්ධ ගැමි මනස සංවේදී නෑ. හේතුව වෙස්සන්තර ඉෆෙක්ට් එක . 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook