Saturday, September 9, 2017

ළමයෙකු ඝාතනය කල පොලිස් නිලධාරී රොෂාන් ද සිල්වා




රොෂාන් ද සිල්වා - කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි වූ අතර ඔහු නාලන්දා විද්‍යාලයේ සිසුවෙකු විය​. නීති විරෝධී ඝාතන කිරීම නිසා රොෂාන් අද ඉන්නේ සිර ගෙදරය​. පහත දැක්වෙන්නේ ඔහු විසින් කල ඝාතනයක් ගැන දිවයින පුවත් පතේ පළවූ ලිපියකි. 

http://www.divaina.com/2015/06/21/editorial.html

1989 භීෂණ සමයේදී හොරණ පොකුණුවිටදී 16 හැවිරිදි පාසල් සිසුවකු ඝාතනය කර ටයර් දමා පිළිස්‌සීම සම්බන්ධයෙන් වසර 23 ක්‌ තිස්‌සේ අසන ලද නඩුවකින් වරදකරුවූ පොලිසියේ තුන්දෙනකු හිරේ යවන ලදැයි දැනගන්නට තිබේ. මෙකී තුන්දෙනාගෙන් පළමුවැන්නා වූ රොෂාන් ද සිල්වා සිද්ධිය වන අවස්‌ථාවේදී ඉංගිරිය පොලිසියේ ස්‌ථානාධිපතිව සිටි අතර මෙකල කොළඹ අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ (C‍ID) අධ්‍යක්‍ෂතුමා ය. සෙසු දෙදෙනා පාසල් සිසුවා මරන කාලයේදී රාළහාමිලා දෙදෙනකුව සිට සැරයන් මහත්වරු ලෙස විශ්‍රාම ලබා සිටිති.මේ අනුව ඔවුන් විශ්‍රාම හාන්සි පුටුවේ සිට හිරගෙදරට ගොස්‌ සිය විශ්‍රාම කාලයේ ඉතිරි හරිය හිරගෙදර ගත කරනවා ඇත. C‍ID ලොක්‌කා වූරොෂාන් ද සිල්වාට නම් පොලිස්‌ කෝට්‌ - බෝට්‌ පිටින්ම හිරගෙදර ගේට්‌ටුවෙන් ඇතුළු විය හැකිය. ඉහත සඳහන් අපරාධකරුවන් තිදෙනා විසින් පාසල් සිසුවා ඝාතනය කරනු ලැබ ඇත්තේ ඉංගිරියේ කැලෑබද ස්‌ථානයකදී සඟවා ඇති ආයුධ පෙන්වීමට ගොස්‌ය. එකල රොෂාන් ද සිල්වාගේ වයස අවුරුදු 21 කි. ඝාතනය කෙරුණු දරුවාට වඩා වසර 05 ක්‌ ඔහු වැඩිමහළු විය. මැරූ දරුවා අද ජීවතුන් අතර සිටියේ නම් වයස 39 කි. රාළහාමි ද, සාජන් ද, ඕ. අයි. සී. ද, පොලිස්‌ අධිකාරි ද යනාදී වශයෙන් තරාතිරම නොබලා අපරාධකරුවන් එල්ලිය යුතු මෙවැනි කාලයක එල්ලුම්ගස නැති වීම මහත්ම අභාග්‍යයක්‌ බව අපගේ වැටහීමය. පැෂන්කාරයා වේවා, වැඩ කරන මිනිහා වේවා, නිකමා වේවා, හිරේ ගියවිට මද කලෙකින් හිර ජීවිතයට පුරුදු වන්නේය. රොෂාන් ද සිල්වාසහ සාජන්ලා දෙදෙනාද ඉතා ටික කලෙකින් හිරජීවිතයට පුරුදු වනවා ඇත. ඔවුන්ට ලැබී ඇති දඬුවම් කාලය අට අවුරුද්දකි. එය එහෙ බලා මෙහෙ බලන විට ගෙවී යන තරම් කෙටි කාලයකි.  

මවක්‌ හා පියෙක්‌ අවුරුදු 16 ක කාලයක්‌ සිය දරුවා උස්‌ මහත් කරන්නේ අපමණ දුක්‌ කරදර මැද්දේය. ලංකාව වැනි රටක දරුවකු ලොකු කර ගැනීම ම ඉමහත් දුෂ්කර කර්තව්‍යයකි. ආර්ථික අමාරුකම්, ඉස්‌කෝලේ ප්‍රශ්න, අට අනූවක්‌ රෝග, නව අනූවක්‌ ව්‍යාධි, දෙසිය තිහක්‌ අන්තරා යනාදිය මගහැර ළමයකු ලොකු කර ගත් විට ඔහු පැහැරගෙන ගොස්‌ ඝාතනය කිරීමට පොලිස්‌ මිනීමරුවන්ට ඉඩදිය හැකිද? ඉඩ දුන්නත් නොදුන්නත් 1988 - 89-90 අවුරුදුවලදී එයම සිදු විය. නව යොවුන් පාසල් දරු දැරියන් දහස්‌ ගණනක්‌ පැහැරගෙන ගොස්‌ දරුණු වධ දී ඇතැම් විට දූෂණය කර මරා දමන ලද්දේ ඒ වකවානුවේදීය. මෙයට වසර කිහිපයකට පෙර අඟුලාන පොලිසියේ සී. අයි. ලෙස සේවය කළ මිනීමරුවෙක්‌ කනිටු පොලිස්‌ සාමාජිකයන් දෙදෙනකු සමග එක්‌ව තරුණයන් දෙදෙනකු වෙඩි තබා මැරූ හැටි මතකද? මරන්නට පළමු සිගරට්‌ කොටවලින් සිරුර පුළුස්‌සා මේ දරුවන්ට දස වධ දී තිබිණි. ඒ ඕ. අයි. සී. අදටත් හිරේ ය. හිරේදී සිදුකළ සැත්කමකින් ඔහුගේ පාදයක්‌ ද ඉවත් කරන ලදි. සොබාදහම තරම් හොඳ අළුගෝසුවෙක්‌ තවත් නැත. හොරණ පාසල් ශිෂ්‍යයා මැරීම පිළිබඳ නඩු තීන්දුවට එරෙහිව අපරාධකරුවන් ඇපෑලක්‌ ඉදිරිපත් කරන්නේද යන්න අපි නොදනිමු. ඇපෑලෙන් ඔවුන් ජයගෙන යළි නිදහස්‌ පුද්ගලයන් බවට පත් වන්නේ ද යන්නත් අපි නොදනිමු. කෙසේ වුවද අවසන් ඵලයේදී තල වපුරා අමු ලබාගත නොහැක. තල වැපිරූ විට ලැබෙන්නේ තල මය. බුද්ධ වචනයට අනුව තමා කළ දේ තමා පසුපස එන්නේ ගොනා පසුපස රිය ඇදී එන ලෙසය.

9 comments:

  1. http://www.english.gossiplankanews.com/2015/06/son-identified-from-scar-on-burning-leg_19.html?m=1

    ReplyDelete
  2. මේක ටික කලකට ඉස්සර දුන් නඩු තීන්දුවක් නේද. මටමතකයි නඩු තීන්දුව පත්තෙරේ ගියා. බත් අරන් ආපු අම්මට ලමය කිව්වලු රතු කුරුසෙනුත් බලන්න ආව මරන්නෙ නැති වෙයි කියල. ඒත් මැරුව. ඔය නඩුව ඔය මට්ටමටවත් ආපු එකත් ලොකු ජයක්. යමක් කමක් කරන්න පුලුවන් දෙමවුපියො වෙන්න ඇති. දහස් ගනනකින් එකක් ඔය. අනෙක් දෙමවුපියන්ට මේ අය එක්ක හැප්පෙන්න බැරුව නිකම් හිටිය.


    ඔය සිදුවීම වෙනකොට රටේ කලබල අඩුයි. ඇඹිලිපිටියෙ සිදුවීමටත් ජාත්‍යාන්තර බලපෑම නිසයි සිර දඩුවම් වත් ලැබුනෙ. ඔවුන්ටත් මිනීමැරුම් චෝදනා එල්ල වුනේ නෑ.

    නිළ ඇදුම් ඇදගත් පුද්ගලයන් ට අවස්ථාව ආවම හැසිරෙන විදිය අති භයානකයි. ටිකක් පෝර පාරක් දාල ඔවුන් එක්ක කතා කරල බලන්න ඕන ආකල්ප දැනගන්න. ඔවුන් කියන දේවලට ඇග හිරිවැටෙනව. ඕනම කෙනෙක් මරන්න බලය තියන බවයි පොඩිම යුනිෆෝම් කාරයත් කියන්නෙ. තැබෑරුම් වල පුරපාසරම් නිමක් නෑ අරහෙම කෙරුව මෙහෙම කෙරුව කියල.

    යුනිෆෝම්කාරයන් නීතියට යටත් බව ඔවුන්ට අවබෝධ කර දීම වැදගත්. මනම්පේරි සිද්ධිය විතරයියම් තරමකට හෝ දැනෙන දඩුවමක් ලැබුනෙ. එතනදිත් මරන දඩුවම ලැබුනෙ නෑ නේද.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔය එක සිද්දියක් විතරයි. හමුදා සොල්දාදුවන් විසින් භීෂණ සමයේ අහිංසක පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අමු අමුවේ ටයර් සෑයවල් වල යැවුවා. ඒවගේම තරුණ තරුණියන් මරු කටට යැවූ විජේවීර නමැති ගොන් මිනීමරුවා ගැන තවත් වදන් අවශ්‍ය නැත.

    ReplyDelete
  5. dr. adatah DIG thamathuru wala inna dsamahra nladareen ude nagitala mulinma karanne sira karuwanta pahara dena eka. mata nam washayen kiyanna puluwani.
    nagitala awith policiya mada thibene kanuwakta manchu dama bandinawa in pasuwa polu walin pahara denawa.

    me samagama thawath daruwek mara damma . jayawardhana teracher ge putha.


    oya mara damu daruwath mamath ewakata eka wayase. ap dedena eka sira madiraka sitiya. ohuge piyath police niladariyek.

    mea karannata ewakata raja pooana anubalaya dunna.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook