වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි යනු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය පිලිබඳ ප්‍රමුඛයෙකි. දක්‍ෂ සන්නිවේදකයෙකි. සෞඛ්‍ය අධ්‍යාපනය අළලා ඔහු විසින් ලිපි සහ පොත් රැසක් ලියා තිබේ. පහත ලිපියෙන් වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මානසික රෝගී පුනරුත්ථාපනය අපට මඟ හැරී ගිය අයුරු සාධක සහිතව පෙන්වා දෙයි
වෛද්‍ය විද්‍යාව ගෙත්තමක් නම් එහි පටන් ගැන්මේ සිට දැක්වෙන පැරණිම සිත්තමක් වන්නේ මානසික වෛද්‍ය විද්‍යාවය. ලොව මුලින්ම හඳුනා ගත් රෝග අතර මානසික රෝගද පැවති වග සටහන් කරන්නේ වෛද්‍ය විද්‍යා ඉතිහාසයය.
ලෙඩවීමේ ගණන් මිණුම් කාලයෙන් කාලයට ලෝකයට පෙන්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනයට අනුව මානසිකව රෝගී වූ පිරිස මිලියන 450 හෙවත් කෝටි 45කි. මනස නිසසල නොවූ මේ පිරිසෙන් ලකෂ සියයක්, දෙසියයක් එක් වසරකදී සිය ජිවිතයම නිසල කර ගැනීමට උත්සාහ ගන්නා බවද, එවැනි උත්සාහයන් සඵල වීමෙන් ඉන් දස ලකෂයක් ප්‍රියයන්ටද, අප්‍රියයන්ටද සමු දී මෙලොව හැර යන බවද අදාල සංඛ්‍යා ලේඛන වලට අනුව සඳහන්ය.
මනස සසල වූ ඇත්තන්ගේ එවැනි හැර යාමකට ඇති ඉඩ කඩ දුරලීම, අතීතයටද වලංගු වූ වර්තමානයටද, අනාගතයටද වලංගු වන සමාජ වගකීමකි. එවැනි වගකීම් පසෙක ලා දිවිහැර යාමට නොව දිවි මගෙහි තවදුර යාමට කැමැති මානසික රෝගීන්ද තලා පෙලා දියෙහිලා නැසෙන්නට හැරීමේ අමුතු හා උමතු නව ක්‍රමවේදයන්් අද රටට පමණක් නොව ලෝකයටම පෙන්වන්නේ නොමිනිස්කම්ය. වෙදකමින්ද, හෙදකමින්ද සුවපත් කොට පුනරුත්ථාපනය හරහා මානසික රෝගීන් සමාජගත කිරීම සිදු විය යුතු බව හැම තැනකදීම, හැම දිනකදීම, පුනරුච්චාරණය වන දේය. එවැනි සමාජගත කිරීමකදී වෙසෙස් වන්නේ පවුලකින්, සමාජයකින් කෙදිනකවත් හිස් නොවිය යුතු උස් මිනිස්කම්ය.
2006 වාර්ෂික සෞඛ්‍ය දත්ත සටහනට අනුව අපේ රට වැසියන් ලකෂයකින් 211 ක් මානසික හා චර්යාත්මක අපිළිවෙලින් :ඵැබඒක ්බා ඊැය්ඩසදමර්ක ෘසිදාැරි - පෙළෙන්නන්ය. වසරේ රෝහල්ගත වීමට අදාළ රෝග ලැයිස්තුවේ පහළොස් වන අංකයෙහි එවැනි රෝගීන් ස්ථානගතව ඇත්තේ 41,985ක සංඛ්‍යවකට හිමිකම් ඇතිවය. මේ සංඛ්‍යාවෙහි පිරිමි ප්‍රතිශතය 57.1% ක් වන විට කාන්තා ප්‍රතිශතය ලියැවෙන්නේ 42.9%ක් හැටියටය. 2006දී අපේ රෝහල් වල රෝගීව සැතපෙන්නට ඇති ඇඳන් 67,024ක එකතුවකින් 1012ක් වෙන්වී ඇත්තේ මානසික රෝගීන් සඳහාය.
මේ වාර්තා සටහනට එක්ව ඇති එක් මන බඳින දත්තයක අගය සටහන් වන්නේ ලකෂයකට බිංදුවක් හැටියටය. 2009 සිට බිංදුවේ පවතින මේ අගයෙන් කියැවෙන්නේ මානසික රෝගීන් ලකෂයක සංඛ්‍යවක් ගැන සැලකීමේදී වුවද රෝගය නිසා මරණයට පත් වූ කිසිවකු නොමැති බවය. 2009 අවසාන කාර්තුවට ආසන්නව සිය දහසකගේ දෙනෙත් අබියස තලා පෙලා දියෙහි ගිල්වා දැමීමෙන් සිදුවූ මරණයෙන්ද මේ මරණය වෙනස් වන්නට ඉඩක් නැත. එවැනි මරණයක් බැරවන්නේ මානසික රෝගී ගිණමුට නොව, මොළය කොලොප්පම් වූ සමාජයක පරිහානි ගිණුමටය.
මනස ලෙඩ වූ පමණින් සමාජයෙන් කොන්වීමේ ඉඩ කඩ අද කාලයේ නොතිබිය යුතු වන්නේ, ඖෂධ හෝ චර්යාත්මක ප්‍රතිකාර විධි මදි පාඩුවකින් තොරව සියලූ ආකාරයේ මානසික රෝගයනට යෙදිය හැකි වන හෙයිනි. එවැනි ප්‍රතිකාර විධි නොපැවති අතීතයේදී මෙවැනි රෝගීන් සමාජයෙන් කොන් වූ බවද ඇත්තය. ඒ සඳහා බලපැවැත් වූ ප්‍රධාන සාධකය වන්නේ, මනස ලෙඩ වීම ගුප්ත බලවේගයන්හි වැඩක් ලෙස එදවස සැළකීමය. එබඳු තත්වයකින් වෙනස් වීමක් ගැන වගතුග ඉතිහාසයට එක්වන්නේ සය වන සියවසේදීය. ඒ, එවැනි රෝගීන් සඳහා ප්‍රතිකාර සැපයීමට ඉතාලියේ මවුන්ට් කැසිනෝහිද, ප්‍රංශයේ පැරිස් නුවරද රෝහල්, පිහිටුවීමත් සමඟය. එලෙස වූ ඇරඹුමින් පසුව දහනව වන සියවස වන විට මානසික රෝගීන් සඳහා වන රෝහල්, සායන සේවා ලොව ප්‍රචලිත වීමද, නව ප්‍රතිකාර විධි හා නව ඖෂධ භාවිතා වීමද සිදුවන්නේ සියල්ලන්ගේ සුවසෙත, යහපත පිණිසය.
මානසික රෝග ප්‍රතිකාරයේදී වැදගත් වන්නේ, වෙනස් වූ මනසද, පුද්ගලයාද නිදොස් කොට හැඩ ගස්වා සමාජගත කිරීමය. එක් වදනකට මේ සියල්ල කැටි වන්නේ පුනරුත්ථාපනය හැටියටය. එවැනි පුනරුත්ථාපනයකට අද අපේ රටේ මානසික සෞඛ්‍ය ආයතන තුළ ඇති ඉඩ සීමිතය. නගරබද රෝහල් වාට්ටුවක රෝගියා කොටු කොට ඖෂධ ප්‍රතිකාරයෙන්ද, සුළු හැඩගැස්වීමකින්ද පමණක් මට්ටු කොට නිවෙසට මුදාහැරීම එතරම් සුබදායක වන්නේද නැත.
1967-1968 සෞඛ්‍ය සේවා අධ්‍යකෂකගේ පාලන වාර්තාවක මෙලෙස සටහන් වන්නේ, පුනරුත්ථාපනයට සුදුසු පසුබිමක් එදවස ක්‍රියාත්මක වූ එක් මානසික රෝහලක් පිළිබඳවය.
—පැලවත්තේදී විශේෂ පුනරුත්ථාපන යෝජනා ක්‍රමය සඳහන් කළ යුතු තරමේ ප්‍රගතියක් පෙන්වීය. සමාලෝචනයට භාජනව ඇති කාලය තුළදී වී අක්කර 25ක් සම්පූර්ණයෙන්ම වගා කරන ලදී. මේ වී විකිණිමෙන් රුපියල් 3831 ක් ලබා ගත්තේය. උස්බිම් අක්කර 4 ක එළවළු වගා කළ අතර එයින් ලද අස්වැන්න ප්‍රමාණය සම්පූර්ණයෙන්ම සතුටුදායක විය. මේ පුනරුත්ථාපන කටයුතු වලදී ගොවිකම් දෙපාර්තමේන්තෙ= ව් නිලධාරීන්ගේ කාර්මික ආධාරය දිගින් දිගටම ලැබුණි. සමහර රෝගීන් වඩු කර්මාන්තයෙහි පුහුණු කරවිණි. ඔවුන් විසින් තනන ලද ලී බඩු සාධාරණ වශයෙන් බලන කළ හොඳ තත්වයක පවතින බැව් කිව හැක. පාවිච්චියට නොගත හැකිව තිබුණු ලී බඩු,
දොරවල්, සහ ජනෙල් යනාදියද ඔවුන් අලූත් වැඩියා කළහ. අලාභ හානි වූ බිත්ති, බිම් කාණු සහ හුණූ ගෑම්, යනාදී වශයෙන් රෝහල් ගොඩනැගිලි වල නඩත්තු සහ අළුත්වැඩියාවන් ඔවුන් අතින් කෙරිණි. රෝහල් භූමිය තුළ ඔවුහු නව පාරවල්ද කැපූහ.
දීර්ඝ කාලයක සිට නතර වී සිටින මානසික රෝගීන් පුනරුත්ථාපනයේදී කෘෂිකර්මාන්තයේ ඇති වටිනාකම තක්සේරු කරනු සඳහා තුන් අවුරුදු පර්යේෂණ යෝජනා ක්‍රමයක් පැලවත්ත රෝහලේ දැනට සකස් කරමින් තිබේ.˜
වැස්සෙන් තෙතමනයෙන්ද, හරිත වර්ණයෙන් ඉහළට විහිදුණු ගහකොළින්ද හැඩගැසුණු නැගෙනහිර පස්දුන් කෝරළයේ අගලවත්ත මැතිවරණ කොට්ඨාශයේ, පැලවත්ත මානසික රෝහල එවැනි පුනරුත්ථාපනයකට එලෙස ඉඩ සැළසු ආයතනයය. මෙලෙස පැවසෙන සියලූ තතු විත්ති, එදා මේ ගම්මානයේ කුඩාවුන් ලෙස සිටි අප ඇසින්ද, සිතින්ද දුටු ඇත්තය.
අක්කර සිය ගණනක, හිතටද, ගතටද සුවදායී පරිසරයක විහිදුනු රෝහල් භූමිය මනස ලෙඩ වූ ඇත්තන් කොටු කර තබන පැත්තක් වූයේ නැත. ඖෂධ ප්‍රතිකාරයද, සමාජීයව සිදුවන ප්‍රතකිාරයද නිසි අනුපාතයට එහි සිදුවූ ආකාරය අපට මතකය. රෝහල නිවසක් ලෙස සලකා එහි සියලූ වැඩ කටයුතු වල යෙදෙන නිවැසියන් ලෙසද, කුඹුර, ගොවිපළ සිය උරුමයන් ලෙස සලකා ගතද වෙහෙසා සිතද සනසා ගන්නා ගොවියන් ලෙසද සතුටින් වෙසෙන්නට මේ තාවකාලික රැඳවියන්ට හැකි විය. ගමේ ඔබ මොබ ඇවිද යන්නටත්, ගම්මුන් හා සුහදව පසු වන්නටත් රෝගීව සිටි ඇතැමුන්ට හැකි වූයේ, මනස හොඳ හැටි පිළිසකර වීමත් සමඟය.
පළාතේ හොඳම අවුරුදු උත්සවයට ඉඩ කඩ සැපයූවේද මේ මානසික රෝහල් භූමියය. මානසික රෝහලේ ඇත්තන්ගේ සිංහල අලූත් අවුරුදු උත්සවයට වැඩිහිටියන්ද සමඟ රොක්වීම, බක් මාසයේ දී අපට හුරුවූ එක් වැදගත්ම කාර්යයකි. මෙබඳු අවස්ථාවන් උපයෝගී වූයේද ගමේ වැසියන් හා රෝහලේ නිවැසියන් අතර පැවතුණු සබැඳියාවන් තව තවත් සවිමත් වන්නටය.
මානසික රෝගීන්ගේ මෙවැනි පුනරුත්ථාපනයකට, සමාජගත වීමකට ඉඩ සකසන්නට අපේ රටේ පැවති එකම ආයතනය පැලවත්ත මානසික රෝහලය. එලෙස සමාජගත වනු වෙනුවට එහි රැඳී සිටි සියලූ නේවාසකි යින්ට නගරබදව පිහිටි අංගොඩ හා මුල්ලේරියාව මානසික රෝහල්හි නේවාසිකයින්ද සමඟ වාට්ටුවේ කොටු වන්නට සිදුවන්නේ, හැත්තෑවේ දශකයේ මුල් භාගයේදීය. පුනරුත්ථාපනය මානසික රෝගී ප්‍රතිකාරයෙන් ඉවත් වන්නට හෝ දුරස් වන්නට ඉඩ සැලසූ මේ සිදුවීමට මග හෙළි වන්නේ මැතිවරණ ජයග්‍රහණයකින් පසු තවත් පිරිසකට රැකියා සැපයීමේ අරමුණකට අනුවය.
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා එවකට අගලවත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාය. ලංකා සම සමාජ පකෂයේ ඉහළ පෙළ නායකයකුව සිටි එතුමා හැත්තෑවේ සමගි පෙරමුණු රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකි. වේදිකාවේදී හෙමින් පටන් ගෙන ටිකෙන් ටික වේගවත් වන ඔහුගේ හරබර කතා අපට තවමත් මතකය. අක්කර සිය ගණනක පැලවතත් මානසික රෝහල් භූමිය මල්ඛෙරි වගා බිමක් බවට පත්වූයේද සිය මැතිවරණ ජයග්‍රහණය උදෙසා එක්වූ ඡන්දදායකයින්ගේ රැකියා අපේකෂාවන් ඉටුකරලීමට ඔහු ගත් එක් පියවරක් හැටියටය.
එලෙස මානසික රෝගී පුනරුත්ථාපනය, සේද කර්මාන්තයක් බවට පරිවර්තනය වූ නමුදු එයද සාර්ථක ව්‍යාපෘතියක් වූයේ නැත. විනාශයට පත් රෝහල් ගොඩනැගිලි තවත් කාලයකදී පිළිසකර වූයේ ත්‍රස්තවාදී සැකකරුවන් සඳහා රැඳවුම් කඳවුරු වන්නටය. අද වන විට එහි පවතින්නේ හමුදා පුහුණු කඳවුරකි.
දශක හතරකට පෙර සිදුවූ මේ වැරැද්දෙන් අගතියට පත්වූයේ, මෙරට මානසික රෝගීන්ගේ පුනරුත්ථාපනයය. ඖෂධ ප්‍රතිකාරයෙන්, මග පෙන්වීමෙන් හැඩ ගස්වන රෝගීවූ මනස යළි නිසියාකාරයෙන් සමාජගත කිරීමේ ක්‍රියාදාමයේදී එවැනි පුනරුත්ථාපනයක් අත්‍යවශ්‍යය.
වාට්ටුවේ සති කිහිපයක් කොටු වී සිට, ඛෙහෙත් පෙත්තක් දෙකක් ගිල දැමීමෙන් තැන්පත් කර ගන්නා මනසින් නිවෙසට පැමිණි පමණින් සියළු ප්‍රශ්න දූරීභූත නොවන්නට ඉඩ ඇත. එහෙයින්ම යළි යළිත් මතුවිය හැකි මානසික පීඩනය විටෙක එළි පහළියට පැමිණ ගලකින් දෙකකින් චුත කර හරින්නට දැරෙන උත්සාහයක් අස්වාභාවික වන්නේද නැත. සිදුවෙමින් පවතින සියල්ලෙන් අද හැඟවෙන්නේ, සුවය ලබන මානසික රෝගීන් නිසි පුනරුත්ථාපනය හරහා නිවැරදිව සමාජගත කිරීමේ අවශ්‍යතාවයය. එවැන්නක් පිළිබඳව වගකිව යුත්තන් සැලකිලිමත් වන තෙක් මෙවැන්නන් කොන් නොකොට, සිය විවිධ කාර්යයන්හදීි ළංකර ගැනීම සමාජයේ යුතුකමය.
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි
මානසික රෝගීන් මරා දමන සමාජයක් කරා අප ගමන් කරමින් සිටින්නෙමු . මේ 2009 වසරේදී මානසික රෝගී තරුණයෙකු ගිල්වා මැරූ විටදී මා ලියූ ලිපියකි.
ReplyDeletehttps://www.slguardian.org/2009/11/this-is-what-we-have-become/