Friday, August 11, 2017

යාපනය පුස්තකාලයට ගිනි තැබූ පුද්ගලයෙකුගේ පාපොච්චාරණය

 




යාපනය පුස්තකාලයට ගිනි තිබූ පුද්ගලයෙකු විසින් මට හෙළි කල කතාව මා ලියන්නේ වසර ගනනකට පසුවය​. එහෙත් මෙම සිදුවීම ගැන පුද්ගල සඳහනක් නොකොට 2002 වසරේදී මා විසින් මාගේ ප්‍රභාකරන් සාධකය පිලිබඳව මනෝ විද්‍යාත්මක විශලේෂණයක් කෘතියට අඩංගු කලෙමි. 

මේ පුද්ගලයා මට හමු වන්නේ 1994 වසරේදී මා මාතලේ රෝහලේ සේවය කල කාලයේදීය​. ඔහු මාගේ (අර්ධ) රෝගියෙකි. අර්ධ රෝගියෙකු යැයි කියන්නේ මම ඔහුට සහමුලින්ම ප්‍රතිකාර කොට නැති නිසාය​. එහෙත් ඔහුගේ කායික රෝග තත්වයන් හිදී මම යම් යම් වෛද්‍ය උපදේශ මෙන්ම සාම්පල් ඖෂධ නොමිලේ දීම නිසා ඔහු මා සමග හිතවත් විය​. මා මේ කියන්නේ මේ පුද්ගලයා විසින් මට කියන ලද කතාවයි. එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිගමනය පාඨකයා සතුය​.  (විශ‍්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඞ්වඞ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කරන ලද ‘බුද්ධි වාර්තාවට’ අනුව, යාපනේ පුස්තකාලය ගිනි තැබීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාවකි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ ඊට සිංහලයන් සම්බන්ධ බව පෙන්වා ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අනුකම්පාව දිනා ගැනීමය) 

ඔහුගේ රැකියාව මම නොකියමි. ඒ මන්ද යත් එය  මතභේධයන්ට  තුඩු දෙන්නටත් ඊලාම්වාදීන් විසින් මේ කරුණ ඔවුන් ගේ ප්‍රචාරක උපක්‍රමයන්ටත් භාවිතා කල හැකි නිසාය​. කෙසේ නමුත් මෙම සිදුවීම වන විට ඔහු සිටින්නේ උතුරේය​. 

පොත් ලක්‍ෂයකට අධික  සංඛ්‍යාවක් තිබුණු ආසියාවේ තිබුණු විශාලතම පුස්තකාලයන්ගෙන් එකක්  වූ  යාපනය පුස්තකාලයට ගිනි තබන්නේ  1981 මැයි 31 දිනයේදීය​. මේ වන විට යාපනය සංවර්ධන සභා ඡන්ද  පැවතුන අතර කොලඹින් ගොස් සිටි මැරයන් යාපනයේ කලබල ඇති කරමින් සිටියහ​.  මෙම සිදුවීම ජනවාර්ගික අර්බුදයේ හැරවුම් ලක්‍ෂයක් වූයේය​. 

යාපනය පුස්තකාලයට ගිනි තබන්නේ යාපනයේ ද්‍රවිඩයන් ගේ අභිමානයට පහර දීම සඳහා බව ඔහු කියයි. මෙයට සමහර දේශපාලකයන් ද අනුමැතිය දී තිබුනහ​. එය සාධාරනීකරණය කිරීම සඳහා කොටි ත්‍රස්තවාදීන් පුස්තකාලයේ හමුවී පහරදීම් සැලසුම් කරන බවත් මේ නිසා ඔවුන් හමු වන ස්ථානය විනාශ කල යුතු බවත් කියන ලදි.  ඊට අමතරව දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අවසාන ප‍්‍රචාරක රැුලිය පැවති ස්ථානයේ රාජකාරී කටයුතුවල යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ත‍්‍රස්තවාදී කල්ලියක් විසින් ඝාතනය කිරීම නිසාද මේ පිරිස සිටියේ නොසන්සුන්වය.   

මේ පුද්ගලයා විසින් කියූ පරිදි ඔහු සමග සිටි පුද්ගල කණ්ඩායමක් විසින් මුලින්ම පෙට්‍රල් සහ වැලි පිරවූ අරක්කු බෝතලයකට පාන්කඩයක් ඔබා එම පාන්කඩය පත්තු කොට එය පුස්තකාලයට විසි කරන ලදි. මෙම බෝතලයේ හතරැස්ව කපන ලද රබර් සෙරෙප්පුවක කොටස්ද වූයෙන් ගින්න තදින් ඇවිලුනේය​. මේ අතර අයෙක් ගින්නක් ගින්නක් කියා කෑ ගැසුවේය​. ඒ සමගම කලින්ම සූදානම් වී සිටි පිරිසක් ගින්න නිවීමට වතුර විසි කරන්නාක් මෙන් පෙට්‍රල් හෝ භූමිතෙල් සහිත බාල්දි ගින්නට විසි කලෝය​. මේ නිසා ගින්න බුර බුරා පත්තු වන්නට විය​. 

පුස්තකාලයේ තිබුණු පොත් වලටද ගින්න අැවිලුනෙන් සුළු වේලාවක් තුලදී යාපනය  පුස්තකාලය දැවී යන්නට විය​. අඳුරු අහස රත් පැහැ ගැන්විනි. ගින්න විසින් ඉතා අධික උෂ්නත්වයක් ජනිත කල නිසා ගිනි තැබූවෝ මඳක් ඈතට ගොස් මේ දර්ශනය නරඹමින් ප්‍රීති ඝෝෂා කළහ​. ඒ අතරවාරයේ යාපනයේ දමිළ ජනතාව පුස්තකාලය අසලට විත් තම අධ්‍යාත්මය ගිනි ගන්නා අයුරු සහ ඒ නිසා අපරාධකරුවන් සතුටින් උදම් වන අයුරු දුටුවෝය​. අපගේ පාපෝච්චාරණය කරන්නා කියූ පරිදි මේ ගිනි තැබීමට සහභාගී වූ අයගෙන් සමහරෙකු අරක්කු බෝතල් අත තබාගෙන ඒවා බොමින් වාර්ගික වැකි කියූහ​. බමන   මතින් කොටි ත්‍රස්තවාදීන්ට අභියෝග කළහ​. පසුව පොලිසිය පැමිණ ඉතා මෘදු ලෙස ඔවුන්ව විසුරුවා හරින ලදි. 

ඉතා විරල අත් පිටපත් තිබුණු යාපනය පුස්තකාලය විනාශ කිරීම මහාචාර්‍ය දයා සෝමසුන්දරම් විසින් හඳුන්වන ලද්දේ කල්චරල් ජෙනසයිඩ් හෙවත් සංස්කෘතික සංහාරයක් ලෙසටය​. යාපනය පුස්තකාලය විනාශ කිරීමට හමුදා නිලධාරීන් ගෙන් සහයෝගයක් තිබුණා කියා මම නොසිතමි. ඒ මන්ද යත් හමුදා නිලධාරීන් වූ ජෙනරාල් වජිර විජේරත්න , කර්නල් වෛද්‍ය රංජන සෙනෙවිරත්න වැනි හමුදා නිලධාරීන් ද යාපනය පුස්තකාලයේ පාඨකයන් වී සිටි අතර ඔවුන් ද එය පරිශීලනය කලෝය​.  මේ අපරාධය සඳහා මැරයන් මෙහෙයවන ලද දේශපාලකයන් වග කිව යුතුය​. 

කෙසේ නමුත් යාපනය පුස්තකාලයට ගිනි තැබූ පුද්ගලයන් කණ්ඩායමේ සිටි ඔහු   පසුව ඒ ගැන තැවෙන්නට විය​. ඔහුගේ එකම දරුවාද වයස දහසය වීමට ප්‍රථම මිය ගියේය​. මේ නිසා ජීවිතය ගැන උකටලී වූ ඔහු මධු පානයට යොමු විය​.  ඔහුව​ මට අවසාන වරට හමු වන්නේ 1995 වසරේ අප්‍රේල් මාසයේදීය​. මේ වන විට ඔහු ජීවතුන් අතරද කියා මම නොදන්නෙමි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

28 comments:

  1. ලාංකික දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන් විසින් බිහිකර ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කෙරුණු ‍දෙයක්
    (යාපනය පුස්තකාලයත් ලන්දේසීනස්ගේ නිර්මාණයක් මේ දෙකේ සම්බන්ධයක් තිබේද?)
    එහි අරමුන සිංහලයන්ට මෙරට හිමි තැන අහිමි කිරීමයි.
    එසේම එය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ මුර බල්ලෙක්.

    මහාචාර්‍ය දයා සෝමසුන්දරම් මෙරට ප්‍රධාන සංස්කෘතිය ලෙස පිලිගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියද,
    නැතිනම් සිංහල දෙමළ සංස්කෘතීන් සමාන බවත්, ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය ඒ දෙකටම ඉහලින් පවතින බවත් පිලිගන්න කෙනෙක්ද?
    දයා සෝමසුන්දරම් වැනිවුන්ගේ පණ්ඩිත වාක්‍ය සලකා බැලීමට පෙර මෙම කර්ණ ගැන සිතිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔහු මනුෂත්වය පිලි ගන්න කෙනෙක්

      Delete
    2. jagath pathirana,

      1. /ලාංකික දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන් විසින් බිහිකර ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කෙරුණු ‍දෙයක්/
      බොහොම බැරෑරුම් කාරනාවක්. මෙවැනි දෙයක් සහසුද්දෙන්ම ප්‍රකාශ කරන්නටනම් ඔබ සතුව සාක්ෂි තිබේ යයි සිතමි.
      කරුණාකරලා ඔය කියන උප්පැන්න සහතිකේ සහ බෞතීස්ම සහතිකේ ඉස්කෑන් කොපියක්වත් තිබෙන තැනක් කියන්න.

      2/ එහි අරමුන සිංහලයන්ට මෙරට හිමි තැන අහිමි කිරීමයි.
      එසේම එය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ මුර බල්ලෙක්./
      පොඩ්ඩක් (පිළිගතහැකි) සේතු සාධක ඇතුව (නාථ ඉස්ටයිල් එකේ කතාබහ නොමැතිව) ඔය ඉහත කී දෙය නවසිය අසූ ගනන්වල පැවතුනු අන්දම පැහැදිලි කරනු ඇති සිතමි. සිංහලයන්ට මෙරට හිමි තැන අහිමි වූ හැටි, එය කොපමණක්ද, කොපමණ වේගයකින්ද යනාදී විස්තර. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය සහ ලාංකික දෙමළ ජාතිවාදය අතර ඇති සම්බන්ධය - මක් නිසාද යත් ඔබ කියන ලෙසට ලන්දේසීන් කෙලෙසද ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියට සම්බන්ධ උනේ. මා දන්නා තරමින් ඔවුන් එදත්, අදත් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගමිකයින්.

      3. මෙතනට මහාචාර්‍ය දයා සෝමසුන්දරම් සම්බන්ධ වුනු අයුරුත් මට දැනගන්නට සතුටුයි.

      Delete
    3. මහාචාර්‍ය දයා සෝමසුන්දරම් මේ පිලිබඳව ඔහුගේ පොතක (Scarred Minds) සඳහන් කරලා තියනවා

      Delete
    4. Ano- i was waiting until someone raise your questions :D

      Delete
    5. මෙව්වට උත්තර දෙන්න කම්මැලියි බොලව්.මෙව්වාට කෙටියෙන් උත්තර ලියන්න බෑ. නලින් ද සිල්වා මහත්තයාගේ ලිපි කියවහල්ලා.
      "වාසිතය" බ්ලොග් එක ලියන මිතිල සහෝදරයත් (ඌ ක්‍රිස්තියානි කාරයෙක් වෙලත්) ඔය ලන්දේසි සීන් එක ගැන ලිව්වා.

      1./ලාංකික දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන් විසින් බිහිකර ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කෙරුණු ‍දෙයක්/
      මෙයින් අදහස් වන්නේ මෙරට අද පවතින ආකාරයේ දෙමළ ජාතිවාදය ආරම්භ කලේ ලන්දේසීන්ගේ උවමනාවට බවයි.
      ඔවුන්ට අවශ්‍ය වුනේ ඊනියා පහතරට ප්‍රදේශයේ සමහර කොටස් කෙරෙහි සිංහලයේ රජුට ඇති අයිතිය අභියෝගයට ලක් කිරීමයි.

      ඉංග්‍රීසීන් මෙම දෙමළ ජාතිවාදයට නෛතික ආධිපත්‍යයක් ලබා දීමයි.

      2. ලන්දේසීන් ගෙන් පසුව දෙමළ ජාතිවාදය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ මුරබල්ලා වුනා. එයට ලන්දේසීන්ගේ සම්බන්ධයක් නෑ.
      පෘතුග්‍රීසීන් සිංහල මිනිස්සු මැරුවා, ලන්දේසීන් හා ඉංග්‍රීසින් මැරුවේ සිංහල ජාතිය. ලන්දේසි ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදීන් නිසා සිංහල ජාතිය (nation) සිංහල ජනවර්ගය (race) තත්වයට පහල වැටුනා.
      1815ට පසු මෙරට ප්‍රධාන සංස්කෘතිය වුනේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියයි. ප්‍රධාන බාශාව වුනේ ඉංග්‍රීසි. දෙමළ ජාතිවාදය කටයුතු කරන්නේ මෙම තත්වය පවත්වාගෙන යන්නයි.

      3.රුවන් එම් ජයතුංග මහත්මයා කැනඩාවේ ඇංග්ලිකන් සංස්කෘතික ආධිපත්‍යය පිලිගන්න කෙනෙක් ඒ විතරක් නෙමෙයි එය අව්ව වැස්ස වගේ ස්වභාවික දෙයක් ලෙස සිතන කෙනෙක්.
      නමුත් එයින් අදහස් වෙන්නේ නෑ ඔහු සුද්දන්ට වඳිනවා කියලා.
      ඒ වගේ දයා සෝම සුන්දරම් මහතා සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට ප්‍රධාන සංස්කෘතිය හැටියට පිලිගන්න කෙනෙක්ද? නැද්ද?
      ඒ මනුස්සයාටත් හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන්න පුළුවන්. ඉහත දැක්වූ කාරණය මත තමයි ඔහු ගේ අදහස් සැලකිල්ලට ගත යුත්තේ.
      සිංහල දෙමළ සංස්කෘති සමානයි කිව්ව ගමන්ම නිරායාසයෙන්ම සිදුවන්නේ ඇංග්ලිකන් සංස්කෘතිය ඒ දෙකටම ඉහල යෑම පමණයි.

      Delete
    6. අපහාස කිරීම් බොහොමයි ඉහලයි ඉක්මනට මකලා දාන්න අනික ඔහු ඔබට දොස්තර කියාවත් අමතා නැහැ නැහැදිච්ච කෙනෙක්

      Delete
    7. කොලුවෝ, මේවට උත්තර දෙන්න කම්මැලි නොවෙයි හේතුව මේවා බොරු චෝදනා, ඇත්තම කියනවනං හිතළු.
      ඔය නලින් ද සිල්වා හිතට එන එන දේ ලියන කෙනෙක්. උදාහරණයක් වශයෙන් ඩෙංගු හැදෙන්න හේතුව (ග්ලයිපොසෙට් හරි මොන කෙහෙම්මල හරි) ඔහුට නාථ දෙවියෝ කියුවාය කියා ලොකු ගොෂාවක් කළා මතකද.
      1. ඔය හේතුව දැනගත්ත කියල ලෙඩේ හොඳ වෙන්නේ නැහැනේ. ඇයි ප්‍රතිකාරය නොකීවේ.
      2. ඇයි නලින් සිල්වා ඒකට ප්‍රතිකාරය නො ඇසුවේ
      3. එතකොට වෙන කිසිම වැදගත් දෙයක් ගැන අහන්නට නලින් සිල්වාට බැරිඋනාද , එහෙමත් නැත්තන් දෙයියෝ (හීනෙන් හරි) දැකල බයටම චු ගියාද

      මේවයින් පෙනෙන්නේ නලින් ද සිල්වා කියන්නේ 'රටේ අන්කුරෙක්', ගල් ආඳේක් කියල මිසක් මොලේ කල්පනා කරලා වැඩ කරන කෙනෙක් කියා නොවේ.
      jagath pathirana කොල්ලෝ උඹටත් කිටන්න තියෙන්නේ එම ටිකම තමයි.

      Delete
  2. කවුරු පාපොච්චාරණය කරත් කුමන වරදකින් සිදුවුවත් එයින් වූ පාඩුව හා විනාශය සම කල හැක්කේ කාලිංග මාඝ පොලොන්නරුව විනාශ කළ ආකාරයටයි. ස්පොලොන්නරුව මාස 3 ක් ගතවනතුරු ගින්නෙන් දැවුණු බව වංශ කතා පවසයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණයෙන්ම එකඟයි

      Delete
  3. සමනල විප්ලවය නවකතාවේ මේ සිදුවීම ගැන සඳහනක් "තියේ".

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකක් නැද්ද

      Delete
  4. Dear Dr Jayatunga
    I totally condemn the vandalism by setting fire to the Jaffna Library, which was a treasure house of Knowledge.
    However, I wish to disclose some information which I personally witnessed through some photographs taken during the Peace treaty days by an State institution, how this building was used by LTTE ( which was active then) as a base to attack the SL army positions situated across the Road in taking shelter in this building and its premises . Those photographs showed a dense network of bunkers dug in the cemented Floor inside of this building, which was then totally under the control of the LTTE.
    They told me the LTTE carders after the street attacks with SL forces and positions etc, jump over the parapets wall and take shelter in this premises and disappear through those bunkers dug inside the building, and no civilians were allowed to give those information to the SL forces.
    ( I think then it was not available for any civilians to use as a library)

    ReplyDelete
    Replies
    1. Thank you for this valuable info

      Delete
    2. For any reason destroying a Library in my mind is a crime irrespective of who did this.
      Some of the destroyed books are the only copies in the world this knowledge is lost from human civilization.

      Delete
  5. දමිලයන් වේවා සිහලුන් වේවා මුසල්මානුවන් වේවා මේ සියල්ල අතරේ ජාති වාදීන් සිටිති. ඕස්ට්‍රේලියානුන් අතරද මේ තත්වය පවතී. එසේ වුවද රාජ්ය නායකත්වය පවසන්නේ " ඔබ ඕස්ට්‍රේලියාවේ වසන්නේ නම් ඔබ ඕස්ට්‍රේලියානුවකුව සිටිය යුතු බවයි. ඉන් අදහස් කරණු ලබන්නේ මෙරටින් එරටට සංක්‍රමනය වන සෑම සියළු දෙනා කිතු දහම වැළඳ ගැනීම නොවේ. එහෙත් ඔවුන් රට තුලට වද්දාගන්නේ ප්‍රශස්ථ මට්ටමේ ඉංග්‍රීසි දැනීමක් ඇත් දැයි සොයා බලා ෆිල්ටර් කාරලාය. මන්ද අදහන ආගම දහමට වඩා සංනිවේදන කටයුත්ත පරිසාධිත මට්ටමක පැවතීම රටක එකීය භාවය , අරක මේක සියල්ල සඳහා තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරණා බව ඔවුන් විශ්වාස කරණ නිසාය.
    මා බොහෝ අය සමග කථා බහේ දී තේරුම් ගිය දෙයක් වනුයේ එක් ජාතියක් අනෙක් ජාතිය සමග තිබෙන නුරුස්සනා ස්වභාවයට මූලිකවම හේතු වන කරුණ වන්නේ භාහිර ස්ව්භාවය හා භාෂාවය. මුසල්මානුවන් තම පාරම්පරික ඇඳුම , රැවුල , තොප්පිය , කාන්තාවන්ගේ කබාය වෙනස් කරන්නේ නම් ඔවුන් වෙත අන් ජාතීන් අතර තිබෙන නුරුස්සන භාවය බොහෝ ප්‍රථිශතයකින් අත් මිදීමට පුළුවන් වනු ඇත. එසේම දමිලයන් බහුතරයේ භෂාව කතාකරන්නේ නම් ඔවුන් වෙත සිහලුන් තුල තිබෙන අවුල බොහෝ සෙයින් දියාරු වනු ඇත. මේ කිසිදු දෙයක් මා ඔවුන්ට යෝජනා කරණ්නේවත් , එය සාධරනීය කරන්නේවත් නැත.
    ඒ සියල්ල ඔවුන්ගේ සංස්කෘතික අයිතීන් වන අතර මා එයට හිස නමා ගෞරව කරමි. නමුත් මෙයින් මා පෙන්නුම් කරණ්නට යන්නේ එක් ජාතියක් වෙත තවත් ජන ප්‍රජාවක් තුල තිබෙන බොහෝ අවුල් රඳා පවතින්නේ භාහිරව එක් කල හා පහසුවෙන් ඉවත් කල හැකි කරුණු මත බව හුවා දැක්වීමටය.
    ඉංගිරිසිය; සිහල අධ්යාපනයෙන් අතුගෑ යෑමත් සමගම ජාතීන් අතර තිබුනු සංනිවේදනය තවත් ගව් ගානක් ඈත්වී ගිය අතර අප සියල්ලෝම අඩු වැඩි වශයෙන් තමතමන්ගේ ජන්ම භාෂාව ප්‍රොමොට් කරණවා විනා අනෙකාගේ භාෂාවටවත් එය කතාකරණ ඌ ට වත ගරු නොකිරීමටත් නිගරු කිරීමටත් පටන් ගෙන ඇත. අපේ ගෙවල් පසු පස සෑම මොහොතකම "හච පච" හඬින් කෑගසන අහිංසක් කුරුල්ලා දෙමලිච්චා උනේ එහෙයින්ද? "උන්ගෙ තීරණත් තම්බිගෙ තොප්පිය වගේ ! හැරෙන හැරෙන පැත්තට !! කියන්නට අප පෙළඹී ඇත්තේ ඇයි?
    සෑම දිනෙකම දවසට තුන් හතර වතාවක් ඇහෙනා මුස්ලිම් පල්ලියේ ආගම කියැවිල්ල මහා අඬෝවැඩියාවක් , කංකරච්චලයක් වෙලාතියෙන්නෙත් මුස්ලිමුන්ට බෞද්ධයන්ගේ පිරිත් දේශනා මළකරච්චලයක් වී ඇත්තේත් මේ භාෂා අවුල නිසාමය. මෙහි ඇති සුපිරිම විහිළුව වන්නේ උන්ට උන් කියන දේවල් ද අපට අපේ උන් කියන දේවල්ද කියන දෙකම අපි අපිට වගේම එකෙකුටවත් නොතේරීමයි !
    මේනිසාමයි භාෂාවක් මෙන්ම , එය කෙන්ද්‍රණය වී ඇති පුස්ථකාල වැනි භෞතික වස්තූන් වලට අප ; අපගේ ආත්මීය වටිනාකමක් දිය යුත්තේ.

    ඒ නිසාමයි ගිනිගත් යාපනය පුස්ථකාලය වෙනුවෙන් පමනක් නොව සම්ස්ථ ශ්‍රී ලංකිකයින් වෙනුවෙන් පුස්ථකාල බිහි කලයුත්තේ ශත සහස්‍රයක්!

    ReplyDelete
  6. Destroying the library was a crime in deed. However this is portrait as a crime by Sinhala against Tamils, which is not. This and lot of other crimes in SL happened due to the dream of Eelam by Tamils. Tamil political leaders and militants are responsible for what happened to Tamils in general. This will happen even in village if next door neighbor tried grab 2/3 of your land saying they need a wide road (eventually someone irrational will kill the neighbor) This is what happened, Tamils created the problem and some Sinhala people reacted irrationally. Not all crimes against Tamils are political or organised, how do I know? I was a SF(Army) officer for 15 years and lot of my friends got killed. If only Tamil politicians did not create Eelam dream, lot more Sinahla and Tamils are alive today. It is so funny some pundits analyse this as Sinhala aggression against Tamils. We are 85% Tamils are 12%, even in the future, history can repeat itself (if Tamils are not careful) Non of the above are not politically correct, but the bitter truth.

    ReplyDelete
  7. Need more information about who did that.

    ReplyDelete
  8. https://www.youtube.com/watch?v=ACffbb2KPCA

    ReplyDelete
  9. Hi Ruwan,
    Many SriLankans don't have a proper knowledge on the background of the 1917 Russian revolution, as it celebrates its century this October would like an illustrative and good article from you on the event.
    I enjoy reading your articles ,as I like the style of writing particularly the sinhala .British have made an excellent documentary on the 100 year anniversary.This illustrates and discusses on the events which led to it and gives a wide angle view on the russian empire prior to the revolution.Its available in netflix.
    https://www.netflix.com/title/80158770
    Awaiting to read an article from you ,as many articles in sinhala are just translations but would like to read your view and some experience you had while studying there.
    Keep up your good work.
    H.A.Lal

    ReplyDelete
  10. මහාචාර්‍ය සෙනරත් පරණවිතානයන්ගේ අභාවයෙන් පසු එතුමන්ගේ පුද්ගලික පොත් එකතුවේ අවසාන නැවතුම වූයේත් යාපනය පුස්තකාලය බව අසා තිබෙනවා. ඒ කොළබදී පැවැති වෙන්දේසියෙන් ඉහලම ලංසුව ඉදිරිපත් කිරීමට යාපන පුස්තකාලය සමත් වීමෙන්...

    ReplyDelete
  11. සාකච්ඡාවට ලක් විය යුතු කරුණක් වන්නේ මෙවැනි ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන් වැදගත් පුස්තකාලයක් ගිනි තැබීමෙන් පසු ඒ පිළිබදව සිංහල බහුතරයක් දැක්වූ අාකල්පය කුමක් වූයේද යන්නයි. මගේ මතයට අනුව නම් බහුතරයක් දෙනා ඒම ගිනි තැබීම දෙමළුන්ට ඒරෙහිව කරන ලද හොද කටයුත්තක් ලෙසින් සළකා ඒය අනුමත කරන තත්වයේ සිටි බවයි. එවැනි මතයක් බිහි වෙන්නට එල් ටී ටී සංවිධානය විසින් දකුණේ කරන ලද ත්‍රස්ත ක්‍රියා දැඩි ලෙස බලපෑ බවද අවධාරනය කල යුතුය.

    "මේ පුද්ගලයා විසින් කියූ පරිදි ඔහු සමග සිටි පුද්ගල කණ්ඩායමක් විසින් මුලින්ම පෙට්‍රල් සහ වැලි පිරවූ අරක්කු බෝතලයකට පාන්කඩයක් ඔබා එම පාන්කඩය පත්තු කොට එය පුස්තකාලයට විසි කරන ලදි. මෙම බෝතලයේ හතරැස්ව කපන ලද රබර් සෙරෙප්පුවක කොටස්ද වූයෙන් ගින්න තදින් ඇවිලුනේය. මේ අතර අයෙක් ගින්නක් ගින්නක් කියා කෑ ගැසුවේය. ඒ සමගම කලින්ම සූදානම් වී සිටි පිරිසක් ගින්න නිවීමට වතුර විසි කරන්නාක් මෙන් පෙට්‍රල් හෝ භූමිතෙල් සහිත බාල්දි ගින්නට විසි කලෝය. මේ නිසා ගින්න බුර බුරා පත්තු වන්නට විය."

    ReplyDelete
    Replies
    1. නමුත් මේ ක්‍රියාව හෙලා දැක්ක සිංහලයන් මම නිරීක්‍ෂණය කලා

      Delete
    2. ඔබගේ කතාව පිළිගන්න අමාරුයි මිස්ට ලයනල් බෝපගේ. මගේ ජීවිත කාලය ඇතුළත මට කිසිම සිංහල පුද්ගලයෙක් හම්බෙලා නැහැ යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන සතුටු වෙන . හැමෝම වගේ කතා කරේ ඒක මහා අපරාධයක් හැටියට . අනිත් එක සමීක්ෂණයක් කරන්නෙ නැතුව අපිට කවදාවත් කියන්න බෑ කොපමණ ප්‍රතිශතයක් සිංහල මිනිස්සු ඒක අනුමත කළා ද නැද්ද කියන එක .ඒ වගේ හිතළු වලින් නිගමනයන්ට එළඹෙන්නට යෑම සාර්ථකද නැහැ .

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook