Sunday, August 6, 2017

තරුණ ජීවිතයක් වෙනස්කල ජොනී බට්ටා


මේ ජොනී බට්ටා හෙවත් පුද්ගල නාශක බිම් බෝම්බයකි. මෙය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් අඩු වියදමකින් යුතුව නිපදවන  ලද අතර එය නිපදවූ සාමාජිකයා වූ ජොනී (අන්වර්ථ නාමයකි) ගේ නම තබන  ලදි.  ජොනී බට්ටන් බොහෝ තරුණ සොල්දාදුවන් ගේ ජීවිත උදුරා ගත්තා පමණක් නොව ඔවුන්ව සදාකාලිකව ආබාධිත තත්වයටද පත් කලේය​. මේ ජොනී බට්ටෙකුට ගොදුරු වූ එක් සොල්දාදුවෙකුගේ කතාවකි. 
සාමාන්‍ය සෙබල BXV 26 උතුරේදී පුද්ගල නාශක බිම් බෝම්බයක ගොදුරක් බවට පත්ව දනිස්සෙන් පහල පාදය :BK Amputation කපාදැමීමක් සිදු කරන ලදී. ඔහුගේ පාදය වළලූකරෙන් වෙන්වී ගිය විට ඔහු දැඩි කම්පනයට පත්ව බොහෝ කල් එම සිද්ධිය පිළිබඳ ආවර්ජනය කරමින් සිටියේය. ඔහු මෙම අනතුරට පත්වූ පසුව ඔහුගේ ජිවිතය කඩා වැටුනි.   BXV 26 නම් මෙම සෙබළා සමග විවාහ වීමට සිටි තරුණියද ඔහුව අතහැරියාය. කෘත‍්‍රිම පාදයක් සමඟ ඔහුට ජීවිතයට හැඩගැසීමට නොහැකි විය. ඔහු වඩ වඩාත් හුදෙකලා වූ අතර, මිනිසුන් ආශ‍්‍රය කිරීමට නවතා දැමීය. ඔහුගේ ජීවිතය රෝද පුටුවකට සීමා විය.
පුනරුත්ථාපන චිකිත්සාව ඔහුට නිර්දේශ කරන ලද නමුදු සාමාන්‍ය සෙබළ BXV 26 ඊට කි‍්‍රයාකාරීව සහභාගි නොවීය. වතාවක් ඔහු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදි පිහිනුම් තටාකයට පැනීම සඳහා අසාර්ථක උත්සාහයක් ගත්තේය. මෙම සියදිවි නසා ගැනීමේ ප‍්‍රයත්නයෙන් පසුව, ඔහුව මනෝචිකිත්සක ප‍්‍රතිකාර වලට යොමු කරන ලද අතර ඔහුට සමායෝගී ආබාධයක් හෙවත් Adjustment Disorder තත්ත්වය ඇති බව තීරණය කරන ලදි. 
සෙබල ්‍BXV 26  ගේ චිකිත්සක කාර්ය සටහනේ ඖෂධීය ප‍්‍රතිකාර මෙන්ම උපදේශනයද තිබින. සති හයක ප‍්‍රතාකාර වලින් පසුව, ඔහුගේ දිවි නසා ගැනීමේ අදහස වෙනස් වී ඔහුගේ ආබාධිත තත්ත්වය පිළිගැනීමට ක‍්‍රමයෙන් පුරුදු විය. ඔහු තවදුරටත් මනෝචිකිත්සාවට භාජනය කල අතර මනෝචිකිත්සකවරයාගේ පරීක්‍ෂාව යටතේ පුනරුත්ථාපන වැඩසටහනකට භාජනය වීමට කැමැත්ත පල කළේය. ඔහු අත්කම්වලට අදාල වෘත්තියක් එනම් පාවහන් සෑදීමේ කම_ාන්තයක් තෝරා ගත් අතර සාර්ථක ලෙස එය නිම කළේය. වසර දෙකකට පසුව කල පසුවිපරමකදි, සාමාන්‍ය සෙබළ BXV 26  සංකූලතා වලින්   නිදහස්ව ඇති බව සොයාගන්නා ලදී.
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

11 comments:

  1. මම දන්න කෙනෙක්ගේ කකුල කපලා ඔහු මානසිකව වැටිලා ඉන්න වෙලාවක මම ඔහුට කියවන්න දුන්නා "සැබෑ මිනිසෙකුගේ කතාවක්" පොත. ඒකෙන් ඔහුගෙ ලොකු විපර්යාසයක් වෙලා ඔහු යථාර්තය පිළිගන්න පුරුදු වුනා...

    ReplyDelete
  2. අතවරආරච්චි ගැන දාපු කොමෙන්ට්ස් අයින් කරේ ඇයි ඩොක්ටර්? ඒ මිනිහාගේ වැඩ ගැන හැමෝම දැනුවත් කරන්න ඕනි. ඔබතුමාට උනත් කොච්චර මඩ ගහනවද එයා.

    ReplyDelete
    Replies
    1. අපට බුරන අයට ප්‍රතිචාර දක්වන්නට ගියහොත් අපට අපේ ගමන යන්නට ලැබෙන්නේ නැත

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  4. යුද්ධයේ අතුරු ප්‍රතිපලයක් ලෙස තරුණ ජීවිත දහස් ගණනක් අද ආබාධිත තත්වයේ පසුවෙනවා. ඔවුන්ගේ ප්‍රධාන නිවහන තමයි රාගම රණවිරු සෙවන. ආබාධිත තත්වයන්ට ප්‍රබල ලෙසම බලපෑ කරුණක් තමයි මේ ජොනී බට්ටෝ එය පෑගුනාම මුකුත් කරන්න බැහැ. ඒ වගේම කකුල තමයි අහිමි වෙන්නේ . ඉතින් මේ අය සාමන්‍ය ජීවිත ගතකරන අය බවට පත් කිරීම අප සියලු දෙනාගේ වගකීමක්.

    ReplyDelete
  5. යුධය උපරිමේට තිබුණු 2007 වසරේ මා හදුනන එක් ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් වරයෙක් සහ කණ්ඩායම ක්‍රියාන්විතයේ යෙදී සිටියදී එක් සෙබළෙක් ආවරණයක් සදහා විශාල ගසක් යටට ගිය වෙලාවක ජෝනිබට්ටේක්ට ගොදුරු වුණා. මොහුව ගන්න ගිය දෙවනියාටත් ඒ දේම සිද්ද වුණා, මා හදුනන කෝප්‍රල් වරයා තුන්වැනියා විදිහට ගියා තම සගයන් දෙදෙනා බේරගන්න. ඔහුටත් එම ඉරණමම අත්වුණා. දැන් මේ පළවෙනියා මෙතනට ගිය පාර කාටවත් මතක නැ. කොහොම හරි වාසනාවට එතන බට්ටෝ තුනකට වැඩිය තිබිලා තිබුනේ නැ. මට මතකයි කෝප්‍රල් තමුන්ගේ දුරකථනයෙන් වීඩියෝ කරලා තිබුණා තම සගයෙක් කෑලිවලට කැඩුන කකුල කපලා ඉවත්කරනවා. ඔවුන් තිදෙනාම ටිකක් සුව වුනාට පසු පනාගොඩ යුධ හමුදා රෝහලේ මස 7-8ක කාලයක් හිටියා. දැන් නම් ඔවුන්ට කෘතීම පදයක ආදරයෙන් ඇවිදින්න පුළුවන්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook