Wednesday, August 30, 2017

ප්‍රභාකරන් සාධකය පිලිබඳ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් (තෙවන මුද්‍රණය)



ප්‍රභාකරන් විමුක්තිකාමියෙකුයැයි නීර්නය කරන්නට තිබූ සියළුම ඉඩකඩ මේ පොතෙන් නිශේධනය වී ඇති බව (එය ඔබ විසින් උවමණාවෙන නොකලත් ...........) කිව යුතුය. ඉතාමත්ම කෙටියෙන් කිවහොත්, තම මානසික අසමතුලිතයන් [අවිඥාණික නිසග පෞරුෂ සාධකයන්] නිසා හටගන්නාවූ අභිලාශයන් මස්කප්‍රාප්තියට නoවාගැනීම සඳහා නැඹුරුවන පුද්ගලයෙකු තමන් ජීවත්වන සමාජය තුල පවතින පීඩාකාරී වාතාවරණයෙන් ප්‍රයෝජන ගෙන නිර්මාණය කල ගැටුමක් ලෙස හුවා දැක්වීමට හැකි තත්වයක් මේ පොතෙන් ගම්‍යවේ. මගේ නිගමණයන් උපස්ථම්භනය කිරීමට මේ පොතෙන් උපුටනයන් කිහිපයක් යොදාගන්නට කැමැත්තෙමි.

1.    ඔහු කුඩාකල සිටම සතුන් හිoසනයට පත්කොට සතුටුවූ අයෙකු බව සඳහන්වේ. එබැවින් ඔහු පරපීඩාකාමියකු ලෙස නිගමනය කිරීමට සාධාරණ හේතුවේ. එමෙන්ම ඔහු ස්වපීඩාකාමියෙකි. ඇතැම් දිනවල ඔහු මිරිස් ගෝනියක බැස අව්වේ සිට ඇත. තමන්ගේම නියපොතු තුලට අල්පෙනිත්ති වලින් විදගැනීමද කර ඇත.

2.    ඔහු ග්රස්තිය හෙවත් Obsessive Compulsive Disorder වැනි අසමතුලිතාවකින්ද පෙලෙන්නෙකු බව අනුමාන කිරීමට බොහෝදුරට ඉඩ ඇතිබවට ඉඟි කතුවරයා විසින් දක්වා ඇත. මෙය බොහෝ දාම ඝාථකයන් කෙරෙන් ගම්යවන ලක්ෂණයකි.

3.    මහාභාරත වීර කාව්යයෙන් ඔහුට තම සතුරන් මරාදැමීමේ ආශාව වැඩිවිය. ඔහු මහත් උනන්දුවෙන් එය කියවූ අතර එහි ඉගැන්වීම ප්රායෝගිකව තම යුද මෙහෙයුම් සඳහා යොදාගත්තේය.

4.    බටහිර චිත්රපටවල ක්ලින්ට් ඊස්ට්වුඩ් ඉනෙන් පිස්තෝලය ඇද ක්ෂණයකින් මිනිසෙකු වෙඩි තබා මරාදමන දර්ශණ ප්රභාගේ සිත්ගත් අතර ඒවායින් ඔහු මහත් සතුටක් විඳ ඇත.

කොටින්ම ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ සමාජ දේශපාලණික අසහනයන් තම පෞරුෂයෙහි පවතින කෲර ප්‍රචණ්ඩත්වය සසිඳුවාගැනීම පිණිස යොදාගත් අපරාධකරුවෙකු පමණක්ම බව මේ පොතෙන් ගම්‍යවේ.

විවිධ බලපෑම් කරනකොට තමන් තුල පවතින හින්නෝන්මාදී තත්වය නිසා ඇතිවන ආත්මවිශ්වාසයේ මඳකම නිසා හෙතෙම කිසිවෙකු සම තත්වයේලා සැළකීමට අකමැතිවිය. එක එල්ලේ ඔහුගේ මුහුණ දෙස බලා කතා කරන්නන් නොරිස්සූ ප්රභාකරන් එවැන්නන් සැලකූයේ, ඉදිරියේදී තමන්හට අභියෝගයක් වියහැක්කන් ලෙසිනි. එබැවින් තමන්ව භක්ත්යෝන්මාදයෙන් අදහන්නන් හැරුනුවිට සම තත්වයෙන් සoවාදයේ යෙදෙන්නන් සමග ගනුදෙනු කිරීමට හෙතෙම අසමත් විය. එබැවින් ඔහු කිසිවිටෙක ප්රජාතන්ත්රවාදයට නොගැලපෙන ෆැසිස්ට් ඒකාධිපතියෙකි. එවැන්න්නන් හට දේශපාලනයේ නම් කිසිදු ඉඩක් නැත්තේය.

[ප්රභාකරන් දක්‍ෂයන්ට  ඊර්ෂ්යා කල අතර ඉදිරියේදී හෝ තමන්ට තර්ජනයක් වියහැකි යයි සිතූ සියල්ලම මරාදැමීය. උමා මහේශ්වරන්ට ඊර්ෂ්යා කල ඔහු ලිoගික අපචාර චෝදනා එල්ලකර උමාව සoවිධානයෙන් ඉවත්කොට පසුව ඝාතනය කරවිය. තිලීපන්ගේ මරනයද උවමණාවෙන්ම ප්රභාකරන් විසින්ම සිදුවෙන්නට ඉඩහැරිය එකකි] ඔහු වඩාත් සමීපවූයේ ජනපදනමක් නැති පොට්ටු අම්මාන් වැනි භීෂකයන්ටය. කිසියම් ජනපදනමක් තිබූ මහත්තයා, රහීම්, කිට්ටු වැන්නන් කෙරෙහි අවිශ්වාසයෙන් සහ ඊර්ෂ්යාවෙන් පසුවීය.

ජනතාව දිනාගෙන ඔවුන්ව අරගලයට පෙළගස්වනවාට වඩා බලය යොදා කෙවිටෙන් ඔවුන්ව අවශ් පරිදි හසුරුවාගැනීම පිළිබඳව පමණක්ම ප්රභාකරන් විශ්වාසය තමා තිබුණු බව සහ එනිසාම ඔහු ෆැසිස්ට් ඒකාධිපතියෙකු වනවා විනා මතවාදී දේශපාලන නායකයෙකු නොවන බව මේ පොතෙන් පැහැදිළිව පෙන්වා ඇත.

"ජීවිතය යනු වටිනාකමක් නොමැති ප්‍රපoචයක් වනවිට මරණයට ඉහල වටිනාකමක් ලැබේ........." කිසිදු සමාජ පිළිගැනීමකට පාත්රවීම සඳහා හැකියාවක් නොමැති කමින් පහත් ආත්මාභිමානයක් තිබෙන්නවුන් වීරත්වය සඳහා ස්වයඝාතකයින් බවට පරිවර්ථනය කිරීමේ උපායමාර්ගය පිළිබඳව කදිම විස්තරයක් මෙහි අඩoගුය. එය සම්පූර්ණ සත්යයක් බවට මම පුද්ගලික අත්දැකීම් මගින් එකඟ වෙමි.


මේ පොත මගින් සිදුකෙරෙන විශාල සමාජ මෙහෙවරක් මම දකිමි. එය නම් ප්රභාකරන්ගේ අනින් දෙමල සමාජය තුල සිදුවූ බුද්ධිහරනය හෙවත් බුද්ධිමය සoවාදයකට තිබූ සියළු ඉඩකඩ අවුරා දැමීම මගින් දෙමල සමාජය ඉතාමත්ම භයානක නිර්වින්දනයකට සහ අකර්මණ්යත්වකට තල්ළුකර දැමීමයි. තම සැහැසිකම් ජාතික විමුක්තියේ නාමයෙන් සාධාරණීකරනය කිරීම හැරුනු විට වෙනත් කිසිදු විකල්පයක් පිළිබඳව අදහසක් හෝ ඉදිරිපත් කිරීම එමගින් වලක්වා තිබුණි. එය අතිශයින්ම පසුගාමී සර්වාධිකාරී (totalitarianism) තත්වයකි. මෙය දෙමල ජනතාවට සාර්ථකව පහදා දීමට හැකියාවක් තිබුණේ නම් එය එල්.ටී.ටී. සහ දෙමල ජනතාව අතර බිඳුමක් ඇතිකිරීමට උපායමාර්ගික මට්ටමේ මනෝවිඥ්ඥානාත්මය මෙහෙයුම් නිමිත්තක් [Psyops initiative] ලෙස මම දකිමි

ලුතිනන් කර්නල් චන්න කරුනාරත්න RSP

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook