කපිතාන් කුලරත්න යනු 71 කැරැල්ලෙන් බිහිවූ විශිෂ්ඨටම චරිතයයි. වික්ටර් අයිවන් කියන පරිදි 71 කැරැල්ලේ බොහෝ නොමඟ යාම් වැරදි තිබුනේය. ඒ නොමඟ යාම් වැරදි තුලින් ඉගෙන ගෙන විනාශ කිරීම වෙනුවට ගොඩනැගීම නිර්මාණය කිරීම සමාජයට දායාද කල කපිතාන් කුලරත්න සුපිරි චරිතයකි. ඔහු 71 කැරැල්ලට සම්බන්ධ වන්නේ තම සොහොයුරා හරහාය. ඒ නිසා සිර දඞුවම් විඳින ඔහු යලිත් සිරෙන් එලියට එන්නේ අළුත් මිනිසෙකු ලෙසටය. 2009 දී මාගේ 71 කැරැල්ල පොතට සම්ම්මුඛ සාකච්චාවක් ලබා දුන් කපිතාන් කුලරත්න සිර ගෙදර තමාට තක්සලාවක් වූ ආකාරය පෙන්වා දුන්නේය.
මේ ඔහු ඉනෝකා පෙරේරා බණ්ඩාර සමග කල සාකච්චාවයි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
සිය පාරක් වැටුණත් එකසිය එක් වැනි පාර නැඟිටින්නයි මට ඕනෑ - කපිතාන් M.G. කුලරත්න – සභාපති MAGA
Maga Engineering කොම්පැනිය හදපු M.G. කුලරත්න කොහොමද, කැප්ටන් කුලරත්න වුණේ…
1964 විශ්වවිද්‍යාලයෙන් පිට වෙච්චි ගමන් මම යුද හමුදාවට බැඳෙනවා. මගේ පළමු රස්සාවත්, අවුරුදු හතක් කරපු ඒ හමුදා රස්සාවමයි. ලෙෆ්ටිනන් කෙනෙක් හැටියට හමුදාවට ගිය මම, හමුදාවෙන් ඉවත් වෙන්නෙ කැප්ටන් කෙනෙක් හැටියට.
මොකක්ද Maga අර්ථය…
එක, මාහින්කන්ද ගම්ලද්දලාගේ… කියන, අපේ පවුලේ වාසගමෙන් Ma සහ Ga මුල් අකුරු එකතු කරලා හදපු නමක්. මොකද ව්‍යාපාරය මුලින් ම පටන් ගත්තෙ මායි මගේ අයියයි මල්ලියි එකතු වෙලා. පස්සෙ මගේ මිත්‍රයකුත් එකතු වුණා. අද මාගා කියන්නෙ විශාල කණ්ඩායමකගේ සාමූහික ප්‍රයත්නයක්. මමත් ඒ කණ්ඩායමේ එක් සාමාජිකයෙක්.
Maga තුළින් මේ රටේ කොයිතරම් ප්‍රමාණයකට ඔබ රස්සා හැදුවද…
මොරටුව සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවලින් බිහිවූ ඉංජිනේරුවන් 260 ක් අපේ කොම්පැනියෙ වැඩ කරනවා. සමස්තය ගත්තම 10,000 ක පිරිසක්.
Maga කියන්නෙ තාත්තගෙන් පුතාට යන පවුලේ ව්‍යාපාරයක්ද…
මම හිතන්නෙ වෙනස් විදියකට. ඉදිරියේදී සාමූහික කළමනාකාරිත්වය කියන දේ ලෝකෙ ඉදිරියට එන ප්‍රවණතාවක්. අපිටත් වඩා දැවැන්ත සමාගම් ලෝකෙ පවතින්නෙ ගමන් කරන්නේ මේ සංකල්පය ඔස්සේ. Maga ත් ඉදිරියේදී සාමූහික කළමනාකාරිත්වයක් සහිත එහෙම ව්‍යාපාරයක් වේවි.
ඒත් Maga හදපු ඔබට පුංචි දුකක්වත් නැද්ද එහෙම වෙනවට…
අයිතිකාරයො හිටියට වෙනම සාමූහික කළමනාකාරිත්වයෙන් සාර්ථකව පවතින සමාගම් ලෝකෙ ඕනෑ තරම් තිබෙනවා. මේකත් මම තනියෙන් හැදුවා නෙවෙයි. සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඉතින් ඔරොත්තු දෙමින්, නොනැසී පැවතීමට සහ සමාගම ඉදිරියට ගලා යෑමට (Endure and Prevail) ඇති හොඳම මඟ එයයි. මට එය සතුටක් මිස දුකක් නෙවෙයි.
ඔබටම ආවේණික, හිතන පතන විදිය කුමක්ද…
මගේ ජීවිතය පුරා තිබෙන සුබවාදීව සිතීමේ ගුණය, බෝවන රෝගයක් වගේ අනෙක් අයටත් බෝ කරන්නයි මං කැමැති. සිය පාරක් වැරැදුණත් එකසිය එක්වන පාර නැගිටින්නයි මට ඕනේ. ගෙවිච්චි ජීවිතය පුරා මං එහෙම අවස්ථා දහස් ගණනකට මුහුණ දීලා ඇති.
රටේ සංවර්ධනයට Maga කළ ලොකුම දායකත්වය කුමක්ද…
රටේ මුදල්වලින් අපි හරහා රටට කරන ව්‍යාපෘති, නිසියාකාරව කළොත් පමණයි එය සංවර්ධනයට සාධනීය ලෙස බලපාන්නේ. හදපු පාරවල් හැමදාම කැඩෙනවා නම් ඒ නාස්ති වෙන්නෙ රටේ මුදල්. මේ වෙනකොට අපි කිලෝමීටර් දහසකට වැඩිය පාරවල් හදා තිබෙනවා. ගොඩනැඟිලි හැරුණු කොට දැවැන්ත පාලම් විසි තිස් ගණනක් හදා තිබෙනවා. මේ හැම පාරක් පාලමක් උඩින් ම ගමන් කරන්නෙ රටේ සංවර්ධනය. ඒ තමයි අපි දැක්වූ ලොකුම දායකත්වය.
එතකොට රටේ ආර්ථිකය ඔබට බලපාන්නෙ කොහොමද…
හොඳ ආර්ථික සංවර්ධනයක් ඇති හැම වෙලාවකම ඉදිකිරීම් ක්ෂේත්‍රයට විශාල වාසි රැසක් ලැබෙනවා. ඒක මට වගේ ම ක්ෂේත්‍රයේ කාටත් අදාළයි. ඉදිරිය ගැනත් අපිට එහෙම හිතන්න පුළුවන්.
මොකක්ද ඔබේ Management Style එක…
සරලත්වය මුල් කරගත්තු, හැම දෙයක් ම විශ්ලේෂණය කර බැලීමට පුරුදු වූ ක්‍රමයක්. ඒ වගේ ම මේ ක්ෂේත්‍රය තුළ වේගයෙන් වැඩ කිරීම වැදගත්. හැම තනතුරක්ම ස්ථානගත වෙලා තිබුණට අවශ්‍ය වුණොත් මමත් වැඩේට බහිනවා. ‘Lead by Example…’ ආදර්ශයෙන් මෙහෙයවීමයි මගේ ක්‍රමය. හැබැයි ඒකෙන් කියන්නෑ මං හැමදේටම ඇඟිලි ගහන කෙනෙක් කියලා.
එතකොට Business Style එක…
මේක විශ්වාසය මුල් කරගත් ගනුදෙනුවක්. නියමිත වෙලාවට ඉහළම ප්‍රමිතියට වැඩේ නිම කොට බාරදීම කළයුතුයි කියන තැන ඉඳන් අපේ ධාරිතාව, මානව සම්පත්, මූල්‍ය කළමනාකරණය, උපකරණ සහ සම්පත් වැඩි කිරීම ආදී හුඟක් පැති කළමනාකරණය කරනවා. ඒ වගේ ම මහන්සි විය යුතු සහ නිදහසක් නැති ක්ෂේත්‍රයක්. නමුත් ව්‍යාපාරික අරමුණු අතින් අපි සාර්ථකයි. හේතුව අපි කොලිටිය ගැන සැලකිලිමත්. සේවක කැපවීම ඉහළයි. නැවත නැවත වැඩ ලැබෙනවා. ආයතනය ස්ථාවරයි. අවසානයේ ගනුදෙනුව සාර්ථකයි.
Maga විශිෂ්ටත්වයට පත්වූ සමාගමක් නම්, ඒ තැනට ගේන්න සමාගමට ඔබ එක් කළ හොඳම වෙනස කුමක්ද…
සුපිරි කණ්ඩායමක් තෝරා ගැනීම. පටන් ගත් මුල් කාලයේ අපේ කුඩා කණ්ඩායම බොහෝ කැපවීම් කළා. රාත්‍රියේ අනෙක් සේවකයෝ නිදියා ගනිද්දී අපි නිදි වරාගෙන වැඩ කළා. 1984, 85, 86 කාල ගෙවුණෙම ඒ විදියට. නිර්මාණශීලීව සිතීම, තීරණ ගැනීම වගේ ම ඉක්මනින් ක්‍රියාත්මක වීම වැරැදි අඩුපාඩු අවම කරගැනීම වැනි කාරණා පිළිබඳ අපි විෙශ්ෂයෙන් සැලකිලිමත් වුණා. 1984 පටන් අරන් 2001 වෙනකොට අපි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මුල් තැනට ආවා. ඒ, ප්‍රබල කණ්ඩායමක් විදිහට වැඩ කරලා.
මොකක්ද මුලින් ම කළ ව්‍යාපෘතිය…
මුලින්ම ලැබුණේ ජයවර්ධනපුර රෝහලේ උප කොන්ත්‍රාත්තුවක්. කරපු ප්‍රධාන ව්‍යාපෘතිය තමයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ගොඩනැගිල්ලක් හැදූ එක. කාලය මාස නවයයි. බිල්ඩිම තට්ටු තුනයි. අපි හය මාසෙන් වැඩ ඉවර කළා. ඊට පස්සෙ තමයි අලුත් කොම්පැනියක්… වැඩ ඉක්මන්… කියලා ක්ෂේත්‍රයේ අපේ නම පැතිරුණේ. වැඩ ගලා ආවේ.
ඔබට අනුව ආයතනයක් සාර්ථක වන්න බලපාන ලොකුම සාධකය කුමක්ද…
හොඳ දක්ෂයින් කණ්ඩායමක් තෝරා ගන්නවා වගේ ම, ඒ සෑම කෙනකුගේ ම උපරිමයත් ලබා ගත යුතුයි. ඒ සඳහා ඔවුන් සතුටින් වැඩ කරන සේවක පිරිසක් බවට පත් කිරීමක් ඔවුන් අරමුණු සහගත කිරීමත් උනන්දු කිරීමත් බලගැන්වීමත් අනිවාර්යයෙන් කළ යුතුයි. ඒ වගේ ම ඔවුන්ට විශ්වාසයෙන් වැඩ කිරීමට නායකත්වය පූර්වාදර්ශයක් විය යුතුයි. මේ සියල්ල කළ යුත්තේ ආයතනික සංස්කෘතියක් තුළ සහ විශාල ආයතනික විනයකට ඔවුන් නතු කිරීමෙන්. ඒ වගේ ම ඔවුන් ඔබ ළඟ රැඳෙන්නේ සේවයට සරිලන වැටුපක් ලැබීම සහ ඔවුන්ගේ කැපවීම් අගය කිරීම කියන කාරණා මත බවත් මතක තබා ගත යුතුයි.
එතකොට සාර්ථක වූ ආයතන කඩා වැටෙන්නේ ඇයි…
හුඟක් අය අරමුණු අභිප්‍රායන් ඇති කරගෙන ඉලක්ක හඹා යනවා. ඉලක්කෙටත් යනවා. නමුත් විනයක පිහිටන්නෙ නෑ. ඒක හරියට ජල දෝතක් කාන්දු වෙන්න නොවී රඳවා ගන්නවා වගේ වැඩක්. අමාරුයි. නමුත් මුදුනේ සිට පහළට මේ විනය, මූල්‍ය.. පිරිස්.. සම්පත් ආදී සෑම අංශයකින්ම ක්‍රියාත්මක නොවුණොත් ආයතන කඩා වැටෙනවා.
ඉලක්කයක් හඹා යද්දී වටපිටාව, අනෙක් අය ගැන සිතීම, ලැජ්ජාව හෝ සාධාරණය ගැන සිතුවොත් අපි පසු බසිනවා… එකඟද මේ කතාවට…
නැහැ. ඉලක්කයක් හඹා යද්දී විශාල ස්වයං විනයක් තිබිය යුතුයි. ආයතනය මගේ වුණත් මම සභාපති වුණත් හැමදාම මාත් පොත අත්සන් කරනවා. පිටට ගියත් ලිවිය යුතු පොතක් තිබෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ හැම කෙනාටමත් ඒ නීතිය පොදුයි. ඒ වගේම කණ්ඩායමේ හැම කෙනාම තුළ අවංකකම තිබිය යුතුයි. ඒවා වචන විතරක් නෙවෙයි. ආකල්ප ලෙසම අපේ කණ්ඩායම තුළ ක්‍රියාත්මක වෙනවා.
ඉදිකිරීම් සමාගම් ධනවත් ෙවන්නෙ ගල්වැලි සිමෙන්තිවලටත් බොරු කරන නිසා… කවුරු හරි මෙහෙම කිවුවොත්…
එහෙම අයට පැවැත්මක් නැහැ. ක්ෂේත්‍රයේ ඉදිරියට එන්නත් බැහැ. එහෙම අයට මම කියන්නෙ අපිව ආදර්ශයට ගන්න. බේරුවල ඊඩ්න්, ටජ් එක්සෝටිකා, සින්බෑඩ් ගාඩ්න්, ලයිට් හවුස්, බ්ලූ වෝටර්ස්… කියන තරු හෝටල් සමූහයම කළේ අපි. මේ රටේ දැවැන්ත ඉදිකිරීම් වෙච්චි ඇපලෝ රෝහල, වික්ටෝරියා, මහියංගන, රත්නපුර, දකුණු අධිවේගී සහ කල්අඩි පාලම වගේම ලංකාවේ උසම ගොඩනැගිල්ල වන මීටර් 205 ක් උස ‘හයට්’ හෝටලයත් අපේ නිමැවුමක්. දෙවැනි උසම ගොඩනැගිල්ල වන මීටර් 186 ක් උස ‘ක්ලියර් පොයින්ට්’ නිවාස සංකීර්ණය හදන්නෙත් අපි. මෙහෙම ගමනක් එන්න නම් ඕනෑම ආයතනයක් හදා ගන්න ඕනෙ ප්‍රධාන දේ තමයි හොඳ නම. Maga, Brand එකක් වුණේ එහෙමයි.
පසුගිය කාලෙ රටේ හුඟක් සංවර්ධන ව්‍යාපෘති ලැබුණේ Maga ට. පැවතුණේ Maga, ඒකාධිකාරියක්. මේ කතාවට ඔබ මොනවද කියන්නෙ…
කලට වේලාවට වැඩ නිම කිරීම, කොලිටිය සහ අපේ Capacity එක නිසා Maga ට කවදත් වැඩ වැඩි තමයි. ඒක ඒකාධිකාරියක් නෙවෙයි. කාටත් සාර්ථකත්වය කරා යන්න පූර්වාදර්ශ කොටගත හැකි ප්‍රබල කාරණා ටිකක්.
‘සාර්ථකත්වය කරා යන්නේ අසාර්ථකත්වයට අභියෝග කරන මිනිසුන්…’ මේ කතාව ඔබේ ජීවිතය ඇසුරෙන් පහදන්න…
අසාර්ථකත්වය හමුවේ උකටලී වන කෙනෙක් නෙවෙයි මම. බාලාංශ පන්තියේදී මම ෆේල්. ඒ හින්දම හිතට අරන් ඉගෙන ගෙන හයේ පන්තියේදී ඩබල් ප්‍රමෝෂන් ගත්තා. ඊළඟට O-Level අසමත්. දෙවැනි පාර කළා. D දෙකයි C පහකුයි අරන් හොඳින් සමත්. ඒ ගැම්මට විද්‍යා විෂයන් තෝරගත්තත් උසස් පෙළට මාස පහක් තියෙද්දී විද්‍යාව අතහැරලා කලාව කළා. මාස පහෙන් මුළු සිලබස් එකම ඉගෙන ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියා. මගේ ජීවිතයේ හැම අසාර්ථක, පරාජිත අවස්ථාවක්ම මං යොදා ගත්තේ සාර්ථකත්වය කරා යන පන්නරයක් ලෙස. අභියෝගයක් ලෙස.
ඔබ සාර්ථක Boss කෙනෙක් ද…
ආයතනික වශයෙන් සාර්ථක බව ඇත්ත. නමුත් පෞද්ගලිකව මම හිතන්නෙ සේවකයන් අරභයා තවත් කළ යුතු දෑ තිබෙනවා කියලා. කවුරු හරි කියනවා නම් තමන් ඉතා හොඳින් සේවකයන්ට සලකනවා කියලා ඒක බොරුවක්. අපි කවුරුවත් සියයට සියයක් එහෙම කරන අය නෙවෙයි. පවතින තත්ත්වයන් තුළ සියල්ල සිදුවන්නේ රාමුගත ක්‍රමයකට පමණයි. ඒවා අභිබවා යන්න ඇතැම් විටක අපිටත් පුළුවන් කමක් නෑ. ඔන්න ඔය කාරණය සම්බන්ධයෙන් මම මගේ සිත සමඟ නිරන්තර අරගලයක යෙදී සිටිනවා.
ඇයි ඔබ එහෙම කියන්නෙ...
මේ පවතින ධනේශ්වර ක්‍රමය තුළ වෙන විකල්පයක් නැහැ. එක්කෝ අපි ශ්‍රමය විකුණන්න ඕනෙ. නැතිනම් ශ්‍රමය සූරා කන්න ඕනෙ. කාලයක් මාත් ජපන් කොම්පැණිවලට මගේ ශ්‍රමය විකුණුවා. හොඳ වැටුපක් ලැබුවා තමයි. නමුත් ඒ මුළු වටිනාකම නෙවෙයිනේ. ආයතනයකට ලාභ ඕනේ. අතිරික්තයක් ඕනෙ. ආයතනයක් දියුණු වෙන්නෙ ඒවායින්. අපි මේ සමාෙජ හරස්කඩක් අරන් බැලුවොත් දාඩිය පෙරාගෙන ගිනි කූටක අව්වෙ වැඩ කරන කම්කරුවට ලැබෙන්නෙ කොයි තරම් අඩු වැටුපක් ද… මේ හරස්කඩ හැබෑවට දකින්න පුළුවන් කිසිම බිස්නස් කාරයකුට බැහැ උදාරම් කතා කියන්න. සතුටු වෙන්න. කවුරුත් නොකියන ඇත්ත ඕකයි. යථාර්ථය ඕකයි.
ව්‍යාපාර ක්ෂේත්‍රයේ ආධුනිකයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද…
1984 මම බිස්නස් එක පටන් ගත්තෙ රුපියල් ලක්ෂයකටත් අඩු ප්‍රාග්ධනයකින්. හොඳ ගෙයක් හැදුවෙ බිස්නස් කරන්න පටන් අරන් අවුරුදු 13 කට පස්සෙ. එතකම් හිටියෙ කුලියට. යම්තම් ඔළුව උස්සන කොටම යාන වාහන ගන්නවත් ගෙවල් හදන්නවත් මම ව්‍යාපාරයෙ සල්ලි යෙදුවෙ නැහැ. පඩි නඩි ගෙවලා යම් ලාභයක් තිබුණා නම් මං ඒක යෙදෙව්වෙ ව්‍යාපාරයටමයි. විය යුත්තෙත් ඒ දේමයි.
මේ හැම දැවැන්ත ඉදිකිරීමක් ම ඔබට මුදල් පමණයි ද…
ගොඩනැගිල්ලක් පිටින් මොනතරම් ලස්සන වුණත් ඒකෙ මිනිස්සු ගැවසෙන්නෙ නැතිනම් හිස් බිල්ඩිමක් විතරයි. මට ගොඩනැගිල්ලක් කියන්නෙ කලා කෘතියක්. හැඟීමක්. කලා කරුවෙක් මැටි පිඩෙකින් නිර්මාණයක් කරලා සතුටු වන්නේ යම් සේද මාගා වෙතින් හදන හැම ඉදිකිරීමකින් ම මං සතුටු වෙන්නෙත් ඒ විදියට. එහෙම හදපු ගොඩනැගිලිවල මිනිස්සු ඇවිද යනකොට සැරිසරන කොට ලැබෙන සජීවී බවයි මම විඳින්නෙ. ඒ සතුටට මිලක් නැහැ.
අද ඔබ අයිති සුපිරි ධනවතුන් ගොඩට. කවුරුවත් හිතන එකක් නැහැ ඔබේ අක්මුල්, ගමක බව…
සීතාවක ගඟේ වතුර අඩු කාලෙට කිලෝ මීටර් දෙක හමාරක් විතර ගඟ දිගේ පයින් ඇවිදගෙනයි ඉස්කෝලෙ ඇරිලා මං ගෙදර ගියේ.රබර් සෙරෙප්පු කුට්ටමත් අතට අරන් පොත් ටිකත් කිහිල්ලෙ තද කරන් අපේ කොලු නඩයම ඒ විදියට ගඟ දිගේ යනවා. පුංචි කාලෙ ඉඳලා එහෙම මහ පොළොවෙ පය ගහලා ජීවත්වුණු අපිට අද මොන ධනවතුන් ගොඩේ ජීවත්වුණත් ගමේකම තවම දැනෙනවා.
එතකොට ජීවිතයේ අඩුපාඩුකම් දුක් අමාරුකම් විඳලා තිබෙනවද…
සුවපහසු ජීවිතයක් ගත කරපු අපිට 1956 තාත්තා අසනීප වීමත් එක්ක අමාරු කාලයක් උදාවෙනවා. නමුත් ඒ වෙනකොට මගේ අයියලා අක්කලා ලොකුයි. ඒ අය තමන්ට බාල සහෝදර කැළට ඉගෙන ගන්න උදව් කරනවා. පවුලෙ බර කරට ගන්නවා. සාමූහික ප්‍රයත්නයක සාර්ථක බව මං මුලින්ම අත්දැක්කේ මගේ පවුල තුළින්.
අම්ම තාත්තා ඔබේ ජීවිතයට කළ බලපෑම කුමක්ද…
ළමයි නව දෙනාටම විශාල විනයක් ලබාදීම. අපේ පවුලේ නව දෙනාම හොඳින් ඉගෙන ගත්තා. තුන් දෙනෙක් විශ්වවිද්‍යාලෙ ගියා. ළමයෙක් හැටියට වුණත් මං හිතුවෙ පැතුවෙ වෙනස් විදියට කියලා අම්මලාට දැනෙන්න ඇති. ඒ අය ඒකට බාධා නොකිරීමම තමයි, මගේ ජීවිතයට කළ විශාලම බලපෑම.
එතකොට ඔවුන්ගෙන් ජීවිතයට ලැබුණු දේ…
අම්මගෙ ආදරය, අපිව ආදරණීය මනුස්සයන් කළා. තාත්තගේ දැඩි බව සහ ඇතැම්විටක හිතුවක්කාර ගති ස්වභාවය අපිව නිර්භීත මනුස්සයන් කළා.
ළමා කාලයේත් ඔබ හීන අරමුණු සහ ඉලක්ක හඹා ගියාද…
නොතේරෙන ළමා කාලයේ මගෙ එකම හීනය වුණේ කෝච්චියක් පදවන එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න. ලොකු වුණාම ඒ හීනෙ වෙනස් වුණා. මට ඕනෙ වුණේ යුද හමුදාවට බැෙඳන්න. මං ඒ ඉලක්කයට ගියා. හැබැයි ඒ විශ්වවිද්‍යාලයට ගිහින් උපාධියකුත් ගත්තට පස්සෙ.
කොහේද ඔබ ඉගෙන ගත්තෙ…
මුලින්ම දැරණියගල කනිෂ්ඨයට. අටේ පන්තියේ ඉඳන් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට. මං කොහොමටත් ඒ ළමා කාලයේ ගණිතයට දක්ෂයෙක්. ඒ හැකියාව නිසා විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා විෂයේ තිබෙන මැනුම් අංශයට මං හුඟක් ආසා කළා. යුද හමුදාවේ ඉන්න කාලේ ලංකාවේ, සිතියම් අධ්‍යයනය විශේෂයෙන් කළා. ඒ වෙනුවෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේත් මාස කීපයක් වැඩ කළා. මේ සියල්ලට පසුබිම වුණේ ළමා කාලයේ ගණිතයට මං තුළ වූ ආසාව.
ඔබේ ජීවිතය වෙනස් මඟකට හරවපු, ඒ හැරවුම් ලක්ෂ්‍යය කොතැනද?
හමුදාවෙන් අස්වෙලා 1977 – 85 දක්වා ටාටා… මිට්සුයි… කජීමා ඇතුළු තවත් ජපන් ඉදිකිරීම් සමාගම් ගණනාවක වැඩ කරපු එක. ඒ කාලය තුළ පාර්ලිමේන්තුව, ජයවර්ධනපුර රෝහල Dry Dock එක, හිල්ටන් හෝටලය ඇතුළු ප්‍රධාන ඉදිකිරීම් ගණනාවක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ගල් වැලි සිමෙන්ති ගැන කිසි උනන්දුවක් නොතිබුණු මං කොන්ක්‍රීට් වලින් කළ හැකි මහා වික්‍රමයන් ඉගෙන ගත්තේ මේ වැඩ කිරීමෙන්.
මොනවද ඔබ, ජපන් සමාගම්වලින් උගත් ඒ සුවිශේෂී දේ…
ජාත්‍යන්තර සමාගම් වැඩ කරන විදිය, ඔවුන්ගේ සංස්කෘතිය, වැඩ බිමේ සහ වැඩ කිරීමේ ආචාර ධර්ම, විනය ඇතුළු තව හුඟක් දේ. 1984 මගේ ම කොම්පැනියක් පටන් ගනිද්දී මේ උකහා ගත් දේ මට විශාල ප්‍රයෝජනයක් වුණා. අත්දැකීම් ඇති දැනුවත් කෙනෙක් හැටියට මං Maga ඇරැඹුවේ දැඩි ආත්ම විශ්වාසයකින්.
ඔබේ සමාගම ඉදිකරන්නේ කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ගොඩනැගිලි. මේ හැම දෙයක්ම හදද්දී හොඳ වෙලාවක් නැකතක් බලනවද…
කවදාවත් නැහැ. යමක් කරන්න කලින් ඊට අදාළ හැම දෙයක්ම විශ්ලේෂණය කරලා, ස්වභාවයන් හඳුනාගෙන, බලපෑ හැකි සිය දහස් ගණනක් කරුණු අතුරින් ප්‍රධාන කාරණා ටික හෝ හඳුනාගෙන වැඩේට බහිනවා නම් වරදින්න තිබෙන ඉඩකඩ අවමයි. ජ්‍යොතිෂයට වඩා මම විශ්වාස කරන්නේ මාව. මගේ ආත්ම ශක්තිය. ඇත්තම කිවුවොත් මම ජ්‍යොතිෂය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.
ඔබ සාර්ථක පියෙක් කියලා හිතනවද…
මගේ පුතා මේඝ, වෘත්තීය ඉංජිනේරුවෙක්. මේ සමාගමේ අධ්‍යක්ෂවරයෙක්. දුව එරන්ති. ඇය ගණකාධිකාරී වෘත්තියේ. විවාහ වෙලා පදිංචිය ඔස්ට්‍රේලියාවේ. හොඳ දරුවො දෙන්නෙක් හදපු තාත්තෙකුගේ සතුට මාත් විඳිනවා.
ඔබේ බිරියත් මේ සමාගමට වැඩ කරනවද…
ඇය ගෙදර ජීවිතය හොඳින් හසුරුවන නිසයි මම හොඳ මානසික සුවයකින් රාජකාරි කරන්නෙ. මගේ බිරියටත් වඩා කැප කිරීම් කළ භාර්යාවන් අපේ සමාගමේ ඉන්නවා. ඔවුන්ගේ සැමියන් දුර පළාත්වල වැඩබිම්වල දුෂ්කර ලෙස වැඩ කරද්දී, දූ දරුවො රැකගෙන තම සැමියන් වෙනුවෙන් ඔවුන් කළ කැප කිරීමුත් එලෙසමයි. ඒ සමස්ත කැපවීම් නිසයි අපේ ආයතනය මේ තරම් දියුණු වුණේ.
ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න තිබෙන හොඳම ආදර්ශය කුමක්ද…
අපි දියුණු පමුණු වෙන්නෙත් ධනවතුන් වෙන්නෙත් මේ සමාජයෙන් උකහා ගන්නා දෙයින්. ඒ නිසා අපි උපයන දේ ටිකක් සමාජයට යළි දිය යුතුයි. ඒ වගේ ම කිසිම බාධකයකදී අපි අපේ උත්සාහයන් අත් නොහළ යුතුයි.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
මාගා එකෙන් මේ ළගදි හදපු මොරටුව සිට පානදුර දක්වා අළුත් ගාළු පාරේ කොලිටිය අන්තිමයි. පේමන්ට් ගල් තැනින් තැන අල්ලලා නෑ. වැඩ සවුත්තුයි. ICC එක්ක බැලුවාම මෙයාලාගේ වැඩ කොලිටි නෑ.
ReplyDeleteUsually Maga has low quality & low cost, they get low quotation projects and less profit from one project. High number of projects give them high profit. I don't know much about construction technical things but this is just the understanding. They are Indian style SL contractor.
Deleteis that so
Deleteඋත්තර දෙන්නද එපාද? :)
DeleteSenerath Says:
ReplyDeleteAugust 10th, 2017 at 4:04 pm
Good to know this. Thanks for publishing success story of a Sinhalaya. This teaches us that we should not condemn everyone as a JVPeers. Now someone may come up here and say he is a UnPeer or similar thing. But he is providing emplyment for 10000. That itself is a big service. Viplavakarayos may say he is exploiting people. Upto them to keep on branding people.
නේවි එකෙං ආවට පස්සේ කට පුරා 'සර් කියන එකම පුද්ගලයා.. අපිට හැරෙන්නවත් බෑ එයා එක්ක තාමත්.. උදේ හතයි පනස් පහට සමාන්‍ය සේවකයින් සමඟ පැමිණීම පොත අත්සන් කරලා වැඩ පටං ගන්න එකම සමාගම් සභාපති වෙන්නෝනි.. such a discipline.. :)
ReplyDeleteඑතන තියෙන්නේ strategy එක, මිනිසුන් වෙලාවට ගෙන්න ගන්න.
Deleteමචන් කමියෝ, උඹ සර් කියනවනම් ඉතින් හිතාගත්තහැකි. ලොල්. ඇයි අර මාධ්‍යකාරයෙක්ගේ බෙල්ලෙන් අල්ලල මහ බලු විදිහට උගේ කනට ගහපු කිසිම විනයක් නැති ජඩ නේවි එකේ හිටපු ගොටු ලොක්කා 'සුපිරි වීරයෙක්" කියලා නටපු එකේ එහෙනම් මූත් මහ තුට්ටු දෙකේ මැරයෙක් වෙන්න ඇති. ලොලේ ලොල්.
Deleteඋඹ මරික්කාර්ටත් සර් කියනව ඇති නේද දැන්? ඇයි මරාගෙ තෙල් සංස්ථා වහල්ලුන්ට මැරයෝ දාල නෙළවපු නිසා, ලොලේ ලොල්.
හා මචං..
Deleteකල්යාන මොකද බන් මල්ලෙ පොල් උත්තර දෙන්නේ, අහල තියෙන්නෙ 'මරික්කාර්ට "සර්" කිඅයනවද' කියල නේද? උත්තරය ඔව් නේද?
Deleteකොළොන්නාවේ නන්දිකඩාල් හා සමාන අති උතුම් පූජනීය මානුශීය මෙහෙයුම මෙහෙයවූ ෆීල්ඩ් මාශල් මරික්කාර් සර් ට ජයවේවා. අපේ මොළේ සෙන්සර් ඕෆ් කරපු සැබෑ වීරයෙක් කියල පෝස්ට් එකකුත් දැම්මනම් ඒ දවස්වල හිට්ස් ගොඩක් ගන්න තිබ්බනෙ, අපරාදෙ චෑන්ස් එක.
ක.මි Maga එකේද වැඩ? මමත් මේ Maga එකේ වැඩ කියන තරම් කොලිටි නැති කතාව අසා තියෙනවා. කියුවේ chartered civil engineer මිතුරෙක්. ඔහු කියුවෙත් ICC තමා හොඳම කියලා. මේ කතා වල ඇත්ත නැත්ත මම හරියටම දන්නේ නැහැ මොකද මම civil engineer කෙනෙක් නොවන නිසා.
Deleteකොහොම උනත් Maga කියන්නේ ලංකාවේ මම කැමති සමාගමක්.
මාතර රිලාගලයාය ගම්වාසීන් මේ වෙද්දි තමන්ගෙ පානීය ජලය නැතිවීමේ අවදානමකට මුහුණදෙනවා. මාගා කන්ස්ට්‍රක්ෂන් විසින් අනාරක්ෂිත විදියට ගල් කැඩීමක් පටන් අරන් නිසා....
ReplyDeleteමං අනෙක් පරිසරවේදීන් වගේ ගල් කඩන්න එපා කියන්නෙ නෑ.
ගල් කඩද්දී පරිසර තත්ව වාර්තා වගේ දේවල් නීත්‍යානුකූලව අරගෙන ඉන් වන බලපෑම සම්බන්ධයෙන් සොයා බලනා ඒ ගැන තක්සේරුවකින් පස්සේ කරන්න ඕන. එසේ නොකර මාගා කරන්නෙ ගමේ මිනිස්සුන්ට චණ්ඩිපාට් දාලා නිසි පරිසර තක්සේරුවක් නොකර ව්‍යාපෘතිය කිරීම.
ලංකාවේ මහාපරිමාණ ව්‍යාපාරිකයන් වෙනවා කියන්නෙම සාමාන්‍ය මිනිස්සුන්ව නොතකා හරිමින්, කළු දේශපාලනය එක්ක මුහුවෙමින් කරන වැඩක්.
උඩුවා මචං ඕක වැරදි තොරතුරක් .. අංක එක දැනට එතන ගල් කඩන්නේ නෑ. නමුත් මාග එකට දැනටත් B ශ්‍රේණියේ කොරියකට ලයිසන් එකක් තියෙනවා. ඒක අරං තියෙන්නේ EIA එකක් කරලා පරිසර අධිකාරියේ අනුමැතිය ඇතුව. ඕක අපේ සමාගමට අයිති පෞද්ගලික ඉඩමක තියෙන ගලක්. ඒක සහ ඒ වටේ තියෙන ඉඩම් ඔක්කොම වගා කරපු ඉඩම්. මුලින්ම ඕකට විරෝධය ආවේ රිලාගලයාය රක්ශිතය විනාශ කරනව කියල .. නමුත් පැහැදිලිවම මේක රිලාගලයාය රක්ශිතයට සම්භන්ද නැති වගාකල පෞද්ගලික ඉඩමක්.. ඊට පස්සේ තමයි ඔය වතුර ප්‍රශ්ණේ ඇද්දේ. B ලයිශන් එකක් තියාගෙන අපි කරේ කොරි එකට යන පාරවල් සහ සයිට් ඔෆිස් මැශිනරි මොබිලයිස් කරන එක සහ ටෙස්ට් බ්ලාස්ට් එකක් කරලා සාම්පල් ටෙස්ටින් එහෙම විතරයි. ඔපරේශන් පටන් ගත්තේ නෑ. මොකද අපිට A ලයිශන් එකක් ඕනි නිසා අපි ඒකට ඇප්ලයි කරලා තියෙන්නේ . ඒ වෙනුවෙන් මේ වෙනකොටත් IEE එකක් කෙරෙනව.. ඒ ප්‍රොෆෙශනල්ස්ලා ටීම් එක ඔය ප්‍රශ්ණ කරපු පරිසවේදියා, පලාත්සබා මංත්‍රීවරයා හා ගමේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කරා. වතුර ප්‍රශ්නයක් කියපු නිසා ඒ සම්භන්දව එක්ස්පර්ට් ලාගෙන් ටෙක්නිකල් රෙපෝර්ට් අරන් තියෙනවා එතනට කිසිම නැචුරල් වෝටර් රිසෝර්සර්ස් සම්භන්ද නෑ කියල. නමුත් ඔය විරුද්ධ කණ්ඩායමේ ප්‍රතිචාරය වෙලා තියෙන්නේ 'ඔය මොනවා තිබ්බත් අපි ඔය වැඩේ කරන්න දෙන්නේ නෑ' කියන එක. IEE එක තවම අවසන් නැති නිසා අපිට වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්න බෑ තවම. ඒක තමයි ප්‍රසන්ට් සිටුවේශන් එක, දැං එතකොට ඔය ගල නොකඩා හිටියා කියමු. එතකොට හයිවේ එක හදන්න ගල් කොහෙන් හෝ කඩන්න වෙනව. එහෙම උනාම වෙන්නේ 'මිනිස්සු' කෑ ගහන්නේ නැති මීට වඩා බොහොම පරිසර සංවේදී ස්තාන්නයක් ඒ වෙනුවෙන් කැප කරන්න වෙන එක.. ඒ ගැන මොකක්ද උඹේ අදහස?
Deleteපොඩි සිල්ලර කඩයක් කරත් ඒක දියුණුවක් ලබන්න නම් මුදලාලි කෙනුකුට යම් යම් දරදඬු තීරන ගන්න වෙනව. සමහරවිට ණය කාරයෙක්ගේ ගෙදරකට ගිහින් තර්ජනය කරලා ණය පියවගන්න එක වගේ. නමුත් සමාගමක් විදියට වැඩෙද්දි එහෙම චණ්ඩි වගේ තවදුරටත් හැප්පෙන්න යන්න බෑ. මාග කියන්නේ ඔය අවස්තා ඔක්කොම පහුකරගෙන ආපු දැවැන්ත සමාගක් මේ වෙනකොට. එහෙම නොවුනානම් අද මාග එකෙ මට දෙන්න රස්සාවක් නෑ. අපිට ක්‍රමවේදයක් තියෙනවා ඒකෙන් පිට යන්න උවමනාවක් නෑ.
එසේ නොකර මාගා කරන්නෙ ගමේ මිනිස්සුන්ට චණ්ඩිපාට් දාලා නිසි පරිසර තක්සේරුවක් නොකර ව්‍යාපෘතිය කිරීම.
ReplyDelete++++++
දැන් මොකාද කියන්නේ දොස්තර රුවන් මේ ගැන... උඩුවා තුමාගේ කොමන්ට් එක ලිපියට හොඳ මදිනිසා මකලා දාමු
මේකත් එක්කම
ඇනෝ එන පුද්ගලයන් කෙනෙකුට මුහුණ දීමට ආත්ම ශක්තියක් නැති නිවටයන් වෙති. ඔවුන් සැඟවී බුරන බල්ලන් හා සමානය. මේ නිවටකම උරුමවී ඇත්තේ තමන් ගේ පියාගෙනි.
Deleteඔයටික ඉයන් ලින්තොට උන්නැහෙත් කියලා තිබුනා.. තව mental Disorder ගැන උපදෙස්ටිකකුත් එක්ක
Deleteකොහෙද මේ පඩත්තල ඇනොලත් එක්ක මුකුත්ම කරන්න බැනේ.. මේ නිවටකම උරුමවී ඇත්තේ තමන් ගේ පියාගෙනි නේ.ඉතින් මොනවාත් කරන්න බැරිද එකට ඩොක්ටර් මේ ඈනොලගේ පියාට
ඔව්ව ඔහොම තමයි බන් උඩුවෝ,
ReplyDeleteදැන් බලන්න ලංකාවේ කෝපරේට් සෙක්ටර් කියන්නේ මක්කුද? එකෙක්වත් හරියකට නිශ්පාදනයක් කරන උන්ද? වැඩිදෙනෙක් සර්විස් ප්‍රවයිඩර්ස්ලා. ඔය මාග වගේ උන් කරන්නේ පිටරටින් ලාබෙට අඩුවට යකඩ, සිමෙන්ති, වෙනත් මැටීරියල්ස් ගෙනත් මෙහේ තියෙන ස්වාභාවික සම්පත් හිරිකිත විදිහට කිසිම පරිසර ප්‍රමිතියක් නැතුව විනාස කරමින් ගල් වැලි ගෙනත් සබ් කන්ට්‍රැක්ට් දී කොලිටියට වැඩක් කරන්න බැරි ඇහින්දාස් බාස්ලා ලවා අඩුගාණට ඉදිකිරීම් කරවීමයි. ලංකාවේ ඉන්නේ මේ වගේ බයින්ග් ඇන්ඩ් සෙලින්ග් නැත්නම් බයිං ඇන්ඩ් ඉන්ස්ටෝලිං කරන ලොකු කළු කඩ මුදලාලිලා පමණය, එකම වෙනස ඒ කාළේ කළු කෝට් එකයි මඩකලපු සරම ඇන්ද උන් අද කොට් එකට කලිසම් ඇඳලා ටයි එකක් දානවා. ශෝක් කෝපරේට් බුවාල ටිකක්; දම්මික පෙරේර, නිමල් පෙරේර, වෙල්ගම, කොතලාවල, කිලි මහරාජල එක්ක තකට තක ගැලපෙන මා.ග. කුලරත්න කපිතන් කාරයා. මුන් ඔක්කොම එකයි.
අනික හොර එකවුන්ට්ස්, වහලා ගහන ඇනුවල් රිපෝට්. ජරාව දීලා ගන්න ඔඩිට් රිපෝට්, ඉන්ලන්ඩ් රෙවනිව් එකත් එක්ක එකතු වෙලා කෝටි ප්‍රකෝටි ගණනින් ආදායම් බදු වංචා කරන උන්. කස්ටම් එකේ උන් එක්ක එකතුවෙලා බිලියන් ගණනින් බදු මාටියා ගහන උන්ගේ රජ දහනක්. උනුත් එකයි මුනුත් එකයි.
ඉතින් එකපාරට මේ වගේ තැනකට කඩා පාත් වෙන එකෙක්ටවත් ඔය කල්චර් එකේ රැඳෙන්න බෑ. නිර්මාල්ලා දමලා ගහලා යන්නෙත් "ගිහි බණ" දොඩවන සරත් විජේසූරියලා වගේ වැල් බයිල ගහන හාන්සි පුටු බකපඬියෝ අඬන්නෙත් ඒකයි. මේක එකපාරට වෙනස් කරන්න මොකාටවත් බෑ. උඹ අවුල් ගන්න එපා බන්, දිගටම උඹේ හඬ නගපන්. උඹට ජය.
ඉතින් මොකද කියන්නේ අපි මේ පුද්ගලික සමාගම් ඔක්කොම ජනසතු කරමු 1970 කාලෙ වගේ ඊට පස්සේ පක්සේ එවුන් ඔවා වල ඩිරෙක්ටර්ලා කරවමු
Delete