Sunday, August 13, 2017

ගම්වල උගත් තරුණ තරුණියන් ජීවිතය වරා කර ගන්නේ ඇයි


ගම්වල  උගත් තරුණ තරුණියන් ලෝකයට විවෘත නොවී අන්තවාදී කොටු තුල සිරවී ජීවිතයෙන් පැරදීම ගැන අජිත් පැරකුම් ජයසිංහ විසින් හොඳ හේතු දැක්වීමක් කොට තිබේ. ඔහු මෙසේ කියයි.

මට තවමත් මගේ ගමේදි, මා දන්නා පාසල්වලදි, මගතොටේදි බොහෝ විට හමු වන්නෙ මා ගෙවූ තුරුණු විය ම වැනි තුරුණු වියකට උරුම කියන්නට සිදු වන අවදානමේ ගැට්ටේ සිටින තරුණ පිරිස්. ජාති, ආගම්, දේශපාලනික අන්තවාදයන් ඔවුන්ගේ ඔලුවලට උඩ කැරකෙන්නේ වද බඳින්නට එන කණ මී මැසි හමුදා වගේ. ඔවුන් අතර බොහෝ දක්ෂයන් සිටිනවා. ඔවුන්ටත් හීන ගොඩක් තියෙනවා. හැබැයි, ඔවුන්ට කොළඹ ඉහළ ප්‍රභූ සමාජයේ ඉංග්‍රීසිය හා ඒ හා බැඳුණු සංස්කෘතිය නැහැ. නිසි මග පෙන්වනවා නම්, එය ඔවුන්ට අත්පත් කර ගැනීම එතරම් දුෂ්කර දෙයක් නො වුණත්, ඊට වඩා පහසුවෙන් ඔවුන් අන්තවාදී අදහස් හා පුහු දෘෂ්ටිවාද සමග බැඳෙනවා. ඒවාට මග පෙන්වන්නට වඩා බලවත් බලවේග සමාජයේ තිබෙනවා. අවසාන ප්‍රතිඵලය විදියට ඔවුන්ට ලැබෙන්නේ සීමිත අවස්ථා ප්‍රමාණයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වැනි වරප්‍රසාද ලැබුණත්, ඔවුන් අන්තරේ ලෝකයට සීමා වී පුළුල් ලෝකයට දොර කවුළු වසා ගන්නවා. (W3Lanka-පාර සොයා ගන්න දන්නා කොළඹ තරුණයෝ හා මංමුලා වන ගමේ තරුණයෝ  http://www.w3lanka.com/2017/08/blog-post_12.html ) .

අජිත් විසින් ඉදිරිපත් කරන මේ අදහස වැදගත්. ග්‍රාමීය තරුණ තරුනියන්ට ඉංග්‍රීසි භාෂාව , සමාජ ආශ්‍රය , රැකියාවකදී ඇවසි වත තාක්‍ෂණ දැණුම සොෆ්ට් ස්කිල්ස් වගේ දේවල් අත ලඟ නොතිබුනත් ඔවුන්ට ඒවා සොයාගෙන ගොස් ඉගෙන ගත හැකියි. එහෙත් බොහෝ දෙනෙකුට එසේ කිරීමේ අවබෝධයක් නෑ. 

මගේ අදහස නම් මේ තරුණ තරුණියන් තුල පවත්නා උග්‍ර ග්‍රාමීය පසුගාමීත්වය , විශ්ව විද්‍යාල තුලදී කවන ; කාලා ඇඳලා ඉන්න එකාට ඉරිසියා කිරීම​, පන්ති වයිරය , කුහකත්වය වගේ දේවල් නිසා තමයි ඔවුන් මෙහෙම අන්තරය වගේ කොටුවකට හිරවෙලා ජීවිතයෙන් පරදින්නේ. ඉන්පසු ඔවුන් හූල්ල හූල්ලා සමාජයට වෛර කරමින් මැදි විය සහ මහළු විය ගත කරනවා. මේ අය ලෝකයට විවෘත කිරීම අභියෝගයක්. නමුත් ගත්නුගතිකයෙන් මිදී ස්වාධීන චින්තනයක් ගොඩ නගා ගෙන මේ කොටුවෙන් පැනලා ඉදිරියට ගිය පුද්ගලයන් මම දැකලා තියනවා. 

1988 - 89 කාලයේ ආපු පුද්ගලික විශ්ව විද්‍යාල වැනි විරෝධතාවන්  වලට හද පත්ලෙන්ම ගොස් තම අධ්‍යාපනය අඩාල කරගෙන ජීවිතයෙන් පැරදුනු පුද්ගලයෝ මම දුටුවා. ඒ වගේම අන්තවාදීන්ට බිලි බෝයිස්ලා වී පසුව කායික මානසික  සෞඛ්‍ය පිරිහී ගිය පුද්ගලයන්ට මම ප්‍රතිකාර කරලත් තියනවා. මේ ඔක්කොම වගේ ගමෙන් ආපු බුද්ධිමත් කොටස්. ඔවුන්ට පොතේ දැණුම තිබ්බට ජීවිත දැණුම තිබ්බේ නෑ. ඔවුන් ස්ට්‍රීට් ස්මාට් වූයේ නෑ.

ගමෙන් ඇවිත් මේ ගතානුගතික කොටුවෙන් මිදී බාහිර ලෝකයට පියඹා ගිය කිහිප දෙනෙක් මම දුටුවා. ඔවුන් ගෙන් එක් අයෙක් තමයි ප්‍රියන්ත​. ඔහු ඉපදෙන්නේ ඈත පිටිසර ගමක​. කලා උපාධියක් කරන්න ඔහු විශ්ව විද්‍යාලයට එනවා. තමන් ගේ කලා උපාධිය යල් පැනගිය කෝස් එකක් බවත් එහි කිසිම වෙළඳ වටිනාකමක් නොමැති බව ඔහු ඉතා ඉක්මනින් අවබෝධ කර ගන්නවා. ඒ නිසා ඔහුගේ  විශ්ව  විද්‍යාල සගයන් පාරවල් වහගෙන ,අට්ටාල උඩ උද්ඝෝෂණය කරන කොට ඔහු ස්ව උත්සහයෙන් ඉංග්‍රීසි ඉගන ගන්නවා, පරිගණක විශය ඉගන ගන්නවා. එසේම බ්‍රිටිෂ් කවුන්සිල් එකේ කෝස් කරනවා. ඔහුට තේරුම් යනවා විශ්ව විද්‍යාල සගයන්ට වඩා මෙතනට එන පිරිස වෙනස් බව​. මේ නිසා ඔහුගේ සමාජ අවබෝධය  එක්ස්පෝෂර් එක පලල් වනවා. ප්‍රියන්ත ලෝකය වඩාත් විවෘතව දකිනවා.  මේ අළුත් මිතුරන් ගේ මග පෙන්වීමෙන් ඔහු එකවුන්ට්ස් කෝස් එකක් කරනවා. මේ දැණුම සමග උපාධියෙන් පසු ඔහු විදේශ ගත වෙනවා.  

අද ප්‍රියන්ත ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහු හොඳ රැකියාවක් කරනවා. ගෙදරට සල්ලි එවනවා. දරු පවුලක් නඩත්තු කරනවා. එහෙත් ඔහුගේ සමහර විශ්ව විද්‍යාල ගජයන් එක් සංවිධාන වල  පූර්ණකාලිකයන් වී විශ්ව විද්‍යාල ජීවිතයද අඩාල කරගෙන රටටත් ගෙදරටත් බරක් වී සිටිනවා. 

කලා උපාධිය පමණක් කොට යන්තම් පින්සෙන්ඩු වී රජයේ රැකියාවක් ලබා ගත් මිතුරන් කන්තෝරු වල පුටු රත් කරනවා. මොවුන් ගෙන් බොහෝ දෙනෙකු ෆැක්ස් එකක්වත් යවන්න දන්නේ නෑ. ඔවුන් යන්තම් සුළු පඩියකට වැඩ කරමින් ඉන්නවා. සමහරු සමාජවාදී රජයක් එන තෙක් වැඩ නොකර ඉන්නවා. මේ අයගෙන් කිසිදි එලදායී සේවාවක් මහජනතාවට හෝ ආණ්ඩුවට ලැබෙන්නේ නෑ. 

ප්‍රියන්තගෙන් යමක් ඉගන ගන්නවාට වඩා ඔහුගේ විශ්ව විද්‍යාල ගජයන් කරන්නේ ප්‍රියන්තව විවේචනය කරන එක ඔවුන්ට අනුව ප්‍රියන්ත අලයෙක්. එහෙත් සැබෑ අලයන් නම් එලොවටත් මෙලොවටත් නැති අන් ප්‍රඩක්ටිව් ජීවිත ගත කරන සමාජයට බරක් වූ මේ පිරිසයි. 

22 comments:

  1. Be like Priyantha

    ReplyDelete
    Replies
    1. ඔවුන්ට ඔප්‍ෂන් දෙකක් තියනවා එක්කෝ අන්තරේ ලහිරු කෙනෙක් වෙන්න පුලුවන් නැත්නම් ලෝකයට විවෘත වූ ප්‍රියන්ත කෙනෙක් වෙන්න පුලුවන්

      Delete
  2. අලය කියන වචනය මම අහල අවුරුද්ද කට වඩා නැහ.මගේ නෑනට සීමාවාසික දොස්තර කෙනෙක් ගෙන් විවාහ යෝජනාවක් ආව.අපේ ගෙදර ආපු මිනිහ නෑන දැකල කැමති උනා.බොහොම කලබලකාරී නැති නිහඬ චරිතයක්.නෑනගෙ කැම්පස් සම්බන්දතා හරහා මිනිහ මොනවගේ කෙනෙක් ද කියල හොයල බලන කොට කියල තියෙන්නෙ මෙලෝ වැඩක් නැති අලයෙක් කියල.අලය කියන වචනෙ පුලුල් අර්තයෙන් නගා තෝරල දුන්නට පස්සෙ මගේ පැහදිලි කිරීම වුනේ කැම්පස් යන හැම කෙනෙක්ම අලයෙක් වියයුතු බවත් ඒ වගේම බදිනවනම් අලයෙක් තෝරාගැනීම අනාගතයට සුබදායී බවයි.

    ReplyDelete
    Replies
    1. යකා මහත්තයො, ලාන්කික සිතුවිතුමෝ, සුබෝඩ තුමෝ.......... පොදු ප්‍රශ්න දකිනකොට මග ඇරලා යන උන් අන්තිමට පවුල් ජීවිතේ ප්‍රශ්න ඵනකොට ගෑනිවත් දාලා යනවා.............පවු නෑනා...........නිතර දෙවේලේ දකින දේවල් මේ කියන්නේ

      ඔක බුද්දිමත් කම නෙවෙයි, කොන්ද පන නැති කම.............සින්හලයා කවදත් අසාදාරනය ඉස්සරහා නිවට නියාලුව හිටපු ජාතියක් නෙවෙයි.............. ඵහෙම ඉන්න ජාතියකට පැවැත්මක් නෑ..............කරුමෙට මේ වගේ නිවට නියාලුවො වැඩි නිසා තමයි දේසපාලු හැත්ත රටේ රීරි මාන්සෙ හූරන් කනකොට මහජනතාව කට පියන් ඉන්නේ.................ඵ්කයි මේ සුන්දර වටිනා රට විනාස වෙන්නේ................

      Delete
  3. සුදු වෑන් එකක ආපු සිල්කාරයෝ සෙට් එකක් මට පුකේ ඇරලා ගියා. මං දැන් මොකද කරන්නේ?

    ReplyDelete
  4. I think this trend will die down soon, just like the political socialism.

    One thing to printout Doc, most of us (not few as your stated above)moved away from said mentality and live like Priyantha. Most of us realised Art or social science will not take us far and some moved on to SL admin service, Police as an ASP, Army as a Captain, IT via NIBM, ACCA and ICMA (now CIMA) etc. ONLY FEW joined 'Anthare Apaya' and messed their lives as you said. Hope there will be light at the end of UNI tunnel for everyone.

    ReplyDelete
  5. ප්‍රියන්ත ඉන්නේ ඕස්ට්‍රේලියාවේ..... කොහොමද දන්නේ නෑ එයා ඔස්ට්‍රේලියාවට ආවේ කැනඩාවට නොයා. පරිගණක සහ ඉංග්‍රීසි දෑනුම පමණකින්ද ප්‍රියන්ත ඒ රටට සංක්‍රමණය වුනේ .එයා ඩොල් එක අරගන්න ගමන් කෑෂ් ඕන හෑන්ඩ් ජොබ් එකක් කලාද කරුනාකරලා එයාගෙන් විස්තර ටිකක් අහලා කියනවද මමත් ලඟදි ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න PR විසා හම්බවෙලා ඉන්නේ එහෙම කලොත් ඩොක්ටර් ලොකු උපකාරයක් අපේ පවුල් සැමටම

    ReplyDelete
    Replies
    1. තමන් ගේ නියම නමින් ආවොත් පුලුවන්

      Delete
    2. කොහොමද එන්නේ

      Delete
    3. තමන් ගේ නම ; දුරකථන අංකය සහ ඊමේල් එක සඳහන් කරන්න

      Delete
    4. කොහෙද

      Delete
  6. මේ වගේ විහිලුසහගත කතා කියන ඵක ඵක්කො තක්කඩි කම නැත්නම් ඇත්තටම මුන්ගේ මෝඩකම.
    ගමේ උන් බහුතරය ගොන්ලු.
    කොලබ උන් බහුතරය බුලට් ලු.......කඩ්ඩලු.............ගොඩලු.............

    මට පේන්නේ මේ වගේ ගොන් තර්ක ලියන උන් ඇත්තටම පාරක තොටක යන ඵන මහපොලවේ පය ගහලා ඉන්න උන් නෙවෙයි වගේ...........

    මහත්තයො පොඩ්ඩක් මහ පොලවට බැහැල බලපන්.

    ඔය උබලා කියන පට්ට බුලට් කොලබ කොල්ලො කෙල්ලො ප්‍රමාන‍යට වඩා අති විශාල ගුණයක් ජීවිතේ නන්නත්තරා වෙච්ච ( කරන ලද )තරුන පිරිසේ ප්‍රමානය ඉතාම වැඩ්යි......................

    .නගරෙ ගත්තොත් කුඩු, පෙති, මල් වලින් ජීවිතේ අනාත කරගත්ත කොල්ලො ගාන ඔය ඔයා කියන ගානට වැඩිය ගොඩක් වැඩ්යි. නූගත්කම විරැකියාව නිසා තරුන ජීවිතේ නිකන්ම විනාශ කරවන ලද තරුන පිරිස ඊටත් වඩා වැඩ්යි...................කම්හල් වල ගාමන්ට් වල තුට්ටු දෙකට විතරක් නෙවෙයි ලිoගික සූරාකෑමටත් ලක්වන තරුණ පරම්පරාව ඊටත් වැඩියි......................


    ඔයාලට පේන්නෙ ඔයාලගේ කුපාඩි දේසපාලු, නිලදාරී වසල වෙලද පැලැන්තියෙ 8% ක විතර බේබිලා ටික වෙන්න ඇති.............හැබැයි මම කතා කරන්නේ මේ රටේ අති බහුතර 92% ගැන...................

    මේවා ලියන නාකි පනහා හැට පිරුනු නාකි පප්පලට කියනා තියෙන්නෙ මේකයි.................අපේ තරුණ පරම්පරාව ගැන දන්නෙ තරුණ අපි................ඔයාල වගේ පනහ පැනපු පප්පලා නොවෙයි..................නොදන්නවා නම් නොදන්න මගුල් නොලියා ඉදහල්ලා අන්කල්ලා ටික..................අනේ මුනුයි අපියි දන්න තරුණ පරම්පරාව.....................

    ReplyDelete
    Replies
    1. AnonymousAugust 14, 2017 at 1:48 AM

      You are a typical 'Anthare JVP Porak', idiot in English. Even your father/mother is over 60, right? Go and tell what you said here to your parents. The biggest problem with people like you is, you done know how ignorant you are. I am sure you still a dependent of your parents. Sad,sad,sad Machang

      Delete
    2. @ AnonymousAugust 14, 2017 at 3:22 AM


      හැම ඵකටම අන්තරේ ජේවීපී බනේ ගහන්න ඵන්න ඵපා බන්..............

      මේ මෝඩ විශ්ලේශනවාදියෝ මහපොලවේ පය ගහලා ඉන්න උන් නෙවෙයි කියලා මෙයාලා ඉදිරිපත් කරන ෆැක්ට්ස් වලින් පේනවා..............
      දන්නවා වගේ කියෙව්වට අඩුතරමේ අද්දැකීමෙන් වත් කියන්න මෙයාලා දන් කාලේ තරුණ පරම්පරාවේ අයත් නෙවෙයි.................

      මෙයාලා ප්‍රශ්නය ගැන අත්දැකීමෙන් කියන්න තරුනයොත් නෙවෙයිනම්.................අඩු තරමේ මහපොලවෙ පයගහපු අය නොවන බව ගේන ෆැක්ට්ස් වලින් තහවුරු වෙන, හරිහමන් නිරික්ශනයක් හැදෑරීමක් නැති හිතලු කියවන්නන් කියලා ඔනම මෝඩයෙක්ට තේරෙනවා නම්...............
      බොරු කියන නිකන්ම නිකන් වයසට ගිය පප්පලා ටිකක් මිස වෙන කවුරුන් කියලා කියන්නද????

      මම කියන දේ වැරදි ද කියලා සමාජය දිහා බලුවහම කාටත් වැටහෙනවා..................සමාජය මහා කේදවාචකයකට තල්ලු කරලා, කිසිම තර්කයක් නැති හිස් කතා කියලා සමාජය තවත් මන්මුලා කරවන මේ බොරු කියන මහල්ලන්ගෙන් ප්‍රවේශම් විය නොයුතුද???

      අද අපේ තරුණ පරම්පරාව විතරක් නෙවෙයි, අපිට බාල පොඩි පරම්පරාවත් නන්නත්තාර කරලා දාලා තියන කාලකන්නි යුගයක මේ මිනිස්සු අන්ත අතාර්කික විහිලුසහගත විස්ලේශන දෙමින් මේ කරන්නේ මේ සමජය වෙලාගෙන තියන පිලිකාව සුදු පිරුවටයකින් වසා සැගවීම නෙවෙයිද????

      මේකෙන් තව තවත් විනාශ වෙන්නේ තරුන පරම්පරාව ම නොවෙයිද???


      කරුණාකර අවoක වෙන්න.................අද නගරේ තරුන පරම්පරාව සුපිරිද???කී දෙනෙක් කුඩු ගහනවද???කී දෙනෙක් හිරේද???කී දෙනෙක් අයාලේ යනවද???කී දෙනෙක් මැද පෙරදිග නූගත් අරාබින්ට වහල් කම් කරලා අන්තිමට මිනී පෙට්ටියෙන් ගෙදර ඵනවද????කී දෙනෙක් සොච්චම් පඩියට හූල්ල හූල්ල වැඩ කරනවද???කම්හල්වල ශ්‍රමය පමනක් නෙවෙයි ලිoගිකව පවා හූරගෙන කනවද???
      මාල කඩන්න ගන්ජා විකුනන්න අපචාර වලට යොමු වෙලාද?????ඔය විනාස වෙන්නේ නගරෙ අපේ සින්හල කොල්ලො කෙල්ලො නේද???ඵයාලව විනාශ කරවන්නේ කවුරුන් විසින්ද???කවුද කුඩු ගේන්නේ???කවුද ඵ්වා බිස්නස් කරන්නේ????
      මෙයාල කියන මේ කොලබ පොශ් සමාජය 8%ක් ගැන නේද??? අති බහුතර 92% මිනිස්සු නෙවෙයිද???මිනිස් දූවිලිද???
      මොකක්ද මේ ආත්මාර්තය??? නගරේ 92%ක නන්නත්තාර කරන ලද අපේම අති බහුතර 92%ක සින්හල කොල්ලන් කෙල්ලන් මිනිස් දූවිලි නෙවෙයි නේද????

      අපි ඇත්ත ෆැක්ට්ස් ඵක්ක ඇත්ත තත්වය කතා කරමු.

      රටට ආදරේ කරන ජේශ්ඨ පුරවැසියන් වෙනම ඇත................ඵ් වගේම මහ දවල් අමුම අමු බොරු කියන බොරුකාර නිකන්ම වයසට ගියා මෙන් පෙනෙන හිස් පප්පලා රැලක්ද ඇත. ඵ් පප්පලාගේ අතාර්කික බොරු විසින් තව තවත් සමාජය නොමග නොයවන්නේද??? මේ තුලින් තව තවත් තරුන බාල පරම්පරාව විනාශයටම ලක් නොවන්නේද????

      Delete
    3. මෙතන අපි කතා කරන්නේ ගම් වල උගත් විශ්ව විද්‍යාලවලට ගිය පිරිස සහ නගර වල උගත් විශ්ව විද්‍යාලවලට ගිය පිරිස අතර් තිබෙන වෙනස්කම් . මෙයා නාගරික මුඩුක්කු වල දේවල් කියන්නේ . තර්කය තේරිලා නෑ

      Delete
    4. @ Trans


      // මෙතන අපි කතා කරන්නේ ගම් වල උගත් විශ්ව විද්‍යාලවලට ගිය පිරිස සහ නගර වල උගත් විශ්ව විද්‍යාලවලට ගිය පිරිස අතර් තිබෙන වෙනස්කම් . මෙයා නාගරික මුඩුක්කු වල දේවල් කියන්නේ . තර්කය තේරිලා නෑ //

      අනේ ඇත්තද????

      // ගම්වල උගත් තරුණ තරුණියන් ලෝකයට විවෘත නොවී අන්තවාදී කොටු තුල සිරවී ජීවිතයෙන් පැරදීම ගැන අජිත් පැරකුම් ජයසිංහ විසින් හොඳ හේතු දැක්වීමක් කොට තිබේ. ඔහු මෙසේ කියයි. //

      ඔයා කතාව පටන්ගන්නෙ පැරාගේ ඉහත පරිච්චේදය උපුටා දක්වමින්. ඵකෙ කතාකෙරෙන්නෙ ගම්වල සහ නගර වල තරුණ පරපුර ගැන. කැම්පස් යන්නෙ ඉස්කෝලෙට ආපු අයගෙන් 1%යි. පැරා කතාවෙ කතාවෙන්නෙ සමස්ත තරුන පරපුර ගැන මිසක් 1 % ක්වත් නැති කැම්පස් කොල්ලො කෙල්ලො ගැන නෙවෙයි..................

      කොහෙවත් නැති කැම්පස් කතාවක් කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ අමුනගෙන තියෙන්නේ ඔබ තුමා. මැක්කගෙ කතාව වගේ සමස්ත තරුණ පරපුර ගැන කතා කරනකොට 1% වත් නොවන කැම්පස් උන් ගැන කතා කරලා උන්ට ගරහන්නේ උන් ඵක්ක තියන ඇරියස් ඵකට වෙන්න ඇති කියලයි කරුනු කාරනා ලියවෙන විදියෙන් අපිට පේන්නේ.

      අනික උබ තුමා උනත් ඔබ තුමාගේ කතාව පටන් ගන්නෙ මේ විදියට.................

      // අජිත් විසින් ඉදිරිපත් කරන මේ අදහස වැදගත්. ග්‍රාමීය තරුණ තරුනියන්ට ඉංග්‍රීසි භාෂාව , සමාජ ආශ්‍රය , රැකියාවකදී ඇවසි වත තාක්‍ෂණ දැණුම සොෆ්ට් ස්කිල්ස් වගේ දේවල් අත ලඟ නොතිබුනත් ඔවුන්ට ඒවා සොයාගෙන ගොස් ඉගෙන ගත හැකියි. එහෙත් බොහෝ දෙනෙකුට එසේ කිරීමේ අවබෝධයක් නෑ. //

      ඵ් ජේදේ උනත් කොතනකවත් කැම්පස් කතාවක් නෑ.................කියන්නෙ ග්‍රාමිය තරුනයො කියලා පොදු වශයෙන්................

      විශ්ව විද්‍යාල කතාවක් කියන තැන වෙන්නේ ඊලග චේදයේ මෙන්න මේ කතාව....................

      // මගේ අදහස නම් මේ තරුණ තරුණියන් තුල පවත්නා උග්‍ර ග්‍රාමීය පසුගාමීත්වය , විශ්ව විද්‍යාල තුලදී කවන ; කාලා ඇඳලා ඉන්න එකාට ඉරිසියා කිරීම​, පන්ති වයිරය , කුහකත්වය වගේ දේවල් නිසා තමයි ඔවුන් මෙහෙම අන්තරය වගේ කොටුවකට හිරවෙලා ජීවිතයෙන් පරදින්නේ. //

      ඔබ පැරාවද උපුටා දක්වමින් මුල ඉදන් තරුණ පරපුර ගැන කතාකරලා , ඵක පාරටම 1 % ටත් අඩු කැම්පස් ගිය තරුන තරුනියන්ගේ පන්ති ගැන දෙඩවීම අර සුප්‍රකට මැක්කගෙ කතාව සිහිගන්වන විහිලුවක් නෙවෙයිද???

      පොඩ්ඩක් ඵලියට බැහැල බලන්න. සමාජය දිහා බැලුවහම නිකන්ම පේන දෙයක් තමයි කැම්පස් ගිය ඵකා නම් මොනවා කලත් කොහොම හරි ගේම ගහගන්නවා.................ඵ් උනත් අද කාලේ උන්ටත් ජීවිතේ අමාරු නම් අනිත් 99% දශම ගාන ගැන කවර කතාද????

      ඔය ඔබතුමාගේ මනෝ ලෝකෙ ඉන්න බියකරු කැම්පස් තරුනයො අද කාලේ ඉන්නවද කියලා ඔබ තුමාල දන්නෙ නැත්නම් ගම්වල ඉන්න මිනිස්සුන්ගෙ අසා දැනගන්න....................
      අසාදාරණය හමුවේ පාරට බැස්සා උනත්, ඵතනින් ඵහාට උනුත් ඩිග්‍රිය කරගෙන ශේප් ඵ්කේ ඉන්නවා....................ඵහේම නැතිව රටේ ඉන්න දස දහස් ගානක් කොල්ලො කෙල්ලො ඔක්කොම අන්තරේ ෆුල් ටයිම් නෙවෙයි නේ................
      ෆුල් ටයිම් කරන්නේ කැම්පස් උන්ගේන් දශම ගානකත අඩුවෙන්....................ඵක උන්ගේ කැමැත්ත................උන් ජීවත්වෙන්නේ උන්ට ඔන විදියට උන්ට පුලුවන් විදියට මිසක් , දේශපාලුවො වගේ මහජන මුදල් හොරකම් කරලා නෙවෙයි නේ................
      ඵ් නිසා උන් ගැන කතාකරන ඵක තේරුමක් නෑ. මොකද කැම්පස් තරුන කුලකය උන්ගේ ගමන යනවා...................
      ඔබ තුමා ෆෝබියාසහගතව හීනෙන් බයවෙන බියකරු කැම්පස් කට්ටිය මහ පොලවේ නෑ.................

      අද රටේ කතාකරන්න ඔන කොහොම උනත් තමුන්ගේ ගේම ගහගන්න 1% ටත් අඩු කැම්පස් උන් ගැන නෙවෙයි. ඉතාම කනගාටු දායක ලෙස අතරමන් කරන ලද පොදු සමස්ත 99% තරුන පරපුර ගැන.....................

      අද අතරමන් වෙලා ඉන්නේ ඔවුන්. ඔවුන්ට උපාදි නෑ............ඵ් කියන්නේ ඔබ තුමා කියන විදියට උගත් නෑ.
      ගම්වල උගත්තරුන තරුනියන්, කියන්නෙ කැම්පස් ගිය ඵකා විතරද????
      ඵතකොට උසස් පෙල සමත් කැම්පස් යන්න බැරි උන ඵකා නූගත් ඵකෙක්ද??? ඔලෙවල් උනත් ගනන් විතරක් පේල් අනිත් වැඩ සමත් ඵකා ඌ හරකෙක්ද ගනන් විතරක් අසමත් නිස්.................????

      මාර නිර්ණායක තමයි. කැම්ස් යන්නෙ ඵක වසරට ඵන ඵවුන්ගෙන් 1 % යි.................
      උගත් කියන්නෙ ඔය 1 % නම් ලන්කාවේ ග්‍රාමීය තරුන පරපුරෙන් 1 %ක් වත් උගත් නෑ....................99 % දශම ගානක්ම නූගත්තු................උන්ට වෙලා තියන දේ තමා මම උඩුන් ලිව්වේ...................99% ට කෙලවෙලාම ගිහින් තියනකොට උන් ගැන නොදැක්කා සේ තව කෙලවෙයන් කියලා ඉදලා , ටිකක් හරි ගොඩ ගිය 1 % ගැන දොඩවන්නේ කුමන ෆෝබියාවෙන් කුමන අවුලෙන් දැයි මේ රටේ හැමෝටම නොතේරුනාට අපට වැටහේ.


      Delete
    5. මෙතන අපි කතා කරන්නේ ගම් වල උගත් විශ්ව විද්‍යාලවලට ගිය පිරිස සහ නගර වල උගත් විශ්ව විද්‍යාලවලට ගිය පිරිස අතර් තිබෙන වෙනස්කම්. ගම් වල උගත් විශ්ව විද්‍යාලවලට ගිය පිරිස මෝඩ නෑ නමුත් ඔවුන් සීමාවකට කොටු වෙනවා ඒකයි අපගේ තර්කය වූයේ

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook