මාර්ටින් වික්‍රමසිංහ භව තරණය පොත හරහා බුද්ධ චරිතය ඩීකන්ස්ට්‍රක්ට් කලා . ඒක හොඳ දෙයක්. අතීතයේ එතරම් දැන උගත්කම් නොතිබුනු ගැමියෝ බුද්ධ චරිතය දැක්කේ ප්‍රාතිහාර්‍යජනක දේව චරිතයක් ලෙස. සිදුහත් කුමරා උපන් ගමන් ඇවිද්දා පොලවෙන් නෙළුම් මල් මතු උනා. බුදුන් ඇවිදින විට පොලවෙන් නෙළුම් මතු වෙනවා , සංගීත භාණ්ඩ ඉබේ වාදනය වෙනවා, දෙව් බඹුන් අහසේ ඉඳන් බිම වඩින බුදුන්ට මල් ඉහිනවා වගේ කතා. ඒ කාලේ සිටි විද්‍යාවක් හරි හැටි ඉගන නොගත් යතිවරු ගැමියන් ගේ මෝහ ෆැන්ටසි එක උද්දීපනය කරන්න ඒකට සරිලන බණ කිව්වා. මාර්ටින් වික්‍රමසිංහ භව තරණය හරහා මේ ගැමියන් ගේ මෝහ ෆැන්ටසි එකට කුළු ගෙඩි පාරක් දුන්නා. ඒක මේ දක්වා බුදු දහම ප්‍රාතිහාර්‍යජනක ආගමක් ඉවැන්ජලික ආගමක් ලෙස සිතා ගෙන ඉන්න ගැමියන්ට මෙන්ම ඔවුන් ගේ වර්තමාන පුරුක වූ තලෙබාන් බෞද්ධයන්ට දරා ගන්න අමාරුයි. ඒ නිසා තමයි මාර්ටින් වික්‍රමසිංහ භව තරණය ලියූ නිසා ඔහුව සිරගත කරන්න කියා ඒ කාලයේ පටන් උද්ඝෝෂණය කලේ.
Monday, December 8, 2025
බුද්ධ චරිතය ඩීකන්ස්ට්‍රක්ට් කිරීම
බුදුන් පෙන්වා දුන්නේ අනාත්ම සහ අදේවවාදී දහමක්. එම දහමේ මැවුම්වාදය සර්වබලධාරී දෙවි කෙනෙක් සිටීම ප්‍රතික්ශේප කරනවා. කෙසේ නමුත් පසුකාලීනව ශ්‍රී ලාංකික බුදු දහමට හිංදු , ජයින අදහස් එක් වෙනවා, දෙවි දේවතාවුන් බුදු දහම තුලට රුවා ගන්නවා. මාර්ටින් වික්‍රමසිංහ බුද්ධ චරිතය ඩීකන්ස්ට්‍රක්ට් කිරීම මගින් බුදු දහමේ මානුෂික පැතිකඩ පිලිබඳ යමක් කමක් තේරුම් ගන්න තර්කානුකූල බුද්ධියක් තිබූ පිරිස් වලට හැකි උනා. එසේම අර ගැමි භක්තිය පිරි මෝහය සහිත දෙනෙත් වලින් බුදුන් දෙස බලනවා වෙනුවට ඔවුන් වඩාත් විචක්ශණශීලී ලෙස බුදුන් දැක්කා.
බුද්ධ චරිතය ඩීකන්ස්ට්‍රක්ට් කරන කොට පෙනී යන කරුන තමයි සිදුහත් කුමාරයා ඉපදෙන්නේ ප්‍රාදේශීය රජ පවුලකට. මානව විද්‍යාත්මකව ගත් විට සිදුහත් කුමාරයා අයත් වූයේ Mongoloid ජන වර්ගයට. සිදුහත් කුමාරයා ඉපදී සත් දිනකින් මව මිය යනවා. හේතුව Infection - septicemia , post partum hemorrhage වගේ දෙයක් වෙන්න පුලුවන්. සිදුහත් කුමාරයා කුඩා කාලයේ සිටම එක්ස්පෝස් වන්නේ හිංදු ධර්මයට. ඔහු තුල යම් existential anxiety එකක් තිබූ බව කියන්න පුලුවන්. ඒ නිසා තමයි ජීවිතයේ අර්ථය සොයා ගියේ. නමුත් ඔහු ගිහි ජීවිතයේ කාමයන් උපරිම ලෙස භුක්ති වින්දා. තමාගේ සම වයස් යාලුවෙකු වූ චන්න සමග තරුණයන් නිබඳවම කරන රහස් ගමන් පවා ගියා. ( මෙය පසුකාලයක චන්න තුල ඉරිසියාවක් ගොඩ නැගෙනවා. තමාගේ අතීත මිත්‍රයා දැන් ඉන්නේ සැරියුත් / මුගලන්ලා වට කරගෙන. ඒ නිසා අවලාද නගනවා. චන්නව හික්මවා ගත්තේ බ්‍රක්ම දණ්ඩය පැනවීමෙන් . ඒකත් පනවන් නේ බුදුන් නික්ම ගිය පසුවයි).
සිදුහත් කුමරාට ලෝකයේ පවත්නා දූක පිලිබඳ යම් අවබෝධයක් කුඩා කාලයේ සිට ලැබෙන්නට ඇත. කුඩා කාලයේ සිට මාතෘ වියෝගය, තමන් සහ ඥාතීන් වියපත් වනවා දැකීම, මිනිසුන් ගේ මරණ දැකීම (එම කාලයේ ළදරු මරණ අනුපාතය ඉහල අගයක් ගත් අතර වයිරස් රෝග නිසා ගම් පිටින් විනාශ විය. මිනිසුන් බොහෝ ගනනක් මරු දුටුහ). මෙකී කාලයේ යුද්ධ බොහෝ සිදුවූ අතර යුද ආතතිය යුද ක්ලමථය සමාජය පුරා පැතිර ගියේය. නිසි ප්‍රතිකාර ක්‍රමයන් නොතිබූ නිසා මිනිසුන් බොහෝ දෙනෙකු ලෙඩ රෝග නිසා දුක් වින්දහ. මෙම සමාජ ව්‍යසන සිදුහත් කුමරාට අවබෝධ කර ගැනීමට සතර පෙර නිමිති අවශ්‍යම වූයේ නැත
සිදුහත් කුමාරයා ලෞකික සැපයන් කෙරෙහි කලකිරෙන්නේ නලඟනන් ගේ විකාර ලෙස බණ පොතේ දැක්වෙන ( නමුත් එතන තිබුනේ orgy එකක්) සිදුවීමකින් පසුවයි. ඔහු ගිහි ගෙය හැර ගිහින් ජීවිතයේ අරුත සොයනවා. ගුරුවරු දෙදෙනෙකු වෙත ගියා නමුත් ලොකු බුද්ධියක් ලැබුනේ නෑ. ඒකාලේ ජයින වෘත ජනප්රියයි. සිදුහත් ආහාර ගැනීම දැඩි ලෙස සීමා කරමින් ශරීරයට දුක් දෙනවා. මේ කාලය තුල සිදුහත් ජයින ආගම ඉගන ගන්න ඇති. ජයින පූජා කරන්න ඇති. වසර 6 ක් ආහාර ගැනීම දැඩි ලෙස සීමා කිරීම නිසා ශරීරයේ අප්‍රතිවර්ත්‍ය හානි සිදු වෙන්න ඇති. නමුත් පසුව මධ්‍යම ප්‍රතිපදාව කෙරෙහි ඔහු යොමු වෙනවා. සිදුහත් භාවනා කිරීම සමාධියට පත් වීම තුලින් යම් ආධ්‍යාත්මික තලයකට යනවා (පරියේෂණ මගින් භාවනාව තුලින් මොලයට රුධිර වහනය වැඩි වීම , ධූසර ද්‍රව්‍ය ඝනත්වය වැඩි වීම, prefrontal cortex එක සක්‍රිය වීම පෙන්වා දී තිබෙනවා) මේ අනුව තමන් බුද්ධත්වයට පත් වූ බවට ඔහු proclaim කරනවා. ඒ කාලේ බුද්ධත්වය යනු සර්වඥතා ඥාණය ලැබීම සහ ආධ්‍යාත්මික සමාජය තුල බොහෝ දෙනෙක් උත්සහ කරපු ක්‍රියාවක්. බුදුන් ගේ සමකාලීන මහාවීර පවා තමන් සර්වඥ බව කියූ කෙනෙක්.මේ නිසා ඒ සමාජයේ තමන් බුදුන් බව කියූ යම් ප්‍රමාණයක් ඉන්නට ඇති.
මුල්ම බුද්ධ ශ්‍රාවකයෝ උනේ සමාජයේ ඉහලම සිටි පිරිස් , කුමාරවරු , සිටුුවරු. පසු කාලීනව සුනීත , උපාලි වගේ සමාජයේ පහල ස්ථර වල සිටි පිරිස් ද බුද්ධ සමජයට එකතු වෙනවා. බුදුන් තුල සියල්ල දත් ඟාණය , අධි මානුෂික බලය, දෙව් බඹුන් පිරිවරා ඇවිදීම වැනි කතා සාහිත්‍යකරුවා එකතු කරනවා. නමුත් බුද්ධ චරිතය කියවීමේදී පෙනී යන්නේ බුදුන් යනු දෙවියෙකු හෝ බඹෙකු නොව සාමාන්‍ය මිනිස්කු බවයි. මෙය බුදුන් ද පැවසූ කරුණක්. බුදුන් ගේ මහා පුරුෂ ලක්‍ෂණත් සාහිත්‍යකරුවා ගේ නිර්මානයක්. බුදුන් ගේ ශාරීරික ස්වරූපය පිලිබඳ ත්‍රිපිටකයේ දැක්වෙනවා. පුක්කුසාති රජතුමාට මුලින්ම බුදුන් අඳුන ගන්න බැරි වෙනවා ඔහු හිතුවේ කොමන් පැවිද්දෙක් කියලා. මේ අනුව රියන් 18ක් උස මහා පුරුෂ ලක්‍ෂණ තිබූ අධි මානුෂික මිනිසෙකු වෙනුවට බුදුන් සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පුක්කුසාති රජු දකිනවා. මොන්ගොලොයිඩ් ජන වර්ගයේ සාමාන්‍ය උස සෙන්ටි මීටර් 166-171 පමන වන බව මානව විද්‍යා වාර්තා පෙන්වා දෙනවා.
බුදුන් ලෝකයේ සිදු වන සියලු දේ දිවසින් දුටුවා කියන එකත් සාහිත්‍යකරුවන් ගේ නිර්මානයක්. බොහෝ අවස්ථාවලදී භික්‍ෂූන් තුල මතුවූ නොසන්සුන්කම් , බුදුන් වැඩ සිටි ප්‍රදේශ වල සිදුවූ ක්‍රියාකාරකම් පිලිබඳ විස්තර බුදුන් දැන ගන්නේ ආනන්ද හිමියන් ගෙන් විමසීමෙන්. (........වරෙක බුදුන් වහන්සේට මහ ඝෝෂාවක් ඇසී ‘ඒ මහා ඝොෂාව කුමක්ද?’යැයි ආනන්ද හිමිගෙන් විමසූ කල, ඒ හඬ ඇසෙන්නේ සාරිපුත්ත සහ මොග්ගල්ලාන රහතුන් වහන්සේ හා පැමිණි පන්සියයක් භික්ෂූන් ආචාර සමාචර කරමින්, ලැගුම් සකස් කරන හෙයිනැයි පවසනු අසා, ‘මාළු වෙළෙන්දන් සේ එසේ කෑ ගසන එම භික්ෂුන් අපසු යවන්න, යළි නොඑන්න යැයි පවසා යවන්න, ’ යැයි බුදුන් වහන්සේ වදාරා ඇත........ ) .එසේම තීර්ථකයන් විසින් බුදුන් විසූ පන්සලේ මල් ආසනය යට සුන්දරී ගේ මල සිරුර සඟවනවා. ඒ පිලිබඳව බුදුන් දැන ගන්නේ කුමන්ත්‍රණකරුවන් විසින් ඒ බව චෝදනා කිරීමෙන් පසුව.
බුදුන් ගේ කාලයේ මෙසපොටෙමියානු මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාර හරහා තාරකා විද්‍යාව පිලිබඳ දැණුමක් අතීත භාරතයට ලැබී තිබුනි . ඒ ආශ්‍රිතව බුදුන් තුලද යම් ප්‍රමාණයක තාරකා විද්‍යාව පිලිබඳ දැණුමක් තියෙන්නට ඇත. එසේම බුදුන් ලෝකය මැවීමක් පිලිබඳ ප්‍රතික්ශේප කල අයෙකි. මේ නිසා තාරකා විද්‍යාව පිලිබඳ ස්වාධීන මනසකින් ගවේශනය කිරීමට හැකි වන්නට ඇත. නමුත් බුද්ධ දේශනාවේ සෞරග්‍රහ මණ්ඩලය පිලිබඳ හෝ ආසන්නතම ඇන්ඬ්‍රොමීඩා මන්දාකිණිය පිලිබඳවත් සඳහනක් නැත.
පැරණි ආගමක් වන Zoroastrianism වන්දනා කලේ ගින්න. ගිනි දෙවි පිදීම සාමූහික ආගමක් ලෙස ආරම්භ වන්නේ මොවුන් ගෙන්. බුදු දහමටද Zoroastrianism බලපෑම් තිබ්බා. බුදුන් යම මහ ප්‍රාතිහාරය ජලය සහ ගිනි විහිදවීම ආවේ Zoroastrianism සංකල්ප තුලින්. එසේම ජාතක කතා වල සඳහන් වෙනවා බෝසතුන් උපන් දින පත්තු කරන ලද ගින්න ආරක්‍ෂා කරගෙන එය වන්දනාමාන කල අයුරුත් ඒ ගින්නට ගවයෙක් පූජා කොට පූජා භාණ්ඩ ගෙන ඒමට ගියා විට වැද්දන් පිරිසක් එම ගවයා මරා එම ගින්නෙන්ම පලහාගෙන කෑ අයුරු සහ ඉන් කලකිරීමට පත් බෝසතුන් එම ගින්න නිවා ගිනි පිදීම නවතා දැමූ අයුරු. එසේම තුන් බෑ ජටිලයෝ කලේ ගිනි පිදීම මොවුන් Zoroastrian භක්තිකයන් විය හැකියි.
බුද්ධාගමේ ප්‍රේමය වෙනුවට තියෙන්නේ මයිත්‍රිය සහ උපේක්‍ෂාව. ඉන්ටිමේට් ආදරය පිලිබඳ බුද්ධාගම දරන්නේ උදාසීන බවක්. භද්‍රකාපිලානි සහ පිප්ඵලී කස්සප ජයින අදහස් නිසා නිකරුනේ සත්ව ඝාතන වරදකාරී බවක් සිතට දා ගන්නවා. මේ දෙදෙනා තුල ලිංගික ආශාව අඩුයි. එය hypoactive sexual desire තත්වයක් කියන්න පුලුවන්. දෙදෙනාම ගිහි ගෙය හැර යනවා. එසේම පිංගුත්තර ( උම්මග ජාතකය ) තුලත් මේ hypoactive sexual desire තියනවා. බුදුන් celibate හෙවත් ලිංගික සම්බන්ධතාවලින් වැළකී සිටීමට ශ්‍රාවකයන්ට උපදෙස් දුන්නා.
දේවදත්ත සිදුහත් ගේ මස්සිනා. දෙන්නා ගිහි කාලේ ආරවුල් තිබ්බා. සිදුහත් බුදු වූ පසු දේවදත්තත් ඒ භික්‍ෂු සමාජයට බැඳුනා. බැඳුනේ බුදුන් ගේ නායක පුටුව ගන්න. ඒක තමයි ඔහු කිව්වේ මම බුදුන් මරා බුදු වෙමි කියලා. දේවදත්තට බුදු යනු තනතුරක් උනා. ඔහු අජාසත්තව යාලු කරගෙන බුදුන්ව මරන්න දුනුවායෝ යැව්වා, නාලාගිරි ඇතා එව්වා, ගල් පෙරලුවා හරි ගියේ නෑ. ඊට පස්සේ භික්‍ෂූන් අතර කැරැල්ලක් ගහලා 500 වෙන් කරගෙන තමන් ගේ සමාගමක් හැදුවා. දේවදත්ත බුදුන් ගෙන් 500 සාමාජිකයෝ කඩන්න මූලිකව භාවිතා කලේ භික්‍ෂුව මස් මාලු නොකෑ යුතුයි කියන වියාජ සීල ස්ලෝගන් එක. ඒ කාලෙ ජයින මත ප්‍රබලයි. මේ නිසා දේවදත්ත ගේ මාංශ විරෝධී කැම්පේන් එක නැගලා ගියා.
ගේ ලංකා ආගමනයට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි නැති බව පරණවිතාන මහතා කිව්වා. බුදුන් ලංකාව විසිට් කල බව සිතන්න අමාරුයි. බුදු දහම තියන බුරුමය ආදී රටවල ජනයා විශ්වාස කරනවා බුදුන් ඔවුන් ගේ රටවලට ආවා කියලා. මේක භක්තිය මුල් කරගෙන තිබෙන විශ්වාසයක් මිසක් පුරා විද්‍යාත්මක සහ තර්කානුකූල නිගමන නොවේ
බුදුන් වැඩ හිටියේ සැප පහසුව තිබූ ජේතවනාරාමය ,පූර්වාරාමය, ඝෝෂිතාරාමය , කුක්කුටාරාමය වගේ පන්සල් වල. නමුත් ඇතැම් අවස්ථා වලදී කුඹල්හල් වලත් රාත්‍රිය ගත කලා. ජයින ක්‍රමයට අපිරිසිදුව ගස් ගල් යට හිටියේ නෑ. බුදුන් කොසොල් , බිම් බිසාර ,අජාසත්ත වැනි රජුන් ඇසුරු කලා නමුත් ඔවුන් ගේ රාජ්‍ය පාලනයට අත දැම්මේ ඒවා මැනිපියුලේට් කලේ නෑ. රට තුල සිදුව න දේශපාලන වාතාවරණය පිලිබඳ අදහස් මේ සංවාද මගින් බුදුන් ලබා ගත්තා . මේ අනුව තමයි විඩූඪභ ශාක්‍ය ජෙනසයිඩ් එකක් කිරීමට අර අඳින බව තේරුම් ගත්තේ. බුදුන් වහන්සේ emotionally non reactive , චරිතයක් නොවෙයි. යම් ආකාරයක චිත්තාවේගීය ප්‍රතිචාරයන් පෙන්නුවා. භික්‍ෂූන් දබර කර ගන්න විට ඔවුන්ව අත් හැර පාරිලෙයිය වනයට යන්නේ එක්තරා negativity ආකාරයක එක්ක. ඒ වගේම විනය නීති කඩ කරපු භික්‍ෂූන්ට දෝශාරෝපනය කල අවස්ථා තියනවා.
බුදුන්ගේ පරිනිර්වාණයට ආසන්න හේතුව වූයේ ලෝහිතපක්ඛන්දිකා හෙවත් ලේ අතීසාර රෝගය බව ධර්ම ග්‍රන්ථ වල දැක්වේ. ධර්ම ග්‍රන්ථ වල දැක්වෙන විස්තර සලකා බැලීමේදී මෙම ලෝහිතපක්ඛන්දිකා රෝගය Mesenteric Ischemia (Bowel Infarction) ලෙස උපකල්පනය කල හැකිය. මෙම තත්වය සය වසරක දුෂ්කර ක්‍රියා නිසා ඇතිවූ දුර් විපාකයක් විය හැකිය.බුද්ධ පරිනිර්වාණය එක්තරා අන්දමක euthanasia එකක් ද ? බුදුන් මේ දිනයේ මේ වේලාවේ උපවර්තන සල් උයනේ පරිනිර්වානය කරන බව කල් තියා කිව්වා. ආයු සංඛාරය අත් හැරීම යනු ජීව විද්‍යාත්මක පැවැත්ම නවතා දැමීමද ?
බුද්ධ චරිතය ඩීකන්ස්ට්‍රක්ට් කිරීම එක්තරා ආකාරයක විද්‍යාත්මක පදනමකින් බුද්ධ චරිතය විශ්ලේශනය කිරීමක්. මෙය මුලින්ම පටන් ගත්තේ මාර්ටින් වික්‍රමසිංහ
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments