Wednesday, December 10, 2025

මොළදණ්ඩ ගේ පුතා



අවසර දෙන්න කතන්දරයක් කියන්න​. මේ කතන්දරයේ “Moral of the Story”  ඔබලාගේ දැණුම ජීවන අත්දැකීම් මත නිර්නය කර ගන්න​.

මොළදණ්ඩ නම් පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට ඉන්නේ එක පුතයි. ඔහුගේ වෑයම පුතා ඉහල තලයකට ගෙන යාම​. මේ සමාජයේ මොළදණ්ඩ ගේ පුතාගේ සම වයස් ලමයින් 100000 ඉන්නවා. ඔවුන් යම් දිනක මේ රටේ තිබෙන සීමිත සම්පත් සීමිත අවස්ථාවන් ලබා ගන්න රේස් එකක නියැලෙනවා.

එක් දිනක් විජේවීර නම් පුද්ගලයෙකු පැමින පලමුව මව් බිම දෙවනුව ඉගෙනීම කියනවා. අර රේස් එකේ ඉන්න 100000 න් 40,,000 ක් රේස් එක අත ඇරලා  මව් බිම බේරගන්න ගල් කටස් අරගෙන ගිහින් මැරුම්කනවා. (දැන් තරඟයේ ඉන්නේ 60,000)

තවත් දිනෙක නලීන් ද සිල්වා නම් අයෙකු පැමින කියනවා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියලා. 10,000ක් හැලෙනවා බටහිර විද්‍යාව අපිට එපා කියලා ( දැන් තරඟයේ ඉන්නේ 50,000)

රේස් එක යන අතර මඟ සේකර ද සූකරද කියලා පොරක් ඇවිත් කියනවා මස් කන්න එපා කියලා. 5000 ක් මස් කෑම අත ඇරලා පෝෂණ ඌනතාවන්ට ලක් වෙනවා. මොළදණ්ඩ කොල්ලට සතියකට තෙවරක් හරක් මස් සුප් දෙනවා, බිත්තර දෙනවා. කොල්ලා ශක්තිමත්. ( දැන් තරඟයේ ඉන්නේ 45,000) 

කහ රෙදි පොරවගත්ත සෙට් එකක් ඇවිත් කියනවා ජීවිතය දුකයි දුකයි කියලා , 5000 ක් විශාදය වැළඳගෙන ගේම් එකෙන් ඉවත් වෙනවා ( දැන් තරඟකරුවන් 40,000)

මේ අතරවාරේ ජෙරොම් කියලා බුවෙක් ඇවිල්ලා දෙයියන්නාන්සේ ගැන මොනාදෝ බයිලයක් ගහනවා 5000 ක් හැලෙනවා ( දැන් ගේම් එකේ 35,000)

තව ටික දවසක් ගියාම ඊබ්‍රාහීම් නානා වගේ එකෙක් සහරාන් ගේ හැඩ රුව තියන ඔලගුවක් ඇඳි එකෙක්ව ගෙන්නවලා තෙලක් බෙදනවා . ගේම් එකෙන් 5000 ක් වාෂ්ප වෙනවා (දැන් රේස් එකේ ඉන්නේ 30,000) 

පොලිසියේ ලොකු කකුලක ගේ ආරක්‍ෂාව පිට දේශපාලකයෙක් ගේ මාර්ගෝපදේශනය මත සෙට් එකක් අයිස් , හෙරොයින් රේස් එකේ යන තරඟකරුවන්ට විසි කරනවා . 10,000ක් ඒවා අල්ල ගන්න නවතිනවා. ( දැන් රේස් එකේ 20,000 යි)

ලක්‍ෂයකින් ආරම්භ කරපු රැට් රේස් එකක් 20,000 ට අඩු වෙනවා. මොලදණ්ඩ ගේ පුතාට අනාගත ඔපචුනිටි ඉබේ හැදෙනවා. 

ඔබත් මොළදණ්ඩ කෙනෙක් වෙන්න.  දරුවාට නිසි මාර්ගෝපදේශනය දෙන්න 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook